අාසාදනය.... නෝටිගෙ මතක " අම්මේ හෝර්ලික්ස් ගේන්නකෝ..."පොඩි එකෙක් කෑ ගහනවා...පොඩි එවුන් චොකලට් ඉල්ලනවා, සෙල්ලම් බඩු ඉල්ලනවා, තව වැඩිම වුනොත් මයිලෝ ඉල්ලනව, හෝර්ලික්ස් ඉල්ලනවා මේ අැහුනමයි....කණ දාලා අහන් හිටියා....." හෝර්ලික්ස්ම තමයි දෙන්නෙ කියන දේ අහන්නැතුවට...".අම්ම ගේම ඉල්ලුවා....." ඒක බිව්වම තමයි ලොකුවෙන්නෙ...".මට අප්පටසිරි කියල කියවුනා.... හෝර්ලික්ස්වලින් ලොකු වෙනව කියල පොඩි එකාට කිව්වෙ කවුද... හිතුවත් වගේ වැඩේ හරි... ටීවී එකේ අැඩ් එකක් යනවා ඒ ගැන... ලමා ...
එච්චරයි තියෙන්නේ...... නෝටිගෙ මතක පුංචි කාලේ පුරුද්දක් තිබුණා ඉරටු අරන් හෙල්ල වගේ විසි කරන්න...ඒවා උඩින් ගිහින් පොලෙවෙ ඇනෙද්දි හරිම ආතල්.. පොලව ටිකක් බුරුල් හරියක තමයි සෙල්ලම කරන්න පුලුවන් හොදටම..ඒ කාලේ ඉඳලම මට ඉරටු එක්ක පුදුම සම්බන්ධයක් තිබුණේ... මගේ ගල් කැට ආමි එකේ තුවක්කු වුණේ සුද්ද කරපු වේලිච්ච ඉරටු කෑලී...මමම හදාගත්තු ගිණි පෙට්ටි කැබ් වල නැගලා එන ආමි පාට තිරුවාන සෝල්ජර්ස්ලා දුඹුරු පාට ත්‍රස්ථවාදියෝ එක්ක ...
කැලෑවෙදි මිනිහෙක් නෙමෙයි සතෙක් වෙයන්... නෝටිගෙ මතක ගිය මාසේ මුල..මං අලුත් රස්සාවට ගිය අලුතම...පෑවිල්ල කාලේ..සීගිරි ගල පුපුරු ගහන තාලේ කිලෝමීටර් පහක් මෙහාට අැහෙනව කියල මට හිතුනා...සේරම තණකොල වේලිලා ගිහින්...හරියට කාන්තාරයක් වගේ..පොඩි ගස් සේරම හරියට බයවෙලා බිමට නැමුනා වගේ...ජීවිතේ හොදම කාලෙදි වයසට ගිය මිනිස්සු වගේ උන් මං දිහා බලන් හිටියෙ...දරුවෙක් මැරෙන්න යද්දි වගේ දුකක් අාවා දැක්කම..."දැන් මං අාවනේ..සේරම හරියයි.."මං හිතෙන් කිව්වෙ උන්ට අැහෙයි කියල හිතාගෙන...දවසක් දෙකක් ගිහින් හවස් ...
සුභ උපන්දිනයක්..... නෝටිගෙ මතක විනෝදාංශ අපි හැමෝටම තියෙනවා..පුංචිකාලෙනම් අපිට පොවල කාවද්දල තිබුන විනෝදාංශ සෙට් එකක් තිබුනා...මතකද...?" ටීච මං මුද්දර එකතු කරනවා"" මං පොත් කියවනවා.."" මං පරණ කාසී එකතු කරනවා..".හරියට අර ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල අහනව වගේ... මමත් යන්තන් 7 වසරෙදි පංතියක අැහුවනේ ඔය ප්‍රශ්නෙ... මගෙ වෙලාවටම අැහුවේ පිටරටක මනුස්සයෙක්...ඉතින් මං දැන් ඔලුව විකාර කරගෙන කල්පනා කරනවා රහස් පරීක්ෂකයෙක්ට ඉංග්‍රිසියෙන් කියන එක.... දොස්තරල, ...
ජනකයා... නෝටිගෙ මතක අහම්බෙන් වගේ එක තැනකදි හරි අපූරූ දුරකතන සංවාදයකට කන්දෙන්න වුනා.... මුලදි නිකම්ම කණට වැටුනත් වචන දෙකතුනක් යද්දි ඔ්න කමින්ම කන් දෙන්න හිතුනා....බොහොම පොඩි වයසක ගෑණු ලමයෙක් අම්ම තාත්ත එහාට මෙහාට වෙනකම් ඉදල තමන්ගෙ යාලුවගෙ ගෙදරට කෝල් එකක් අරන්... දැන් දෙන්න කතාව...." මට නම් ගෙදර එපා වෙලා ඉන්නෙ දැන් නම්..."" මල කරදරේ... "" මට යන්න හිතිල තියෙන්නෙ...".මේ වගේ වචන ටිකක් තමයි ...
හූනා බව් බව් කීම.... නෝටිගෙ මතක ඒ මං ඔ්ලෙවල් කරන කාලේ..දැන් අවුරුදු 13කට විතර කලින්නේ...මට මතකයි විභාගෙට යද්දි ගෙදරින් එලිට බැහැල වමට හැරුනොත් අනිවාර්යෙන් මුන ගැහෙන මිනිහෙක් හිටියා..උදේම කසිප්පු ටිකකින් සප්පායම් වෙලා නැංගුරමත් දාගෙන පාර මැදට වෙන්න ඉන්නවා...ඒ දවස්වල අපෙ අම්ම නිතරම කියන කතාව තමයි ඒ පැත්තෙන් යන්නෙපා ඔය මනුස්සය මූණට මුලින්ම හම්බවෙලා කියල...මං හා කියල එලියට බැහැල යන්නෙම ඒ පැත්තෙන්...හැමදාම මිනිහට හිනාවක් එහෙම දාලා මිනිහා ...
තනිවීම...... නෝටිගෙ මතක ලගම යාලුවෙකුත් එයාගේ ඔස්ට්‍රියානු ජාතික මිතුරෙකුත් එක්ක මගෙ මිත්‍රයාට අයිති ඉඩමක් බලන්න ගියේ ඉදිරි අනාගතයේ එතැන කුඩා හෝටලයක් ඉදිකරන්න අදාල මිත්‍රයාට අදහසක් තියෙනව කියපු නිසාමයි....වැවට මායිම්ව අැල බිමක තියෙන තරමක ඉඩම හරිම ලස්සනක් තිබුනෙ... මුහුද අයිනට වඩා වැවේ ඉහලින් ඉර බහිද්දි හරිම ලස්සන තැඹිලි පාටකට හැරෙනවා....වැව අතගාගෙන එන හුලග ඊටත් සනීපයි....ඒ වෙලාවේ තමයි මෝටර් සයිකලයකින් කෙනෙක් පාන් ගෙඩියකුත් අරන් අාවේ...මේ ...
හැගීම් තියෙනවද.... නෝටිගෙ මතක මිනිස් හැගීම් කියන්නෙ ඉතාම විශාල පරාසයක පැතිරුන කතාවක්..එක හැගීමක් ගත්තම ඒක අවස්ථානුකූලව, හැගීම් මූලය අනුව, හැගීමට යටත්වන්නා අනුව, සංස්කෘතිකව, වගේම සමහර වෙලාවට ජීවවිද්‍යාත්මකවත් කියන විවිධ කෝණ වලින් දකින්න පුලුවන්..උදාහරණයකට ගමු කෝපය..නැත්තන් කේන්තිය...මේක අවස්ථානුකූලව වෙනස් නෙවෙනවද..වෙනවා...කාර්යය බහුල අවස්ථවක සහ නිදහස් වෙලාවක කෝපය දෙවිදිහක්..සීමාවන් වෙනස්...ඒ වගේම හැගීම් මූලය අනුව වෙනස් නැද්ද...අදාල හැගීමට මුල්වන කාරණය අනුව..වෙනස් වෙනව...සංස්කෘතියට අනුවත් එහෙමයි.ජීවවිද්‍යාත්මක කරුනු අනුවත් වෙනස්
කතෘ මත වෙනස් වේවී... නෝටිගෙ මතක මටත් ඉන්නව බොහොම ලගින් අාස්සරේ කරන ගෑල්ලමයෙක්...මගේ වෙන්න ප්‍රියම්භිකාව කියමුකො...ඉතින් දවසක් අපි නිදහස ගැන කතා කරද්දි කියපු දෙයක් තමයි ලව් එෆෙයාර් එකක් අැතුලේ තියෙන නිදහස...එකෙක් අනෙකාට ලබා දෙන නිදහස...එතනදි ගෙනාපු තර්කය තමන්ගෙ එක්ස් ප්‍රේමවන්තයා තමන්ට ලබාදීපු නිදහස මගෙන් නොලැබෙනවා ඒ වගේ නිදහසක් තමයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ කියන එක...හුගක් සංවේදී ඉන්සිඩන්ට් එකක මේ ප්රශ්නය විසදන්න මට ක්‍රම දෙකක් තිබුනා...එක ඒක නිදහස ...
ඊගෝ එක කොච්චර ලොකුද......? නෝටිගෙ මතක රටේ ලෝකේ ඇවිදපු මිනිස්සු එක්ක කතා කරන එක වෙනමම අත්දැකීමක්...ඒ මිනිස්සු ලබා ගත්තු අත්දැකීම බෙදාගන්න එක වාසියක්... ඉතිං ලඟදි දවසක ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයත් එක්ක පොඩි කතාවක ඉන්න අතරේ එයා මේ රට ගැන හිතන විදිහ ගැන අපේ කතා බහ යොමු වුණා .....මේ රටේ මිනිස්සු ජනිත් හරිම ආවේගශීලියි... හිතන්න ඔයා බීච් බෝයී කෙනෙක් කියල..මම ඔයා එක්ක කතා කරපු ගෙස්ට් කෙනෙක් එක්ක හයර් ...
හරියට යිංග් යෑංග් වගේ... නෝටිගෙ මතක කාලෙකට කලින් මගේ ප්‍රියම්භිකාව එක්ක වෙච්ච පොඩි කතා බහක් මතක් වුනා හදිස්සියෙම...කතන්දරේ මට කියපු විදිහට මෙහෙමයි...එයාගෙ යාලුවෙක් හෝ දෙන්නෙක් ඉන්නවලු දිය යටින් ගින්දර ගෙනියන...ඒ කිව්වෙ යාලුවෝ සේරම එකම දෙයක් කරන්න උත්සාහ කරද්දි තමනුත් උදව් කරනව කියල පෙන්නල බාල්දි පෙරලන...ඉතින් තරමක් කේන්තියක් මිශ්‍ර කලකිරීමකින් තමයි මට මේ සිද්ධි කිව්වෙ...මිනිස්සු එහෙම කරනවනේ...ඒක එච්චර ලොකු දෙයක් නොවුනත් ලගින් කෙනෙක් කරන එක ටිකක් දරාගන්න ...
හව් අයි ලොස්ට් මයි වර්ජිනිටි... නෝටිගෙ මතක අපි හැමෝම ලග පොඩි පොඩි වගේම ලොකු ලොකු වැරදි පුරුදු, අාකල්ප එහෙම තියෙනවා..මටත් තිබුනා දෙකක් තුනක්....ලොකුම එක තමයි ලොකු ඊගෝ එකක් තිබුනා..ලොකු කමක් කියල කියමු..මොකකින් හරි මාව රිජෙක්ට් වුනානම් අායේ ඒක පලාතක් නොබලන නැත්තන් ඊට වඩා දශමෙකින් හරි උඩට යන්න දගලන ගතියක් තිබුනා..සමහර වෙලාවකට මේකේ හොදකුත් තිබුනා..මගේ රස්සාවේ මේතරම් හරි දුරක් අාවනම් අාවේ ඒ ඊගෝ එකට තැන්කියු වෙන්න...ඒත් හිතන්න මම ...
ලස්සනම මතක තියෙන්නෙ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන කාලේ ..... නෝටිගෙ මතක " මචං, ඒකි ඉන්න තැන බලාගන්න යන බස් එකේ නැගල යමුද..? "ඌ අහන්නේ කළුතර ඉදලම කෙල්ල එන බස් එකේ ඇවිත් අළුත්ගමිනුත් බැස්සට පස්සෙ...වෙලාව 6ට කිට්ටුයි...උදේ ඉඳලම බස් එකටයි ක්ලාස් එකටයි පාරේ කඩේටයි සින්න වෙච්ච දවස එපාම කරපු මහන්සියක් දෙන්නෙ...ඒ 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟ දවස... ශ්රීලංකාවයි ඕස්ට්‍රේලියාවයි ආයෙත් මුහුණට මුහුණ... මගේ කැමහිම එකා තමයි කැපටන්, මහේල....ඒත් මූ ඊට වඩා ...
අපේ කාලේ මෙහෙම නෙමෙයි....! නෝටිගෙ මතක බුකියට ලොග් වෙනකොට පේන කන්ටේනර් ගනන් සංවේදී පෝස්ටු පේනවද...? එක එක ආකාරයේ සමාජගත ආතල් ගැන පෝස්ටු දැකල තියෙනවද..? සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල බෙරිහන්දෙන පෝස්ටු දැකල තියෙනවද..? රටට කිසිවක් නොකරම කොමිස් කුට්ටියට වැඩ කරන හොරාකන දේශපාලකයන්ට දෝශාරෝපණය කරන පෝස්ටු දැකල තියෙනවද..? ගල් බෝතලේට බත් පැකට් එකට රු.1000ට දේශපාලන රැස්වීම් වල බඩගාන්නෙපා කියන පෝස්ට් දැකල තියෙනවද...? ඇති තරම් නේද...? දැන් ...
පොෂ් කෑම සහ අනාගෙන කෑම... නෝටිගෙ මතක අහාර ගන්න විධි එකිනෙකාගෙන් එකිනෙකාට සෑහෙන්න වෙනස් වෙනවා.... කෙනෙක් හැඳි ගෑරුප්පු භාවිතා කරද්දි තව කෙනෙක් දකුණත පාවිච්චි කරන්න පුලුවන්, තව කෙනෙක් වමත, තවත් කෙනෙක් ඇඟිලි පුරුක් දෙකක් උඩට පාවිච්චි කරද්දි, තවත් කෙනෙක් අල්ල දක්වාම පාවිච්චි කරන්න පුලුවන්....මේකෙදි අපි එකිනෙකාට සාපෙක්ෂව මේ රටාවල් පිලිකුල් කරන්නත් පුලුවන්... පිළිකුල හිතට එන්නේ අපිට නුපුරුදු දෙයක් ගැන නිසා සහ අපේ ආකල්ප නිසා මිසක ඒ රටාවන් ...
Funny - ෆනී නෝටිගෙ මතක ඈ ඇගේ ඇතිල්ලෙන්නටත් කෙඳිරි ගාන්නටත් විය... පුටුවේ හිඳ සිටි මගේ කලවය මත යටි තල්ල තබා ඇස් උස්සා දුක් මුසු බැල්මෙන් බලා සිටින්නට විය.....ඒක එහෙමම තමයි වුණේ... මම කරේ අතේ තිබුන රෝල්ස් එක හෙමින් හෙමින් කන එක... ඇතුලෙ පොඩි බිත්තර කෑල්ලකුත් දාලා රු.10කට උණු උණුවෙ කන්න හම්බෙන එකම මදිද....?" ඊස් දිස් ෆ්‍රොම් මුස්ලිම් කඩේ.."මගේ ඔස්ට්‍රියානු මිත්‍රයා කැඩුනු ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර ...
ඒත් අර පුංචි ජීවිත....? නෝටිගෙ මතක සුපුරුදු පරිදි මමත් මගේ ඕස්ට්‍රියානු මිත්‍රයාත් රාත්‍රී ආහාරය සමඟ කතා බහක... මේ අතර අපි ක්‍රම ක්‍රමයෙන් වාහන සහ මාර්ග තත්ත්ව ගැන කතා බහකට යොමු වුණා... එතනින් එහාට අපි එය මෝටර් බයික් දක්වා පටු කරගෙන කතා කරගෙන ගියා..." ජනිත් මෙහෙ මිනිස්සු නිවුස් බලනවද..? පත්තර කියවනවද..? ෆේස් බුක් යනවද..?"එක පාරටම මගේ මිත්‍රයා අහපු ප්‍රශ්නෙන් මම තුෂ්නිම්භූත වුණා.. මේ මනුස්සයට පිස්සුද..? මට එකපාරටම ...