කට්ට නොකා තියන දෙයක් බෙදා හදාගෙන කමු ද... අඳුරෙන් ආලෝකයට.... කට්ට කාල ලබා ගන්නා දේ අගය වැඩියි කියා කියන්නේ තමන්ටම දැනෙන කම්පනය නිසා ද කට්ට කන කාලේ..මොකක් උනත් මම නම් නිවන් දකින්න සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බලන් ඉන්න වෙන නිසා තේරෙන කාලෙක ඉඳලා හොයනවා මේ ලැබුනු ජීවිතේ නිවිසැනසිල්ලේ ගෙවන්න ක්‍රම... ඒ කිව්වේ කටු නොකන ක්‍රම.. කිසිම කෙනෙක් නිසා කිසිම කට්ටක් කන්න මම ලෑස්ති නැති උනාට ඕනම කෙනෙක් එක්ක බෙදා හදාගෙන තියන ...
ඔබ කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් ද.... අඳුරෙන් ආලෝකයට.... යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම් නොයන් පුත ඒ මල් කඩා විසිරුවාපයට පෑගෙන මල් පෙත්තක වුව සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමිඑමල් සුවඳ විඳින මතු දිනෙක නුඹ...ගසකට මලක් අලුතින් පලඳවනු නොහැකිය, හිතෙන දිනෙක ගසම මලක් පුබුදුවා ගන්නවා මිසක යැයි ප්‍රේමකීර්ති ද අල්විස් නම් මානව හිතවාදියා අතින් ලියවී දශක ගණනක් ගත වුවත් එය වටහා ගත් මිනිසුන් අද තියා හෙටවත් ඉඳිදැයි සැක ...
ඇතුල හිස් ද.... අඳුරෙන් ආලෝකයට.... රබර් බෝලයක් අත් දෙකින් තද කරලා බලෙන් වතුර යට තියා ගන්න පුලුවන්..ඒත් ඔබ අත හැරියම මෙතෙක් සැඟවිලා තිබුන රබර් බෝලය හැමෝටම පේන්න වතුර උඩ පා වෙනවා..ඒ වගේම මිනිස්සුන්ව කෙනෙක් බලෙන් බය කරලා තර්ජනය කරලා මැඩ පවත්වන්න හැදුවට ඒ බාහිර බලපෑම ලිහිල් උන ගමන් කලින්ටත් වඩා වේගයෙන් තමයි කාලෙත් එක්ක ආපහු උඩට මතු වෙන්නේ...වෙන්න ඕන රබර් බෝලේ ඇතුලත "හිස්" කියල හොයා ...
ගහේ කටු උල් කරන්න ඕනෙද... අඳුරෙන් ආලෝකයට.... ගහක ස්වභාවිකව තියන කටු (අපි කියමුකෝ රෝස පඳුරක) ඇල්ලුවොත් තියුණු බව දැනෙන්න නම් ඒ කටු තියන ගහ හැදුනු පරිසරය හොඳින් පෝෂණය වී තිබිය යුතුයි.. එහෙම නැති නම් ගහට සොබාදහමින් උල් කටු ලැබුනට ඈත ඉඳන් බලද්දි ඒ කටු උල් වගේ පෙනුනට ලං වෙලා අල්ලලා බැලුවම තමා තේරෙන්නේ ඒ කටු වල කිසිම ප්‍රාණවත් බවක් නැහැ කියලා... ...
ඉගෙන ගත් අසරණභාවය.. අඳුරෙන් ආලෝකයට.... ඔබ අසා තිබෙනවද Learned helplessness එහෙම් නැත්නම් "ඉගෙන ගත් අසරණභාවය" කියන තත්වය ගැන..මොකද්ද මේ..ඒ ගැන ලියන්න කලින් මේ ගැන ඉගෙන ගනිද්දි Martin Seligman කියන පර්යේක්ෂකයා බල්ලන් යොදා කල පරික්ශණයක් ගැන ලියන්න හිතුනා මට..සතුන් යොදා ගෙන අතීතය පුරාම අදටත් විවිධ විද්‍යාත්මක පර්යේෂණ මිනිස් සතා විසින් කරන බව නොරහසක් නිසා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මේ පර්යේෂණ වලදි සතාට උන අපහසුතා..මෙහිදි එම ...
ඇත්තද බොරු ද... අඳුරෙන් ආලෝකයට.... අතීතය එහෙමත් නැත්නම් මෙතෙක් ආ දුර විවිධ කෝණ වලින් ප්‍රශ්න කරන්න ඉඩ නොදෙන කිසිවක්/කිසිවෙක් ජීවිතයට ලං කර ගැනීමේ දුර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.. ඇත්ත එළියට ගන්න ආත්ම විස්වාසයක් ඇති මිනිස්සු බහුතරයක් වෙන දවසක (ඕනම අතකින්) දියුණුව කියන්නේ නවත්වන්න බැරි දෙයක්..බොරුවට (මායාවට) හුරු උන මිනිස්සුන්ගේ මේ ඇත්ත එළියට ගැනීමේ ආත්ම විස්වාසය ඇති කිරීම එතරම් පහසු දෙයක් නම් නොවේ..හැම අතින්ම ...
අවසන් විනාඩි 45 අඳුරෙන් ආලෝකයට.... පුතුගේ පාසලේ අවසන් විනාඩි 45 ගත වෙන්නේ හරිම සැහැල්ලුවෙන්, එක්කො මුලු පන්තියම සින්දුවක් දාගෙන ඕන තරම් හයියෙන් කෑ ගහලා පිස්සු නටන, එහෙම නැත්නම් මුලු පන්තියම එළියට ගිහින් ගුරුවරයත් එකතු වෙලා සෙල්ලම් කරන, එහෙම නැත්නම් සරල විනෝදාත්මක විද්‍යාත්මක පරික්ෂණ අත්හදා බලන්න දෙන, එහෙමත් නැත්නම් තමන් කැමති දෙයක් තෝරගෙන කරන්න කියා හෝ මුකුත්ම කරන්න ඕන නෑ කියා සම්පුර්ණ නිදහස දෙන විනාඩි 45ක්..මුලු ...
සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්.. අඳුරෙන් ආලෝකයට.... සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන ...
නම නොදන්නා සීයා සිහි ගැන්වු තාත්තා අඳුරෙන් ආලෝකයට.... ඉඳ හිට තනි අතින් බඩු මල්ලකුත් අරන් හීන් පොඳ වැස්සේ පාරේ යන වයසක සීයා කෙනෙක්ව ජනේලයෙන් දකිද්දි මතක් වෙන්නේ මගේ තාත්තා..අද හිටියා නම්..මගේ තාත්තව පවුලේ අය දන්නේ පුතෙක්, සහෝදරයෙක්, සැමියෙක් වැනි චරිත වලින් ඔහු හා ගනුදෙනු කිරීමෙන්.. පවුලෙන් පිට ගොඩක් අය තාත්තව දන්නේ ගුරුවරයෙක් විදිහට..තවමත් මට වෙලාවකට ලැබෙනවා fb messages "ඔයා අබේවර්ධන සර්ගේ දුව ද" කියා අහන.. එහෙම අහන අය ...
ජීවත් වෙන්න සටන් කරද්දි හීන දකින්න වෙලාව තියනවද.. අඳුරෙන් ආලෝකයට.... කොයි තරම් බැලුවත් Golden Buzzer එන හැම සැරේකම මගේ ඇස් වල කඳුලු පිරෙනවා කියලා මම දන්නේ සමහර වෙලාවට ඒ කඳුලු වල සීතල මට දැනෙන නිසා විතරයි.. මුලදි පේන්න බැරි උනත් මම ආසම කරන විනිශ්යකරුවා, Simon Cowell. කවදා කොහොම ඒ කැමැත්ත ඇති උනාද කියලා මටම මතක නැහැ..ඔහුට පුලුවන් කෙනෙක්ගේ හදවතට කතා කරන්න..ඔහුට පුලුවන් කෙනෙක්ව සඳහටම වෙනස් කරන්න..එවැනි මිනිසුන් මේ ලෝකේ හරිම ...
තනිකම.. අඳුරෙන් ආලෝකයට.... ඊයේ හරිම නිහඬ දවසක්..ඒ වගේම වැහිබර දවසක්..වෙනදට වැල නොකැඩී ඇදෙන වාහන වෙනුවට අද ඇහෙන්නේ පේන්නේ ඉඳහිට යන ට්‍රක් රථ ඇතුලු තවත් වාහන කීපයක් පමණයි..හැබැයි අපේ ගෙදර නිහඬ නැහැ..වෙනද වගේම ක්‍රියාශීලි, සාමකාමි දවසක්..මාලු ටැංකිය පිරිසිදු කරන්න කියාපු දවසක්..පුතාගේ යාලුවෙකුගෙන් තෑග්ගක් විදිහට අවුරුදු 3කට විතර කලින් මේ මාලුවන් අපේ ගෙදරට එද්දි 5දෙනෙක් හිටියට දැන් ඉන්නේ එක් කෙනෙයි..තනිකම මැකෙන්න අලුත් මාලුවෙක් ගන්න යන්න ...
ලිවීම ඔබ මම සහ නෙල්ලි... අඳුරෙන් ආලෝකයට.... ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..කුඩා කල අඩු වයසින් කියවීමට තනිව හුරු වීමෙන් පසු අතට අහුවෙන ඕනම දෙයක් කියවීම පුරුදු වී සිටි මා කියවීම නිසාම විඳි හැඟුම් නිමක් නැත..විටෙක මේ හැඟුම් නිසා මා අවට ...
අනන්තයට යන පාර දිගේ.... අඳුරෙන් ආලෝකයට.... දරුවෙක්ව පුංචි කාලේ ඉඳලා දිගින් දිගට හැමදේම 100%ක් හරි ගියොත් විතරක් අගය කලොත් මොකද වෙන්නේ ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි.. වගේ සාර්ථක/අසාර්ථක බව පදනම් කරගෙන දෙමාපියන්ගෙන්/වැඩිහිටියෙන් ප්‍රතිචාර ලබන දරුවෙක්ගෙ මොළය අන්තිමේ ඒ මතම වහලෙක් වෙන වව ඔබට වටහා ගන්න හැකිද....ඒ කිව්වේ කෙනෙක් තමන්ව අගය කරන්නේ ආදරය කරන්නේ තමන් සාර්ථක උනොත් පමණයි කියන තැනට දරුවගේ මොළය ගේන්නේ කවුද...කොන්දේසි විරහිත ආදරය කියන සංකල්පය ...
ඒ මට හිතෙන දේ.. අඳුරෙන් ආලෝකයට.... මම ගොඩක් පරිස්සම් වෙන තැනක් තමයි මගේ ජීවිතයේ මෙතෙක් (සැඟවී වගේම එළිපිටත්) නරක අත්දැකීම් ලැබූ (සමීප) වැඩිහිටි පුද්ගලයින් සමඟ පුතුගේ සබඳතා පවත්වා ගැනීම කියන්නේ..දරුවන්ට දෙමාපියන් නිසා තෝරා ගැනීම් වලට ලක් කල නොහැකි මිනිස් සබඳතා වලට අනිවාර්යයෙන් නිරාවරණය වෙන්න සිද්ද වෙන බව අපි හැමෝම දන්න දෙයක්..සමාජයක ජීවත් වෙන විට හැමෝම එක්ක ඉන්න වෙන බවත්, මඟ හරින්න නොහැකි බවත්, තමන්ව දෙවැනි තැනට ...
මොනවද දන්නව ද ඒ සාධක... අඳුරෙන් ආලෝකයට.... මාසයකට පමණ පෙර (හරියටම කිව්වොත් මාසයකුත් දවස් 14ක් හදිසියේම හදවත දුවන වේගය වැඩි වී රෝහලේ දින 3ක් ගත කල මට, වෛද්‍යවරුන් නිරීක්ෂණ පරික්ෂණ වලට පසුව කිව්ව හේතුව තමයි උපතින්ම මගේ හදවතේ වේගය තීරණය කරන ස්නායු (sinus node/natural pacemaker) ඉතා සියුම් ලෙස වගේම අසාමාන්‍ය ලෙස අධි ක්‍රියාකාරි බව.. මේ නිසා බාහිරින් ලැබෙන (කුඩා) උත්තේජන වලට වගේම ඇඟ ඇතුලේ සිදුවන (කුඩා) වෙනස් ...
මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.... අඳුරෙන් ආලෝකයට.... මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.. ගෙදර කිව්වම මේ මම අද ඉන්න ගෙදර විතරක් නෙමේ.. ඉපදුනු දවසෙ ඉඳලා ජිවිතේ ගත උනු හැම ගෙදරක්ම මම කැමතිම තැන.. (අවට පරිසර වල ඉන්න අය අමතක කරමු අපි ටිකකට ) අද වෙද්දි වෙනස් වෙනස් පරිසර වල ගෙවල් 7ක ජිවිතයේ එක් එක් කාලවල් ගත කර ඇති අතර මේ කැමත්ත මගේ හිතේ තියන ...
ඔබ මොනවද දන්නේ.... අඳුරෙන් ආලෝකයට.... ආත්ම ගෞරවය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුන්ට දක්වන ගෞරවය නෙමේ..ආත්ම ගෞරවය..සහකම්පනය කියන්නේ මොකක්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුකම්පාව නෙමේ..සහකම්පනය..විස්වාසය කියන්නේ මොකද්ද, විස්වාසය ගොඩ නඟා ගන්නේ කෙසේ ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද…තැනට ගැලපෙන්න,බුද්ධිමත්ව වැඩ කරන්න, යම් දෙයක් කරන්න කලින් එහි ප්‍රතිපල ගැන හිතන්න ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද...ආත්ම අභිමානය කියන්නේ මොකද්ද කියා ඔබ ...
මම ඉන්නේ උදව් කරන්න... අඳුරෙන් ආලෝකයට.... මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්, එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් ...
රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්.. අඳුරෙන් ආලෝකයට.... පුතු පිළිසිඳ ගත් දා පටන් අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත් ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු ...
බහුතර මතය ගැලපෙන්නේ මොන වගේ මිනිස්සු බහුතරයක් ඉන්න සමාජයකට ද.. අඳුරෙන් ආලෝකයට.... යල් පැනපු මති මතාන්තර වලින් ඔලුව පුරවගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න,අනිත් කෙනාට මොනව උනත් කමක් නැ "මම" ගොඩ ගියොත් කියලා හිතන බහුතරයක් ඉන්න, (මේ මම ඇතුලේ ඉන්නවා නම් පරම්පරා දහයක් විතර)නීතියටත් උඩින් ජාතිය,ආගම්,සිරිත් විරිත් ඔලුව උඩ තියාගෙන ඉන්න බහුතරයක් ඉන්න,උදව්වක් කලොත් ආපස්සට සීමාවක් නැතුව උදව් බලාපොරොත්තු වෙන, කරපු (එකම) උදව්ව කියව කියව ඇවිදින, බාල පරම්පරාවෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙන බහුතරයක් ...