අගෝස්තු 26 : චික්තිසීය ගබ්සාවකට මුහුණ දුන් ෂෙරී ෆින්ක්බයින් නැවතත් ඇමරිකාවට ළඟා වේ කසීර 1962 වසරේ පෙර අද වැනි දවසක මහජන විරෝධය නොතකා චික්තිසීය ගබ්සාවකට මුහුණ දුන් ෂෙරී ෆින්ක්බයින් නැවතත් ඇමරිකාවට ළඟා වූවාය.ඒ වනවිටත් සිව් දරු මවක් වූ තිස් හැවිරිදි ෂෙරී ෆින්ක්බයින් (Sherri Finkbine) රූපවාහිනී ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස නම් දිනා සිටියාය. Romper Room නම් වූ ළමා වැඩසටහන් මාලාවේ Arizona ප්‍රාන්තය සඳහා වූ වරලත් වැඩසටහන මෙහෙයවූයේ ෂෙරී විසිනි. තම පස් වැනි දරුවා ප්‍රසූත ...
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ කසීර කාන්තා නම් යනු පහසුවෙන් තේරුම්ගත හැකි ඒවා නොවේ. මම ජීවනාබෝධය ලැබුවේ සහ අනිත්‍ය මෙනෙහි කරගත්තේ ඔය නම් ගම් නිසාමය. ඉස්සර මා සිටි කන්තෝරුවේ සිටි නිෂූ ගේ ඇත්ත නම නිශාන්ති බවත් සැන්ඩි ලා සන්ධ්‍යා ලා බවත් ජායි ලා ජයන්තිලා බවත් අවබෝධ වන විට මගේ නර කෙස් පැහී ඉදී බිමට නැමී අතු ද බර වී අවසානය.තුන්මංහන්දිය චිත්‍රපටයේ දී "යන්නෙම් දක්නා සේ මා ...
අගෝස්තු 21 : පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළේ දී ඝාතනය කෙරේ කසීර 1983 වසරේ අද වැනි දවසක පිලිපීන විපක්ෂ නායක බෙනිග්නෝ අකීනෝ මැනිලා ගුවන්තොටුපොළේ දී ඝාතනය විය.1980 වසරේ දී හෘද සැත්කමක් පිණිස ඇමරිකාව බලා පිටත් වූ අකීනෝ (Benigno Aquino) නැවත මවුරටබලා පැමිණෙන්නේ තුන් වසරකට පසුවය. " මගේ දෛවය වෙඩි පහරක් කා මියැදීම නම් - එය එහෙම වුණාවේ" ඔහු ඇමරිකාවෙන් පිටත් වීමට පෙර මාධ්‍ය හමුවේ එසේ පැවසීය. තම ජීවිත අවදානම පිළිබඳව මනා අවබෝධයකින් ...
ජීවී කසීර රාණි අක්කා බැණලා බැණලා ගෙදරින් එළියට ගියා. කම්මුල් පාරවල් දෙක තුනක්ම වැදුණු නිසා කම්මුල තඩිස්සි වෙලා ඇති. ශලිනි කණ්ණාඩියෙන් මූණ බැලුවා. ඒත් හින්දි චිත්‍රපට වල වගේ මූණ ඉදිමිලා, කම්මුල් ගෙඩිගැහිලා නැහැ. ප්‍රීති සින්ටාට නම් සැරෙන් වචනයක් කිව්වත් කම්මුල් දෙක ජම්බු වගේ වෙනවා. කොයි වෙලේ බැලුවත් දර ලිප් මොළොවන,වළං හෝදන, රාණි අක්කගේ ගොරහැඩි අත්වලින් ගුටි කාලාත් මේ කම්මුල් වල වෙනසක් වෙලා ...
අගෝස්තු 17 : බර්ලින් තාප්පයෙන් පනින්නට උත්සාහ කළ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ කසීර 1962 වසරේ අද වැනි දවසක දහ අට හැවිරිදි පීටර් ෆෙචර් , බර්ලින් තාප්පයෙන් පනින්නට ගොස් වෙඩි කා මියැදුණේය.ඔහු දිවි පරදුවට තැබුවේ නැගෙනහිර ජර්මනියේ සිට කේතුමතී පුරවරයේ පහස ලබනු පිණිසය. ඒ වන විට නැගෙනහිර සහ බටහිර බර්ලිනය වෙන් කරමින් බර්ලින් තාප්පය ගොඩ නගා වසරක් ගත වූවා පමණි. හෙල්මුට් කුල්බයික් (Helmut Kulbeik) නම් මිතුරා සමග අවදානම් සහගත තීරණයකට එළැඹෙන පීටර් ෆෙචර් (Peter ...
අගෝස්තු 16 : Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි මිය යයි කසීර 1977 වසරේ අද වැනි දවසක Rock and Roll රජු හෙවත් එල්විස් ප්‍රෙස්ලි තම ජීවිත සිහසුන අතැර ගොස් තිබිණ.ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ග්‍රේස්ලන්ඩ් මන්දිරයේ නිදන කාමරයක ඇඳ අසල රතු පලසක් මත ඔහු වැටී සිටියේය. පිජාමා කලිසම දණහිස තෙක් ගැලවී තිබිණ. වේදනා නාශක අධි මාත්‍රාවක් මගින් එමිහිරි ගී නද සදහටම ගොළු කර දැමිණ. දෙදිනක් ගත වූ තැන යුගයක් උමතු කළ සිහින කුමරුවා ග්‍රේස්ලන්ඩ් ...
අගෝස්තු 15 : ලෝ ප්‍රකට V-J Day in Times Square ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට්ගේ කැමරාවේ සටහන් වේ කසීර වසර 72 කට පෙර අද වැනි දවසක V-J Day in Times Square හෙවත් " ටයිම්ස් චතුරශ්‍රයේ ජය සැමරුම" නම් ලෝ ප්‍රකට ඡායාරූපය ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේට්ගේ කැමරාවේ සටහන් විය.ඒ ඇමරිකානුවන් වීදි බැස නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස්‍රයෙහි ජය සමරන මොහොතකි. 1945 වසරේ අගෝස්තු 15 වැනි දා මිත්රපාක්ෂික හමුදා ජපන් හමුදා පරදවා ජය ලැබූ පුවත ඇසූ මිත්රපාක්ෂික රටවල් සියල්ලම මේ ආකාරයෙන් ජයපැන් බොන්නට ...
අගෝස්තු 13 : නැගෙනහිර සහ බටහිර ජර්මනිය වෙන් කරමින් බර්ලින් තාප්පය ඉදිකිරීම ඇරඹේ කසීර 1961 වසරේ අද වැනි දවසක දේශ සීමාව වෙන් කරමින් බර්ලින් නගරය හරහා එක් රැයකින් කටු කම්බි වැටක් ඉදි විය.හිරු උදාවන විට කම්බි වැටකින් වෙන්ව තිබුණේ සිත් පිත් නැති ගොඩනැගිලි සමූහයක් පමණකැයි පාලකයින් සිතුවද එය ජර්මානු වැසියන්ට දරාගත නොහැකි අත්දැකීමක් විය. ඒ නැගෙනහිර සහ බටහිර ලෙස බෙදා වෙන් කෙරුණේ හතළිස් ලක්ෂයක ජනතාව එක්ව ගෙනගිය ජීවන අරගලයයැයි ඔවුන් වටහා ගන්නා විට සියල්ල ...
අගෝස්තු 11 : සෝලා බඩ් සහ මේරි ඩෙකර් ඔලිම්පික් උළෙලේදී ගැටේ කසීර 1984 වසරේ පෙර අද වැනි දවසක ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මේරි ඩෙකර් ගේ සහ සෝලා බඩ් ගේ පදක්කම් සිහිනය අවාසනාවන්ත ලෙස බිඳ වැටිණි.ඇමරිකානු ක්‍රීඩිකාව මේරි ඩෙකර්, එවකට මීටර 3,000 ඉසව්වේ ලෝක සූරිය ව සිටි අතර ඉතිරිව තිබුණේ තම මව් බිමේදීම ඔලිම්පික් රන්පදක්කම දිනා ගැනීම පමණි. බොහෝ ඇමරිකානුවන් එදින තරගය නැරඹීමට පැමිණියේ එම අවස්ථාව සියැසින් දැක බලා ගැනීමටය. ඇයට අභියෝගයකට සිටියේ ...
අගෝස්තු 06 : ජපානයේ හිරෝෂිමා නුවරට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ කසීර වසර 72 ට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා පමණකි. ජනගහණය 255,000 ක් පමණ යැයි තක්සේරු කරන ලද හිරෝෂිමා නගර අහසේ සිට සියවසෙහි බිහිසුණුතම පරමාණු බෝම්බය මිහිමතට හෙළන ලදි. Enola Gay නම් වූ ඇමරිකානු බී-29 යුද ගුවන් යානය විසින් ඒ ...
කල්ලඩි පාලම පාමුල කසීර තානායම් කාමරය තුළ බඩු බාහිරාදිය තැන්පත් කර එළියට පැමිණෙද්දී වෙහෙසකර බවක් දැනෙන්නට විය. ප්රත්යක්ෂයේ අප ස්වාමි දූ දේවස්ථානය දෙස කෙළින් බැලීමට නොහැකි තරමට අව් රශ්මිය අධිකය. වසරකට පෙර අර්ල් විසින් තාන්ඩවන්වේලි පල්ලිය හෙවත් මාණික්‍යම් මාතා ලෙසින් හඳුන්වා දුන්නේ මේ දේවස්ථානයයි. තානායම් හිමිකරුගේ බිරිඳ පැවසූ පරිදි ඔහු මාස කිහිපයක සිට ආගිය අතක් නොමැත. අර්ල් ඉතා විශ්වාසවන්ත සේවකයෙකු වූ නමුත් තරමක සිහිමද ...
අගෝස්තු 05 : හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ සිය දිවි නසාගනී කසීර වසර පණස් පහකට පෙර අද වැනි දවසක හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ රිදී තරු වියන අතැර මරු වැළඳගන්නීය. විෂ ඖෂධ ශරීරගත වීමෙන් සිදු වූ සිය දිවි හානි කරගැනීමකැයි පැවසුණද , මෙය විසි වෙනි සියවස කැළඹූ , අදටත් ප්‍රශ්නයක් ඉතිරි කළ මරණයක් ලෙස සැලකේ."ඔබට නිරූපිකාවක් වන්නට බෑ. කරුණාකර යතුරු ලියන්නියක වන්නට පුහුණු වෙන්න. ඒත් නැතිනම් ගෘහණියක් වීමට " යනුවෙන් 1946 දී ...
කවුද අම්මේ ඒ බඩ තඩි මනුස්සයා ? කසීර අම්මා ! අම්මා .. මේ බලන්නකෝ.. රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටි තරුණිය එක්වර පුදුමයෙන් හඩ තලන්නට වූවාය. කිරිහොද්දක් හැඳිගාමින් සිටි මව පොල්කටු හැන්දද රැගෙන සාලයට දිව ආවාය.මේ බලන්න අම්මා ! අර අපේ ගෙදර නැවතිලා ඉන්න බඩ තඩි මනුස්සයා ටී වී එකේ පෙන්නනවාතරුණිය විමතියෙන් මෙන් අත දිගු කළාය.අයියෝ ඔනෙලා. මම බය වෙච්ච තරමක්. අර කිරිහොද්දත් කැටි ගැහෙනවා ළමයෝ ඔයාගේ වැඩ නිසා ...
අගෝස්තු 04 : ඈන් ෆ්රෑන්ක් සහ පවුලේ සාමාජිකයින් ගෙස්ටාපෝ රහස් පොලිසියේ අත් අඩංගුවට පත් වේ කසීර 1944 වසරේ අද වැනි දවසක ඈන් ෆ්රෑන්ක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් ගෙස්ටාපෝ රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනු ලැබිණ.කවුරුන් හෝ විසින් ඔවුන්ව පාවා දී තිබිණ. අගෝස්තු පළමු වැනිදා තම ඉරණම්කාර දිනපොතෙහි අවසන් සටහන තබන මේ පසළොස් හැවිරිදි යෞවනිය ජීවිතය ගැන ගොඩ නගාගෙන තිබූ ප්‍රාර්ථනා ඇසට කඳුළු ගෙන එන්නට සමත්ය. යුදෙව්වන්ට එරෙහි පීඩාවන් ඉහළ යන විට සිය පියා සේවය කළ ගොඩනැගිල්ලේ ...
ජූලි 30 : ඩන්කන් වයිට් සිලෝන් දේශය වෙනුවෙන් මුල්ම ඔලිම්පික් පදක්කම දිනා ගනී කසීර 1948 වසරේ අද වැනි දවසක සිලෝන් ක්‍රීඩක ඩන්කන් වයිට් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කමක් දිනා ගත්තේය.එය 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලය. තරග ඉසව්ව මීටර 400 කඩුළු පැන දිවීමය. පළමු අවසන් පූර්ව තරගයේ තුන්වැන්නා ලෙස තරගය නිම කළ ඩන්කන් වයිට් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය. එකල අවසන් තරගය සඳහා තෝරාගන්නේ ක්‍රීඩකයින් හය දෙනෙකු පමණක් වූ අතර අවසන් පූර්ව වටයේ තරග නිමි කාලයට ...
ජූලි 29 : චාර්ල්ස් - ඩයනා විවාහය සාන්ත පාවුළු ආසන දෙව්මැදුරේ දී පැවැත්වේ කසීර 1981 වසරේ අද වැනි දවසක සියවසේ සරණ මංගල්‍යය හෙවත් චාර්ල් - ඩයනාගේ විවාහ මංගල්‍යය සිදු විය.ඇය එවකට විසි හැවිරිදි ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් (Diana Frances Spencer ) නම් වූ ලජ්ජාශීලි යුවතිය වූවාය. ඔහු තිස්තුන් හැවිරිදි චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් (Charles Philip Arthur George) නම් වූ ඔටුන්න හිමි වේල්ස් කුමරුය. සියවසේ සරණ මංගල්‍යය හෙවත් සිහින මංගල්‍යය සිදු වූයේ ඔවුනතර ය. එම සුන්දර ...
උරය පලා සැතකින් බලන් රුහිරූ : ඉලංචේලියන් vs සරත් හේමචන්ද්‍ර කසීර යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසහර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයන්නට ගොස් වෙඩි වැදීමෙන් මියගියේ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාය. මියගිය සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීමට ගිය විනිසුරුවරයා ඔවුන් ඉදිරියේ අතිශය සංවේදීව හැසිරුණු ආකාරය මාධ්‍ය වල පළවීමත් සමගම එම සිංහල - දෙමළ හැඟීම සහ හෘද සාක්ෂියේ කතාව පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. තල් කොළය සහ පොල් කොළය ගැන විෂය නිර්දේශයට අනුව කවි ලියන ...
ජූලි 24 : ඒමී වයින්හවුස් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලන්ඩන් පොලීසියට හමු වේ කසීර 2011 වසරේ අද වැනි දවසක විසි හත් හැවිරිදි ග්රැමි සම්මානලාභී ගායිකා ඒමී වයින්හවුස් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලන්ඩන් පොලීසියට හමු විය."මම ගායිකාවක මිස නිරූපිකාවක් නොවේ" අකලට වියැකෙන තාරුණ්‍යය අබියස මාධ්‍යවේදීන්ට අවධාරණය කළ , බ්‍රිතාන්‍ය සංගීතය විශ්වයට රැගෙන ගිය තුරුණු ගායිකාව ඒමී වයින්හවුස් ලන්ඩන් නුවර නිවාස සංකීර්ණයක හොර රහසේම මෙලොව හැර ගොසිනි. මරණයට හේතුව ඇල්කොහොල් විෂ වීම යැයි දක්වා තිබිණ."ඇය දුශ්චරිතයෙන් ...
ජූලි 23 : බිඳුණු වළලුකර සමගින් කෙරී ස්ට්‍රග් ඇමරිකාවට ඔලිම්පික් කණ්ඩායම් ජිම්නාස්ටික් රන් පදක්කම දිනා දේ කසීර 1996 වසරේ අද වැනි දවසක ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා කෙරී ස්ට්‍රග් කැඩුණු වළලුකර සමග අවසාන පිම්ම පැන තම රටට ඔලිම්පික් කණ්ඩායම් රන් පදක්කම දිනා දුන්නාය.1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල වන තෙක්ම ඇමරිකාව කිසිදු අවස්ථාවක කාන්තා කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගෙන නොතිබිණ. 1952 හෙල්සින්කි උළෙලේ සිට පැවති ඔලිම්පික් උළෙල 11 ක් අතරින් උළෙල 9 කම රන් පදක්කම දිනා ගන්නේ සෝවියට් රුසියානු ( USSR ...
ජූලි 22 : 1976 ඔලිම්පික් උළෙලේ වංචනික සෝවියට් කණ්ඩායම පංච ප්‍රයාම ඉසව්වෙන් නෙරපනු ලැබේ කසීර 1976 වසරේ අදවැනි දවසක මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ වංචාවකට වැරදිකරු වූ සෝවියට් කණ්ඩායම පංච ප්‍රයාම ඉසව්වෙන් ඉවත්කරනු ලැබිණ.පංච ප්‍රයාම හෙවත් Modern Pentathlon යනු එක් ක්‍රීඩකයෙක් තරග ඉසව් පහකට සහභාගී විය යුතු තරගයකි. 1912 වසරේ සිට ඔලිම්පික් උළෙලට ඇතුළත් වන මෙම තරග අංශය සඳහා කඩු හරඹ , මීටර 200 නිදහස් ආර පිහිනීම , ඉලක්කයට වෙඩි තැබීම (පිස්තෝල) , අශ්වාරෝහක පිණුම් සහ ...