චාන්දනී පායලා : සාහිත්‍යයික ප්‍රේමය අතික්‍රමණය කිරීම කසීර ප්‍රේමයෙන් ආතුර වූ තරුණයෙක් ගේ නොදැමුණු සිතිවිලි ද , ඔහු කෙරේ බලපවත්නා ප්‍රේම රික්තකය ද , ප්‍රේමය උදෙසා ඔහු තුළ ජනිත ලාලාසව ද පවසන "චාන්දනී පායලා" යනු නිලාර් එන් කාසිම් විසින් භාතිය - සන්තුෂ් හට රචනා කරන ලද රමණීය ගී පද වැල් අතරින් එකක් පමණකි. ශ්‍යාමලංගන් ශ්‍රී රංගනාදන් විසින් පූර්ව නිර්මිත තනුව සමග මෙම ගීතය සමකාලීන ලාංකේය ගීත ක්ෂේත්රය තුළ ...
දිල්ෂාන් පතිරත්න - තක්කඩිකම සහ දමිත් අසංක කසීර යූ ටියුබ් චැනල් අද වන විට බලුබෙටි බඳුය. ඒවා හැමතැනම දක්නට ලැබෙන අතර පාගා ගැනීමෙන් දුර්ගන්ධයක් හැරෙන්නට වෙනත් කිසිදු ප්රසාදජනක ප්‍රතිඵලයක් උපදින්නේ නැත .කුවේට් කුමාරි ලෙසින් ස්වයං බෞතීස්මයට ලත් රටවිරු කාන්තාවගේ සමබරතාවකින් තොර හැසිරීමේ සිට දමිත් අසංක නම් ගායකයාගේ වෙනස් හැසිරීම දක්වා ම යූ ටියුබ් නාලිකා වල කටගැස්ම වන්නේ කුමන පරමාර්ථයෙන් ද යන්න අප දනිමු. අමතක කළ යුතු නැත. මේ ...
ඊයෙත් පැන්නට වැඩක් වුණේ නෑනේ ! කසීර වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී දුලක්ෂි චමෝදරී නම් එ.ජා.ප මන්ත්‍රීවරියක් පොලිස් රාජකාරියට බාධා කරමින් , තර්ජනය කරමින් අශිෂ්ඨ ලෙස හැසිරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වේ.මන්ත්‍රීවරුන් ශිෂ්ඨ ලෙස හැසිරීම ම ප්‍රවෘත්තියක් වන රටකට මේවා අමුතු පුවත් නොවන බව දනිමු. නමුත් වඩාත් වැදගත් වන්නේ ලාබාල එ.ජා.ප මන්ත්‍රීවරියගේ කෂඩ හැසිරීම නොව බාල සොහොයුරිය මුදා ගැනීම පිණිස පොලිසියට අභියෝග කරන මොහොතේ දී ...
යුරේනි නොෂිකාට කොටුවේ පොඩි හාමුදුරුවන් හමුවීම කසීර ඇය :රූමත් බව නිසා ජනප්‍රියත්වයට පත් වන අතරවාරයේ ම ඇයගේ කෙළිලොල් සහ සැහැල්ලු හැසිරීම පමණක් නොව ඇය අඳින යට ඇඳුමේ වර්ණය පවා විනිවිද දකින සමාජය විසින් විවෘත නිග්‍රහයට ද පරිභවයට ද ලක් වන තරුණ රූමත් නිළියකි.ඔහු :කාන්තා ඇඳුම් පැළඳුම් ,කොණ්ඩා මෝස්තර , රූපලාවණ්‍ය කටයුතු , දරුවන් වැදීම් වැනි දෑ විවෘත ව නිග්‍රහයට ලක් කරමින් , බමුණු මත මිනුම් දඬු ලෙස ...
රනූ මොන්ඩාල් : මහා කතරක ගෙවූ තනිමග කසීර ඉන්දියාවේ රනාගට් ස්ටේෂන් එකේ බිම වාඩිවෙලා මිහිරි හඬින් සිංදු කියපු පනස් හැවිරිදි කාන්තාවකගේ දෛවය පුදුමාකාර මාවතකට පිවිසුණා කියලා කියවන්න ලැබෙනවා. රනූ මොන්ඩාල් කියන ඒ කාන්තාව මේ වෙනකොට බොලිවුඩ් චිත්‍රපටයක පවා ගී කියන්න වාසනාව ලබලා තියෙනවා. දිව්‍යමය හඬක් ! ඇය ගැන හඳුන්වන හැමතැනකම මේ යෙදුම නම් වරදින්නේම නැහැ.රනූ මොන්ඩාල් තමන්ගේ නඩත්තු නොකළ මුහුණේ වේදනාබර හැඟීම නොසංගා ලතා මංගේශ්කාර්ගේ සිංදුවක් කියනවා ඇහෙනකොට ...
ඉරාජ් වීරරත්නගේ ගවුම් කසීර ඉරාජ් වීරරත්න විසින් මූදු වෙරළක , වැටකෙයියා ගාලක් ඉදිරිපස මල් මල් ගවුමක් ඇඳ "කැපුවත් කොළ" නමින් මියුසික් වීඩියෝවක පූර්ව ප්රචාරක දැන්වීමක් පළ කිරීම අරභයා සමාජ මාධ්‍ය ජාලා තුළ කතිකාවක් ගොඩ නැගෙමින් පවතී.ඉරාජ් එම දැන්වීම තුළ #Api UNP නම් හැෂ් ටැග් යොදා ඇත. ඡායාරූපයේ ඉරාජ් සමග තවත් පස් දෙනෙක් ගවුම් ඇඳ සිටින අතර සංක්‍රාන්ති ලිංගිකත්වය (Trans Sexual) හෝ විරුද්ධ ලිංගික ඇඳුම් ...
සමනල යුගයක පිපුණු කුසුම් පීරිස් කසීර එදා ආනන්ද සිරිසේනයන් ගේ "වජිරා" ගුවන් විදුලි නාට්‍යයෙහි දුප්පත් "නිමල්" ලෙස රෝහණ සිරිවර්ධනයන් ගේ හඬ මුසුවෙද්දී පොහොසත් "වජිරා" ලෙසින් හඬ මුසු කළ කුසුම් පීරිස් නම් තරුණිය ඇය ය. විටෙක ගුවන් විදුලි නිවේදිකාවක ලෙස ද තවත් විටෙක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස ද ඉඳහිට රංගන ශිල්පිනියක ලෙස ද රේඩියෝ පරම්පරාව ආදරයෙන් වැළඳගත් කුසුම් පීරිස් ඇය ය.කුසුම් පීරිස් සේවය කළේ ශ්‍රී ලංකා ...
අලින්නේ අපේ කෙරුම් කසීර බතික් සැට්ටයක් ඇඳ පෙරහරක සංචාරය කළ පමණින් රෝගී, දුර්වල අලි මැහැල්ලකට දියවඩන නිළමේ කෙනෙකුට හිමිවන වරප්‍රසාද හිමි නොවන බව ඔබ අප අවබෝධ කර ගත යුතුය.නුවර පෙරහරේ අලි ගැන හද කම්පා වන්නේ නම් එලිෆන්ට් සෆාරි සඳහා යොදවන අලි ගැන ද අප්‍රිකාවේ සංචාරකයින් පිනවීමට ගන්නා අලි ගැන ද , බිලි පූජා වලට කැප කෙරෙන එළුවන් ගවයින් ගැන ද හද කම්පා විය යුතු ...
නිර්මලා : සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක් වී කසීර නිර්මලා රණතුංග ලාංකේය ගීත ඉතිහාසය තුළ නිරන්තරයෙන් පෙනෙන නොපෙනෙන දුරක සිටින චරිතයකි. ඇය නිරතුරුව , සෑම මොහොතක ම දක්නට නැත. නමුත් නිර්මලා ගැයූ ගී කාලයේ වැලිතලාවට යටපත් වන්නේ ද නැත. නිර්මලා විෂයයෙහි දක්නට ලැබෙන සුවිශේෂීතාව වන්නේ ඇයගේ ජනප්‍රිය ගීත අතරින් බොහොමයක් යුග ගීත වීම ය. ලක්ෂ්මන් විජේසේකර සමග ගයන "මේ ප්‍රේම සීමා මාලකේ" "ඔබ මට තරුවකි" සහ "පාවේදෝ බිඳී ඈත ...
බතික් රෙද්ද සහ පඬු රෙද්ද කසීර බතික් රෙද්දක් පොරවා පෙරහරට ඇදගෙන යන හස්ති රාජයාගේ සහ පඬු රෙද්දක් පොරවා බණට , පිරිතට වඩමවාගෙන යන සාමණේර භික්ෂුව අතර කිසිදු වෙනසක් නැත.මේ දෙපාර්ශ්වයටම තමා මුහුණ දී ඇති සැබෑ තත්ත්වය සහ තමාට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ කුමක්දැයි යන්න ප්‍රකාශ කිරීමට ඉඩ අවකාශයක් නොමැති අතර නිසැකව ම මේ දෙපාර්ශ්වය වෙනුවෙන් ම හඬ නැගිය යුතුව ඇත්තේ ඔවුන්ගේ කුලකය ට පරිබාහිර පාර්ශ්වයන් විසිනි.ඒ ...
සාගරයක් මැද අමන රටක් ඇත කසීර පසුගිය පාස්කු ඉරිදාව බෝම්බයෙන් ද රුධිරයෙන් දූලි වලාවෙන් ද සුණු විසුණු ව කම්පනීය මතකයක් සමග ඉතිහාසයට එක් විය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලකයින් හට පාස්කු ඉරිදාවේ දී කතෝලික දේවස්ථාන ඉලක්ක කරගත් බෝම්බ උවදුරක් ඇති බව ට අනතුරු ඇඟවීම් ලිඛිත ව ලැබී තිබුණ ද එම පණිවුඩය මෙරට ඡන්දදායකයන් වෙත ප්‍රේෂණය කිරීමට පමණක් ඔවුන් අපොහොසත් වූහ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ...
නිරංජලා : ඇයි මම ඔබ ළඟ නතර වුණේ කසීර "මේ ගඟ මේ දුරු කතර ගෙවා" ගීතය යූ ටියුබයේ පිරික්සන විට ඒ ගීතය ම සෙව්වන්දි රණතුංග ; දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන ආකාරය ද අසන්නට ලැබිණ. සමහර කටහඬ මෙ මිහිමත බිහිව ඇත්තේ ඔවුන් ගැයූ ගීත මතු මතුවටත් ඔවුන්ගේ ම හඬින් ගැයෙන්නට විනා වෙනකෙක් ගේ හඬින් ගැයෙන්න ට නොවේ යැයි සිතෙන අවස්ථා ඇත. එයට ජීවමාන සහ කදිමතම උදාහරණ වන්නේ නිරංජලා සරෝජිනීගේ ...
අපේ දිහා නෑ අපේ දිහා නෑ - ගෑනු ළමයි නෑ දීග යන්න නම් කසීර යහපාලන රජය සංජීවනී වීරසිංහ බඳු ය. එවිට මුස්ලිම් අමාත්‍යවරු සමන් ද සිල්වා බඳු ය.යහපාලන රජය උජාරුවෙන් මෙසේ ගයයි."අපේ දිහා නෑ අපේ දිහා නෑගෑනු ළමයි නෑ දීග යන්න නම්"මුස්ලිම් අමාත්‍යවරු ඒ අසා විස්සෝප වෙති."හිනා පොදක් නෑ කතා බහක් නෑගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්"යහපාලන ආණ්ඩුවට කේන්ති යන්නේ එවිට ය."අපේ වගක් මොටද වදේ"ඒ අසන මුස්ලිම් අමාත්‍යවරු දුකට පත් ව දමනය වන්නට ගනී."ඔහොම ...
ෆල්ගුනි පතක් : ලාලිත්‍යවත් රූපය සහ හඬ මුසුව කසීර ෆල්ගුනි පතක් ට තිබුණේ ලස්සන කටහඬකි. ඇය තමන්ගේ ලස්සන කටහඬට ගැලපෙන ලස්සන ගීත ම තෝරාගැනීම හරහා ලද අමතර ආලෝකය සමාන වන්නේ ඒ කාලයේ නීලා වික්‍රමසිංහ තමන්ගේ ලස්සන පෙනුමට ගැලපෙන වර්ක් කළ ඔසරි ඇඳ ගොඩනගා ගත් අනන්‍යතාවයට ය.ෆල්ගුනි පතක්ගේ සෑම ගීතයක් ම පාහේ ජනප්‍රිය වන්නට හේතුව වූයේ ඇගේ කරහඬට අමතරව ඒ ගී පුරා නින්නාද වන ඉතා පොහොසත් සංගීතය පමණක් නොව සෑම ...
දැල්පන්දුවේ කෙහෙවලු අන්දරය : හයිසින්ත්ගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ ඇයි ? කසීර 2019 වසරේ දැල්පන්දු ලෝක කුසලානය පසුගිය ජූලි මස 12 - 21 දක්වා එංගලන්තයේ ලිවර්පූල්හි දී පැවැත්විණ. 2018 වසරේ ආසියානු සූරියන් ලෙස තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම් 16 ක් අතරින් 15 වැනි තැන හිමි කරගත් අතර 16 වැනි ස්ථානය හිමි වූයේ සිංගප්පූරුවට ය. මූලික වටයේ පළමු අදිරේ දී ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තය වෙතින් පරාජයට පත් වූ ශ්‍රී ...
මාලනී ! ඔබට මා ආදරය කළ බව මෙතරම් කසීර ඉදින් බී. ඇස් මාලනී හෙවත් මාලනී බුලත්සිංහල ද තමාටත් විරහ ගී ද ගයන්නට හැකි බව පෙන්වන්නට සිතුණු හෙයින් අපි තවමත් සෝකයේත් , මග හැරීමේත් කම්පනයෙන් මිදෙන්නට නොහැකිව වේදනා විඳිමු."වළාවකින් ඔබ මැකී ගියා බොල් අහසේ - සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ" යනුවෙන් ගයන ඇගේ හඬ දහස් සංඛ්‍යාත රහස් සැඟවුණු විසල් පාලු මන්දිරයක මැද දැල්වෙන චිමිනි ආලෝකයක් බඳු ය. අඳුර ...
ප්‍රේමකීර්ති ද අල්විස් : සිංහල සිනමා ගීතයේ ෆරීනා ලායි කසීර මෙයට වසර තිහකට පෙර , එනම් 1989 වසරේ අද වැනි දවසක ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ශක්‍යතාවයෙන් පිරි කලාකරුවා අප අතරින් වෙන් ව ගියේ ය. රාත්‍රි කළුවර මැද හෝමාගම නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ය ප්‍රේමකීර්ති ද අල්විස් ව පිටතට කැඳවාගෙන යන්නේ ප්‍රශ්න කිරීම පිණිස බවත් ආපසු එවන බවත් පිළිණ දෙමිනි. හතළිස් දෙහැවිරිදි ප්‍රතිභාපූර්ණ ගීත රචකයා , ජනකාන්ත නිවේදකයා ...
ශ්‍රී ලංකා ක්‍රිකට් vs දස පාරමිතා කසීර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑදී ඇත්තේ මතු බුදුවන බෝසතුන් පිරිසකගෙනි. ඒ මන්ද යත් මේ සමස්ත කණ්ඩායම ම මුළු ක්‍රීඩා ජීවිතයම මුළුල්ලේම දස පාරමිතා පුරන බැවිනි.1. දාන පාරමිතාශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරම් තරග දන් දීමට වෙනත් කිසිම රටක කිසිම කණ්ඩායමක් සමත්වන්නේ නැත. වෙස්සන්තර ජාතකයේ එන දන් දීමත් පරාද කරවන සුළු ක්‍රීඩා විලාසය දකින විට "මොහු හැර වෙන දන් ගන්නෝ නැද්දෝ - ...
මරණ දඬුවම සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කසීර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබිණ.සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය මුතූර් හි පහළොස් හැවිරිදි රිසානා නෆීක් 2013 වර්ෂයේ දී හිස ගසා දැමුණේ ශ්‍රී ලංකා රජයේ බලවත් විරෝධය මත ය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ වේල්ස් හි චාල්ස් කුමරු පවා රිසානා වෙනුවෙන් අභය ඉල්ලා තිබුණ ...
හෘද සාක්ෂ්‍ය සහ මරණය | ඊවන් ෂැන්ඩ්ලර් කසීර කලු ජාතික ඇමරිකානුවෙකු වන ජෝ ජැක්සන් අග්න්යාශීය පිළිකා ප්‍රදාහයක් හේතුවෙන් 2018 වසරේ ජූනි මස 27 වැනි දා ලස් වේගාස් නුවරදී ජීවිතයෙන් සමු ගත්තේය.මිය යන විට අනූ හැවිරිදි වියේ පසු වූ හෙතෙම ලෝ ප්‍රකට පොප් තරුව වූ මයිකල් ජැක්සන්ගේ ආදරණීය පියාණන් විය. හිසකේ මුදු ගැසුණු කළු ජාතිකයෙක් ලෙස ඉපිද , හිසකේ ඇද දැමුණු සුදු ජාතිකයෙක් ලෙස මිය ගිය පුතුගේ දිවි සැරිය ...