මාර්තු 27 : මාලන් බ්රැන්ඩෝ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරයි කසීර 1973 වසරේ අද වැනි දවසක සුපිරි බොලිවුඩ් නළු මාලන් බ්රැන්ඩෝ තමාට හිමි වූ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළේය.එම 45 වැනි ඇකඩමි සම්මාන උළෙල පැවතුණේ 1972 වසර සඳහා ය. හොඳම නළුවා සඳහා නිර්දේශිත නම් අතර The Godfather චිත්‍රපටයේ මාලන් බ්රැන්ඩෝ ගේ නම ද සඳහන් විණි. එවකට නෝර්වීජියානු නිළියක වූ ලිව් උල්මන් (Liv Ullmann) විසින් ජයග්රාහකයාගේ නම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් විය. The ...
මාර්තු 25 : ජෝන් ලෙනන් තම බිරිඳ සමග Bed -In සාමකාමී විරෝධතාව දියත් කරයි කසීර 1969 වසරේ අද වැනි දවසක ජෝන් ලෙනන් තම බිරිඳ යොකෝ ඔනෝ සමග වියට්නාම යුද්ධයට එරෙහි Bed -In සාමකාමී විරෝධතාව දියත් කළේය.1969 මාර්තු මස 20 වැනිදා ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ විවාහප්‍රාප්ත වූහ අතර නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩැම් හි හිල්ටන් හෝටලයේ කාමර අංක 702 යනු ඔවුන්ගේ මධුසමය ගත වන ස්ථානය ය. ඔවුන් එම මාර්තු මස 25 සිට 31 වැනිදා දක්වා පෙ.ව. 09.00 සිට ...
ඉක්බිති එතුමාණෝ රුසියාව වෙත වැඩම කළහ කසීර "මොකක් ??? ඔයා මේ මහ රෑ එකපාරටම කොහෙද යන්නේ ?"දුරකතනයට පිළිතුරු දෙමින් සිටි තරුණයා විස්මයෙන් ඇසුවේය. අනෙක් පසින් ඇසුණේ යුවතියකගේ කලබලකාරී හඬකි."තාම හිතලා නෑ. රොමින්ස්කා කැළේපැත්ත ට යන්නත් හිතෙනවා" ඇය එසේ පවසා තරමක් රහසින් මෙන් මෙසේ අසන්නීය "ඔයා මොකද හිතන්නේ ? අපිට අසර්බයිජාන් වලට පැනගන්න වෙලාවක් තියෙයිද ?""මරියා !" තරුණයා ඉවසුම් නැතිව උස් හඬින් කෑගසයි. "දෙයියන්ගේ නාමෙට ඔයාට මොකද වෙලා ...
කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න : උපුල් ශාන්ත සන්නස්ගල කසීර ඡායාරූපය : රන්දික අහංගම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳපොළක් නිර්මාණය වීම පිළිබඳවය. බෙනඩික් අරබයා පමණක් නොව, සමස්ත විචාරක ...
මාර්තු 20 : ෂෝකෝ අසහාරා තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කරයි කසීර 1995 වසරේ අද වැනි දවසක ෂෝකෝ අසහාරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෙගාතුර වූ අතර පන්දහසක් පමණ තාවකාලික දෘෂ්‍යාබාධ වලින් පීඩාවට පත් විය. ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් මෙම විෂ වායු ප්‍රහාරය එල්ල කරනු ලැබිණ. දුම්රිය මාර්ග තුනක් ඉලක්ක කර ...
මාර්තු 18 : වසර පහළොවකට පසු ටෙරී ෂයිවෝ ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ කසීර 2005 වසරෙ අද වැනි දවසක මහත් ආන්දෝලනයට තුඩු දුන් "ටෙරී ෂයිවෝ"ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ."ටෙරී ෂයිවෝ" (Terri Schiavo) යනු වසර පහළොවක් තිස්සේ නළයක ආධාරයෙන් ආහාර සපයනු ලැබූ සුවකළ නොහැකි තත්ත්වයේ පසු වූ රෝගී කාන්තාවකි. මොළය දැඩි ලෙස හානියට පත්ව සිටි ටෙරී ගේ ජීවිතය බේරා ගැනීමට කිසිදු ඉඩ හසරක් නැතැයි වෛද්‍යවරුන් තහවුරු කර තිබූ අතර ඇගේ සැමියාගේ අදහස වූයේ ...
මාර්තු 17 : ද්‍රෝහී වීම සඟවා සිනාසෙන "Burst of Joy" ඡායාරූපයට නැගේ කසීර 1973 වසරේ අද වැනි දවසක පුලිට්සර් ත්‍යාගය හිමි කරගත් "Burst of Joy" ඡායාරූපය "ස්ලාවා සල් වෙදර් " (Slava Sal Veder) ගේ කැමරාවේ සනිටුහන් විය.හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින ,වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ. නිදහස ලබා එන්නේ ඇමරිකානු සෙබළුන් විසි දෙනෙක් පමණකි. නුමුදු ඔවුන් පිළි ගන්නට කැලිෆෝර්නියාහි ...
මාර්තු 14 : ඇමරිකාව දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි දී සමූල ඝාතනයක යෙදේ කසීර 1968 වසරේ අද වැනි දවසක ඇමරිකානු හමුදා විසින් දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි නිරායුධ වැසියන් සමූල ඝාතනය කරනු ලැබිණ.මේ සිදුවීම ඉතිහාසයට එක්වන්නේ වියට්නාම යුද්ධයේ සාහසිකම සංහාරය ලෙසිනි. කාන්තාවන් ළමුන් , බිළිඳු දරුවන් ඇතුළුව ඝාතනය වූ සංඛ්‍යාව 347 ක් යැයි ඇමරිකානු රජය ඇස්තමේන්තුගත කළ ද වියට්නාම රජය පවසන්නේ මී ලායි සහ මී කේ ගම්මාන දෙකෙහිම ජීවිත 504 ක් විනාශ ...
දිව්‍යා භාරතී කසීර "කවුරු ගැනද ඒයි ඔය කියන්නේ ? ? "මම සැන්ඩ්‍රා දිහා හැරිලා බැලුවා. එයා හැට්ට කට්ටක් හපාගෙන සාරියේ රැළි හදනවා. " ඔයාලගේ පවුලේ කවුද එම්බසි එකේ වැඩ කළේ. අවුරුදු දහයකට විතර කලින් මැරුණු කෙනෙක් ?" මම ආයෙත් ඇහුවා. සැන්ඩ්‍රා හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන හනි හනික සාලෙට දුවගෙන ආවා "ඔය කියන්නේ සින්තියා අක්කා ගැන. සොයිසාපුර හිටියේ... " කියලා කියන ගමන් සැන්ඩ්‍රා ...
ගිනි කසීර එමර්ජන්සි එලාර්ම් එක වැදුණ නිසා කතාව නැවතුණා. අද මොකක්ද පෙරහුරුවක් තියන බව කලින් දැනුම් දීලයි තිබුණේ. මේ විකාර නිසා ඇත්තටම ගින්නක් ආවත් කවුරුත් ගණන් ගන්න එකක් නෑ. දැන් ඉතිං පඩිපෙළ දිගේ දුවපංකො තට්ටු දොළහක් පහළට. මනාස් ඔෆිස් එකේ කෙනෙක් නොවන නිසා එයා නම් ලොබියේ වාඩි වුණා. "අප්සරා... ඉක්මණට පහළට යන්න. එච්. ආර් එකෙන් ටයිම් මොනිටර් කරනවා" සුධාරක මොකක්ද කබායක් පටලවගෙන ...
මාර්තු 08 : Fight of the Century - "සියවසේ බොක්සිං සටනෙන්" මොහොමඩ් අලි පරාජයට පත් වේ කසීර 1971 වසරේ අද වැනි දවසක පැවැති "සියවසේ බොක්සිං සටනෙන්" ලෝක හෙවිවේට් සූර මොහොමඩ් අලි පරාජයට පත් විය.Fight of the Century ලෙස විරුදාවලිය ලද මේ තරගය පැවැත්වුණේ මෑන්හැටන් නගරයේ මැඩිසන් චතුරස්රයේදීය. කළු ජාතික ඇමරිකානුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් අලි සහ ජෝ ෆ්රේසර් ලෝක සූරයා වීමේ අරමුණින් තරග වැදුණහ.1960 වසරේ සිට අඛණ්ඩව තරග 29 ක් ජය ලබා සිටි මොහොමඩ් අලි 1967 දී තරග ...
ලෝකෙන් ලොකුම එක නම් - ඒක අපේ එක කසීර "ගාලු මුවදොර ඉදිකෙරෙන ලෝකයේ උසින් වැඩිම නත්තල් ගහ ගැන ඔබගේ අදහස කුමක්ද කියල තමයි සාකච්ඡාව පවත්වන්නේ" සේවකයා යළිත් වරක් පවසා සිටියේය.අනෙක් පස සිටි පුද්ගලයාට එය වැටහුණු පාටක් නැත. "ගාල්ලේ හදන ඒවා ගැන අපි මොකට වදවෙනවද ? හැබැයි හයිවේ එකකුත් තියෙන එකේ අපිටත් බලන්න යන්න පුළුවන් ඕනේ නම්"සේවකයා ඉවසීමෙන් යුතුව ගාලු මුවදොර යනු කුමක්දැයි පහදා දුන්නේය."අහා ! මේ කොළඹනේ.... ගෝල්ෆේස් ! ...
මාර්තු 06 : ජෝසප් ස්ටාලින්ගේ දියණිය ඇමරිකාවේ රැකවරණ පතා පලා යයි කසීර 1967 වසරේ අද වැනි දවසක සෝවියට් ඒකාධිපති ජෝසප් ස්ටාලින්ගේ දියණිය ඇමරිකාවේ දේශපාලන රැකවරණ පතා පලා යන්නීය. ස්වෙත්ලානා ඇලිලුයේව (Svetlana Alliluyeva) හෙවත් ස්වෙත්ලානා ලෝසිෆෝනා ස්ටැලීනා (Svetlana Iosifovna Stalina) ඇමරිකාවට පලායාම සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයට එල්ල කළ මරු පහරක් ම විය.1953 වසරේ දී ජෝසප් ස්ටාලින් මිය යන්නට පෙර ද ඇය ගත කළේ තෘප්තිමත් ජීවිතයක් නොවන බව පැවසිය යුතුය. සාහිත්‍යය සහ කලාවට ...
සීගිරි ලාලිත ළඳුනේ : විජ්ජුලතා සහ මේඝලතා කසීර කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු.▪️මේඝලතා:-අපි ඔක්කොම හිටියේ අන්ත:පුරේ. ඔව්! ඔව්! කාශ්‍යප රජ්ජුරුවොන්ගේ අන්ත:පුරේ. දැන් මෙහෙමනේ වෙන්නේ. අවුරුදු තුනකට පාරක් පරණ අය අයින් කරලා අලුත් සුරූපිකාවෝ ගන්නවනේ. ...
අම්මාවරුනේ ට වසර 35 යි : මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ කසීර මව් ගුණ ගීතයක් කියූ පමණින්ම ලාංකීය අපගේ සිතට නිරායාසයෙන්ම නැගෙන එක් ගීතයක් ඇත.ඒ නන්දා මාලිනීයන්ගේ "අම්මාවරුනේ" නම් වූ සුමිහිරි ගීතයයි. මේ ගීය නොගැයුණු , නොඇසුණු පාසල් සමිති වාරයක් , උදා රැස්වීමක් ඇතැයි සිතිය නොහැකිය. "අම්මාවරුනේ" යනු චිත්‍රපට ගීතයක් යැයි අද පරම්පරාව නොදැන සිටීමටද හැකි නුමුදු එම ගීතය කෙරෙහි ඇති ඇල්ම සහ සර්වකාලීන ජනප්‍රියත්වය බිඳකින් හෝ අඩු වී නොමැත. අදට , ...
කුලියාපිටිය : නොතලන් මල් කැකුළු ........ කසීර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ "සෙංකොට්ටං" හි වීරප්පුලි හේනයා ට තම ආදරණීය මුණුබුරා වන බබා හේනයා ව පාසලට ඇතුළත් කිරීමට ඉඩ නොදෙන්නේ සුන්දර යැයි කියා ගන්නා ගම ය. එහි වෙසෙන නිර්ව්යාජයැයි කියා ගන්නා ගම්වැසියන් ය. ඒ සංවේදී සිදුවීම අවසන පිටගංකාරයෙකු වූ ගුරුවරයාගේ පමණක් නොව "සෙංකොට්ටං" අතැතිව සිටින පාඨකයාගේ ද දෑස් පටලයකින් බොඳ වී යන්නේය. නමුත් එය ප්‍රබන්ධයකැයි සිතා සැනසෙන්නට උත්සාහ ගන්නා ...
ඉරණවිල එළිය කසීර 2016. 12.18jessica_mclarck88@yahoo.comආදරණීය ජෙසිකා,දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා සමග වොෂින්ටනයේ ගත කරන්නට නොලැබීම ගැන මගේ කණගාටුව ! කෙසේ නමුත් ජනවාරි මස අගභාගය වන විට අප සැම දෙනාටම නැවතත් ඇමරිකාව බලා පැමිණීමට හැකිවන ලකුණු දිස් වේ. අපගේ කණ්ඩායම් භාර නිළධාරී සෑමුවෙල් පවසන්නේ මේ දිනවල සියලු දෙනාම මහත් ප්රබෝධයකින් කටයුතු කිරීමේ ...
මධු මල ලෙස මුදු : පෙම්වතාගේ හිත ගොලුවීම ,අත වෙව්ලීම සහ හදවත ගැස්සීම කසීර " මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි "ඉහත ගීතය ගයන පෙම්වතා පිළිබඳව වඩාත්ම ආසන්න නිගමනය තෝරන්න 1. ඔහු මුසාවාද පවසන්නෙකි. පළමුව "ඔබට ලිවීම මට ඇති එකම සතුට"යැයි පවසන ඔහු අනතුරුව "කොහොම පටන්ගෙන මොනව ලියන්නද නොතේරෙන " බව පවසයි.2. ඔහු වෘත්තියෙන් ෂෝර්ට් හෑන්ඩ් ටයිපිස්ට් කෙනෙක් හෝ මේල් සෙකට්‍රි ...
පෙබරවාරි 11 : නෙල්සන් මැන්ඩෙලා වසර 27 ට පසුව නිදහස ලබයි කසීර 1991 වසරේ අද වැනි දවසක විසිහත් වසරක සිරගත ජීවිතයට නිමා කරමින් දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා වෙත නිදහස හිමි වියඒ සුදු පාලකයින් විසින් ස්වදේශික කළු ජනතාව පාගා මඩිමින් සිටි අඳුරුතම යුගයයි. 1961 වසරේදී ඇරඹූ තුන්දින වැඩ වර්ජනය හේතුවෙන් 1962 වසරේදී අත් අඩංගුවට ගැනෙන නෙල්සන් මැන්ඩෙලා 1963 වසරේදී ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කෙරේ. එක් පසෙක රොබින් දූපතේ අමානුෂික වධ බන්ධනයට ලක්වන මැන්ඩෙලාය. ...
ගින්නෙන් උපන් සීතල : රිදී තිරයෙන් උපදින රෝහණ විජේවීර කසීර "රැජණට එරෙහිව කැරළි ගැසූ වරදට දඬුවම් ලැබූ දොන් නන්දසිරි විජේවීර ඇතුළු සිරකරුවන් නිදොස් කොට නිදහස් කරයි" එලෙස ආරම්භ වන්නේ ඉතිහාසය තුළ මිහිදන් නොවූ කතා පුවතකි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් අලලා නිමවන 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය මේ වනවිට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී තම රූ ගත කිරීම් අරඹා ඇත. රාජ කතා , ඉතිහාස කතා රැල්ලෙන් අවසඟ වූ ...