මග නොදැන ගිය ගමන යාං හෑල්ල අපි දෙන්නාට මෙතෙක් කලකට ගමං යාමේ උණක් තිබුනේ නෑ. තියෙන දෙයක් උයා පිහාගෙන කාගෙන දවසෙන් වැඩි කොටහක් බුකිගත වීමෙන් රටේ ලෝකෙ දෙයක් හොයාගෙන ගෙට වැදී ඉඳීමෙන් සසර ගෙවා ගැනීම තමයි අපේ එකම අරමුණ උනේ. උපන් දා සිට ඊළඟ පැය අපේ ඉරණම කොහොම විසඳෙයිද කියා නොදන්නා අරුම පුදුම කල්ලතෝනි ජීවිත දෙකක් දෙපැත්තක ගෙවපු අපි දෙන්නාගේම පොදු මතයේ හැටියට මනුස්සයෙක්ට හම්බකරගෙන කන්න ...
ඉඩං හෙවිල්ල - බ්‍රොකර්ලා යාං හෑල්ල Add caption“ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.““කීයක් කියනවද?““ගානක් නං කිව්වෙ නැහ්ලු““කාගෙද ඉඩම?““මට කිව්වෙ මේ අපේ ගෙවල්ගාවයිය කෙනෙක්. ඒ ගොල්ලංගෙ මල්ලිගෙ පවුලගෙ මහ ගෙදරට අල්ලපු ගෙදර මනුස්සයගෙ නෑයෙක්ට පණිවිඩේ කියල තියෙන්නෙ ඉඩම අයිතිකාරයගෙ ළඟම හිතවතෙක්““මේ අයියලෑ මල්ලිගෙ පවුලලෑ මහගෙදර අල්ලපු ගෙදර එක්කෙනාට කිව්වං එක්කං යයි. ගනුදෙනුව කතා කරගත්තැකිලු ඉඩම බලල.““ඒ වුනාට අහල බලන්නකො කීයක් ඉල්ලනවද කියල?““හා මං අහල බලන්නං. හෙට ...
දානෙ 2 හෙවත් දර හෙවිල්ල යාං හෑල්ල දිගංචියා අපිට ලොකු කං පෙන්නපු බව ඇත්ත. උගෙ ලොකු කං අපිට දිරෝපු නැති එකත් ඇත්ත. ඒ උනාට මිනිහෙක්ට තමුංගෙ ජීවිතේ හීනවලට කිට්ටු වෙන්න බැරි උනහම සෑහෙන දුක ඇති. ටිකෙං ටික මෝරලා ලොකුවෙලා මල් පූදින්න යන ගහක් එක පාරම කඩා වැටුනා වගේ ජීවිතේ බිඳවැටිලා කවදාවත් නොහිතපු රස්සාවක් හිතේ අකමැත්තෙන් කරන්න වෙනකොට ඒක කාල ඉන්න අමාරු තත්වයක්. ඒ හංදා දිගංචියා ගැන මට ...
තොරණ හෙවත් Pandol - 5 යාං හෑල්ල හිඟන්නෙක්ට යමක් දුන්නත් පිං දෙනව ඇහෙන්නෙ අහල පහල ඉන්න අයට විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දුන්නත් සමහර වෙලාවට 'පිංසිද්දෙච්චාවෙ' කියනව විතරයි. එව්වා දිවිය ලෝකෙට ඇහෙනවද කියල ෂුවර් නෑ. හැබැයි පිනට දීපු ගානත් එක්ක පීකරෙන් නම කියවා ගත්තොත් දිවියලෝකෙට ඇහෙනවම තමයි. ඒ කියන්නේ ගලේ කෙටුවා වගේ පින ෂුවර් කියන එකයි. ඒ හංදා මිනිස්සු පෝලිමේ ඉඳලා ආදහර දීලා පීකරෙං නම කියවා ගන්නවා. ඒ කාලෙ ...
තොරණ හෙවත් Pandol - 7 වලිය යාං හෑල්ල ලිපෙන් බාපු හැලියකින් පිඟානට බෙදපු මයියොක්කා කෑලි ටිකක් වගේ අපිත් ඇඟේ දාඩිය නිවෙනකං බලාගෙන ඉන්නව. ඒ අතරෙ අපේ පියසේන මාමා විතර උස මිනිහෙක් ඔලුව වටේට ගැටගහපු පටියකිං අංගවිකල වෙච්චි බැලුම් බෝල වගයක් ඔලුව වටේ හයිකරගෙන කෑ ගහනව."පොඩි බබාගෙ විනෝදේ.... පොඩි බබාගෙ විනෝදේ.... බබ්බු බබ්බු බබ්බූ...."මේක ඇහිච්චි ගමං මේ නං අපේ ළමයට අරන් දෙන්න ඕනිම දෙයක් කියල හිතන අම්මලා තමුංගෙ ළමයිංගෙං ...
ගුවන් විදුලිය හෙවත් Air Electricity - 2 යාං හෑල්ල රේඩිවේක ආයිමත් කට අරින්නෙ රෑට හතට විතර. තාත්තා ගෙදර ඇවිත් එයාගෙ ධර්ම දේසනාව පටං අරගෙන ටිකක් වෙලාවක් ගියාට පස්සෙ හදිස්සියෙම"ර්ර්රංග.... අද සේඩිවේකෙ නාට්ටි තියෙනවද?"කියල අහනව."ඇයියද මුවම්පැලැස්ස තියෙනොවනෙ"මං උත්තර දෙනව."කීයටද් තියෙන්නෙ ක්හ්ං""දැම්පටං ඇරං ඇති"තාත්තා තමුංගෙ කට වහල රේඩිවේක දානව."ටික්"ඊළඟට ලොකු රවුම කරකෝන ගමං පීකරේ කිට්ටුවට කන දික්කරනව. ආයිමත් චිමිනි ලාම්පුව රේඩිවේකෙ කිට්ටුවට අල්ලල මීටරේ කටුව දිහා බලනව. මීටරේ එක කොනක ඉඳං ...
තොරණ හෙවත් Pandol ඉවරයි යාං හෑල්ල තොරණ -1තොරණ -2තොරණ -3තොරණ -4තොරණ -5තොරණ -6තොරණ -7වලියට එක්කහු වෙන සමහරු ඒකට හේතුව දන්නෙත් නෑ. ඒ වුනාට තමුං කාලයක් තිස්සේ 'හොඳවෑං දෙකක් අනින්න' බලං හිටපු එකෙක් එතන ඉන්න එක ඇති. කවුරු දුන්නද කියල හිතාගන්න බැරිවෙන්න සෙනග ගොඩ මැද්දෙ හැංගිලා උගෙ කන පලන්න මෙයිට වඩා වෙලාවක් කොහෙද? ඔය විදිහට රණ්ඩු ජෝඩු එක්කහු වෙලා වලියට සෙනග වැඩිවෙලා වටේට බෝ වෙද්දි මිනිස්සුන්ට එතන ...
තොරණ හෙවත් Pandol-4 යාං හෑල්ල තොරණ -1තොරණ -2තොරණ -3පොල දවසට ටවුමෙ ඉන්න සෙනග වගේ දහ දොලොස් ගුණයක සෙනගක් ටවුමෙ ඉන්නව. වෙනදට පාරෙ අයිං වෙලා පයිං යන මිනිස්සු පාර සම්පූර්ණයෙම්ම වහගෙන. වෙනදට එක හෝන් පාරෙං මිනිස්සුංව පාරෙං අතුගාල දාන වාහනවලට යංතං රෝද හතරට ඉඩ හදාගන්න ඇති වීරියෙං හෝන් එක පිඹලා මිනිස්සුන්ට වැඳ වැටෙන්න සිද්දවෙනව. ඕපීඩී එකේ බෙහෙත් පෝලිම වගේම පෝලිමක් නිව්ටම් පෙරේරගෙ තැබෑරුමේ ඉස්සරහ තියෙනව. ඒ ...
පෙරහැර යාං හෑල්ල "දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ටුකුරු""පෙදේසවාසී පෙංවතුනි පෙංවතියනි. ***ගම සී කුසුමකුක්කාරාමයේ කටින පිංකමේ කටින චීවරය පෙරටුකොටගත් පෙරෑර මේවනවිට වියාරස්තානයෙන් පිටත්වෙනවා. මෙම්පෙරෑර **ගොඩ හංදියේ පේමදාස මහත්මාගේ නිවස බලා පිටත්වෙනවා ඇති."සුගත් ආතගෙ කටහඬ පන්සලේ මිදුලේ මහෝගනී ගහ මුදුනෙ ගැටගහල තියෙන පීකරෙන් පිටවෙලා අපේ ගෙවල් පහුකරගෙන යන ගමං අපේ ගෙවල් තියෙන කඳු බොකලම අස්සටත් පනිනවා."දංගු දං ගුදං දගුදං දංක ටුකුරු ටුකුරු ...
අවුරුදු සෙල්ලං හෙවත් The donkey game and other games යාං හෑල්ල "වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි........ මේ තමයි අපේ ජාතියේ ඒ බැඳියාව සංකේතවත් කරන, ඒ අනභිබවනීය, ඒ සාර්වත්රික, මනෝ බද්ධීය, ඒ ... ඒ.... ඒ.... මා හැඟි හැදියාවේ එකතුව හුවා දක්වන මා හැඟි වස්තුව. එවැනි රටක ඉපදුනු අපි අපේ මාහැඟි සංස්කෘතියේ මහා උත්කර්ශවත් මවුලී මංගල්ලයේ උත්කෘෂ්ඨ වාත්සල්‍ය ගෙනහැර දක්වන මහා ආනන්දනීය විභූතිමත් අද්විතීය මුවදොරකටයි මේ පැමිණ තිබෙන්නේ. දේශයේ අංක එකේ නාලිකාව අකුරු තුනේ ...
කංචුක රේඛා - 1 යාං හෑල්ල මෙහි අඩංගු සියලු ඡායාරූප ප්‍රවීන ඡායාරූප ශිල්පී ම.ලි.ර. සුරංග මයා විසින් ජංමග දුරකථනයෙන් ලබාගත් දුර්බල ඡායාරූපයෝය. පොටෝ කොපි ගැසීම, අච්චු ගැසීම, ගල් අච්චුවේ මුද්‍රණය, ලඟ තබා ගැනීම, විකිණීම, මැදපෙරදිග රටවල පෙන්වීම, සැටලයිට්වල පෙන්නීම, VHS, VCD, DVD තැටි විකිණීම, ළමුන් බය කර බත් කැවීමට යොදාගැනීම, අසල්වැසියන්ගේ වැටවල්වල එල්ලා රණ්ඩු සරුවල් ඇතිකර ගැනීම, අලි ඇතුන් එළවීමට, පැල් රැකීමට යොදාගැනීම තහනම්ය. කඩවුණු ඉරි ...
ඔපිස් එකේ කොරෝනාගෙන් බේරෙන හැටි - How to avoid Corona at office යාං හෑල්ල ඡායාරූප අනුග්‍රහය ප්‍රදීපා තෙන්නකෝන් රස්තියාදුකාරීමං දන්නා වෙදකමක්වත්, වෙන ඉටිගෙඩියක්වත් නැති බව පළමුවෙන්ම කියන්න ඕනා. මං දන්නා එකම වෙදකම වෙදමහත්තයෙක්, නෝනෙක් දෙන බෙහෙතක් උඩ බලාගෙන ගිලීම විතරයි. ඒ වුනත් මේ දවස් ටිකේ හොයා සපයාගත් කරුණු අනුව කොරෝනාවෙන් බේරෙන හැටි ගැන යං තරමක් දුරට තියෙන අවබෝධයෙන් තරමක් සරලව ලියන්න හිතුවෙ අපේ බහුතරයක් දෙනා එලෝ සිහියෙං මෙලෝ අතගගා ජීවත් වෙන එකාලා මිසක් යමක් ...
මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු යාං හෑල්ල කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.ලිවිල්ල මගේ වාසගමෙන්ම මට උරුම වෙච්චි එකක්. අපේ තාත්තගේ තාත්තා හෙවත් අපේ ආතා මොකද්දෝ ආරෝවකට ගමේ එකෙක් කොස් ගහක බැඳ තලා මෙලොවෙන් තොලොන්ජි කර ගම්පහෙන් පැනලා අපේ ගමට එත්දි උන්දැගෙ අයිඩිං කාඩ්ඩෙකේ පටලැවිලා ඒ වාසගමත් ආවා. ...
නිදහසට කරුණු - Reasons for freedom යාං හෑල්ල හෝව් පොඩ්ඩක් හොව්.... ඔයි හිටු පෝලිං පයින්නැතුව.පළමුවෙන්ම මෙන්න මේ සබැඳිය හරහා ඔබනලයට (Youtube) යන්න. ඒ ගෙහුං අටංපහුර සබ්ස්ක්‍රයිබ් කරලා ලයික්කෙක් දාලා අටමාගේ යුටියුබ් චැනල් එක ගොඩ දාලා දෙන්න. කොමෙන්ට් සෙක්ෂන් එකේ යාංහෑල්ල හරහා ආ බව බව සඳහන් කරලත් එන්න. අටමා වෘත්තීය යූටියුබ්කාරයෙක් කරන්න ඔබේ දායකත්වයත් ලබා දෙන්න. පහුගිය පොටෝ ගොඩ පළ කරපු වෙලාවෙ හරිහමං විස්තරයක් ලියා නොතිබීම ගැන සෑහෙන දෙනෙක් ...
නාන්න ගියෙමු - Went to Nanna යාං හෑල්ල පහුගිය පෝය දා අපි නාන්න ගියෙමු.කිලෝමීටර හැට ගානක් මග ගෙවූයෙමු.ඉං පසු ලැවරියක් කෑවෙමු.ලොරියක නැගී මහ වන බූටෑවක් මැදිං දොළ ළඟට ගියෙමු.දොළට බැස නෑවෙමු.හීතල හැදුනු බැවින් ගොඩ ආයෙමු.තෑග්ගට පොතක් ද ලැබුණි.හොදි මාළු පිනි සමග බත් කෑවෙමු.බැනුං ඇසුවෙමි.බත් ඉතුරු නොකර ඔක්කොම නොකෑ බැවින් කේන්ති ගත් මේසය නරක කොල්ලෙක්ගේ ඇඟට පැන්නේය.අපි ආපහු වන බූටෑව මැදිං පාරට ආවෙමු.ආයෙ නං නෑමට එතරං බයානක ගමන් නොයමු.තට්ටයාට ...
හිච්චි මැන්ඩිස් පුතා වෙත ආදරයෙන් ලියමි යාං හෑල්ල පුතේ,මේ ලියමන පුතාගෙ දෑහිම්ම කියවාගන්නටත් තේරුං ගන්නටත් තව අවුරුදු පහලොවක් විතර යන බව මං දන්නවාය. ඒ උනත් ඒ කාලෙට පුතාට මෙව්වා කියා දෙන්නට මේ සුරං මාමා පන පිටිං නොයින්නත් පුළුවන. ඒ හංදා අදම මේක ලියා දාන්නේ මේ අකුරු ටික ලෝකේ කොතැනක හරි තැනක Google සේවාදායකයක් අස්සේ කරකැවෙන තැටියක ලියැවී පුතාගෙ ඇහැ ගැටෙන දවස වෙනකං ආරස්සා වෙන බව සුරං මාමා දන්න ...
තොරණ හෙවත් Pandol - 6 ඇස්බැන්දුම යාං හෑල්ල තොරණ -1තොරණ -2තොරණ -3තොරණ -4තොරණ -5අපි කාණ්ඩෙම ආයිත් සැරයක් හතර අතේ දුවන සෙනග මැද්දට වැටිලා එක පොදියක් විදිහට එක දිහාවකට ඇදිල යනව. “සේරම වාහන පාරෙං එලෝලා දාලා සම්පූර්ණ පාරෙම අයිතිය ගත්තෙ මං තමයි“ කියල හිතාගත්තු මිනිස්සු දකුණෙං යාමේ නීතිය පැත්තක දාලා තමුන්ට ඕන විදිහට පාරෙ යනවා. ඒ හංදා අපිටත් පාරෙ යන්න වෙන්නෙ දාං අදිනව වගේ. දැං කාලෙ නං මොටෝ සයිකල් ...
චන්ඩි සහ බට්ටා යාං හෑල්ල මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම ...