ඉලක්කම් ‘හරඹයකින්’ අපූරු ජීවිත පාඩමක් ...... අධ්‍යාපන රසකතා ආදී මානවයින් තම අදහස් හුවමාරු කර ගැනීම සඳහා කතා බස් කිරීම පිණිස භාෂාවක් භාවිතය පිළිබඳව විවිධ මත ඉතිහාසයට එකතු වී තිබේ. මෙයටම සමගාමීව ගණන් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතය පිළිබඳවද අදහස් රාශියක් තිබේ. කෙසේ වෙතත් අද ලොව පුරා බහුලව භාවිත වන හින්දු - අරාබි ඉලක්කම් සකස්වූ ආකාරය පිළිබඳව නිරවුල් ව්‍යුහාත්මක පදනමක් තිබෙන බව පෙනේ. 1 සිට ...... 9, ...
අපගේ විද්‍යා අධ්‍යාපනය පසුබෑමකට ලක්වී තිබේද ? අධ්‍යාපන රසකතා ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපන උන්නතිය සඳහා, දශක කිහිපයක් තිස්සේ හැකි සෑම අයුරකින්ම දායක වූ මා විදේශ ගත වී, වසර පහකට පමණ පසුව, නිවාඩුවක් සඳහා ආපසු මව් බිමට ගියවිට දකින්නට ලැබුණු විද්‍යා අධ්‍යාපන ‘සෝදාපාළුව’ ගැන මහත් විමතයට පත්වීමි. විද්‍යා අධ්‍යාපනයට අදාලව දියත් කර තිබුණු සුවිශේෂී වැඩ සටහන් සියල්ල අහෝසි වී ගොස් ඇති බවක් දකින්නට ලැබුණි. එවකට තිබුණු ‘විද්‍යා ප්රබෝධය’ අතුරුදහන්වී ...
ජීවිතයක ‘දෙපැත්ත ........’ අධ්‍යාපන රසකතා (සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් ආපසු පැමිණ දින කිහිපයක්ම, මහත් උදාසීන ගතියකින් සිටි නිසා කිසිවක් ලිවීමට රුචියක් නොවීය. එහෙත් පැරණි සිදුවීම් කිහිපයක් නැවත අලුත් කරගැනීමට හැකිවූ, හදවතට දැනෙන මෙම සටහන කෙසේ හෝ අවසන් කර ගත හැකි විය.) ජීවිතයක දෙපැත්ත ..... බලන්ගොඩ ‘ගූඩ් හෝප්’ වතුයායේ ලිපිකරුවෙකු ලෙස පැමිණි ගුණනාදන්, යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ තරුණයෙකි. චන්ද්රවතී, වත්ත ...
පලතුරු වත්තක ‘චෙරි’ කැඩීමට ගොස් නවතම විනෝදයක් ලැබුවෙමු. (Cherry Picking for fun) අධ්‍යාපන රසකතා සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට ජනවාරි මාසයේ මැද පමණවන තුරු ඕස්ට්‍රේලියානු වෙළඳ පලේ බහුලව හමුවන පලතුරු වර්ගයක් වන ‘චෙරි’ පිළිබඳව රසවත් තොරතුරු ස්වල්පයකි මේ. දෙසැම්බර් මාසයේ දෙවන සතියේ දිනක, වික්ටෝරියා ප්‍රාන්තයේ, මෝර්නින්ග්ටන් අර්ධද්වීපයේ පිහිටි, පලතුරු වත්තකට ගොස් චෙරි කැඩීමේ විනෝදාත්මක ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව අපට ලැබුණි. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම විශාල වශයෙන් වගා කරනු ලබන ‘චෙරි’ ඉතා රසවත් පලතුරකි. ...
භූගත ‘හිරිගල් ලෙන්’ පද්ධතියක අසිරිය දුටුවෙමි.... අධ්‍යාපන රසකතා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ, නිරිත දෙසින් පිහිටි වන අරණ ‘භූගත හිරිගල් ලෙන් පද්ධති රක්ෂිතය’ (Underground Limestone Caves Reserve) ලෙස නම්කර තිබේ. ‘බුකන් වන අරණ රක්ෂිතය’ (Buchan forest reserve)ලෙස කෙටියෙන් හඳුන්වනුයේද මෙයයි. රක්ෂිතය මධ්‍යයේ, ස්වාභාවික හිරිගල් ලෙන් පද්ධතියක් පිහිටා තිබේ. මෙල්බර්න් නගරයේ සිට, ‘ප්‍රින්සස්’ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 360 පමණ දුරක් ගිය විට හමුවන, මෙම රක්ෂිතය තුළ, හිරිගල් ලෙන් ...
ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි අධ්‍යාපන රසකතා පෘථිවි ජෛව ගෝලයේ මුල්ම ජීවීන් ජලයේ ජීවත්වූ ඒක සෛලීකයින් වූහ. ස්වාභාවික රසායන ප්‍රතික්‍රියා වලින් ලැබෙන අතුරුඵල මොවුන්ගේ ආහාරය විය. මෙසේ වසර මිලියන ගණනක් යාමේදී, මෙයින් එක් ජීවී කොට්ඨාශයක් තුළ, හිරු එළියෙන් ශක්තිය ලබාගැනීම සඳහා උපයෝගී කරගත හැකි හරිතප්රද නමැති සංකීර්ණ රසායනික සංයෝගයක් හටගත්තේය. මේ නිසා මොවුනට තම පෝෂණය සඳහා සූර්ය ශක්තිය ආධාර කර ගනිමින්, ජලය සහ වායු ගෝලයේ ඔක්සිජන් ...
‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්රවේණි විද්‍යා අර්ථ නිරූපණයක්. අධ්‍යාපන රසකතා අපගේ පැරණි ප්‍රස්තා පිරුළක, ‘ආරේ ගුණ නෑරේ –. මල්ල කිහිල්ලෙන් නෑරේ’ යනුවෙන් පෙන්වා දෙන අදහස වන්නේ, සම්ප්‍රදායටම ගැතිවී අන්ධානුකරණයෙන් යම් යම් දේ සිදු කිරිමට පෙළඹීම බව, මෑතකදී පුවත් පතක පළවූ ලිපියක කියවන්නට ලැබුණි. මෙහි ‘ආරේ ගුණ නෑරේ’ යන කොටසෙහි නම් ‘සම්ප්‍රදායට’ වඩා ගැඹුරු අර්ථයක් ඇති බව විග්රහ කළ හැකිය. ‘මල්ල කිහිල්ලෙන් නෑරේ’ යන්න නම් සම්ප්රදාය විය හැකිය.‘ආරය’ වශයෙන් විස්තර ...
නිවුන් දරු උපත් සිදුවන්නේ, ස්වාභාවික ක්‍රියාවලියේ වරදක් නිසාද? අධ්‍යාපන රසකතා ජීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රජනනය මූලික වේ. ප්‍රජනනය දෙආකාරයකට සිදුවිය හැකිය. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය මේ ආකාර දෙකයි. සමහර සතුන්ගේ සහ ශාකවල මෙම ප්‍රජනන ක්‍රියාවලි දෙකම දකින්නට ලැබේ. මිනිසා ඇතුළු පෘෂ්ඨ වංශීන්ගේ දකින්නට ලැබෙන්නේ ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පිරිමි සතාගේ ශුක්‍රාණුවක් මගින් ගැහැණු සතාගේ ඩිම්බයක් සංසේචනය කිරීම නව ජීවයක ආරම්භයයි. මෙසේ හටගන්නා කළලය මෝරා පැටව් / දරුවෝ බිහි වෙති. ගෙදරවල ...
ස්ත්‍රී පුරුෂ භාවය දක්වන සංකේත වල මූලික පදනම කුමක්ද? අධ්‍යාපන රසකතා දැනට දශක කිහිපයකට ඉහතදී, අලුත උපන් දරුවෙකු සඳහා ජ්‍යෝතිෂකරුවකු ලවා ජන්ම පත්‍රයක් සකස් කිරීම පුරුද්දක් වශයෙන් කරන ලදී. මෙම ජන්ම පත්‍රය ඇසුරෙන් පසුව සකස් කරනු ලබන ‘හඳහන’ ජන්මය පිලිබඳ වැදගත්ම සටහන විය. ඒ කාලයේ හඳහන, පුස්කොල තීරුවක පන්හිඳෙන් ලියා, කලු මැද, සකස් කරගන්නා ලද සටහනක් විය. පුස් කොලයක් යනු විශේෂ ශාස්ත්‍රීය ක්‍රම වේද වලට අනුව සකස්කරගන්නා ලද ...
දිඹුල යන නමින්ද හැඳින්වෙන, අත්තික්කා ගස්වල, මල් හට ගන්නේද ?...... අධ්‍යාපන රසකතා දැනට වසර හාරසියයකට පමණ පෙර, අලගියවන්න මුකවෙටි තුමා විසින් රචනා කරන ලද සුභාෂිතය, ශ්‍රී ලංකාවේ ඉතා උසස් ගණයේ කාව්‍ය සංග්‍රහයක් ලෙස ප්‍රචලිතය. අප අටවෙනි පන්තියේ ඉගෙනුම ලබද්දී, සිංහල සාහිත්‍යය සඳහා සුභාෂිතය එක් පාඨ ග්රන්ථයක් විය. සුභාෂිතයේ දැක්වෙන එක් කවියක ඇති උපමාවක් නිසා, මෑත කාලයේ මා සහභාගිවූ සේවාස්ථ පුහුණුවකදී, ගැටලුවක් මතුවිය. එදින විමසිල්ලට ලක්වූ ගැටලුව සහ එයට අදාළ පද්‍යය ...
මවකගේ සෙනෙහසේ ‘සුවඳ’ … අධ්‍යාපන රසකතා 2004 දෙසැම්බර් මස 26 වනදා ග්රීනිච් වේලාවෙන් හිමිදිරි පාන්දර, 1.00 ට පමණ ඉන්දුනීසියාවේ, සුමාත්‍රා දිවයිනේ උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ, මහා පරිමාණයේ භූ චලණයක් සිදුවිය. (එරට වේලාවෙන් පෙරවරු 08.00 පමණ). විශාලත්වය ඒකක 9.0 ක් ලෙස රිච්ටර් මාණකයේ සඳහන්වූ මෙම භූ චලණය නිසා, සුමාත්‍රා දිවයින අවට මුහුදේ සුනාමි තත්ත්වයක් හටගත්තේය. ඒ සමගම සිදුවූ තවත් මහා පරිමාණයේ කම්පන රාශියක් නිසා සුනාමි තත්ත්වය ...
කියවීම සඳහා වචන වල අක්ෂර වින්‍යාසය වැදගත්ද ? අධ්‍යාපන රසකතා මම අටවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ අපගේ පන්ති භාරව සිටි ගුරු මහතා අපගේ ඉංග්‍රීසි ගුරුවරයාද විය. ටයි කෝට් හැඳ හිසට තොප්පියක්ද පැළඳ, පාසලට එන, තරමක් තරබාරු ඔහු, අප විසින් රහසින් හඳුන්වනු ලැබුවේ, Mr. Bumble යන නමින්ය. මේ නම පටබැඳුනේ ඔහු Oliver Twist පොතෙහි එන අනාථ නිවාස පාලකයා මෙන් තරබාරු සිරුරක් සහිත වූ නිසාය. පොතෙහි Mr. Bumble මෙන් නොව, ...
ස්වභාව විද්‍යා කෞතුකාගාරය හෙවත් "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය" ගැන මතක සටහනක් ......... අධ්‍යාපන රසකතා හැත්තෑව දශකයේදී විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයෙකු ලෙස සේවය කරද්දී, මා විසින් ප්‍රදේශයේ උසස් විදුහලක ආරම්භ කරන ලද, "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ " පරිසරයට අදාල, නවතම අධ්‍යාපන පිවිසුමක ආශ්වාදය ලැබූ සිසුවෙකු විසින්, මටද පිටපතක් සහිතව, Face Book සමාජ ජාලයට මුදා හැර ඇති සටහනක් මෙසේ පළ කරමි. මෙහි සඳහන් මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ පරිසර කටයුතු සඳහා අමාත්‍යංශයක්වත් නොතිබුණි. මධ්‍යස්ථානය ආරම්භ කර වසර තිහකට පමණ පසු එහි ...
‘SMART’ ජංගම දුරකථන භාවිත කිරීමේ උන්මාදයක් තිබේද...... ? අධ්‍යාපන රසකතා නව තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් වන ජංගම දුර කථනය අද වනවිට, එදිනෙදා ජීවිතය සඳහා නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්වී තිබේ. ජංගම දුර කථන පහසුකම් වලට මඟ පෑදුනු විද්‍යාත්මක සංකල්පය වන තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (communication satellites) ලොවට හඳුන්වා දුන්නේ, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින් 1945 වර්ෂයේදීය. මෑතදී මෙලොවින් සමුගත් මෙතුමා ජිවිතයේ අවසාන කාලය ශ්‍රී ලංකාවේ ගතකළේ ශ්‍රී ලාංකික ...
“ලොකු උනහම, ....අපිත් විමලරත්න මහතාට .....” (ලී මෝල් හිමියාට....) අධ්‍යාපන රසකතා මා සේවය කළ අධ්‍යාපන ප්‍රදේශයේ ඇති, කීර්තිමත් ඉතිහාසයක් සහිත විදුහලක උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වූ පරිසර විද්‍යා කාර්ය සැසියකට සම්පත් දායකයෙකු ලෙස සහභාගිවීමට, මටද ඇරයුමක් ලැබිණ. මා මිට කලින්ද කිහිප වරක්ම රාජකාරි කටයුතු සඳහා ගොස් තිබුණු මෙම විදුහල, නගරය මධ්‍යයේ පිහිටි සෞන්දර්යය අධ්‍යාපනය සඳහා ඉහල නමක් ලබා ඇති කේන්ද්‍රස්ථානයකි. විදුහල් පරිශ්‍රයේ ක්‍රමාණුකුලව වවා ඇති විවිධ ගහ කොල ...
ගව සම්පත, පස්ගෝරස සහ සත්ත්ව හිංසාව අධ්‍යාපන රසකතා පැරණි ගැමි සමාජයේ ජීවත්වූ මිනිසාට දරු සම්පත, භවභෝග සම්පත තරමටම ගව සම්පතද, දිවි පෙවත පරිපුර්ණ කර ගැනීමට අවශ්‍යතම සාධකයක් විය. එදා ගම්බද බොහෝ නිවෙස්වල ගව සම්පතේ සංකේතයක් වශයෙන්, එළදෙනකු ඇති කිරීම සිරිතක් විය. එළ දෙන පවුලේ අයට සමීප සුරතල් සතෙකු සහ වසු පැටවා කුඩා දරුවන්ගේ මිතුරෙකු විය. එළදෙනගෙන් ලැබෙන කිරි, පවුලේ පෝෂණය සඳහා වැදගත් ආහාරයක් වූ අතර, ගොම ගෙවත්තේ ...
විහිලු තහළු, උසුළු විසුළු, කවටකම් ආදිය දියුණු සමාජයක ලක්ෂණද? අධ්‍යාපන රසකතා මිනිසා කෙතරම් දුරට සතුටින් සිටීද යන්න හඳුනා ගැනීම සඳහා නිවැරදිව යොදා ගත හැකි පොදු මිණුම් දණ්ඩක් මෙතෙක් හමුවී නොමැති ලෙසකි. එක් එක් පුද්ගලයාගේ සතුට විවිධ විය හැකි නිසා මෙවැන්නක් ගැන සිතීම පවා අපහසුය. සිනාමුසු බවකින් සිටීම හෝ මහ හඬින් සිනහවිම සතුට ප්‍රකාශ කිරීමේ එක් ක්‍රමයක් විය හැකිය. මෙය බොහෝ විට කුඩා දරුවන් තුළ දකින්නට ලැබේ. “සංතුෂ්ඨී පරමං ධනං” (happiness ...
ස්වභාව ධර්මයේ ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක්. අධ්‍යාපන රසකතා ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් දකින සියලුම දේවල් හොඳින් නිරීක්ෂණය කළහොත් ඒවායේ යම්කිසි රටාවක් තිබෙන බව අපට හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් අප දකින දේදුන්නෙහි නිශ්චිත වර්ණාවලියක් තිබේ. VIBGYOR යන ඉංග්‍රීසි අකුරුවලින් කියැවෙන වර්ණ හතක් (දම්, ලා දම්, නිල්,කොළ, කහ, තැඹිලි, රතු) එහි ඇති බව අපි දනිමු. දේදුන්නට වර්ණ හතක් ලැබෙනුයේ, පැහැයක් නොමැති හෝ සුදු පැහැයෙන් යුක්ත හිරු රැස් අහසේ වලාකුළු වල ...
අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා සහ දහස්පා .......... අධ්‍යාපන රසකතා පෘථිවි ජෛව ගෝලය තුළ සිටින, ලක්ෂ සංඛ්‍යාත සතුන් වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික ලිනෙයස් නම් විද්‍යාඥයා විසින් ඒ සඳහා ඉතාමත් ප්‍රායෝගික ද්විපද නාමකරණය නම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් විද්‍යා පාඩම් වලදී ඉගෙනගෙන ඇති පරිදි, මෙම නාමකරණයට අනුව මිනිසා, Homo sapiens වේ. මෙහි Homo යන්න වර්ගීකරණයේ ගණ නාමය ලෙසත් ...
එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය ....... අධ්‍යාපන රසකතා මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ.(මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි)රොබට් නමැති එඬේරෙකු, සතුන් දහස් ගණනක් සිටින තම විශාල පට්ටිය තැනිතලා තණ බිමක, තණ කෑම සඳහා යොදවා, ගුරු පාර අයිනේ ගසක් යට සෙවනේ වාඩිවී ගිමන් හරිමින් සිටියේය. ඈත සිට ගුරු පාරේ ...