Untitled Post කසීර 1978 වසරේ අද වැනි දවසක ගයනා වැසියන් නමසිය දහ හතර දෙනෙක් ආගමේ නාමයෙන් - සිය දිවි හානි කර ගත්තේ ඉතිහාසයේ සාහසිකම සිය දිවි හානි කර ගැනීම සනිටුහන් කරමිනි.1978 වසරේ නොවැම්බර් මස 18 වැනි දින, රැයක් පහන් වන පමාවට ජෝන්ස් ටවුන් මිටියාවත ප්‍රාණය නිරුද්ධ මිනිස් සිරුරු වලින් වැසී යන්නේ ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් ලෙසයි. බදු වංචාවක් පිළිබඳව චෝදනා එල්ල වද්දී කැලිෆෝනියාවෙන් පිටමන් ...
දේදුනු ආකාසේ : Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම කසීර "දේදුනු ආකාසේ" හෙවත් ලාංකීය සිනමාවේ Make-up Budget එක Script Budget එක ඉක්මවා යාම.ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ යනු චන්ද්‍රන් රත්නම් ගේ පොරොන්දුව චිත්‍රපටයේ දෙවැනි කොටසයැයි යමෙකු පැවසුවහොත් පුදුම වීමට උවමනා නැත. පොරොන්දුව චිත්‍රපටය ආරම්භ වන විට නැටුම් ගුරුවරියකව සිටි වසන්ති චතුරානි හදිසි අනතුරකින් පසු ඈත කඳුකරයක රෝද පුටුවකට වී චිත්‍ර අඳිමින් සිටියාය. පිටපත ඒ තරමට අභව්‍යය. ඒ චිත්‍රපටයේ ගන්නට කියා ...
අලින්නේ අපේ කෙරුම් කසීර 1951 වසරේදී එරික් ස්වෝන් නම් වනජීවී ඡායාරූප ශිල්පියා තමන්කඩුව විල්ලුවේ දී ඇතින්නකගේ ප්‍රහාරයට හසුව මිය ගියේ අලි ඇතුන් කුපිත කරවා ඡායාරූප ගැනීමේ වීර වික්‍රමයේ අවසානය සුසානයෙන් සනිටුහන් කරමිනි. පසුකාලීනව ලාංකීය සිනමාවේ නම දිනූ සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ විලියම් බ්ලේක් ද එදා එරික් ස්වෝන් සමග සිටි ඡායාරූප ශිල්පීන් අතර විය. ඔවුන් අත කැමරාවලට අමතරව බෝර තුවක්කු සහ රයිෆල් ද වූ බව ...
අත්හැරීම කසීර "මේ ඉන්නේ මිස්ටර් ශ්‍රීනාත් " කියලා කියන සද්දෙට මම ඔළුව උස්සලා බැලුවා. ප්‍රියානි , ඒ කිව්වේ අපේ සෙකට්‍රි , වයස විසි දෙකක විතර පිරිමි ළමයෙක් එක්ක මගෙ මේසේ ඉස්සරහා ඉන්නවා. ටයි නොට් එකයි අලුත්ම ෂර්ට් එකයි දැක්ක ගමං තේරුණා ඔෆිස් එකට අලුත් ඉන්ටර්න් ළමයෙක් ඇවිල්ලා බව. " මිස්ටර් ශ්‍රීනාත් තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ අයි.සී.ඕ" ප්‍රියානි ඇදලා පැදලා අලුත් ළමයට මාව ...
අම්මා වෙත ; කසීර අම්මා වෙත ;ලබන සුමානේ අපි යන්න හිටිය විසිට් එක කැන්සල්. අපිට ලොක්කාගෙන් ඕර්ඩර් එක ආවා ඒ රටට යන තීරණේ අත් හිටෙව්වා කියලා. අපරාදේ , වෙනසකටත් එක්ක අලුත් රටකට යන්න හිටියේ.අම්මට කියන්න , ඒ රටේ අපේ වගේ කම්මැලි ජීවිත නෑ. පැය හත අටක් විතරක් නිදියලා ඉතිරි දවසම කා එක්ක හරි රණ්ඩු වෙවී ඉන්න උද්යෝගිමත් ජනතාවක් ඉන්නේ. ඒක හරිම දුප්පත් රටක් වුණත් ...
Song of the Innocent : ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට නොඇසුණු අහිංසකයින්ගේ ගීතය කසීර පාළුවට ගිය ගොඩනැගිල්ලක රූප රාමුවක් සමග ඇරඹෙන කෙටි චිත්‍රපටය නමින් "Song of the Innocent" බව දැන සිටියෙමි. වල් වැදුණු ගොඩනැගිල්ලය. බිත්ති විනිවිද දකින රූප රාමුය. ගොදුරු සොයන මස් වැද්දන්ය. බියට පත් මුව පොව්වන්ය. පලා යන සරස්වතීයය. රජ කරන නවක වධයය. අහිංසකයන්ගේ ගීතය අවසානයේ ගොළුව යන්නේ සිහින් ඉකිබිඳුමක් නරඹන්නාට ඉතිරි කරමිනි. ඒ විශ්වවිද්‍යාලයීය නවක වධය පිළිබඳව මෙතෙක් කරලියට පිවිසි පළමු කෙටි ...
නැව් එන තුරු අපි කසීර ඉතිහාස පොත් වල තියෙන දේවල් ඇත්ත නම් ලංකා ඉතිහාසයේ රාජ්‍යය සම්බන්ධ සෑම තීරණාත්මක අවස්ථාවකටම නැවක් සම්බන්ධය.රිපෝර්ට් කාඩ් එකේ ලකුණු හොඳ වැඩි නිසා විජය කුමාරයාව බෙකම් කට් එක ගසා ලංකාවට එවන්නේ නැවකිනි. නැවෙන් තම්මැන්නාවට බට විජය කුමරු එච්චර කල් පාඩුවේ සිංගර් මහන මැසිමක් පාග පාගා සිටි කුවේණිය පළමුව ආලෙන් වෙලා ගෙන දෙවනුව කෝලම් කළේය.පස්සේ කාලයක ලංකාවට නැවෙන් එන්නේ සංඝමිත්තා මෙහෙණියය. ඇය ...
සමන් අතාවුදහෙට්ටි : වචනයෙන් මායා මැවීම කසීර ඒ බර්මින් ලයිලි ප්‍රනාන්දු එක හුස්මට ටෙලි නාට්‍ය 16 ක් සැදූ යුගයයි. අතුල විතානගේ රචිත " කන්දෙගෙදර" නවකතාව ඇසුරින් නිර්මිත "පහන් කන්ද" නම් වූ ටෙලිනාට්‍යයක් විකාශය වූ බවක් මතකයේ තිබුණද එකල අපගේ සිත් පැහැරගත්තේ එහි තේමා ගීතය ය. "මලක් වුණේ ඇයි නුඹ මට" යනුවෙන් සමන් අතාවුදහෙට්ටි ලීවේය. පහන් කන්ද දැන් අමතකය. ග්‍රැන්විල් රොද්‍රිගෝ සහ චම්පා ශ්‍යාමලී බොහෝ දුර ගමනක් ගොස් ...
සිබිල් නැන්දාට අනූවයි කසීර හැටේ දසකයේ සරසවිය පත්තරයේ ලිවූ කුසුමලතා ඇයය. ඕපාදූප දොඩවනවාට සැමියා අකැමති නිසා ඒවා දිනපොතක ලියූ කුසුමලතා ඇය ය. උළුවස්සට උස කොණ්ඩා විලාසිතාවකින් සැරසී රූ රැජණක් වන්නට හදන උසින් අඩු මිතුරිය ගැන ලියූ කුසුමලතා ඇය ය. කොණ්ඩය කැපූ මිතුරියන්ට මහත්තයා යැයි අමතන , ඇට මාල දැමූ මිතුරියන්ට කෝවිලේ සාමියැයි සිතා ගරු කරන විපරීත නැන්දම්මා කෙනෙක් සිටි අසරණ කුසුමලතා ඇය ය.වරෙක ඇය ...
නොවැම්බර් 05 : ඉරාන විප්ලවකාමී සිසුන් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනී කසීර වසර 38 ට පෙර අද වැනි දවසක ඉරාන විප්ලවකාමී ශිෂ්‍යයින් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ 90 දෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.එම දිනය ඉරානයේ ඉරණම වෙනස් කළ දිනයයැයි වර්තමානයේ සිට අතීතාවලෝකනයේ යෙදෙන්නේක්ට පැවසිය හැකි වේ. සමස්ත ඉරානයේම ජීවන රටාව , හැඩය වෙනස් කළ සංස්කෘතික විප්ලවයක බිහිදොර වන්නේ මේ සිදුවීමය.1979 ජනවාරි 16 වැනිදා විප්ලවයේ පීඩනය හමුවේ ඉරානයේ පාලක "ෂා" ලෙස කිරුළ දරා සිටි ...
ඔක්තෝබර් 09 : සදා නොමියෙන සටන්කාමියා චේ ගුවේරා ජීවිතක්ෂයට පත් විය කසීර 1967 වසරේ අද වැනි දවසක විප්ලවීය හදවත් තුළ සදා නොමියෙන සටන්කාමියා චේ ගුවේරා , බොලීවියාවේ "ල හිගේරා" හි අබලන් පාසල් ගොඩනැගිල්ලක් තුළ දී ජීවිතක්ෂයට පත් විය. සී.අයි.ඒ සහාය ලද බොලීවියානු රජයේ හමුදාව සහ ගරිල්ලා සටන්කාමීන් අතර යුරෝ ගිරිකඳුරෙහි ඇවිලී ගිය සටන්මැද තුවාල ලබන චේ 1967 ඔක්තෝබර් 08 වැනිදා හමුදාග්රහණයට ලක් වී පසුදිනයේ ම වෙඩි තබා මරා දැමිණ.තිස් නම වැනි වියේදී ...
සැප්තැම්බර් 29 : පලස්තීන දරුවෙක් ගාසා තීරයේ දී වෙඩි හුවමාරුවකට මැදි වේ කසීර 2000 වසරේ අද වැනි දවසක ගාසා තීරයේදී වෙඩි වරුසාවකට මැදි වුණු දොළොස් හැවිරිදි පලස්තීන දරුවා "මොහොම්මද් අල් - දුර්වා" අවාසනාවන්ත ලෙස මිය ගියේය . ඒ වන විට ගාසා තීරය යනු හුදෙක්ම මරණය සින්නකර ගත් බිම්කඩක් පමණකි. අහිමි වන එක් ජීවිතයක් ගාසා තීරයේ වැතිරී රුධිරයෙන් නැහැවෙන වැලි කැටයකට වඩා වැඩි වෙනසක් නොලද යුගයක මොහොම්මද් අල් - දුර්වා ගේ මරණය සුවිශේෂී වන්නේ ...
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද කසීර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශෙරී ඈචසන් (Sheree Atcheson) නම් තරුණිය තම ශ්‍රී ලාංකික මව සෙවූ පුවතත් , ඇයගේ මවයැයි පවසන කාන්තාවක් මැල්සිරිපුරයෙන් හමු වූ පුවතත් සිරස ටී වී ප්රවෘත්ති වෙතින් පසුගිය දින කීපයේ අසන්නට ලැබිණ.1991 පෙබරවාරි 28 වැනිදා නිරෝෂිණී ලෙස උපත ලබා , බ්‍රිතාන්‍ය ජාතික යුවළකට හදා වඩා ගැනීම පිණිස ලබා දුන් මේ දැරියට නිවුන් සොයුරියක් ද සිටින බව ඇයග් මව යැයි ...
බේබි ෆාර්ම් කසීර • "මහද TV " රාත්‍රී පුවත් නිෂිතා දේවපුරප්රංශයේ ප්රමුඛ පෙළේ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන සැමන්තා මෑට්නෙට් නම් තරුණිය ශ්‍රී ලංකාවේ සිටින තමාගේ සැබෑ මව සොයන්නට උදව් ඉල්ලා ට්විටර් වෙබ් අඩවිය වෙත පණිවුඩයක් යොමු කර තිබෙනවා. දැනට 32 හැවිරිදි සමන්තා පවසන්නේ තමන් ශ්‍රී ලංකාවේ හැටන් ප්‍රදේශයේ උපත ලැබූ බවට සාක්ෂි ඇති බවයි. ඒ අනුව 1985 වසරේ ජූලි මස 24 වැනිදා හැටන්හි ...
හේමන්තයේ පෙම කසීර • Facebook සමූහයක පෝස්ටුවක් Madara Parasathu විසින් "අපි කියවන පොත්" යාළුවනේ. මේ පොත ඔයාලාට මතකද ? නලින් සුධාරක සිරිවිජයබණ්ඩාර ලියපු පළවෙනිම පොතේ මුල්ම ප්‍රින්ට් එක ? මම ලඟදි අලුත් ප්‍රින්ට් එකත් දැක්කා. මේ වගේ ලස්සන නෑ. හරි පණ්ඩිත පාටයි. නලින් සුධාරකගේ දැන් පෙනුම වගේ හරියට
චයිනීස් කසීර බස් එක හෝල්ට් එකක නවත්තනවා එක්කම චයිනීස් කෑම කඩයක බෝඩ් එකක් දැක්ක අනුසාරගේ හිත ගැස්සුණා. චයිනීස්... පරණ සිද්ධි මතක් වෙලා දත් මිටි කැවුණත් දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවා අද්දවන්න බැහැ. අනුසාර කල්පනාවට වැටුණා.ඔක්කොම දේවල් වුණේ මේ කැම්පස් එකේ රීසර්ච් එකක් නිසා. ලෙක්චරර් කෙනෙක් භාරගත්ත රීසර්ච් එකක් සම්පූර්ණ කරන්න අනුසාර ඇතුළුව තුන් දෙනෙක් දවස් පහකට අම්පාරේ ගියා. ආවරණය කරන්න ඕන ...
කාදිනල් තුමනි ; සීසර්ගේ දේ සීසර්ට දෙන්න කසීර දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියට අනුව ස්ත්‍රියකට වයස අවුරුදු 16 ට අඩු වන විට ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සංසර්ගය සඳහා ප්‍රවේශ වීම ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වේ.නමුත් ලංකාවේ නීතියට අනුව ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම විවාහ වීමට නම් වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුය.දරුවන් වැදීම ද ගර්භාෂය දැරීම ද ස්වභාවිකව පිහිටා ඇත්තේ ගැහැණියටය. වයස අවුරුදු 16 ට අඩු නම් කැමැත්තෙන් සසඟෙහි යෙදීමද ස්ත්‍රී ...
සීනිගම පෙරහරේ සාරි දැක්ම කසීර පළමුවැන්නා - මොකද බං කෙල්ලේ මුං අපි දිහා කන්න වගේ බලන්නේ. උපාසක ආච්චි මේ සාරි ටික හරියට මහලා නැද්ද ?දෙවැන්නා - අනේ මන්දා මේ සාරි ජැකට් එක නම් හරිම හිරයි අප්පා.. ඇයි අනේ වෙන කවුරුත් නැතිවටද උන්දැටම මේක දුන්නේ ? දැක්කා නේද මහන මැෂිමේ පරණ.තුන්වැන්නා - අන්න ! අන්න ! අර මම කිව්වේ මගෙ පස්සෙන් එන බළල් ඇස් තියෙන කොල්ලෙක් ...
බල්ලන් බැඳීම - ක්‍රිකට් සහ ජාත්‍යන්තරය කසීර "බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන්ට වෙඩි තියලා මරලා දාන්න ඕනේ. නැත්නම් බඳින්න ඕනේ " දඩයම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දසනායක මුදියන්සේලාගේ රත්මලී වරක් එසේ පැවසුවාය.පසුගිය වසරේ ජූලි මාසයේදී කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ " දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයට සෙරෙප්පු වලින් සහ බඩ ඉරිඟු වහලු වලින් පහර දුන්නේ ද කන්ද උඩරට පේරාදෙණිය සරසවියේ "වළ" නමින් හැඳින්වෙන රංග භූමිය තුළදීය. ...
ආගමික වගකීම සහ මාධ්‍ය නිවේදන කසීර "දැන් එතකොට අපේ වගකීම් සහ යුතුකම් සියල්ලම ඉටු වෙලා බව සහතිකයි නේද ? "විවේක සුවයෙන් පුස්තකාලයේ රැඳී හුන් පුද්ගලයා ගැඹුරු හඬින් විමසීය."අපොයි ඔව් ! " ඔහු ඉදිරියේ සිටගෙන සිටි තිදෙනාගෙන් එක් පුද්ගලයෙක් ඉදිරියට පැන පිළිවදන් දුන්නේය. ඔහු තම ලෝගුව අතරින් සටහන් පොතක් එළියට ගනියි. "මේකේ හැටියට අපි අපේ යුතුකම් සහ වගකීම් ඔක්කොම ඉහටත් උඩින් ඉටු කරලා තියෙනවා"තෘප්තිමත් මුහුණක් පළ කරන ...