හත් පෙති මල ; ශේන්යා සහ අපි කසීර ශේන්යා ට අරුම පුදුම හත් පෙති මලක් හම්බ වුණාට නානාප්‍රකාර වැඩ නිසා පෙති හයක්ම ඉවර වුණා. ඊට පස්සේ තමයි ශේන්යා ගේට්ටුව ළඟ වාඩි වෙලා හිටිය පිරිමි ළමයාව දැක්කේ. නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස් තිබුණ වීත්යා ගේ කකුල කොර වෙලා නිසා එයාට සෙල්ලම් කරන්න බෑ.ඉතිං ශේන්යා අවසාන නිල් පාට මල් පෙත්ත කඩලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් මෙහෙම ...
ඔබට හිතැති කසීර මම ලංකාවට එනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. ප්‍රමුදි ගේ අවසන් කටයුතු ඉවර වෙලා තිබ්බ නිසා ගෙදර පුරා පාළු ගතියක් තිබුණා. තමරා ඇන්ටි , ඒ කිව්වේ ප්‍රමුදිගේ අම්මා බලාපොරොත්තු කඩ වුණු ශෝකාකූල මූණෙන් බලාගෙන හිටියා. වැඩිපුර කතා කළේ නෑ. " දුවේ !" කියලා මගේ අත්දෙක මිරිකුවා විතරයි. ඒ උණුසුම් අත් දෙක අතරින් ප්‍රමුදිගේ අත් වල සීතල මට දැනුණා. මම වාඩි ...
මැණික් නදිය ගලා බසී : සෝමවීර සේනානායකගේ දිවි ගමන නවතී කසීර 1983 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නේ මැණික් නදිය ගලා බසී නම් නවකතාවය. හදිසි සත් රුවනක් පහළ වී ධනපති පංතියට පිළිපන් පවුලේ ගෘහණිය එකල ඉඳිආප්ප තම්බමින් සිටි මිලි නෝනාය. ඇය කටපාඩම් කරගත් ඉංග්‍රීසියෙන් පංති පරතරයට කෙසෙල් කොට වලින් මුක්කු ගසන්නීය. ක්‍රොකඩයිල්ස් සහ ක්රෑබ් වචන දෙක පැටලී "ඊයේ රෑට අපි ක්රොක්ඩයිල් කරි කෑවනේ" යනුවෙන් මිතුරියන්ට පවසන්නීය."පට් පට් ගානකොට සම්තිං එක තියෙන්න ඕනේ" ...
අශාන්ති හිත ගාවම ඇල වී හිඳීම කසීර අශාන්ති ගැයූ අතිශය ජනප්‍රියම ගීත අතරින් විෂුවල් එකක් නැත්තේ " පෙම් කුමරා" ගීතයට පමණය. එයට හේතුව කුමක්දැයි වැටහුණේ ගීතයට හොඳින් සවන් දී විෂුවල් එකක් සිතින් මවා ගත් විටය.හිත ගාවම ඇල වී ඉඳලා - සංසාරේඔබ ගාවම දැවටී සිටියාපෙම පූදින දෙනෙතේ ගලනා - මල් කැල්මේ වෙන කාටද ලැබිලා තිබුණාමා දැක්කත් හිනැහීලාඈ එක්කත් දැවටීලාතව කෙල්ලන් රවටාලා ආ පෙම් කුමරාමල් රොත්තක් බිම දාලාඔය බැල්මට ...
සංවේදී කසීර මිනිහෙක්ට සහලෝලා උණ ගැනුණාම හුස්ම ගන්නත් බැරි තරම් නෑදෑ හිතමිතුරෝ කාමරේට වට වෙන්නේ ඇයි කියලා සෙනරත් කල්පනා කළා. හුස්ම හිරවෙලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එක උණ හැදිලා මැරුණාම ලැබෙන ඉන්ෂුවරන්ස් එකට වඩා වැඩිද යකෝ කියලා අහන්න ඕනේ වුණත් ඒ වචන කටින් පිට වුණේ නෑ. දැඟලිල්ලක් විතරයි. සෙනරත්ගේ නෝනා චන්දිමා ඉක්මණට ඇඳට හේත්තු වෙලා සෙනරත්ගේ ඔලුව අත ගෑවා. " ගිනි කබලක් වගේ" ...
ඉදිරී වැටිණි එ තැපැල් කණුව කසීර දහස් ගණනක් එහා මෙහා ඇදෙනනොඉවසිලිමත් නගරයක වුවතිබෙන්නට හැකපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක්අව් වැසි සුළං මැද වුවරතු පැහැයෙන්වෙනත් පාටකට ආදරේ බව නොකියනපාඩුවේ හිස ඔසවා සිටිනනිහඬ නිසල තැපැල් කණුවක්උදාසීන රාජකාරි ලියුම් යහීන දිගන්තෙන් හීන වල තේරුම් අසනසනුකගේ සිංදුවක් ඉල්ලන පෝස්ට් කාර්ඩ්යපමා වූ වාරික ගෙවන්නට කෙරෙන ඇරියුම් අතරකෝපයෙන් දමා ගැසූ අනාදර පණිවුඩ යඒ සියල්ලටම යට වුණුආදර සුසුම් තැවරුණු සෙනෙහෙ කොළ යමේ ...
මීටර් ටැක්සිය කසීර "ගාලු පාරෙන් දාමු. කොම්පඥ්ඥවීදිය පැත්තේ ට්‍රැෆික් ඇති" නදීෂ එහෙම කියන ගමන් ම ෆෝන් එක දිහා බැලුවා. ඔෆිස් පටන් ගන්න තව වෙලාව තියෙනවා. හැබැයි කොළඹ ට්‍රැෆික් එක නම් විශ්වාස කරන්න බෑ. ආණ්ඩුවේ බඩු මිල වගේ. කොයි වෙලාවේ වැඩි වෙයිද කියලා කියන්න කාටවත්ම බෑ. " මම මේ ෆෝන් එකේ පොඩි වැඩක්. ඔයාට පාර අහන්න ඕනේ වුණොත් එහෙම අහන්න" රියදුරු ආසනය දිහාට නැඹුරු ...
නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුව දෙනා කසීර කිරීටයට උරුමකම් කියන රාජකීය ධූරාවලියේ සයවැන්නා වන හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙගන් මාකල් සමග විවාහප්‍රාප්ත විය. මෙගන් මාකල් හැරී කුමරුට වඩා වයසින් වැඩි , පෙර විවාහයකින් දික්කසාද වූ කාන්තාවක වීම මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වන උණුසුම් පුවත වී ඇත.හැරී කුමරුට පෙර මෙලෙස වඩාත්ම කතා බහට ලක් වූ ආන්දෝලනාත්මක විවාහ තීරණය ගනු ලැබුවේ 8 වැනි එඩ්වඩ් රජු ය. එංගලන්තයේ ...
කොල්ලුපිටියේ ෆුඩ් සිටියේ අයිස් පලං කසීර කොල්ලුපිටියේ ෆුඩ් සිටිය තිබෙන්නේ කොල්ලුපිටියේ වන බැවින් අපි බම්බලපිටියට නොගොස් එයටම යන්නෙමු.ෆුඩ් සිටියේ ගමකට කන්නට කෑම ජාති තිබුණත් අපි එහි යන්නේ වොන්ඩර් බාර් අයිස් කිරීම් අරගෙන එන්නටය. එහි ඇත්තේ ඒක් පූල් දෝ මාලි කැශියර් සිස්ටම් එකකි. එක කැශියර් නංගි කෙනෙකි. ඇගේ තනියට කවුන්ටර්ම හතරකි. රැජිණ මමයි අපේ රාජ්ජේ යනුවෙන් ඇය පවසන්නේ නැත. නමුත් එක කවුන්ටර් එකක හිඳ සල්ලි භාරගෙන අනෙක් ...
මෙහෙයුම කසීර කොල්ලුපිටිය හංදිය ය. අව් රශ්මිය ය. උණුසුම ය. දුම් රියපොළ ආසන්නයේ රැඳී සිටින මැදිවියේ මිනිසා නොඉවසිල්ලෙන් බලා හිඳී. අවට ගැවසෙන යාචකයින් , පුලන්නන් සහ කපුරු බෝල විකුණන ළමා වෙළෙන්දන් නොරිස්සුමෙන් ඉවසා සිටින ඔහු කිසිවෙකුගේ හෝ පැමිණීම අපේක්ෂා කරන හැඩය. සමුද්‍ර මාවත ඔස්සේ පැමිණි ත්‍රිරෝද රථයකි. බිමට බැස මුදල් ගෙවන තරුණ ළඳකි. වම් කරෙහි වූ බෑගය දකුණු කරට ලා ගන්නා ඇය ...
ලෙස්ටර් ! මා දුටු කරුණාවන්තම අධ්යක්ෂවරයා : - අනුලා කරුණාතිලක - කසීර දවස පත්තරේ රූප සුන්දරී තරගයක් විනිශ්චය කරන්න ආපු සුමිත්‍රා පීරිස් මහත්මියයි , තිස්ස අබේසේකර මහත්තයයි තමයි මට ලෙස්ටර් ජේම්ස් පීරිඅ මහතා කරපු "ගම් පෙරළිය" චිත්‍රපටයේ රඟපාන්න එන්න කිව්වේ. මට එතකොට වයස අවුරුදු 16 යි. අපි ඉතිං ලෙස්ටර් සර් ගේ ගෙදරට ගියා. ඒ කාලේ ලෙස්ටර් සර් හිටියේ දෙහිවල එයාලගේ මහ ගෙදර. ඒ 1962 අවුරුද්ද වෙන්න ඕනේ. අවුරුදු පනස් හයක් ගියත් තාම ...
Unified Korea මේසපන්දු කණ්ඩායම හෙවත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීම කසීර මේ දිනවල ස්වීඩනයේ පැවැත්වෙන 2018 මේසපන්දු ලෝක සූරතාවලියේ කාන්තා ඉසව්වේ තුන්වැනි අර්ධ අවසාන පූර්ව වටය පැවැත්වීමට නියමිතව තිබුණේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරය. අද දින එම තරගාරම්භයට පිවිසි කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩිකාවන් නරඹන්නන්ට සමාචාර කරද්දී පසුබිමෙන් නිවේදනය වූයේ කොරියාව උතුර සහ දකුණ ලෙසින් එකිනෙකා සමග තරග නොවදින බවය. ඒ අනුව සිව්වැනි අර්ධ අවසන් පූර්ව වටය ජයග්‍රහණය කළ ජපාන කණ්ඩායම සමග ...
සිනා සිසී මා එන මග කසීර " එන දවසක් වත් හරියට කිව්වේ නැද්ද ?" ඈත බලාගෙන උන්නු මහත්තයා එකපාරටම ඇහුවා. කාර් එකෙන් බාපු අන්තිම බෑග් දෙකත් සාලෙන් තිබ්බ නිහාල් ඔළුව උස්සලා බැලුවා. " නෑ සර්. සර්ට බය වෙන්න එපාය කියන්න කියලා තමයි දෙතුන් වතාවක්ම කිව්වේ" එහෙම කියන ගමන් නිහාල් ආයෙමත් කාර් එක පැත්තට ගියේ වැරදිලාවත් තව බෑග් එකක් ඉතුරු වෙලා තියෙනවද බලන්න. "තව මොනවට බය වෙන්නද" ...
ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය කසීර ගම්පහ ඉසුරු කේටර්ස් හි ආහාර පාන ප්‍රණීතය. නමුත් කවුන්ටරය අසල පොදිකන කස්ටමර්ස්ලා දණිස් පොල්කටු දෙක බිමට ගෙවී කුරුමිට්ටන් වනතුරු ම ආහාර නොලැබේ. ඔබ එහි යන්නේ නම් , පුළුස්සාගත් පොල් කැබැල්ලක් ගෙනයාම වටින්නේ එකම දේ දසවතාවක් මරහඬ දීමෙන් උගුර බැරැන්ඩි වන නිසා ය.කිසියම් කෙනෙක් අතුරුදන් වී යැයි පැමිණිල්ලක් කළ විට ගම්පහ පොලිසියෙන් උපදෙස් ලැබෙන්නේ පළමුව ඉසුරු කේටර්ස් පෝලිම පරීක්ෂා කරන ලෙසය. ...
සතුටු සුරංග විසින් ගෙඩි සියයක් බිම හෙලීම කසීර මේ වනවිට මා ගමන් කරමින් සිටින බස් රථයේ හිමිකරු වන්නේ ප්‍රවීණ ගායනවේදිනී සතුටු සුරංග මහතාය.ඔහු , වසන්තා සන්දනායක සිට නතාෂා පෙරේරා දක්වා ගායිකාවන්ගේ ගීත එකින් එක කාබාසිනියා කරමින් සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යන්නීය. මග දෙපස ඇති රැෆික් එක නිසා අපට ද ඔහු සමග ඒ දිගු ගමන යන්නට සිදු වී ඇත.සතුටු සුරංග මහතා මුලින්ම ගැයුවේ " ලොවම එපා වී ලොවම කළකිරී" ...
සදාචාර සම්පන්න අවුරුදු කුමාරයා කසීර අපගේ සේවා ආයතනයේ 2018 අවුරුදු කුමරා කිරුළ හිමි කර ගැනීමට සමත් වීමි
මඩකලපුවේ සිට ග්රැමි සම්මානය දක්වා - කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් කසීර කවිචන්ද්‍රන් ඇලෙක්සැන්ඩර් යනු ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවේම පාසල් අධ්‍යාපනය ලද ශබ්ද ඉංජිනේරුවරයෙක් සහ ගී තැටි නිෂ්පාදකවරයෙකි. වර්තමානයේ ඇමරිකාවේ වෙසෙන හෙතෙම ලෝ ප්‍රකට හින්දුස්ථානි රාගධාරි සංගීතඥයින්ගේ සහ බටහිර සංගීතඥයින්ගේ ශබ්ද ඉංජිනේරුවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 36 වැනි ග්රැමි සම්මාන උළෙලේ හොඳම ගීත ඇල්බමය ( ලෝක මට්ටම ) සඳහා සම්මානයට පාත්‍ර වූ ඇල්බමයේ ශබ්ද ඉංජිනේරුවරයා සහ ඇල්බම නිෂ්පාදකවරයා ද ...
කරාවේ කුරේලා එපා හොඳේ ! කසීර රෙජිනෝල්ඩ් කුරේ උඩරැටියකු නොවන නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වනවාට මල්වතු හිමියන් විරුද්ධ වී ඇත්නම් මමත් උන්වහන්සේ ගේ පැත්තේය.දැන් මෙහෙමනේ. ගම් පෙරළියේ මාතර හාමිනේ වුණත් පියල් ගැන අහපු ගමං " උන්ට කවුද හිර දෙන්නේ " කිව්වේ නන්දට තියෙන ආදරේටනේ.ඒ වගේ කවුද දන්නේ මල්වතු හාමුදුරුවන්ට නන්දා වගේ දීග දෙන වයසේ දුවලා ඉන්නවද කියලා. හා වෙන්න බැරිද ? උදේ ඉඳන් මහපොළොව එක්ක හැප්පෙන ...
භික්ෂුව සහ ගිහි සමාජය : සිවුර සහ නගුල කසීර අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.බොනිපස් පෙරේරා - රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් - වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා - අමරදේව වීම ...
ඩයන් ගෝමස් : පරාජයට අවජාතක වන්නට නොම දී දූපතකටම ජයග්‍රහණයේ පීතෘත්වය උරුම කිරීම කසීර 2008 බීජිං ඔලිම්පික් උළෙලේ බොක්සිං ෆ්ලයිවේට් බරපංතිය සඳහා සුදුසුකම් ලද අනුරුද්ධ රත්නායක වෙනුවෙන් එදා මෙදා තුර ඉතිහාසයේ පළමු ක්‍රීඩක කේන්ද්‍රීය පූර්ව ප්රචාරක සහ අභිප්‍රේරක මෙහෙයුම දියත් කළේ ඩයන් ගෝමස් ය. එම ප්‍රචාරණය කෙතරම් සාර්ථක වී ද යත් එවර ඔලිම්පික් උළෙලේ අනුරුද්ධ රත්නායකට කුමක් වේ ද යන්න බොහෝ දෙනාගේ සිත තුළ කුකුසක් ඇති කරන්නට සමත් විය.නමුත් අනපේක්ෂිත ලෙසින් අනුරුද්ධ රත්නායක පළමු ...