ආගම් සහ ලිංගබේදය... අඳුරෙන් ආලෝකයට.... ඔබ කවදහරි ප්‍රශ්න කරලා තියනවද මේ ලෝකේ තියන (බහුතරයක්) ආගම් වල නිර්මාතෘන් කොහොමද පිරිමි අය පමණක් උනේ කියන එක සහ ඒ ආගම් වල සඳහන් සියලු දේ කිසිඳු ප්‍රශ්න ඇසීමකින් තොරව හිස්මුඳුනින් පිළිගෙන පිළිපදින බහුතරයක් නොයෙක් අයුරින් සමාජයක අසාධාරණයට සහ අසරණවීම් වලට ලක් වෙන ගැහැනු අය වීම ගැන.ප.ලි.: ඔබ දන්නා වර්තමානයේ මිනිසුන් අදහන ගැහැනු කෙනෙක් නිර්මාණය කල ආගමක් තිබේ නම් මෙහි ...
ඇයි මිනිස් පැටව් ඉපදෙනකොටම කතා කරන්නේ නැත්තේ, ඇවිදින්නේ නැත්තේ ? අඳුරෙන් ආලෝකයට.... තාක්ෂණය දියුණු වෙද්දි දරු උපතක් සම්පුර්ණයෙන්ම ගැහැනියකගේ ශරීරයෙන් ස්වාධිනව සාර්ථකව කරන්න සොයා ගත්තොත් මව් සෙනෙහස මෙලොවින් තුරන් වේවි ද... ඔබට මොකද හිතෙන්නේ... ගැහැනියක් තුලින් (මව්) සෙනෙහස මතු වෙන්නේ කුමන හේතු නිසා කියල ද ඔබට හිතෙන්නේ.. ...
අතීතය සිහිනයක් පමණයි... සැබැ සුවඳක් නෑ ද... අඳුරෙන් ආලෝකයට.... අම්මත් එක්ක පොඩි කාලේ එක්තරා දවසක කොළඹ කොටුවෙන් කෝච්චියට නැග්ග මම ටික වෙලාවකට පස්සේ පැණි දොඩම් ඉල්ලලා අම්මට කරදර කලේ ඒ සුවඳට මම ගොඩක් ආදරය කල නිසා වෙන්න ඇති දැනුනු.. කොළ පාට පැණි දොඩම් පුරවපු ඒ පුංචි කූඩයේ තැනින් තැන ලෙලි ඇරපු රත්තරන් පාටින් බැබළෙන දොඩම් මුලු කෝච්චියම සුවඳ කලාට දොඩම් ගත්තේ හරිම ටික දෙනයි.. මගේ කරදරේ නිසාම අපිටත් දොඩම් ...
මා වැනි බිළින්ඳා...වර වර ලඟට කැන්ඳා... අඳුරෙන් ආලෝකයට.... කිසියම් රටක ප්‍රාථමික අධ්‍යාපනය කටපාඩම් කිරීමකින් තොරව ගුරුවරයා සහ දරුවා අතර විවෘත ප්‍රශ්න ඇසිමේ සහ පිළිතුරු දිමේ ක්‍රමවේදයකින් දැනට සොයාගෙන තිබෙන දැනුම තුලින් කල හැකි අලුත් ධනාත්මක දේ ගැන සාකච්ඡා කෙරෙන ක්‍රමයක් සැකසුනා නම් ..(විභාග වලින් දැනුම මැනීම නතර කර )රටක රජයක් මේ ගැන අවධානය යොමු කරන්න කලින් මම හිතන්නේ එහි ජීවත් වන දෙමාපියන් වැඩිහිටියන් මේ ගැන හිතන්න ඕන.. මොකද ...
මිනිස්සු මැරෙන්න බය ද.... අඳුරෙන් ආලෝකයට.... මිනිසා මැරෙන්න බය නිසා ද එහෙමත් නැත්නම් ජීවත් වෙන්න තියන ආශාව වැඩිකම නිසාද මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය තුල පිළිපදින්න සිරිත් විරිත්, නිතී රිතී, අදහන්න ආගම්, දර්ශනයන් බිහි කරගෙන ඉන්නේ?මේ දේවල් බිහි නොවුනා නම් මිනිසා පැවතෙයි ද... මේ බිහි වීම් පිටුපස ලේ සෙලවීම් කොපමණ ඇති ද... හිත් රිදීම් කොපමණ ඇති ද... රැවටීම් කොපමණ ඇති ද.. මිනිසාගේ මනස අවුල් නොවී පවත්වා ගන්න ...
දන්නවද හැම දේකටම වැස්ස කතා කරන විදිහක් තියන බව.. අඳුරෙන් ආලෝකයට.... ඔබ කවද හරි අහගෙන ඉඳලා තියනවද වැස්ස වහින විදිහ හරියට ඇස් නොපෙනෙන කෙනෙක් වගේ... අවට පරිසරයේ තියන දේවල් ගැන වැහි බිඳු වල හඬින් අවබෝධයක් ඇති කර ගන්න ඔබට පුලුවන් ද.. ඒ කිව්වේ ඔබ ඉන්න නිවසේ දිග පලළ.. වහලේ තියෙන්නේ කොපමණ උසකින් ද.. අවට ගස් කොළන් ගැන...මලක පෙත්තකට වැහි බිඳු වැටෙනවා වගේ නෙමේ ගහේ කොළ වලට වැහි බිඳු වැටෙන්නේ.. එකම මහ ...
මට දෙන්න මගේ පුංචි කාලේ... කීයටවත් මට නම් එපා.... අඳුරෙන් ආලෝකයට.... බොහෝ දෙනා පුංචි කාලය තරම් වැඩිහිටිවිය නිදහස් නැහැ කියා කිව්වත් මට නම් හිතෙන්නේ පුංචි කාලයට වඩා ජිවිතය එන්න එන්නම ස්වාධින වී නිදහස් වන බවක්.. එහෙම නැති නම් ඒ තමන් විහින් ජීවිතය හිර කර ගැනීමක් පමණයි වෙන්නේ..එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය නිදහසේ ගත කරන්න තරම් ආත්ම විස්වාසයක් නැතිකම පමණමයි.. තමන් අකමැති දේවල් වලින් ඈත් වීම (ස්වාධීන) වැඩිහිටියෙක් වෙද්දි ඉතාම පහසුයි...කැමති දේවල් ලං ...
මිනිස්සුන්ට අත් දෙකක් තියෙන්නේ ඇයි.... අඳුරෙන් ආලෝකයට.... එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තර්ජනයක් නොවන තැනකට මිනිස් මනසේ මිනිසා ගැන අවබෝධයක් ඇති කරන්නේ කෙසේ ද...කෙනෙකු ඔබට හිමි දෙයක් ඔබේ අවසරයෙන් තොරව හෝ අවසර ඇතුව භාවිතා කරන පළමු වතාවේදී කාලයට ඉඩ දෙන්න..දෙවෙනි වතාවේදි තමන් ලඟ නැති දෙයක් වෙනත් කෙනෙකුගෙන් සොරකම් කිරීමෙන් අනාගතයට වැඩක් නොවන බව පහදා දෙන්න..තුන්වන වතාවේදී ඒ කෙනා සමඟ එකතු වී ඔබේ දැනුමෙන් ඒ කෙනාගේ අඩු පාඩු දුර්වල ...
ඔබ කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් ද.... අඳුරෙන් ආලෝකයට.... යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම් නොයන් පුත ඒ මල් කඩා විසිරුවාපයට පෑගෙන මල් පෙත්තක වුව සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමිඑමල් සුවඳ විඳින මතු දිනෙක නුඹ...ගසකට මලක් අලුතින් පලඳවනු නොහැකිය, හිතෙන දිනෙක ගසම මලක් පුබුදුවා ගන්නවා මිසක යැයි ප්‍රේමකීර්ති ද අල්විස් නම් මානව හිතවාදියා අතින් ලියවී දශක ගණනක් ගත වුවත් එය වටහා ගත් මිනිසුන් අද තියා හෙටවත් ඉඳිදැයි සැක ...
ගිරව් කතා කරන්නේ කොහොමද... අඳුරෙන් ආලෝකයට.... අපේ ගෙදර දිනපතා බුදු පහන තියෙන්නෙවත් මල් පුජා කරන්නෙවත් හඳුන්කූරු පත්තු කරන්නෙවත් නැහැ.. ගිරවෙක් වගේ පන්සිල් ගන්න පුතාට බල කරන්නෙත් නැහැ....කාලෙකට කලින් අත්තම්මා කියනවා අහගෙන ඉඳලා කට පාඩම් උනත්...ඇත්තම කිව්වොත් පන්සලකට ගිය කාලයක් මතකත් නැහැ.. නොයා ඉන්න හේතු තිබ්බත් ඒ ගැන පස්සේ කතා කරමු. ඒත් පුතා ඉස්කොලේ ඇරිලා එන ගමන් කාට හරි පොඩි දරුවෙකුට අමතක වෙලා ගිය එයා ආසම කරන ...
ලොවම නිදන රාත්‍රියේ.. මා නොනිදන මේ රැයේ.... අඳුරෙන් ආලෝකයට.... දරුවෝ ටික ටික ලොකු වෙනකොට හරි කැමතියි අපි එයාල එක්ක කතා කරනවා නම් වෙනම වෙලාවක් වෙන් කරගෙන.. මගෙයි පුතාගෙයි මේ වෙලාව තමයි නිදා ගන්න වෙලාව, ගෙදර ඔක්කොම ලයිට් නිවලා සද්ද බද්ද නැති නිහඬම වෙලාව, මේ වෙලාවට සාලෙ තියන බිත්ති ඔරලෝසුවේ තප්පර කට්ටේ සද්දෙත් ඇහෙනවා..ඒ තරන්ම නිහඬයි...මේ වගේ කතා කරද්දි අනාගතයේදි පුතාට මුහුණ දෙන්න තියන දේවල් මතක් වෙද්දි මට අහන්න හිතෙන්නෙම ...
ඇතුල හිස් ද.... අඳුරෙන් ආලෝකයට.... රබර් බෝලයක් අත් දෙකින් තද කරලා බලෙන් වතුර යට තියා ගන්න පුලුවන්..ඒත් ඔබ අත හැරියම මෙතෙක් සැඟවිලා තිබුන රබර් බෝලය හැමෝටම පේන්න වතුර උඩ පා වෙනවා..ඒ වගේම මිනිස්සුන්ව කෙනෙක් බලෙන් බය කරලා තර්ජනය කරලා මැඩ පවත්වන්න හැදුවට ඒ බාහිර බලපෑම ලිහිල් උන ගමන් කලින්ටත් වඩා වේගයෙන් තමයි කාලෙත් එක්ක ආපහු උඩට මතු වෙන්නේ...වෙන්න ඕන රබර් බෝලේ ඇතුලත "හිස්" කියල හොයා ...
ඔබ සැමදා පියවරක් පිටුපසින් මා ලඟ සිටිමින් ඇරුණු දොරටු පෙන්වයි... අඳුරෙන් ආලෝකයට.... මගේ පුංචි කාලය සහ නව යොවුන්විය ගැන ආපස්සට හැරිලා බලද්දි මටම පෙනෙන එකිනෙකට පරස්පර හැසිරීම් පිටුපස ඉන්නේ මගේ අම්මයි තාත්තයි කිව්වොත් එය නිවැරදියි මම හිතන්නේ... පුංචි කාලේ මම එක තැනකට ඉන්න බැරි තරම් දඟකාර උනත් ටික ටික ලොකු වෙද්දි දෙමාපියන් ඇසුරෙන් ලැබුනු අවවාද ඒ දෙදෙනාගේ ක්‍රියාකලාපයන් දිහා නිහඬව බලන් ඉන්න මගේ මොළය ටිකෙන් ටික ඒ දඟකාරකමට සමු දීලා මාව නිහඬ ...
ඔබ බිය විය යුතුයි නමුත් කලබල නොවිය යුතුයි... අඳුරෙන් ආලෝකයට.... අතීතයේ සිට ලෝකයේ විවිධ සථාන වල ජීවත් වන මිනිසුන් තම අදහස් එකිනෙකා සමඟ හුවමාරු කර ගැනීමට භාෂාව නමින් ක්රමෝපායක් බිහි කරගන්නා ලදී..මේ භාෂාව බිහි වන්නේ ඒ ඒ මිනිසා ජීවත් වන පරිසරය මත බව හොඳින් දන්නා ඔබ ලොකයේ විවිධ ස්ථාන ඇසුරු කරගෙන විවිධ කාල වල විවිධ භාෂාවන් බිහි වීම ගැන පුදුම විය යුතු නැත.. කලබල විය යුතුත් නැත.එසේම එක් භාෂාවක් අනිත් ...
රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද.... අඳුරෙන් ආලෝකයට.... ඔබේ දියණිය පුතෙක් ලෙසත් ඔබේ පුතා දියණියක් ලෙසත් හැසිරෙන්න හිතුවොත් එයට ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේ ද..ටිකකට නැවතිලා හිතන්න දියණියක් සහ පුතෙක් මෙන්න මේ වගේ හැසිරෙන්න ඕන කියලා රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද,ඒ රාමුව හැදුනේ කොහොමද කා අතින් ද..මට මෙහෙම හිතුනේ පුතා එක්කන් ගිය එක soccer class එකක හිටපු පුංචි දරුවෙකුයි එයාගේ අම්මයි දැකල.. ඒ පුංචි දරුවට තමන්ව ඇතුලතින් දැනෙන ...
මිනිසා සුවඳයි මල සේ (ද) නුවණින් එළියයි හිරු සේ (ද).. අඳුරෙන් ආලෝකයට.... මිනිසුන් ජීවත් වන කිසියම් තැනක නීතිය සංස්කෘතික අංග වලින්, ආගම් වලින් (වගේම තව නොයෙකුත් දේවල් වලින්) වියුක්තව සෑම කෙනෙක්ම මිනිසෙක් පමණක් බව සිහියේ තබා ගෙන ස්වාධීනව හදා ගන්න මිනිස් දැනුම කාලය ශ්‍රමය වැය කරනවා මිසක් එක් එක් පුරවැසියා තම තමන්ට දැනෙන දේ අනූව නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වීමෙන් වෙන්නේ ඉදිරියට යාම වෙනුවට හැමෝම ආපස්සට යෑම කියන එක ඉතාම ඛේදනීය අතීතයකින් ...
නුවරට පිපිනු මලක්... අඳුරෙන් ආලෝකයට.... නුවර, එහෙමත් නැත්නම් මහනුවර කියන්නේ මම ආසම කරන නගරයක්.. නුවරට පිපිනු මලක් (ඒ කාලේ කියෙව්ව පොතක නමක්) වගේ මම උදේ හවස නුවර ආවේ ගියේ 6 වසරේ ඉඳලා 9 වසර වෙනකම් කෝච්චියේ ඉතාම සුන්දර මතකයන් ගොඩක් එක්ක.. අපිට තිබුනා පුංචි කල්ලියක්, ලොකු පොඩි වගේම එකම වයසේ විවිධ පාසැල් වලට ගිය අපි අතරේ හිනාව, කඳුල වගේම රණ්ඩු සරුවල් එක්ක බැඳුනු එකමුතුකමකුත් තිබුනා..මෙහෙම ...
මිනිසාට මිනිසා තවම 100% විස්වාස නැද්ද... අඳුරෙන් ආලෝකයට.... දාන මාන කරද්දි ඔබ ඔබට ලැබෙන පින් කන්ද ගැන විතරක් නොහිතා ඒ දානය දෙන කෙනා හෝ අවස්ථාව ස්වාධීන මිනිසුන්/පරිසරයක් බිහි කරන්න භාවිතා කරනවා නම් ගිය ආත්ම වල පව් කරපු අය අඩු වෙලා පින් කරපු අය වැඩි කර ගන්න මේ ආත්මයේම පුලුවන් වෙයි කාලය එක්ක මට හිතෙන්නේ...මුදල් (සම්පත්, ඔබේ දැනුමත් එක සම්පතක්) කියන දේ සංසරණය වෙන්න ඕන තියන අය අතර විතරක් ...
මිනිස්සු ඉගෙන ගන්නේ ඇයි... අඳුරෙන් ආලෝකයට.... මගේ පුතා එක එක කාලේට එක එක විදිහේ ප්‍රශ්න අහන ඒ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලට තාර්කික ප්‍රශ්න හරි උත්තර හරි දීල අපිව හිතන්න පොළබවන්න හරි දක්ෂයෙක්.. දවසක් අහනවා ඇයි අපි ඉස්කෝල යන්නේ කියලා.. ඉගෙන ගන්න කිව්වම අහනවා ඇයි ඉගෙන ගන්නේ කියලා..ඇත්තටම ඇයි අපි ඉගෙන ගන්නේ... මොනවද අපි ඉගෙන ගන්න ඕන.. ඉගෙන ගත්ත මිනිසෙක් මොන වගේ වෙන්න ඕන ද.. ...
බහුතර මතය ගැලපෙන්නේ මොන වගේ මිනිස්සු බහුතරයක් ඉන්න සමාජයකට ද.. අඳුරෙන් ආලෝකයට.... යල් පැනපු මති මතාන්තර වලින් ඔලුව පුරවගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න,අනිත් කෙනාට මොනව උනත් කමක් නැ "මම" ගොඩ ගියොත් කියලා හිතන බහුතරයක් ඉන්න, (මේ මම ඇතුලේ ඉන්නවා නම් පරම්පරා දහයක් විතර)නීතියටත් උඩින් ජාතිය,ආගම්,සිරිත් විරිත් ඔලුව උඩ තියාගෙන ඉන්න බහුතරයක් ඉන්න,උදව්වක් කලොත් ආපස්සට සීමාවක් නැතුව උදව් බලාපොරොත්තු වෙන, කරපු (එකම) උදව්ව කියව කියව ඇවිදින, බාල පරම්පරාවෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙන බහුතරයක් ...