මැංගුස් ගසට ‘උප්පැන්න සහතිකයක්’ ...... අධ්‍යාපන රසකතා මා SSC (අපොස සාපෙළ) විභාගය සමත් වූයේ 1956 වසරේදීය. විශිෂ්ට සම්මාන සහිතව සමත්වූ මට පියාගේ හිතවතෙකුගෙන් ලැබුණු තෑගි පාර්සලයක මැංගුස් ගෙඩි සතරක්ද විය. ප්‍රදේශයේ ආදර්ශ ගොවිපලේ කළමනාකරු වු ඔහු මැංගුස් ගෙඩි පිළිබඳව වැදගත් විස්තරයක් කළේය.‘1950 වර්ෂයේ අපගේ ආදර්ශ ගොවිපල ආරම්භ කළ දිනයේ, මැලේසියානු තානාපතිවරයාගෙන් තෑගී ලැබුණු මැංගුස් පැලයක්, එදින, අගමැතිතුමා විසින් රෝපණය කරනු ලැබුවා. අවුරුදු පහකට පස්සේ, ඒකේ මේ ...
සෞන්දර්යය අධ්‍යාපනයට තෝතැන්නක් වූ හොරණ ශ්‍රීපාලියේ, ‘උපාසනය’.... අධ්‍යාපන රසකතා අධ්‍යාපනයේ පරමාදර්ශී මුලිකාංග වශයෙන්, ඉගෙනුම ලබන ශිෂ්‍යයා තුළ දැනුම, කුසලතා සහ ආකල්ප (knowledge, skills and attitudes) යන ත්‍රිත්ව සංවර්ධනය සිදුවිය යුතු බව සම්මත පිළිගැනීමකි. එහෙත් මෑතකදී සිට නව තාක්ෂණ මෙවලම්ද අධ්‍යාපන ක්ෂේත්රයට ශීඝ්‍රයෙන් සම්බන්ධ වීම නිසා මහත් පෙරළියක් සිදු වෙමින් පවතින බැවින්, නිර්මාණශිලිත්වය (creativity) නමින් නව අංගයක්ද එයට එකතු වී, මුලිකාංග චතුර්තයක් ලෙස පිළිගතයුතු බව සාධාරණීකරණය වී තිබේ.එහෙත්, එකිනෙකා ...
‘SMART’ ජංගම දුරකථන භාවිත කිරීමේ උන්මාදයක් තිබේද...... ? අධ්‍යාපන රසකතා නව තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් වන ජංගම දුර කථනය අද වනවිට, එදිනෙදා ජීවිතය සඳහා නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්වී තිබේ. ජංගම දුර කථන පහසුකම් වලට මඟ පෑදුනු විද්‍යාත්මක සංකල්පය වන තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (communication satellites) ලොවට හඳුන්වා දුන්නේ, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින් 1945 වර්ෂයේදීය. මෑතදී මෙලොවින් සමුගත් මෙතුමා ජිවිතයේ අවසාන කාලය ශ්‍රී ලංකාවේ ගතකළේ ශ්‍රී ලාංකික ...
ඉලක්කම් ‘හරඹයකින්’ අපූරු ජීවිත පාඩමක් ...... අධ්‍යාපන රසකතා ආදී මානවයින් තම අදහස් හුවමාරු කර ගැනීම සඳහා කතා බස් කිරීම පිණිස භාෂාවක් භාවිතය පිළිබඳව විවිධ මත ඉතිහාසයට එකතු වී තිබේ. මෙයටම සමගාමීව ගණන් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතය පිළිබඳවද අදහස් රාශියක් තිබේ. කෙසේ වෙතත් අද ලොව පුරා බහුලව භාවිත වන හින්දු - අරාබි ඉලක්කම් සකස්වූ ආකාරය පිළිබඳව නිරවුල් ව්‍යුහාත්මක පදනමක් තිබෙන බව පෙනේ. 1 සිට ...... 9, ...
එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය ....... අධ්‍යාපන රසකතා මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ.(මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි)රොබට් නමැති එඬේරෙකු, සතුන් දහස් ගණනක් සිටින තම විශාල පට්ටිය තැනිතලා තණ බිමක, තණ කෑම සඳහා යොදවා, ගුරු පාර අයිනේ ගසක් යට සෙවනේ වාඩිවී ගිමන් හරිමින් සිටියේය. ඈත සිට ගුරු පාරේ ...
“ලොකු උනහම, ....අපිත් විමලරත්න මහතාට .....” (ලී මෝල් හිමියාට....) අධ්‍යාපන රසකතා මා සේවය කළ අධ්‍යාපන ප්‍රදේශයේ ඇති, කීර්තිමත් ඉතිහාසයක් සහිත විදුහලක උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වූ පරිසර විද්‍යා කාර්ය සැසියකට සම්පත් දායකයෙකු ලෙස සහභාගිවීමට, මටද ඇරයුමක් ලැබිණ. මා මිට කලින්ද කිහිප වරක්ම රාජකාරි කටයුතු සඳහා ගොස් තිබුණු මෙම විදුහල, නගරය මධ්‍යයේ පිහිටි සෞන්දර්යය අධ්‍යාපනය සඳහා ඉහල නමක් ලබා ඇති කේන්ද්‍රස්ථානයකි. විදුහල් පරිශ්‍රයේ ක්‍රමාණුකුලව වවා ඇති විවිධ ගහ කොල ...
කෙසෙල් පිලිබඳ ගැටලුවක්…මෙය කූට අර්ථ නිරූපනයක්ද ? අධ්‍යාපන රසකතා Face Book සටහනක තිබුණු, පහත දැක්වෙන ඡායාරුපය දැක, මට මේ ගැන තවදුරටත් සොයා බැලීමට සිතුනි. මට පෙනෙන ආකාරයට, එක්කෝ මෙය පරිගණක ප්‍රයෝගයක් මගින් කළ දෙයක් හෝ බාහිරින් සොයා ගත් අංග කෙසල් කැනකට සුක්ෂම ලෙස අමුණා, ගන්නා ලද ඡායාරූපයකි. මේ ගැන තවදුරටත් විමසිලිමත් වීමට පෙර, අප කවුරුත් හොඳට දැක පුරුදු ඇති කෙසෙල් ශාකයක බාහිර ලක්ෂණ සහ අභ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සොයා ...
ස්ත්‍රී පුරුෂ භාවය දක්වන සංකේත වල මූලික පදනම කුමක්ද? අධ්‍යාපන රසකතා දැනට දශක කිහිපයකට ඉහතදී, අලුත උපන් දරුවෙකු සඳහා ජ්‍යෝතිෂකරුවකු ලවා ජන්ම පත්‍රයක් සකස් කිරීම පුරුද්දක් වශයෙන් කරන ලදී. මෙම ජන්ම පත්‍රය ඇසුරෙන් පසුව සකස් කරනු ලබන ‘හඳහන’ ජන්මය පිලිබඳ වැදගත්ම සටහන විය. ඒ කාලයේ හඳහන, පුස්කොල තීරුවක පන්හිඳෙන් ලියා, කලු මැද, සකස් කරගන්නා ලද සටහනක් විය. පුස් කොලයක් යනු විශේෂ ශාස්ත්‍රීය ක්‍රම වේද වලට අනුව සකස්කරගන්නා ලද ...
බිල්ඩිමේ උස අධ්‍යාපන රසකතා පිටරටක සිටින මගේ විශ්ව විද්‍යාල මිතුරෙක් ඒවා තිබුණු සත්‍ය කතන්දරයක් මේ ආකාරයට Blog සටහනක් ලෙස ඇතුලත් කිරීම සුදුසුය යි සිතුනා. මෙය ශතවර්ශයකටත් වඩා ඉහතදී සිදුවී ඇති දෙයක් වුවත්, මා සිතන ආකාරයට අදටත් බොහෝ දුරට ගැලපෙනවා. මෙය මුලින්ම සකස් කර ඇති අයගේ තොරතුරු කිසිවක් ලැබුනේ නැහැ. කෙසේ වෙතත් එය සටහන් කර තබා ඇති ඔහුට හෝ ඇයට මාගේ ප්‍රණාමය. සම්පූර්ණ විස්තරයම, ...
“නඩුකාර හාන්දුන්නේ..., ලබ්බ උගේ... ! උගේ මගේ..... !! ” අධ්‍යාපන රසකතා උතුරු මැද පළාතේ හේන් වැඩ කරමින් යන්තම් ජීවිතය ගැට ගසා ගන්නා ගැමියන් අතර සිදුවූ ආරාවුලක් දුර දිග යාම නිසා සිදුවූ අකරතැබ්බයකි මේ. අවසානයේදී ගැටලුව නිරාකාරණය කරගැනීම පිණිස උසාවි යාමට සිදුවිය. උසාවි, බලධාරීන්ට ගැමියා භාවිත කරනු ලබන වාග් මාලාව තේරුම් ගැනීමට නොහැකිවීම නිසා සිදුවූ රසවත් සිද්ධියකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමක, බන්ඩියා සහ උක්කුවා නම් හේන් ගොවිතැන් කරන ගොවියෝ දෙදෙනෙකු ...
පරිසර සංරක්ෂණය සහ මස් මාංශ අනුභවය ....... අධ්‍යාපන රසකතා පරිසර හිතකාමී සෑම කෙනෙක්ම නිර්මාංශ අහාර ගන්නා අය විය යුතු ද? නොඑසේනම් නිර්මාංශ අහාර ගන්නෝ සියලු දෙනාම පරිසර හිතකාමීන්ද?මෙය පරිසර අධ්‍යාපනය සහ පරිසර සංරක්ෂණය ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකු විසින්ම විසඳා ගතයුතු, එසේම එහි සීමා ගැන තීරණය කරගත යුතු ගැටළුවක් ලෙස දැක්විය හැකිය. පරිසර අධ්‍යාපන වැඩ සටහනකදී අප කණ්ඩායමකට මුහුණ පෑමට සිදුවූ එබඳු ගැටළුවක් පිලිබඳ සටහනකි මෙය.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ...
ආන්දෝලනාත්මක මරණ දැන්වීමක් නිසා මහා කැළඹීමක්... අධ්‍යාපන රසකතා 1974 අප්‍රියෙල් මස 24 වන දින, ශ්‍රී ලංකාවේ ' Daily News ' පුවත් පතෙහි පහත දැක්වෙන මරණ දැන්වීම පළවිය. එය මෙසේය: O’Cracy. The death occurred under tragic circumstances of D.E.M.O’Cracy, beloved husband of T.Ruth, loving father of L.I.Bertie, Faith and Justicia. Interred on Saturday, 20th April instant - Aralia Medura, Parangiyawatta, Anduruwella.‘Daily News’ පුවත් පතෙහි පළවූ මරණ දැන්වීම බැලු බැල්මට ...
ස්වයං නිරෝධායන කාලයේ ‘අපි කුමක් කරමුද….?’ අධ්‍යාපන රසකතා 'ස්වයං නිරෝධායන විවේකය' අමුතුම ආකාරයේ නිවාඩුවකි. CORVID-19 වයිරස් අසාධනය පාලනය කිරීම සඳහා ලෝකයේ රටවල විවිධ උපක්‍රම භාවිත වන බව අපට නිරතුරුවම අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ වයිරසය තදින් පැතිරේයයි අනුමාන කෙරෙන පලාත්වල ඇඳිරි නීතිය බලාත්මක කර තිබේ. ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හේත්, වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුප ආදිය ගෙදරටම ගෙනැවිත් දීමේ වැඩ පිළිවෙලක්ද ඇති බව මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණ. මේ සියල්ල ජනතාව ...
වනාන්තර වල අගය සහ ගසක මෙහෙවර ........ අධ්‍යාපන රසකතා 1. ගසක බැගෑපත් ඉල්ලීම ප්‍රංශයේ ‘සෙවිල්’ නම් ගමෙහි වනරොදක ඇති විශාල ගසක එල්ලා තිබුණු ලෑල්ලක සටහන් කර තබන ලද කව් පෙළක් (ඉංග්‍රීසි) සහ එහි සිංහල පරිවර්තනයයි මේ. මෙවැනි විශාල වෘක්ෂයක් තම ඉරණම පිළිබඳව හඬගා කීම කවියෙකු දුටු ආකාරය ඔබටද කියවා රස විඳීම සඳහා මෙහි දක්වා ඇත. ඉංග්‍රීසියෙන් ‘TO THE WAYFARER’ලෙස ලියැවී ඇති මෙම කව් පෙළ, සිංහලට පරිවර්තනය කර ඇත්තේ ...
ස්වයං නිරෝධායන සමයේ අනපේක්ෂිත, වටිනා තෑග්ගක් ! අධ්‍යාපන රසකතා 2020 මාර්තු මාසයේ අවසාන දින කිහිපය වන විට ලොව පුරා කොරෝනා ‘ස්වයං නිරෝධායනය’ අකුරටම පිළිපැදීම අනිවාර්ය කර තිබිණ. මේ දිනවල තැපෑලෙන් ලැබෙන භාණ්ඩයක් වුවද යම්කිසි කාල සීමාවක් තද අව්වේ තබා හෝ විෂබීජ නාශකයකින් පිසදා, ගෙය තුළට ගැනීම දැමීම අත්‍යවශ්‍ය ලෙස සලකන ලදී. මාර්තු මස 30 වැනිදා මට තැපෑලෙන් කුඩා පාර්සලයක් ලැබිණ. පොලිතීන් කවරයක දමා තිබුණු එම භාණ්ඩය Reader’s Digest ...
ශ්‍රී ලංකාවෙන් නව ඕකිඩ් විශේෂයක් ....... අධ්‍යාපන රසකතා එහි උද්භිද විද්‍යාත්මක නාමය - ටෙරෝසෙරස් දලපූට්ටුවා (Pterocerus dalaputtuwa)ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂයක් සොයාගැනිමට දේශීය විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී සිටිති.තාරක ප්‍රියදර්ශන, අනූෂ අත්තනගොඩ, ඉෂාර විජේවර්ධන, කෞශල්‍ය සිරිවීර, නිමන්ත අබේරත්න සහ පංකජ් කුමාර් යන අයගෙන් සැදුම් ලත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම ශාකය සොයාගෙන තිබෙන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්ගඟ ගමෙහි කුඩව වනාන්තරයෙනි. මෙම පර්යේෂකයින් විසින් ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂය ලොවට ...
‘බ්ලොග්’ මාධ්‍යයට පිවිසුණු නිසා නව සබඳතා රාශියක් ඇතිවිය. අධ්‍යාපන රසකතා ‘බ්ලොග්’ මාධ්‍යයට පිවිසුණු නිසා නව සබඳතා රාශියක් ඇතිවිය.සිංහල පරිගණක හුරුව සහ Blogs ලිවීම. මගේ 150 වෙනි බ්ලොග් සටහන ලියැවෙන මේ අවස්ථාවේදී, හරියටම වසර තුනක අතීතයට නිරායාසයෙන්ම ඇදී යාම නොවැලැක්විය හැකිය. බ්ලොග් සඳහා පිවිසුමක් ලෙස මා විසින් ඉංග්‍රීසියෙන් ලියනලද පළමු සටහනට ලැබුණු මුල්ම ප්‍රතිචාර දෙකෙන් මට තව තවත් ලියන්නට ධෛර්යයක් ඇතිවිය. මේ ඒ ප්‍රතිචාර දෙකයි. රවිගෙන් Welcome Sir.....you are most welcome...Looking ...
'සෙල්සියස්' සහ 'ෆැරන්හයිට්' උෂ්ණත්වමාන මගින් ලැබෙන මිණුම් පිලිබඳ හරඹයක් . අධ්‍යාපන රසකතා පසුගිය හැටේ දශකයේදී, ජාත්‍යන්තර මිණුම් ඒකක (SI Units), සම්මත මිණුම් ඒකක ලෙස, ජගත් පිළිගැනීමට පත්වන තුරු, අපගේ පැරැණ්නන් විසින් භාවිත කර ඇත්තේ, සම්ප්‍රදායික මිනුම් ඒකක විය. මෙසේ බහුලව භාවිත වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඒකක (British Imperial Units) යන ගාම්භීර නමින් හැඳින්වූ ඒකක විය. යාර, අඩි, අඟල් සහ රාත්තල් අවුන්ස ආදිය මේවා විය. මීට පෙර සිටම අප රටෙහි අපටම ආවේණික කිරුම් ...
අධ්‍යාපන කටයුතු වලදී, එදා ….. උතුර සහ දකුණ අතර තිබුණු සහයෝගය අධ්‍යාපන රසකතා දැනට දශක හතරකට පමණ ඉහතදී අප රටෙහි ඇතිවූ ජාතිවාදී අරගලය නිසා උතුර සහ දකුණ අතර තිබුණු සම්බන්ධය බොහෝ දුරට පලුදු විය. සමහර අදූරදර්ශි අතලොස්සකගේ ක්‍රියාකලාප නිසා ජනවාර්ගික ගැටළු ඇතිවිය. කෙසේ වෙතත් එකළ අධ්‍යාපන සංවර්ධනය සඳහා උතුරෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව නොරහසකි. මේ සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික අත්දැකීමක් මෙසේ සටහන් කර තබමි. ඇමෙරිකාව විසින් චන්ද්‍රිකාවක් ගුවන් ගතකිරීමත් සමග, පසුගිය හැටේ ...
මිනිස් සිරුරේ විශාලතම අවයවයේ ආශ්චර්යය හඳුනා ගනිමු. අධ්‍යාපන රසකතා මිනිස් සිරුරේ විශාලතම අවයවය වනුයේ චර්මය නැතහොත් සම බව බොහෝ විට අපට අමතක වේ. අපගේ සම වූකලී, ශරීර පැහැය ලබාදෙන, හිරිගඩු පිපෙන, තුවාල හොරි දද කුෂ්ට ආදිය සෑදෙන, කරදරකාරී කුරුලෑ හටගන්නා, ඉඳහිට පච්ච කොටනු (tattoo) ලබන අවයවය පමණක්ම නොවේ. සමෙහි සිරස් කඩක ව්‍යුහය (ත්‍රිමාන) (රූප සටහන අන්තර්ජාලයෙනි) මිනිසාගේ සම සහ එයට සම්බන්ධ අනිකුත් අංගෝපාංග සියල්ල මිනිස් සිරුරෙහි ඇති ආශ්චර්යමත් ‘SMART’ ...