තිස්ස ගුණවර්ධන : පාසැල් වේදිකාවේ දුයිෂෙන් කසීර චිත්‍ර විෂයය භාර ආචාර්යවරයා ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාල භූමියට ඇතුළු වූ තරුණයෙක් දසක ගණනකට පසුව වියපත්ව ඊයේ දිනයේ දැයෙන් සමුගෙන යන්නේ වේල්ස් කුමර ඉතිහාසයට ඈඳුණු පුරාවෘත්තයක් ලෙසිනි . හෙතෙම තිස්ස ගුණවර්ධන නම් විය.සිතුවම් අඳින, මූර්ති ද කැටයම් ද නෙළන චිත්‍ර ගුරුවරයා ඊට අමතරව පාසලට නාට්‍ය කණඩායමක් ද හඳුන්වා දුන්නේය. ඉනික්බිති තිස්ස ගුණවර්ධනයන් ප්රමුඛ වේල්ස් කුමරුවෝ පාසල් නාට්‍ය ඉතිහාසය රන් ...
එදා දැනුණු සතුට අද පත්තරවල පිටු ගණනාවක් ලිව්වත් ලබන්න බෑ - නන්දන වීරසිංහ කසීර නූතන සිංහල කවිය තුළ වඩාත් කතාබහට ලක්වන , එනුමුදු නිහඬ වතක් අනුගමනය කරන කවියෙක් ලෙස හැඳින්විය හැකි නන්දන වීරසිංහයන් තම එකොළොස් වැනි කාව්‍ය කෘතිය "ක්ෂණ නියාම" නමින් මෑතකදී එළි දැක්වීය. මුල් කාලීනව වාමාංශික දේශපාලන ව්‍යාපාර වල නොමද ආකර්ෂණයට ලක් වූ කවියෙක් ලෙස හැඳින්විය හැකි නන්දන අද වන විට ඒ රාමුවෙන් මිදී කාව්‍යකරණයේ විවිධ රීතීන් සහ නැවුම් ඉසව් හදාරන්නෙකු බව ඔහුගේ ...
ඉන්දියාවේ කල්පනා චෞලා සහ ලංකාවේ කෙස් වැටි කසීර එක පෙළට හිස බිම නමා හිඳ කෙස් කළඹෙන් පාවඩයක් සදන උපාසකම්මලා රෑනක් සහ ඒ මතින් වඩිනා භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ඡායාරූප මේ දිනවල සංසරණය වෙමින් පවතී. මෙවැනි වහල් වන්දනා බුද්ධ දේශනාවට අනුකූල දැයි විවාදයක් හටගෙන ඇත.මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ " කෙස් වැටිය " නම් කෙටිකතාවේ ද මෙබඳු සිදුවීමක් විස්තර කර තිබිණ. ධර්මය දෙසීමේ සූරයෙකු ලෙස ප්‍රකට නාගසේන නම් තරුණ භික්ෂුව කෙරේ බැතිබර ...
බයගුළු ඇස් කසීර "ආච්චි අම්මා ඇයි ඒ කාලේ දිගටම සිං කළේ නැත්තේ " බබා ඇල්බම් එකක් පෙරළගෙන හුරතල් විදියට අහනවා. මම හිනාවෙනවා. " බබා .. ආච්චිට කරදර කරන්න එපා ඉතිං". දුව සෝෆා එකේ ඉඳන් බබාට කෑගහනවා. මම ආයෙමත් හිනාවෙනවා.දැන් මගෙ වයස හැට හතක්. කැනඩාවට ඇවිල්ලා අවුරුදු තිස් පහක් පහුවෙලා කියලා දැනුණේම නෑ.ලංකාව කොච්චර අගේ වුණත් මේ රටවල් ඊට වඩා කොයිතරම් නම් සාමකාමීද. හිතේ ...
ප්‍රියානි : මල් පුදින්නේ දෑඟිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ කසීර ඒ අසූව අනූව දසකයේ යටපත් ව ගිය ඉමිහිරි ගීත පමා වී ආ වසන්තයකින් පිබිදුණු සහස්ර වර්ෂය ය. අසූ පහ තරම් ඈත කාලයක වසන්තා තිලකාංගනී ගැයූ " එපා තවත් ඔබ මා රවටන්නට" සමග කල එළි බසින්නේ ප්‍රියානි ජයසිංහ නම් ගායිකාවක අනූව දසකයේ මැද භාගයේ දී ගයා තිබූ "කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්" ගීතය ය. එකල සුදෝසුදු ටෙලි නාටකයේ රඟ පෑ යොවුන් ...
ජයලත් ; රංජනී සහ බෝනික්කා කසීර "රංජනීට උපන්දින උත්සවයක දී මාමා කෙනෙකුගෙන් බෝනික්කෙක් ලැබුණු දා මම තදින් හැඬුවෙමි. එකල මගේ වයස කීයදැයි කීමට මතක නැතත් මා පාසල් නොගිය කාලය බව නම් ස්ථිරව ම කිව හැකිය. ලොකු නංගී නිදා සිටි පැදුර මත වැතිරගත් මම හඬන්නට පටන් ගතිමි.මා හැඬුවේ රංජනී වෙත තිබුණු බෝනික්කා ගැන නොවේ. හෙට මට අම්මා ගෙනත් දෙතැයි සිතාගෙන සිටි - දැන් අහිමි වී තිබෙන - ...
යුද්ධය නිසා දෙමළ සංස්කෘතික ව්‍යාපාරය සමතලා වුණා : නිලාර් එන් කාසිම් කසීර නිලාර් එන් කාසිම් අප හඳුනන්නේ ගීත රචකයෙක් ; කවියෙක් , පරිවර්තකයෙක් සහ නිවේදකයෙක් ලෙස විවිධ ක්ෂේත්‍ර වල නම දිනූ කලාකරුවෙක් ලෙසිනි. ස්වාධීන සාහිත්‍ය , ජනතා සාහිත්‍ය , සිග්නිස් වැනි සම්මානයන්ට පාත්‍ර වූ හෙතෙම බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබීය. ආශා බෝස්ලේ , හරිහරන් වැනි ලෝප්‍රකට ගායක ගායිකාවන් ට ද ගීත රචනයෙන් දායක වූ නිලාර් තම පද රචනා ඔස්සේ ලාංකේය ගීත යුග ...
සතුටු සුරංග ගේ ගායනා සහ කඩි ගුලක් මත එළුවෙක් වාඩි වීම කසීර සතුටු සුරංග ගායනා කරන බස් රථයක ගමන් කිරීම යනු දුක සහ දුකට හේතුව වටහා ගන්නා පහසුම ක්‍රමය වේ. දුක නැති කිරීම පිණිස දුක නැති කිරීමේ මාර්ගය අනුගමනය කිරීමට යාමෙන් බස් රථයට අලාභහානි කළේ යැයි ඔබව පොලිසියට කුදලාගෙන යාමට ද ඉඩ ඇත."අම්මා.. වරුනේ .. " යනුවෙන් සතුටු සුරංග බැඟිරි තැලීය. කඩි ගුලක් මත පශ්චාත් භාගය තබාගෙන සිටි එළුවෙක් සිහි විය.එකත් එකටම ...
ප්රාතිහාර්යය සහ ලංකාවේ නීති පද්ධතිය කසීර ඉස්සර කාලේ දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන සාන්තුවරියක් හිටියලු. හැබැයි මේ සාන්තුවරියගේ සැමියා ඒ වගේ පුණ්‍ය වැඩ වලට කැමති නෑලු. ඉතිං ඔක්කොම හොඳ දේවල් කරන්නේ හොර රහසේලු. දවසක් මේ සාන්තුවරිය බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් පාන් ටිකක් බාස්කට් එකක දාගෙන වහගෙන යනකොට සැමියා එක පාරට කඩා පැනලා ඇහුවලු " මේ බාස්කට් එකේ මොනවද ගෙනියන්නේ " කියලා. සාන්තුවරිය බය වුණු පාරට කිව්වලු "රෝස ...
අපේක්ෂා කරන සුචරිතය හෙවත් ඌරු දළ තබාගෙන ගජමුතු ඉල්ලීම කසීර ඔබට රුචි නොවන; ඔබගේ සුචරිතයට තරම් නොවන ගවුමකින් සැරසී ගත් කාන්තාවකගේ සේයාරුවක් දුටු විට , ඇය වෛශ්‍යාවක බව එකහෙළා පැවසීමට ඔබට නිදහස ඇත.ඒ ඇඳුමට ඔබ ආසා නොකරන බැවින් ඇගේ අතීතය පිළිබඳ ඔබ දන්නා දෑ (දන්නා යැයි සිතනා දෑ) ඔබ කැමති භාෂාවකින් දිග හැරීමට ඔබට නිදහසක් ඇත.ඔබ අකැමති ඇඳුමක් ඇඳ සිටින ඇයගේ දරුවාගේ සුජාත භාවය ගැන ඔබ කැමති භාෂාවකින් ඔබගේ අදහස ...
බල්ලන් බැඳ තබන්නට කාලය එළැඹ ඇත කසීර "දුව අරගලයට එකතුවුණ එක ගැන මගෙ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනෙ ඒක. ඒ උනත් දුවේ, හෙට පිට රටවල් වල ඉඳන් දොස්තරලා , ඉංජනියර්ල වෙලා ඉගෙන ගන්න අය මෙහාට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තෙ නැති හිඟන්නො හැටියටනෙ ඉන්ඩ වෙන්නෙ. ඒ ගැන හිතනකොට තමයි මට දුක" එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණු තරුණියකගේ පියා ...
බුද්ධ නීතියෙන් බැඳීම හෙවත් බුද්ධ චීවරයෙන් තක්කඩි කම වසා ගැනීම කසීර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවට වරදකරු වුණු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි හට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දෙන ලදි.තම ස්වාමියා වූ කෝවලන් මරා දැමූ පසු වම් පියයුර කඩා දමා මදුරා පුරය ගිනිබත් කළ ...
ඉර්ෆාන් හාෆිස් : ලංකාවේ සැබෑ කී බෝර්ඩ් වීරයා හඳුනා ගන්න කසීර නුසේර් යසින් හෙවත් "Nas Daily" යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනනගන ජනප්‍රිය Vlogger වරයෙකි. මෑතකදී අලුත් වීඩියෝවක් මුදාහරිමින් අන්තර්ජාලය කළඹවන මේ ඊශ්‍රායල ජාතිකයා,සැබෑ කී බෝර්ඩ් වීරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බේරුවල ප්‍රදේශයේ බවත් බවත් ඔහු නමින් ඉර්ෆාන් හාෆීස් බවත් පවසා සිටියේය. ජානගත රෝගයක් හේතුවෙන් දහ නම වසරක් පුරා අක්‍රීයව ඇඳක වැතිර සිටින 37 හැවිරිදි ඉර්ෆාන් ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ සංවාතක ...
නන්දනීය පෙම කසීර කාර් එකක් යාන්තමට හරවන්න ඉඩ තිබුණ පාරේ සුදු කොඩි දාලා තිබුණා. ලොකු පුතා ඉස්සරහ වීදුරුව පාත් කරලා ඔලුව දාලා බැලුවා. "ගන්න ගන්න.. " කියලා කියද්දි රන්ජන් කලුවර කපාගෙන ඉස්සරහට පැදගෙන ගියා. ටික දුරක් යනකොට මළ ගෙදර පේන්න වුණා. වම් පැත්තට අයින් කරපු ත්‍රී වීල් එක්ක වම් පැත්තේ කම්බි වැටේ හේත්තු කරපු පුෂ් බයිසිකල්. තව තුන් හතර දෙනෙක් කළුවර හෙවණකට වෙලා ...
පොලිසියට රට බාර දී පුරවැසියන් වෙළඳාම පිණිස සිංහලේ යාම කසීර මාතර රන් භාණ්ඩ අලෙවිසැලක් මංකොල්ල කෑමට උත්සාහ කිරීම වැළැක්වීමේ දී වෙඩි පහර ලද පොලිස් භටයෙක් ජීවිතක්ෂයට පත් විය. එහි දී අත් අඩංගුවට පත් චාමර ඉන්ද්‍රජිත් නම් සැකකරු අද පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යන්නේ මාතර කිරලකැළේ සඟවා තිබූ ආයුධ පෙන්වන්නට යාමේ දීය.ගංගා නිම්න ආශ්රිත ආයුධ පෙන්නීමට යාම සහ සඟවා ගැසූ බෝම්බ වලින් දමා ගැසීම වනාහි ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ චිත්‍රපට බඳු සිදුවීමකි. ඒ ...
Untitled Post කසීර මම ලංකාවට එනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි. ප්‍රමුදි ගේ අවසන් කටයුතු ඉවර වෙලා තිබ්බ නිසා ගෙදර පුරා පාළු ගතියක් තිබුණා. තමරා ඇන්ටි , ඒ කිව්වේ ප්‍රමුදිගේ අම්මා බලාපොරොත්තු කඩ වුණු ශෝකාකූල මූණෙන් බලාගෙන හිටියා. වැඩිපුර කතා කළේ නෑ. " දුවේ !" කියලා මගේ අත්දෙක මිරිකුවා විතරයි. ඒ උණුසුම් අත් දෙක අතරින් ප්‍රමුදිගේ අත් වල සීතල මට දැනුණා. මම වාඩි ...
විචාර කියවා යශෝදරා නැරඹීම කසීර ඊයේ උණ විකාරේ කියලා බැලුවේ නෑ. යශෝදරා ෆිල්ම් එක බලන්න ගියා. ෆිල්ම් එක බලන ගමං කන්න හෝල් එකේ කැන්ටිමෙන්ම විළඳ අහුරක් ගත්තා. මී පිඩු තිබ්බේ නෑ. ඉතිං පෙප්සි එකක් ගත්තා. මම වාඩි වෙනකොටත් ෆිල්ම් එක පටන් අරගෙන.අනේ අර විචාර වල තිබ්බ දේ ඇත්ත. ඉන්දීය නිළියෝ නිසා ද කොහෙද හරිම සුදු පාටයි. අනික් එක වන ගුල්ම , ලැහැබ් ,එහෙම හරි ලස්සනට ...
නාලන්දාවේ සාරි - ගවුම් කසීර කෙස් කළඹ හිස මුදුනට ගැට ගසා ගත් ලලනාව ගේට්ටුවෙන් ඇතුළට මුහුණ දැම්මාය." එක්ස්කියුස් මී. පේරන්ට්ස් මීටිං. ග්‍රේඩ් සික්ස් " ඇය සිනාසුණාය.ගේට්ටුවෙන් එළිය බැලූ නාලන්දා විද්‍යාලයේ මුරකරු ලලනාව දැක කලබලයට පත් විය . ඔහු කෑ ගැසීය. " පිස්සුද මනුස්සයෝ. ඔහෙට විකාරද? "ඒ ඇසූ ලලනාව තනිවම මුමුණන්නට විය. "මනුස්සයෝ ? ඒ වචනේ ගැන අරකේ කිව්වේ නෑනේ.. සාරි නම් අම්මා - ගවුම් නම් ...
වැඩිහිටි පාලනයකින් තොර හුදෙකලා යෞවන දූපත කසීර ශ්‍රීමත් විලියම් ගෝල්ඩිං විසින් රචිත Lord of the Flies කෘතියෙහි කියැවෙන්නේ යුධ සමයෙක පාලු දූපතකට කඩා වැටෙන බ්‍රිතාන්‍ය පාසල් සිසුන් කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් පිළිබඳ ය. අනතුරෙන් නියමුවා මිය ගියද සිසුන් සියල්ලම තම දිවි බේරාගන්නේ වැඩිහිටියෙක් තොර දූපතක හුදෙකලා වෙමිනි. ආරම්භයේ එකිනෙකා සහයෝගයෙන් වැඩ රාජකාරි බෙදා හදාගෙන තම පැවැත්ම සුරක්ෂිත කරගන්නා යොවුන් දරුවන් කල් ගතවත්ම නායකත්වයේ සහ පාලන බලයේ වියරුවෙන් ...
උතුරේ නැතිවූ ජීවිත අමතක කරන්න තරම් නරුමවාදි වෙන්න මට බැහැ : විසාකේස චන්ද්‍රසේකරම් කසීර සම්මානලාභී ලේඛකයෙක් , නාට්‍ය අධ්යක්ෂවරයෙක් , පිටපත් රචකයෙක් ලෙස ප්‍රකට විසාකේස චන්ද්‍රසේකරම් තම මුල්ම සිනමා නිර්මාණය වූ "ෆ්‍රැන්ජිපානි" හරහා නොමද රසික - විචාරක අවධානයට පත් වූ නිර්මාණකරුවෙකි. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වන "පාංශූ" තවමත් ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ තිරගත කිරීම් ආරම්භ කර නොමැත. නමුත් පසුගියදා පැවති දෙරණ සිනමා උළෙලේ දී "පාංශූ" තිරගත කළ බැවින් සීමිත ප්රේක්ෂකාගාරයකට එය නරඹන්නට අවස්ථාව ලැබිණ. සිනමානුරූපී ...