සුවඳ දෙන මිනිස්සු මට හිතෙන හැටි.. මේ සාෆ් ක්‍රීඩා උළෙල ලංකාවේ පැවත්වූ 1991 වර්ෂයයි. එකල ජනපති ප්‍රේමදාස ලොකු ගැම්මකින් ක්‍රීඩා උළෙල පවත්වන්නට කටයුතු යොදා තිබු කාලයයි. ප්‍රේමදාස මහත්තයා එහේ කලබලේ වැඩ කරද්දී මම මහරගම මගේ මිත්‍ර සමාගමයේ යෝජනාවක් උඩ පවත්වන්නට වැඩකටයුතු සූදානම් කොට තිබූ "ප්‍රතිරූ" චිත්‍ර ප්‍රදර්ශනය සමග කලබලයක උන්නෙමි. එහෙත්අ පට කලබල වෙන්නට හේතුවක් තිබ්බේ නැත. ඒකට හේතුව කලබල වෙන්නටවත් අතේ සතපහක්වත් නැති කමය. වත්තේගෙදර ...
දද නම් වදමය.... 86 මට හිතෙන හැටි.. ජීවිතය ඊලඟ මොහොතේ කුමක් ගෙනෙන්නේදැයි මා දන්නේ නැත. සමහර බලාපොරොත්තු ජීවීතයේ අවසාන මොහොතේ ඵල දෙන්නට පුළුවන. සමහර විට කිසිදා සඵල නොවන්නටද පුළුවන.එවන් මොහොතක් ගැන තනිවම කල්පනා කරමින්, හෙමෙන් හිස්වෙන වීදුරුවක් දෙස බලා සැනසෙමින් "හමාරා අදූරී කහානී " චිත්‍රපටය ඔහේ බලමින් ඉන්න වෙලාවක මගේ හිතවතෙක් මා ඇමතීය. ඔහු මට ජීවිතයේ "චරිත" හදුනාගැනීමට බොහෝ සෙයින් උපකාර කල මා ලඟින්ම නොසැලී සිටි කෙනෙකි. ...
මැණිකක් වුව ගලක් නෙව.....85 මට හිතෙන හැටි.. ඩික්සන් අයියා අපේ ලොකු අයියාගේ යාලුවාය. ඩික්සන්ගේ මස්සිනා මල්ලී මගේ යාළුවෙක් බවට පත්වෙන්නට අපේ ලොකු අයියා හේතු විය.එකල මම කිසිම පාඩම් වැඩක් නොකොට අන්ත රස්තියාදුවක යෙදී හෝමාගම පිටිපන හබරකඩ ගොඩගම අතුරුගිරිය අතර අතරමංවෙවී හිටිය කාලයයි. ඊටත් වඩා කාලය කා දමමින් මහ රෑ වනතුරු හතරමං හන්දි මුර කරමින් සිටි කාලයයි. අම්මා විසින් ඉතාමත් වුවමනාවෙන් සැර බාලකොට නැතිනම් සැර අඩුම කොට ...
ලබ්බා හිටියානනං හොදය... මට හිතෙන හැටි.. ජීවීතයේ සමහර තැන්හී සමහර පුද්ගලයන් අපට යලි යලිත් මතක්වෙන්නේ ඔවුන් අපේ ජීවිත සමග බැදී තිබෙන හිතවත්කම් සදාතනික නිසාවෙනි. ජීවිතයේ මේ ගෙවුණු අවුරුදු ගනනට කොයිතරම් නම් ගනනක් මුණ ගැසී ඇත්ද...? ඒ මුහුණු වලින් මතක ඇත්තේ කීයෙන් කීයද...? ඒ අතරෙනුත් හිතේ කොණක තැන්පත් වී තිබී හදිසියේම මහා තෙතබරිත හැගුමකින් මතකයට එන්නේ කීයෙන් කී දෙනෙකුගේ මතක මුහුණුද?ලබ්බා හිටියනම් හොදයි කීවේ ඒ නිසාය...ලක්ෂ්මන්ට අපි ...