සේරා..... රෝමාන්තික රස්තියාදුකාරයා ජීවිතය කියන්නෙ පුදුමාකාර අහම්බයක්...ඒ වගේම සිහින කියන්නෙ නින්දෙදි දකින දෙයක් නෙවෙයි අපි ජීවත් වෙද්දි ඇස් දෙකට දැනෙන පෙනෙන දෙයක්. සැහැල්ලුවෙන් වලාකුළු අතර පාවෙමින් ඉන්නකොට දීව්‍ය ලෝකයේ සුන්දරතම සුරංගනාවියක් දුන්නු හාදුවක් වගේ ප්‍රමුදිත බවින් සිත පිස්සු වට්ටන දෙයක්. ඒ ලෝකය ද්රීව්යමය ලෝකයක්........... ඒත් ජීවිතය කියන්නෙ එක ගේම් එකක්. මේ අතේදි තුරුම්පු වැඩිපුර හිට්යට ඊළග අතේදි තුරුපු හම්බෙන්නෙ නෑ. මගෙ ලෝකෙට ...
සම්මත අසම්මත රෝමාන්තික රස්තියාදුකාරයා අසම්මතයක සිටසම්මතයට ආලකරන ඔහු.........සම්මතයක සිටඅසම්මතයට ආලකරන ඇයටසම්මතයක සිටඅසීමිත ආලයක්අසම්මතයෙක්ලෙස.......-ගිම්හාන් ලහිරු-සැ.යු - මේ කවිය ඉතින් මගේ නෙවෙයි.සමහරවිට මතක ඇති අර ඉස්සරනුත් මගේ බ්ලොග් එකේ කවි ලිව්ව රොබින් කුරුල්ලා තමයි මේ.මල රෑ ඒ කියන්නෙ අද උදේ පාන්දර 1.22 ට තමයි මට මේ කවිය එවලා තිබ්බෙ. ඒ වෙලාවෙ හිතිලා. ඒ වෙලාවෙම ලියලා. මට ඒ අමු ගතියෙ තියෙන රහ වැඩියි. ඒකයි මන් ඉතින් උඹලටත් ...
ලේල්වල ඇලට ගිය ගමන - Lelwala Ela රෝමාන්තික රස්තියාදුකාරයා ඔන්න මට ලගකදි යන්න හම්බුනු පට්ට ප්ලේස් එහෙක vlog එකක් ගෙනාව. ගාල්ල ඇල්පිටියට ලග කවුරු හරි ඉන්නවනම් නාන්න යන්න මරු ප්ලේස් එකක් , ...
අඩා හැලෙන ඇල්ල බැලුමට ගිය ගමන - Andahalena Ella Waterfall, Pituwala, Elpitiya රෝමාන්තික රස්තියාදුකාරයා එල කොල්ලෙක් කෙල්ලෙක් උනාම හැමදාම උදේට කන එකයි, දවල්ට කන එකයි, රෑට කන එකයි ඔෆිස් යන එකයි, ඉස්කෝලෙ යන එකයි,ජිල් ගහන එකයි ඇරුණම ඊට වඩා වෙනසක් තියෙන්න ඕනෙ. විලියොම් සේක්ස්පියොර් උතුමත් දවසක්දා එහෙම එකක් කියලා තියෙනවා. ඉතින් මේ අල්ල පනල්ලෙ එතුමානෝ එහෙම කියපු නිසාමත් නෙවෙයි අර මද්දලා,තඩියලා එහෙම බයික්ක වලින් රවුම් ගහලා නොයෙකුත් විච්චූරණ පොටෝ බ්ලොග් වල එල්ලන නිසා ...
කලාව යනු කුමක්ද??? රෝමාන්තික රස්තියාදුකාරයා කලාව යනු කුමක්ද? එය හැසිරවිය යුත්තේ කෙසේද යන්න පිළිබද නොයෙකුත් කතා නොයෙකුත් ලෙස තැන තැන කතා වනවා අප දැක තිබේ. බොහෝ විට අප එය කරන්නේ අප තනා ගන්නා රේඛා සහ සීමා වල සිටගෙනය. ඒත් ඇත්තටම කලාව යනු කුමක්ද? යන්න එවිට අපට සොයා බැලීමට වටිනවාය. එදාටත්,අදටත්, හෙටටත් සර්වකාලීන කලාකරුවෙකු වූ ගප්පියා යනු මම පෞද්ගලිකව මහත් වූ ගෞරවයක් ඇති කාලාකරුවෙකි, චින්තකයෙකි. ...
ඒක ලා පාට සදක්......... රෝමාන්තික රස්තියාදුකාරයා සද තියෙන්නෙ විදගන්නනොදන්නම විදියට හැමදාමත් ඉන්නපාලුවක් දැනෙන රෑකදි විතරක් ඒ එලියෙ යට හීන මවන්නඔබ කියන්නෙ අහසක් වෙන්න ඇති දුරක හිද සිරි බලනතරු කැට මැදනුඹ දිදුලන සදකුයි හැමදාමත් සිතගත්තආදරෙයි කියලා කියන රෙද්දක් නෑඔබ ගැන ඇතිවෙච්චඒක මහ අමුතු දෙයක් ඔබ දැක්කම පිපිරෙනටිකෙන් ටික දුර දුවන ජීවිතේකටඉතින්විවේකයකුත් ඕනෑම වෙනවා නොවෙද කියන් සද..........පුළුවනිද ඇබින්දක් නුඹ හට මන් ලග නිවිහැනිල්ලේ නවතින්නනැවතී ළය පුරවා එක් වරක්වත් ...
ගෘහස්ත ගණිකාවණි එන්න සමනළයින්ට වෙඩි තියන්න රෝමාන්තික රස්තියාදුකාරයා එන්න සමනළයින්ට වෙඩි තියන්නපපුවෙ හරි මැදටමඉලක්ක කරලාවෙඩි තියන්නගිහින් නන්නත්තාරේ ආයෙත් ඇවිදින් කිසිවක් නොවුවෙකු සේතවත් කතා දහසක් කිය කිය ගොතපන්වෙඩි තිබ්බා මදිනම් චප්ප කරලම දාපන්පිළිකුල් ආත්මයකටපෙම් බැදිඒ අහිංසක හදවත-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook ...
ආදරයක් පාට කරන්න රෝමාන්තික රස්තියාදුකාරයා මගේ සඳ ඔබමද....?ඔබේ සද මමමද.....?එසේ නම් ඇය හටකියන නම කුමකද....?-රෝමාන්තික රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook
රන්ජන් රාමනායක, භික්ෂු පරිච්ජේදය සහ ස්පොට් ලයිට් ( Spotlight Film -2015) රෝමාන්තික රස්තියාදුකාරයා රන්ජන් රාමනායක වර්ථමානයේ භික්ෂුවගේ සමලිංගික විෂමචාර පිළිබද සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් බවට මේ වන විට පත්ව ඇත. ඒත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් සමලිංගිකත්වයට ශ්‍රී ලංකාවේ පන්සල තරම් ජනප්‍රිය වෙන තැනක් නැති බවයි. එහෙත් එවන් ප්‍රකාශයකින් ...
ගන්ධබ්බ රෝමාන්තික රස්තියාදුකාරයා කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි. අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු ...
කබ්බොත් රගන ගොබ්බ යහපාලනය ("දි එයාර්පෝට් වැසීමෙන් පසු" ටෙලි කතා නාටකය) රෝමාන්තික රස්තියාදුකාරයා දෙල් ගහ යට ලියද්දේ කෝපි කඩේට මරලියා එක්ක ගියේ කෝපී එකක් කා බුලත් විටක් බීමටය ඊට ඉස්සරින් සිරිමත් මදන මෝදකයක් උඩු හක්කේ රුවා ගෙන සිටීමට අපි අදහස් කළෙමු. සිරිමත් මදන මෝදකය තෑපෑලෙන් පුල් සැන්ටි මැන්ටල් වන අල්ල පනල්ලේ මර්තේලිස් මාමා පත්තරයේ පුල් පිටුවේ වූ හොර පාස්පෝට් ගසා ව්යාග්රා පෙති රට පැන්නවීමේ රුසියානු කුමන්ත්‍රණයට සම්බන්ධ පංචායුධ වීරේට නොදැන කළ අකුසලයට ...
හුස්ම ගන්න හාද්දක් - අවසන් කොටස රෝමාන්තික රස්තියාදුකාරයා හුස්ම ගන්න හාද්දක් - පළමු කොටසට මෙතනින් යන්න එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ. එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා ...
හුස්ම ගන්න හාද්දක් රෝමාන්තික රස්තියාදුකාරයා ඒක අහඹූ හමුවීමක් සහ වෙන්වීමක් අතර තිබුණු අපැහැදිළි තැනක්. මට ඕනෙ වුනේ ආදරයක් නෙවෙයි වෙන දේකුත් නෙවෙයි අපැහැදිලි දෙයක්. මාස ගානක් තිස්සෙ මන් ඉන්න බෝඩිමේ උඩ තට්ටුවට එයාව පේනවා නිතරම එළියට එන්නෙ නෑ. සතියේ දවස් පහේම යන එයා එන්නෙ හවස්වෙලා. සෙනසුරාදා ඉරිදා වුනත් එයා ගෙදරින් එළියට බහින්නෙ ගොඩක් අඩුවෙන්,සමහරවෙලාවට බහින්නෙම නෑ. අමතක වුණා දෙයක් කියන්න මන් දැන් ආයෙත් කතාවෙ ...
කොන්ද පණ නැති එකෙක් - (කෙටිම කෙටි කෙටි කතාවක්) රෝමාන්තික රස්තියාදුකාරයා දැන් ඒ කෙල්ල මෙතෙන්ට එන්න අරන් මාස තුන හතරක් වෙනවා. නිතරම හිනාවෙලා එක එක දේවල් කියව කියවා එයා යනවා. ඒ කෙල්ල වැඩිපුරම කැමති අමිල අයියට මට ඒකට ලොකු තරහක් තියෙන්නෙ උන් දෙන්නත් එක්කම. ඒ කෙල්ල ඇවිත් මාස දෙක තුනක් වුනාට මන් තාම එක පාරක්වත් ඒ කෙල්ලට මුහුණ දුන්නෙ නෑ.ලොකු ඉස්කෝලෙකට ගිය ඉංග්‍රීසි වතුර වගේ වුණු කෙල්ලක්. මන් ඇත්තටම උන් ...
කණ්නාඩි දාපු ලස්සන කෙල්ලෙක් රෝමාන්තික රස්තියාදුකාරයා ඔව් මන් කියන්න යන්නේ කතාවක් ඒක රස කතාවක්වත්,දුක හිතෙන කතාවක්වත් නෙවෙයි. තාම ඒක ස්පන්ධනාත්මක කතාවක්.මොකද මේ කතාව තියෙන්නෙ අතීතයේවත් අනාගථයේවත් නෙවෙයි. වර්ථමානේ සහසුද්දෙන්ම මේ දැන්. මන් ඉන්නෙ ලැපට බර දාලා කොටන ගමන්, ස්ටේශමේ. එතකොට කෙල්ල ඉන්නෙ මට ඉස්සරහින්. දැන් තේරෙනවා ඇතිනේ මේක තාමත් ස්පන්ධනාතමකයි. මගේ ලැප් එකේ වැදගත් කියලා දේකට තියෙන්නෙ එක්සෙලුයි, වර්ඩ් එකයි , අඋට් ලුක් එකයි විතරයි.ඒත් ...
සයිටම ගැන අම්මට - About SAITM රෝමාන්තික රස්තියාදුකාරයා සයිටම කියා ලොකු වැනුමකි පාරේ අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේමුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේඑකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේඒත්ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේකෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙදියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේහැම ජන්දෙකදිම රටේ දුප්පත් මිනිසුන් ගහගත්තේදිනන දාට කිරිබත් කා බී සළු වෙන්නෙආදා පටන් මොකත් නෑ අපේ ...
අපේ දන්සැල රෝමාන්තික රස්තියාදුකාරයා වෙසක් මාසෙ කියන්නෙත් පුල් මාවලස් කාලයක්.විසේසයෙන් අප ගම්මැද්දෑවෙ සාමාන්‍යයෙන් වෙසක් වලට වඩා උත්කර්ශ්වත් සහ අලංකාර පොසොන් එක. ඒත් ඉතින් ඒ කොහොම වෙතත් අනාදිමත් කාලෙක ඉදන් අපිත් වෙසක් සද නැග ගෙන එන අල්ලපනල්ලෙ ලක ලෑස්ති වෙන්නෙ අනාදිමත් කාලෙක ඉදන් අඛන්ඩව අපි සැට් එක සිදුකරන සුමධුර ධර්ම දේසනාව සහ මහා දන්සැලෙහි වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන්න. මේ පාර අපි තීරණය කරේ ...
ආදරයක් සහ ආදරයක් (කෙටිම කෙටි කෙටි කතාවක්) රෝමාන්තික රස්තියාදුකාරයා දැන් තමයි මුහුද ගොඩක්ම ලස්සන වෙරළට ඒළිය දෙන්නෙ හදත් තරු කැට ටිකත් විතරයි. කකූළුවෙක් අල්ලන්න ටෝච් එකක් පත්තු කරන් යන එකෙක් මිස කවුරුත්ම නෑ. ඒ ගුප්ත අදුර...ලවණ මුහු වෙච්ච හිරිකඩ හුළග.... සට සට ගාලා වදින කොට මිලියා පිස්සෙක් වගේ ප්ලාස්ටික් කෝප්පයෙ භාගයක් පිරවෙන්න ආයෙත් අරක්කු හලා ගත්තා. ඌ බොනවා..... පිස්සෙක් වගේ බොනවා. කදුලු බේර බේර ආයෙත් අඩනවා...."අඩන්නේ ගෑණූ...අඩන්නෙ නැතුව ...
මගේ පිලොසොෆිය රෝමාන්තික රස්තියාදුකාරයා මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා. කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ...
බෲටස් නුඹ ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට රෝමාන්තික රස්තියාදුකාරයා අසුරු සැනකින් ජීවිතය හලනචුබ්බනයකට ඇහැකිද පියාඹන්නහෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙනඅද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහිනසීසර්ට අයිති නුබ ඇතිරිල්ලකදකිමින සරා සිහින මා සමගඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගටබෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයටලේ නොව එන්නේ කදුලකි සතුටකිඅද බොද වෙන පෙම් සිහින හෙටවෙනෙකක් ලග සතොසිනි කදුලකිනුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවටමා ලොව කිරුළු පලන් එකම කුමරා මම වෙමිතවකෙකු ...