පරපුරක් බිහි කරවු මාවතේ තනි නොවූ කසීර අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය අරගලයක් මෙහෙයවන ශිෂ්‍යාවකගේ වීඩියෝවක් දකින්න ලැබෙනවා. ඇය ඉතාමත් ආවේගශීලීව අනෙක් සගයින් ව මෙහෙයවනවා පේනවා.ශිෂ්‍ය අරගල වැරදියි කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. පවතින ක්රමයේ යම් නොගැලපීමක් තියෙනවා නම් , අයුක්තියක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ වෙනුවෙන් පාරට බැහැලා කෑ ගහන්න , විරෝධාකල්ප මතයක් දරන්න තරම් ආත්ම ශක්තියක් තියෙන , හිතේ හයිය තියෙන තරුණ තරුණියන් ...
උපන් අකුලෙහිම සැඟ වී - මිය යා යුතු නැත ගොළු වී කසීර කරුණාසේන ජයලත් ගේ "යහළු යෙහෙළි" නවකතාවේ ප්‍රධාන චරිතය වූයේ වනිගසේකර මුදියන්සේලාගේ දෝන මුදිතලතා ය. එක්තරා රාත්‍රියක මුදිතලතාගේ වත්තේ මුරකරු විසින් අසල්වැසි ගෘහ මූලිකයා ව වෙඩි තබා මරා දැමෙන්නේ හොරෙන් පොල් කඩන්නට පැමිණියේ යැයි චෝදනා කරමිනි. යමක් කමක් ඇති පවුලක, සැපට සනීපයට වැඩුණ ද දහදිය කඳුළු තුළ දැවෙන ජීවිත මැනවින් හඳුනා ගත් මානව දයාවෙන් යුක්ත දැරියක වූ මුදිතලතා මේ මිනිස් ඝාතනයෙන් ...
සූර වීර වූ සෙබළ පුතේ (අක්මීමන) කසීර උපන්න මවුබිම රකින්න යන මගෙ සූර වීර වූ සෙබළ පුතේනිවන් දකින්නට ඒ පිංකම ඇතිමතු භවයෙදි රත්තරං පුතේඇල්ලේ ගුණවංශ හිමි විසින් 1990 වසරේ දී "බල සෙනඟට සමර ගී " කැසට් පටයට රචිත මාලනී බුලත්සිංහල විසින් ගායනා කළ ගීතයකි. කෙටි කාලයක් ඇවෑමෙන් මාලනී බුලත්සිංහල තමා අවබෝධයකින් තොරව එම ගීත ගායනා කිරීම පිළිබඳ කණගාටු වන බව ප්‍රකාශ කර රසිකයින්ගෙන් සමාව අයැද සිටියා ය.හිරෝෂිමා ...
ෂෝ මෑන් කසීර ෂෝ මෑන් ව අල්ලලා කියන ආරංචියට ඔක්කොම දුවං ආවා. සබීනා කොණ්ඩේ ගැට ගහා ගහා දුවන ගමං "අරූ අල්ලලු .. අල්ලලු" කියලා පාර දෙපැත්තටම පණිවිඩේ කියාගෙන දිව්වා. අපිත් ඉතිං පස්සෙන් දිව්වා. මෙච්චර කාලයක් තිස්සේ සැරෙන් සැරේට මතු වුණ ෂෝ මෑන් ව අල්ලගත්ත හැටි සියැසින් ම බලන්න.මෙච්ච්ර කල් මම හිතං හිටියේ ම ෂෝ මෑන් කියන්නෙත් ඔන්න බබෝ බිල්ලා වගේ කෙනෙක් කියලා. ඇයි ...
කඩු ලිබ්බොක්කේ සඟවා කුඩ එළියට ගෙන වඩිග පටුන නැටීම කසීර සහජීවනය හෝ වෙනයම් දිව්‍යමය බිබික්කමක් නිරූපණය කිරීම පිණිස ධර්ම චක්‍රය ට අමතරව ඇලවූ කුරුස ලකුණ සහිත වෙසක් කූඩු වලට සංඝයා වහන්සේ නමක් විරෝධය පා එම කූඩු ප්‍රදර්ශනය කිරීම වළක්වා ඇත. වෙසක් කූඩු හැදූ පිරිස ඒවා ගිනි දෙවියන්ට පුදා ඇත. මහින්දාගමනයෙන් පසුව එතෙක් මෙරට පැවති ගිනි දෙවි වන්දනාව වෙනුවට ප්‍රදීප පූජාව ආදේශ කරනු ලැබූ අතර රාජාංගන තරුණ කැළ එය වඩාත් ...
සියවසකට කලින් පැමිණ දූපතක අතරමං වූ සිනමා විද්‍යාඥයා : ගිවන්ත අර්ථසාද් කසීර "වීරෝදාර සිංහලය දැන් එක රටකි. ජාතියේ නිදහසත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් , බෞද්ධ උරුමයත් වෙනුවෙන් අභීතව සටන් වැදුණු වීරෝදාර සිංහල ජනතාව ගෙනගිය අප්‍රතිහත ප්රයත්නයේ එක් කීර්තිමත් පරිච්ඡේදයක් ප්රභාවත් වෙයි" ඒ 1979 වසරේ ඔක්තෝබර් 19 වැනි දා තිරගත වු ලාංකේය සිනමාවේ මුල් ම කාටූන් චිත්‍රපටය වන "දුටු ගැමුණු" චිත්‍රපටය වෙනුවෙන් එකල විකාශය වූ පූර්ව ප්‍රචාරණ චිත්‍රපටයයි. දෙවියන් වහන්සේට වත් මුහුදුබත් කළ නොහැකියැයි ...
ගුරු ගීතය මිහිරි විය යුතුම ද ? කසීර චිත්‍රා සෝමපාල විසින් ගායනා කරන ලද "උඩරට කඳුකර සිරියා පරදන" යනු අප කුඩා කල සිට ම රේඩියෝවෙන් ඇසුණු ගීතයකි. එය තේ කම්කරු ප්‍රජාව සිහිපත් කරන ඕනෑම විටක ඒ හා නිසගවම සිහි නැගෙන සංකේතීය ගීතය වන තරමට ජනගත ව තිබිණ. මතකය නිවැරදි නම් අනූව දසකයේ මුල් භාගයේ ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජණ තරගාවලිය ට ඉදිරිපත් වූ නුෂාරා ප්‍රනාන්දු තම ...
උණ පඳුර සෙවණේ සිටි දැරිය හෙවත් සිබිල් වෙත්තසිංහ කසීර සිම්සන් නෝනා ආදරී හිතට බොහොම වී පිරී දෙයියනෙ හිතට දුකයි ආලේ ලීලේ ඒ තමයි" ගිංතොට ගම් රොද ට ආ කවිකොළ කරුවෙක් ඉතා දුක්බර හඬින් , කරේ තිබුණු ලේන්සුවෙන් නාසය සූරා දමමින් , දෑසේ කඳුළු ද පිසිමින් ගයනු ඒ කුඩා දැරිය ට හොඳහැටි මතක ය. එංගලන්තයේ රජු ව සිටි අටවැනි එඩ්වඩ් කුමරු වැලීස් සිම්ප්සන් නම් දෙවරක් විවාහ වූ ඇමරිකානු කාන්තාවක ...
විල්පත්තුව : ඇඩ්ලින් සහ ආනන්දගොඩ කසීර විල්පත්තුව යන නම ඇසෙත් ම මට සිහිවන්නේ ඇඩ්ලින් විතාරණ ය. ඇඩ්ලින් විතාරණ ඝාතන නඩුව එකල ප්‍රකට වී තිබුණේ "විල්පත්තු මිනීමැරුම" ලෙසිනි. ඇඩ්ලින් පළමුව ජයලාල් ආනන්දගොඩ ට රැවටුණා ය. දරුවෙක් බිහි වූ පසු ව මගහැර සිටි ඔහු සොයා යන ඇය නැවත වතාවක් රැවටී හත්මස් ගැබිණියක බවට පත් වූවා ය. අනතුරුව ඒ දරුවන් දෙදෙනා ට පියෙක් සොයන්නට කළ අරගලය අවසාන වන්නේ ...
දශක හතරකට පසු යළි හමු වූ 'ගැහැනු ළමයි' කසීර "රංජනීට උපන්දින උත්සවයක දී මාමා කෙනෙකුගෙන් බෝනික්කෙක් ලැබුණු දා මම තදින් හැඬුවෙමි. එකල මගේ වයස කීයදැයි කීමට මතක නැතත් මා පාසල් නොගිය කාලය බව නම් ස්ථිරව ම කිව හැකිය. ලොකු නංගී නිදා සිටි පැදුර මත වැතිරගත් මම හඬන්නට පටන් ගතිමි.මා හැඬුවේ රංජනී වෙත තිබුණු බෝනික්කා ගැන නොවේ. හෙට මට අම්මා ගෙනත් දෙතැයි සිතාගෙන සිටි-දැන් අහිමි වී තිබෙන-මගේ බෝනික්කා මතක් ...
Dominique Moceanu | රන්මසු අබියස අහිමි වූ ළමා විය | 1996 කසීර Dominique Moceanu සැලකෙන්නේ ඇමරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ ස්වර්ණමය මොහොත වෙනුවෙන් දායක වූ ස්වර්ණමය සාමාජිකාවක් ලෙසිනි. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දී ඇමරිකානු කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් ඉසව්වේ හය වැනියා වූ ඇමරිකාව පුරා වසර හතරක් මේ ඉලක්කය හඹා යන්නට පිඹුරුපත් ඇඳ තිබිණ. දීර්ඝ සැලසුම් වලින් අනතුරුව තම මව්බිමේ ...
බන්දුල ගුණවර්ධන සිරිමතාණන් වෙත ලියමි ; කසීර බන්දුල ගුණවර්ධන සිරිමතාණන් වෙත ලියමි ; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 18 වන අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ ඔබ අද පිට කළ වචන කිහිපය පිළිකුලෙන් යුතුව අසා සිටියෙමි. 'හොඳම දේ ළමයින්ට'යැයි පුන පුනා කියන රටක මෙවැනි නරුම ප්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයෙකු හට රටේ අධ්‍යාපනය පස් වසරකට භාර දීම නිවැරදි කළ හැකි වරදක් නොවේ. "ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර පාසැලක ...
Kemi Adekoya තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වේ කසීර 2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක්‍රීඩිකාව Kemi Adekoya තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වේ. බහරේනයේ පුරවැසි බව ලද නයිජීරියානු ක්‍රීඩිකාවක වන Kemi Adekoya 2014 ඉන්චියොන් ආසියානු තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ මූලික වටයේදී , එනම් අවසන් පූර්ව වටයේදී ම තත්පර 51.11 කින් තරගය නිම කළේ නව ...
තිලකා ජිනදාස : දැල්පන්දු පල් වළෙහි සත් පියුම් පුබුදන්නී කසීර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු සූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමටත් ජාතික කණ්ඩායමේ පුහුණුකරු තිලකා ජිනදාසටත් අපගේ උණුසුම් සුභ පැතුම් පිරි නමන්නෙමු ; ලාංකේය දැල්පන්දුව අද පත්ව සිටින අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි යමෙක් වේ නම් ඒ තිලකා ජිනදාසම බව පැවසීමේ වරදක් නැත. 2009 ආසියානු සූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය වූ තිලකා ලාංකේය දැල්පන්දුවෙන් ඈත් කරවීමේ උත්සාහයක් තිබූ ...
ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව : අනේ අපි කවදාක පිහිනමුද ඒ ඟඟේ කසීර විජයග්‍රාහී මළල ක්‍රීඩා ක්ෂේත්රයක් සියැසින් දුටු අවසාන පරපුර අපදෝ සැකයක් සිතෙන්නේ 18 වැනි ආසියාතික තරගාවලිය තුළ අවසන් පූර්ව වට වලදී , අවසන් වට වලදී හය වැනි හත් වැනි තැනින් සෑහීමකට පත් වන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුටු විට ය. මෙයට හරියටම වසර 20 ට පෙර 1998 දී බැංකොක් නුවර පැවැත්වුණේ 13 වැනි ආසියාතික ක්‍රීඩා උළෙලය. මීටර 400 ඉසව්වේ රන් පදක්කම ...
නිලාර් එන්. කාසිම් : සරස වසන්තය කසීර ඔහු නිර්රූල් නිලාර් හෙවත් නිලාර් එන්. කාසිම් ය. මාතර රාහුලයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සිංහල ගෞරව උපාධියක් හැදෑරූ සිංහල බසට පෙම් බැඳි මුස්ලිම් ජාතිකයා ඔහුය. එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නිරායුධ පුවත්පත් කරුවෙකු වූ අරුණ කහඳගමගේ , එනම් සාහිත්‍යවේදී පියසේන කහඳගමගේ ගේ බාල සොහොයුරා වෙනුවෙන් 1991 පළ වූ "අරුණ කී කවි සහ අරුණට කී කවි" ...
දීප්ති ! කසීර ඒක ඇත්තටම වෙයි කියලා අපි නිකමටවත් හිතුවේ නෑ. සූර්යා ඉන්න 24 චිත්‍රපටිය අපි බැලුවේ කුරුණෑගල ජුපිටර් හෝල් එකේ. බියර් කෑන් දෙකක් සාක්කුවල හංගගෙන අපි ඇතුළට ගියේ. චිත්‍රපටියේ වගේ අතීතයට යන්න පුළුවන් ඔරලෝසුවක් ලැබුණොත් මොනවද කරන්නේ කියලා පාලින්ද දොඩවන්න ගත්තා. බියර් එකටත් වෙරි වෙන ලුම්පන් පංතියේ උන් එක්ක දෙමළ ක්‍රියාදාම චිත්‍රපටි බලන එකත් එක්තරා විදියක විහිළුවක් තමයි. ඒත් එදා මගේ අතේ ...
ආගමික ත්‍රස්තවාදය සහ සාහිත්‍යය කසීර 1967 වසරේ දී "දැති රෝදෙන් උපන් බුදුන්" කෙටිකතා සංග්‍රහය ලියූ එවකට 27 හැවිරිදි ටෙනිසන් පෙරේරා නම් ලේඛකයාට නවතින්නට වූයේ කොටුව රහස් පොලිසියෙනි. බෞද්ධ සමිති සම්මේලනය වෙනුවෙන් ලීලානන්ද කල්දේරා ගොනු කළ පැමිණිල්ලකට අනුව බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලද කතුවරයා චීන කොමියුනිස්ට් පිලේ පෙළඹවීම මත එම කෘතිය ලියන ලද බවට පැමිණිලිකරුවන් විසින් අනුමාන කර තිබිණ. "එතැනදි පොලිසියේ අය මගෙන් ප්‍රශ්න ...
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං කසීර නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්ඉතින් මොකෝ ආස නෑ ආදරේට මංබෝඩිමේ කොණේම කාමරේ කැසට් එකෙන් ප්‍රියන්ත- ඉන්ද්‍රාණිගේ යුග ගීතයක් ඇහෙනවා. අනේ මන්දා ! රෝස කැළේ රතු කැකුළී ඇරෙන්න ඉන්ද්‍රාණිගේ වෙන කිසිම සිංදුවක් ගැන ආසාවක් නොහිතුණාට මේ සිංදුවත් අහං ඉන්නකොට කැතම නෑ වගෙයි. "ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං" කියන කොටස කියන්නේ ඉන්ද්‍රාණිද මම ද කියලා ආයෙත් වතාවක් කල්පනා කරන්න ඕනේ.ඒ කාලේ කොඩිකාර ...
තිත්ත කහට : තේ කෝප්පයේ දුක්බර කතාවයි කසීර අපි ලයනල් වෙන්ඩ්ට් වෙත ඇදෙන්නේ ජන කරළිය මගින් ඉදිරිපත් කරන "තිත්ත කහට" නාට්‍යය වේදිකාගත වන බව ඇසීමෙනි. අඩ අඳුරේ පුටු අත ගාමින් අසුන් ගන්නා විට පෙනෙන්නේ අවට සිටින කිහිප දෙනෙක් සමීපයේ කුඩා ඉන්දීය කොඩි ඇති බවය. පැමිණ සිටින්නේ වැරදි තැනකටදැයි සිතන පමාවට එබඳුම කුඩා කොඩියක් අප අතට ලැබුණු අතර එසැණින් රංග ශාලාව අඳුරේ ගිලිණ. අන්ධකාර වේදිකාවේ මගියන් පිරිසක් වූ අතර ...