නත්තලේ අසිරිය.... අඳුරෙන් ආලෝකයට.... ඔබ ජීවත් වන පරිසරයේ ඇති විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් වලට ඔබේ දරුවන් විවෘත කරන්න.. ඔවුන්ට ඉගෙන ගන්න ඉඩ හදලා දෙන්න මේ එක් එක් ආගම් සංස්කෘතීන් වල වෙනස්කම් සමානකම්... වැඩිහිටියන් වු පසු ඔවුන්ට තෝරා ගන්න ඉඩ දෙන්න ජීවන රටාවක් ඔබේ බලපෑමකින් තොරව නමුත් මඟ පෙන්වීමක් ඇතුව.. දරුවන් තෝරා ගත් ජීවන රටාවේ ගැටලු වලට එක්ව විසඳුම් හොයන්න පුරුදු වෙන්න..ඔබ විස්වාස කරන කොටුවේ ...
මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද.. අඳුරෙන් ආලෝකයට.... යෞවනයේ මත් වූ දිනක කාටත් නොකියා මා සොයා ගියේ මගේ ආදරණීය ගුරුතුමියව..මගේ වෙනස ඇයට වටහාගන්න එක තප්පරයක්වත් ගියේ නැති උනත් ඇය නෙමේ වචනයක්වත් කිව්වේ..ඇගෙන් සමුගෙන එන්න විනාඩි කීපයකට කලින් මමම ඇයට ඒ ගැන කිව්වත් ඇය කලේ නිහඬව අහගෙන හිටිය එක විතරමයි..ඒ ඇයි කියලා ඇය වගේම මමත් දන්නවා උනාට බොහෝ අයට නම් ඒ හැසිරීම ප්‍රහේලිකාවක්.. කිසිවෙකුට වහල් නොවී මතට තිත ...
පුස් වෙඩි නොවි නියම වෙඩිල්ලක් වෙන්න ඔබත් උත්සහ කරන්න.. අඳුරෙන් ආලෝකයට.... මිනිස්සු ඇතුලේ ජිවත් වන මිනිස්සු මරා දමන්නේ මිනිස්සුන්මයි..එවැනි තැනකට මිනිසෙක් පත් වන්නේ කෙසේද... ඒ වගේම ඇයි මිනිස්සු කුනුහරුප එහෙමත් නැත්නම් අසභ්‍ය වචන කියන්න පෙළබෙන්නෙ අදහස් දැක්වීම් වලදි.. ඇයි සමාජගත වෙලා තියෙන්නේ අසභ්‍ය වචන කියන අය තමයි "පොරවල්" කියලා.. මට නම් හිතෙන්නේ ඔවුන්ගේ ජීවිත වල ගත යුත්තක් නැහැ කියලයි.. නිකන්ම නිකම් පුස් වෙඩි.. නොයෙකුත් පෞර්ශ දුර්වලකම් මනාව විදහා පෙන්වන මෙවැනි අවස්ථාවන් ...
මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්... අඳුරෙන් ආලෝකයට.... ආදරය පිරෙන්නේ ආදරයෙන් පමණි කියලා අවසන් කරන මේ බොහිමියානුවා නිර්මාණයේ ඇයි මෙහෙම අවසානයක්.. නූරිව මරලා රංගව පිස්සෙක් කලාම කොහොමද ආදරයක් පිරෙන්නේ ආදරයකින් පමණි වෙන්නේ...මගේ පන්තිය කුලය ජාතිය වත්පොහොසත්කම් ගැන නොහිතා මට විතරක් ආදරය කරපු කෙනා ඔයාමගේ ආදරයේ ප්‍රමාණය ගැන පැමිණිලි නොකර ලැබෙනවාට වඩා දේවල් නොඉල්ලපු කෙනා ඔයා මගෙත් එක්ක ජීවිතේ ලේසි නැ කියලා දැන දැනත් මටම ආදරය කල කෙනා ඔයාමේ ...
මිනිස්සු ඉන්නේ සතුටෙන් ද... අඳුරෙන් ආලෝකයට.... දරුවෙක් ඉපදීමෙන් පසුව අවුරුදු 6න් ආරම්භ වන අධ්‍යාපනය අවුරුදු 13කින් නිම වන විට ඒ දරුවාට අවුරුදු 19ක්.. ඉන් පස්සේ උසස් අධ්‍යාපනයට අවුරුදු 3ක් හෝ 4ක් නම් වයස 23/24 ක්..(තවත් ඉහලට ඉගෙන ගන්නවා නම් වයස ඊටත් වැඩියි) ඉන් පසුව රැකියාවක් සොයාගෙන යම් ස්ථාවරයක් හදා ගන්නා විට වයස 29ක්.. ඉන් පස්සේ කසාඳයක් බැඳ ළමයි හදලා ඉවර වෙද්දි ජීවිතේ මැදි වයස.. එතනින් එහාට ...
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහමු ද නැත්නම් ඊට කලින් වහමු ද ... අඳුරෙන් ආලෝකයට.... යොවුන් කාලේ බොහෝ රැඩිකල් අදහස් දැරූවන් ජීවිතේ මැදියම් (එහෙමත් නැත්නම් වල පයයි ගොඩ පයයි) කාලේ බොහෝ සාම්ප්‍රදායික වන්නේ ඇයි..පේනවනේ ලස්සන අශ්වයාගේ , රන්වන් පාටයි හැබැයි සමනළයෙක් ද කියන්න නම් දන්නේ නැහැ.ඒ කියන්නේ ඔවුන් ජීවිතේ වටහා ගන්න පටන් ගන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වැහුවා වගේ ද... ...
18+... අඳුරෙන් ආලෝකයට.... ඔබ වැඩිහිටියෙක් නම් ඒ කියන්නේ වයස අවුරුදු 18ට වැඩි නම් ඔබට ස්වාධීනව කර ගත හැකි දේ මොනවාද ඔබේ ජීවිතය පවත්වාගෙන යන්න ? ප.ලි: ඔබට ඔබ ගැන දැනෙන්නේ මොන වගේ හැඟිමක් ද මේ "LIST" එක ලියාගෙන යද්දි... ...
අම්මා.... අඳුරෙන් ආලෝකයට.... අම්මා කියන චරිතය දෙස විවෘත මනසකින් බලන්න, ඇයව ඇතුලතින් දකින්න ඔබට ඇරයුම් කරමින් මේ ගී වලට ඉඩක් වෙන් කරමි අද..ඉපැදුනු දා මා හඬා වැටෙන්නැතිඅම්මේ ඔබ හිනැහෙන්න ඇතිදෙතනේ කිරි දී මා සනසන්නැතිඅම්මේ ඔබ හිනැහෙන්න ඇති...බඩ ගා දණ ගා මා නැගිටින්නැතිවැටි වැටි යළි නැගිටින්නැතිඅම්මේ ඔබ හිනැහෙන්න ඇතිමට නැගිටින්නට ඔබ අත දෙන්නැතිඅම්ම මා සිප ගන්න ඇතිඅම්මේ ඔබ හිනැහෙන්න ඇතිවන්දි ගෙවන්නට අද මට පින් ...
ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර... අඳුරෙන් ආලෝකයට.... දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන් ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ ...
මට දෙන්න මගේ පුංචි කාලේ... කීයටවත් මට නම් එපා.... අඳුරෙන් ආලෝකයට.... බොහෝ දෙනා පුංචි කාලය තරම් වැඩිහිටිවිය නිදහස් නැහැ කියා කිව්වත් මට නම් හිතෙන්නේ පුංචි කාලයට වඩා ජිවිතය එන්න එන්නම ස්වාධින වී නිදහස් වන බවක්.. එහෙම නැති නම් ඒ තමන් විහින් ජීවිතය හිර කර ගැනීමක් පමණයි වෙන්නේ..එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය නිදහසේ ගත කරන්න තරම් ආත්ම විස්වාසයක් නැතිකම පමණමයි.. තමන් අකමැති දේවල් වලින් ඈත් වීම (ස්වාධීන) වැඩිහිටියෙක් වෙද්දි ඉතාම පහසුයි...කැමති දේවල් ලං ...
පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 1.... අඳුරෙන් ආලෝකයට.... පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන..මේ උගන්වන න්‍යායන් එකිනෙකින් ස්වායත්ත උනාට එකට එක් උනාම දරුවෙක්ගේ ශාරිරීක සහ මානසික ...
ආදරය, වේදනාව සහ ගුරු තරු (ගුරු හොරු නොව) සමඟ නව වසරට පියමනිමින්.... අඳුරෙන් ආලෝකයට.... ගුරුවරියකගෙ දරුවෙකුට ඇති ආදරයට, තේරුම් ගැනීමට, ඉගැන්වීමේ හැකියාවට, දරුවන් සමඟ ඔවුන්ගේ ලෝකයට ඇතුල් වන්නට ඇති හැකියාවට, දඬුවම වෙනුවට සියුම් අණ කිරීම් වලට මමද බොහෝ සේ පෙම් බැන්ඳෙමි මගේ පාසැල් කාලය පුරාවටම.. අද මගේ පුතත් ඔහුට මේ අවුරුද්ද පුරාම ඉගැන්වු ගුරුවරියන් අතරින් එක් ගුරුවරියකට මහත් සේ පෙම් කරයි..ඇයගෙන් තොර පාසැලක් ඔහුට නැත..ඇයගෙන් තොර ඉගෙන ගැනීමක් ඔහුට නැත..ඇයගෙන් තොර ආදරයක් පාසැල තුල ...
අතීතයේ වගේ දැන් කාලේ ප්රස්ථා පිළිරු නොහැදෙන්නේ ඇයි .... අඳුරෙන් ආලෝකයට.... ඇයි අතීතයේ වගේ දැන් කාලේ ප්රස්ථා පිළිරු නොහැදෙන්නේ.. නිර්මාණශීලි මිනිස්සු නැද්ද.. නැහැ ඉන්නවාඉස්සරට වඩා දැන් ඉන්නවා නිර්මාණශීලි දැනුමින් පිරි මිනිස්සුලෝකය ගැන විතරක් නෙමේ විශ්වය ගැනත්..එතකොට සමාජයේ සිදුවීම් වෙන්නේ නැද්ද.. නැහැ වෙනවා..ඉස්සරටත් වඩා විවාදශීලි අවස්ථාවාදි සිදුවීම් සමාජයේ වැහි වැහලා.. ඒත් ඇයි පිළිරුක් නොහැදෙන්නේ ප්රස්ථාවට අනූව... කල් පවතින තේරුමක් ඇති වැඩක් ගත හැකි මට හිතෙන්නේ මිනිස්සුන්ට නැහැ විවේකයක්.. මිනිස්සුන්ට නෙමේ, මිනිස්සුන්ගේ මනසට ...
නිතී රීති තිබුනේ නැත්නම් මිනිස්සු මොන වගේ හැසිරෙයිද... අඳුරෙන් ආලෝකයට.... එදිනෙදා දකින දේවල් ගැන මට හිතෙන දේවල් ඉඩ ලැබෙන වෙලාවක කොහේ හරි ලියන්නේ හිත කියන තැන පිරිසිදුවට පිළිවෙලකට තියා ගන්න මම කැමති නිසයි..සිතුවිලි හිතේ පිරෙන එක නවත්වන්න බැරි නිසා මෙහෙම ටිකෙන් ටික හිතේ ඇති වන සිතුවිලි එළියට අරගෙන වැඩක් ගන්න පුලුවන් විදිහට ලියන එක දැන් මගේ පුරුද්දක් වෙලා..පෑන පැන්සල කියන්නේ මගේ මිතුරෝ නම් නෙමේ පුංචි කාලේ ඉඳලා.. ඇඟිලි වලට පෑන ...
මොකාද මේ මිනිහා..... අඳුරෙන් ආලෝකයට.... සාමාන්‍ය අධ්‍යාපනය ලබන අතරෙම පුලුවන් නම් ඔබේ දරුවන් යොමු කරන්න "මිනිසා" ගැන ඉගෙන ගන්න. "මිනිසා" කියන්නේ කවුද,. "මිනිසා" හැසිරෙන්නේ කෙසේද ,"මිනිස්" හැසිරීම් ගොඩ නැඟෙන්නේ කෙසේද.. "මිනිස්" ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද... "මිනිසාගේ" බාහිර ශාරිර අවයව හරහා කියවෙන භාෂාව කියවන්නේ කොහොමද.."මිනිස්" ජීවිත බිහි වෙන්නේ කොහොමද... "මිනිස්" මොළය එක එක වෙලාවට එක එක විදිහේ චරිත රඟපාන්නේ කොහොමද ඒ ඇයි"මිනිසාට" කතා කිරීමේ හැකියාව සිතීමේ ...
"සංකීර්ණ" බව තුලින් "සරල" බව දකින්න නම්..... අඳුරෙන් ආලෝකයට.... පියෙකුට තමන්ගේ දරුවන්ට දිය හැකි එක් මහඟු ත්‍යාගයක් නම් තම දරුවන්ගේ මවට දැනෙන ලෙස එළිපිට ආදරය කිරීම කිව්වොත් ඔබ මා සමඟ එකඟ වෙනවද.. මවක් වූ ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත.. (ඔබ කියාවි මට කොහොමත් ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත කියා, පසුව කතා කරමු ඒ ගැන) ඒ ඇය තුල එතෙක් සිටියාටත් වඩා චරිත ජීවත් වීමට පටන් ගන්නා බැවිනි.. ඒ ...
ඔබට හැකියි නේද ඒ පෙර කරුම වලින් ඇයව ගලවගන්න, ඒත් ඇයි ඔබ එහෙම නොකරන්නේ.... අඳුරෙන් ආලෝකයට.... පමණ ඉක්මවා ඔබ ඔබේ සිතට වහල් වී වැය කරනා මුදල් මෙවැනි දරුවන්ට ජීවත් වෙන්න, ඉගෙන ගන්න, සතුටක් ලබන්න දෙන්න පුලුවන් නම් සමාජයක පවතින අසමමිතික බව වැඩිකල් නොගිහින් සමමිතික වේවී නේද....ඔබ සිහින මාලිඟා තනද්දි බලන්න ඇය... ඇයි මිනිස් හිත් වලට සමමිතික වෙන්න බැරි.. අඩුම ගානේ බෞද්ධ අයටවත්....කිසිවක් නොදැනෙන ගස් ගල් මැටි බදාම වලට වැය කරන කාලය මුදල් ඇයි මේ පණනල ගැහෙන ...
කුරුල්ලනේ නුඹලා ගී හැදුවද හදපු ගී ගැයුවද... ..නුඹලාට ගී හදන්න ගයන්න මිහිරි හඬ ඉල්ලා හිටි ප්‍රේමණීය හඬ අද නිහඬ වුනත්.. අඳුරෙන් ආලෝකයට.... තමා ලියූ පද වැල්ම නිර්මාණයට පාදක උනු අවට පරිසරයම කණපිට පෙරළා කාලෙන් කාලෙට තමන්ගේ හිතට දැනෙන හැඟිම් ගීයෙන් කවියෙන් එළි දක්වා තම හදවතේ තෙරපෙන හැඟිම් කාටවත් නොරිදවා පිට කරන්න උත්හස කරපු අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි ගන්නා නොමිනිසුනි..... නුඹගෙ හිත දැඩි උනේ කොහොමද නුඹ වැනිම තවත් මිනිසෙකු මරා දමන්න මෙතරම් කුරුරු ලෙස.. ඒ මිනිසා නුඹට කල වරදවත් පැවසුවාද නුඹ ඔහු මරා ...
හිරු මඩලක් සේ කිරණ බෙදා දී...නුග සෙවනක් සේ සිසිල සදා දී... අඳුරෙන් ආලෝකයට.... දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි.. ඉපදුනු ගමන් දරු පැටව් දාලා යන මව්වරුන් උනු ගැහැනිය ගැන පන්න පන්න කතා ...