පරිසර සංරක්ෂණය සහ මස් මාංශ අනුභවය ....... අධ්‍යාපන රසකතා පරිසර හිතකාමී සෑම කෙනෙක්ම නිර්මාංශ අහාර ගන්නා අය විය යුතු ද? නොඑසේනම් නිර්මාංශ අහාර ගන්නෝ සියලු දෙනාම පරිසර හිතකාමීන්ද?මෙය පරිසර අධ්‍යාපනය සහ පරිසර සංරක්ෂණය ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකු විසින්ම විසඳා ගතයුතු, එසේම එහි සීමා ගැන තීරණය කරගත යුතු ගැටළුවක් ලෙස දැක්විය හැකිය. පරිසර අධ්‍යාපන වැඩ සටහනකදී අප කණ්ඩායමකට මුහුණ පෑමට සිදුවූ එබඳු ගැටළුවක් පිලිබඳ සටහනකි මෙය.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ...
1955 වසරේ ඇතිවූ පුර්ණ සුර්යග්‍රහණය, ඉතා හොඳින් දුටුවෙමු. අධ්‍යාපන රසකතා ඒ අප පාසැල් යන කාලයේය. ඉගෙනීම කළේ ජෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාග පළමු වසරේ (SSC Prep) පංතියේය. අප විදුහල්පතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යා උපාධියක් සහිත ඉතාමත් නිහතමානි කෙනෙක් විය. එතුමා අපගේ භෞතික විද්‍යා ගුරුවරයාද විය. 1955 වසරේ මුල සිටම පූර්ණ සුර්යග්‍රහණයක් පිලිබඳ තොරතුරු පුවත් පත්වල පළවිය. (ගුවන් විදුලිය ඉතා සීමිත වූ අතර රුපවාහිනි ගැන අසාවත් නැත)ජුනි මාසයේ මුල ...
“පත්තෑයෙක් ... පත්තෑයෙක්...” කාර්යාල වෑන් රථයේ මහා කලබලයකි. අධ්‍යාපන රසකතා මා අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරද්දී ගමන් අපහසුතාව අඩු කර ගැනීම පිණිස කාර්යාල වෑන් රථයකින් යාම් ඊම් පටන් ගත්තෙමි. දොළොස් දෙනෙකු සඳහා ඉඩකඩ ඇති වෑන් රථයේ දහසය දෙනෙකු පැටවීම රියදුරුගේ සිරිතය. සමහර දිනවල කාන්තාවන් තම කුඩා දරුවන්ද රැගෙන එන අවස්ථා එමටය. මා ගිය වෑන් රථයේ කාන්තාවන් දොළොස් දෙනෙක් සිටියහ. පිරිමි සතර දෙනාගෙන් එක් අයෙකු දෙපා වල ආබාධයක් සහිත පෞද්ගලික ආයතනයක ...
ජලය සහ ජල පරිහරණය පිළිබඳව අප දැනුවත්ද ? අධ්‍යාපන රසකතා පිරිසිදු පානීය ජල පහසුකම් ලැබීම, මිනිස් අයිතිවාසිකමක් බව, 2010 වර්ෂයේදී පැවැත්වූ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී, වැඩි ඡන්දයකින් සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවට රටවල් 122 ක් පක්ෂ වූ අතර නවසීලන්තය, ඊශ්‍රායලය, ඩෙන්මාර්කය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 42 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය නොදුන් රටවල මතය වූයේ එවැනි මිනිස් අයිතිවාසිකමක් පිළිබඳව ජාත්‍යන්තර නීති ...
ගංවතුරේ පදිමින් සිටි ඔරුවට ගසක සිටි පොළඟෙක් පැන්නා........... අධ්‍යාපන රසකතා අප කුඩා කළ ජීවත්වූ යේ කළු ගඟට කිට්ටුවෙන් පිහිටි රමණිය ගම් ප්රදේශයකය. අප්‍රියෙල් අවුරුදු නිවාඩුව කෙළි දෙලෙන් ගතකරන අපට ඊළඟට එළඹෙන වෙසක් සමය තවත් ආශ්වාද ජනක කාලයකි. වෙසක් කූඩු තැනීම, වෙසක් බලන්නට යාම, පන්සල් යාම වැනි දෙයටත් වඩා අප ප්‍රිය කළේ නොවරදාවාම ඒ දිනවලට වර්ෂාවත් සමග එන ගංවතුරේ කෙසෙල් කොට පහුරු පැදිමටය. අවුරුදු දිනවල වැසි වසින විට,‘මේ පාර නම්.... ...