ඔලිම්පික් : චෙකොස්ලෝවැකියානු විරෝධය සහ නිදහස කසීර ඒ 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ කාන්තා ජිම්නාස්ටික් තරග පිටියයි. කාන්තා කේවල ඉසව් පහෙන් හතරකම රන් පදක්කම් හිමි කරගන්නේ චෙකොස්ලෝවැකියාවේ වියෙරා චාස්ලෆ්ස්කා (Vera Caslavska) විසිනි. ඇයට රිදී පදක්කමක් හිමි වූ එකම කේවල ඉසව්ව වූ සමබල දණ්ඩ (Balance Beam) ඉසව්වේ රන් පදක්කම හිමිවන්නේ සෝවියට් ජනරජයේ "නතාලියා කුචින්ස්කයා" ටය. බලපෑමට යටත්ව විනිසුරු මඩුල්ල ගන්නා ලද එම තීරණය කෙරෙහි දැඩි අප්‍රසාදයක් පල වුවද ...
මළ / නොමළ දෙව්මි නංගී වෙතටයි කසීර මළ / නොමළ දෙව්මි නංගී වෙතටයි ,නංගී තවමත් ජීවතුන් අතර ඉන්න වග අසා අපි ඉමහත් කම්පාවට සහ සෝකයට පත් වීමු. ඔයා නොමළ සෝකය නිසාම අපේ රටේ ප්රමුඛ පෙළේ වෙබ් සයිට් කීපයක බහිස්රාවීය කටයුතු ද අඩාල වූ බව නංගී දන්නවාද ? සද්ගුණවත් ලක්වාසී ජනතාව නංගීගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට ඉල්ලූ හෙණ , හතේ ගුණාකාර වලින් , සැෂේ පැකට් වලින් ලංකාව වටා අහසේ ...
විදුලි දුම්රියේ චංචල නාදේ : සඳේ සිට සඳ තරණය නරඹන රූපා කසීර ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ සමග එඩ්වර්ඩ් මල්ලවාරච්චිගේ ප්‍රේම කතා කියවීමේ අතුරු ප්‍රතිඵලයක් වන්නේ " විදුලි දුම්රියේ චංචල නාදේ " වැනි ගීත රචනා වීමය." මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ පුර සඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ "ලක්ෂ්මන් රොඩ්රිගෝ ට උවමනා වී ඇත්තේ පෙම්වතිය සමග හඳට යන්නටය. හඳට ගොස් බයස්කෝප් බලන්නටය.නමුත් ඔහුට ඔතරම් දුරු කතරක් ගෙවා තනිවන පෙම්වතිය සමග ...
පෙබරවාරි 01 : ග්‍රීන්ස්බරෝ Sit-In විරෝධතාව ආරම්භ වේ කසීර 1960 වසරේ අද වැනි දවසක කළු ජාතික ඇමරිකානු සිසුන් සිව් දෙනෙක් ලෝක ප්‍රකට Greensboro Sit-In මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ (Whites Only ) ආපන ශාලා කවුන්ටරයක් ඉදිරියේ වාඩි වී සිටීම මේ සාමකාමී විරෝධතාවයේ ස්වරූපයයි. කිසිදු වේටර්වරයෙක් මේ කළු ජාතිකයන් සිව්දෙනාට සේවය සලසන්නේ නැති නමුත් ආපන ශාලාව වසන තෙක් එහිම රැඳී හුන් ඔවුන්ගේ මෙහෙයුමට පසු දින එක්වන කළු ...
ජනවාරි 30 : මහත්මා ගාන්ධි ඝාතනය වේ කසීර 1948 වසරේ අද වැනි දවසක ඉන්දීය නිදහස් සටනේ ප්රබලයෙකු වූ මහත්මා ඝාන්ධි ඝාතනයට පත් විය. වේලාව දහවල් 12 ට පමණය. ස්ථානය නවදිල්ලියේ බිර්ලා භවන් ය. අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් තෙවරක් වෙඩි තබන ඝාතකයා නතුරාම් ගොඩ්සේ ය. මහත්මා ගාන්ධි අතීතයට එක් වී අවසානය.1869 වසරේ ඔක්තෝබර් මස දෙවැනිදා ඉන්දියාවේ ජෝර්බන්දාර් ගම්මානයෙහි උපතලබන මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළු කරන්නේ ඔහුගේ පියා විසිනි. ...
ජනවාරි 27 : අවුෂ්විට්ස් වධකාගාරය මුදා ගැනේ කසීර 1945 වසරේ අද වැනි දවසක සෝවියට් රතු හමුදාව විසින් පෝලන්තයේ අවුෂ්විට්ස් වධකාගාරය මුදා ගනු ලැබිණ. මනුෂ්‍යත්වයට අනම්‍ය, කෲර නාසිවාදය හරහා ඉදිවුණු මේ වධ කඳවුර මිහිමත දැවෙනා අපායකි. මුදාගන්නට පෙර ජීවිතයෙන් මිදී ගිය පිරිස සහ ඔවුන් විඳි වධ වේදනා ඇදහිය නොහැකි තරම් ය.අවුෂ්විට්ස් යනු මානව ඉතිහාසයේ විශාලතම මිනිස් ඝාතකාගරයයි. ජර්මානු පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් මේ සියලුම ව්‍යසනයන්ට මූලිකයා ය. ඔහු ඇතුළු ...
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් කසීර ප්‍රේමයට නැකැත් නොසොයන්න. ප්‍රේමය සීසර් කර නොකලට උපදවා ගන්නට තැත් නොකරන්න. ප්‍රේමය, ප්‍රේමයෙන් ආතුර වූ කලෙක , එයටම රිසි දිනෙක ඔබ සොයා පැමිණෙනු ඇත. බාගදා ඔබ වියපත්ව , ජරපත්ව සිටින්නට හැකි නුමුදු ප්‍රේමය සදාකාලිකව ම තරුණ බැවින් ඒ කෙරෙහි සැක සංකා නොසිතන්න. ඊර්ෂ්‍යා නූපදන්න. ප්‍රේමයට ඇත්තේ එක් ඇඳුමක් යන අඩු තක්සේරුවෙන් මිදෙන්න. එය සතියේ දවස් හතට ඇඳුම් හතක් නොව තුන්සිය ...
සඟවන්න එපා හසරැල් කසීර ප්‍රේමයට නිශ්චිත හැඩයක් නැතැයි මා වටහා ගත්තේ ද තවමත් වටහා ගනිමින් සිටින්නේද ඔබ කෙරෙනි. මහට ප්‍රේමය මහමෙරකි. සිහිනයකට හෝ අවසර නොමදෙන , ඇහි පිහාටු වලට පෙමින් වෙළෙන්නට ඉසිඹු නොදෙන මහමෙරක් වන් ප්‍රේමයට මගේ ලෝකයේ ඉඩ හසර මදිදෝ මා බියෙන් පසුවෙමි. නමුත් ප්‍රේමය ඔබට සැහැල්ලු පුළුන් රොදකි. සාක්කුවක බහාලමින් , සුළං තිබෙන තැනකදී ඉවතට ගෙන අසිරිය විඳින ප්‍රේමයේ පුළුන් රොද ඔබට ...
දේශප්‍රේමීත්වය සහ එටිසලාට් සිම් සමග අපි කසීර " රටකරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ "මේ ගී පද දෙක යළිත් කරළියට එන්නේ 1997 කාලයේ එප්පාවල පොස්පේට් නිධිය ඇමරිකානු සමාගමකට පැවරීමත් සමග ය. අවසාන ප්‍රතිඵලය කුමක්දැයි දැන ගැනීමට නම් "බුලන්කුලම හා තවත් හයකට එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් හත්දෙනෙක්" නඩු තීන්දුව කියවා බලන්න.Bulankulama v. Min. of Industrial Development (Eppawala case), S.C. Application ...
තුවානම සිඹ කුණාටුව ලෙස - ඉරණවිලගින් නගී ගිනි කඳ කසීර වසර 23 ක් තිස්සේ තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන ගිය ඉරණවිල සම්ප්‍රේෂණාගාරය වසා දැමීමට තීරණය කර ඇත. කෙටි තරංග විකාශන ශ්රාවකයින් ප්‍රමාණය අඩු වීම සහ කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී අවශ්‍ය ඉහළ පිරිවැය හේතුවෙන් මෙය වසා දැමූ බව හේතු ලෙස දක්වා තිබිණ. පිටස්තරයින්ට ඇතුළු වීමට තහනම් මේ බිම් ප්‍රදේශය පිළිබඳව අදවන විට පැතිරී ඇති නොයෙක් කටකතා සහ ජනප්‍රවාදයන්ට ඔබ්බෙන් සැඟවුණු ...
රූපා රත්නසීලී සහ පාරිශුද්ධ පේරාදෙණිය කසීර 2016 ජූලි 12 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර වලෙහි රංගගත වූ "දුටුතැන අල්ලනු" වේදිකා නාට්‍යයේ එන සිප ගැනීමේ දර්ශනයක් අරභයා විශ්ව විද්‍යාල උප සංස්කෘතිය විසින් හූ තබා සෙරප්පු වලින් දමා ගසා සහ කා අවසන් බඩ ඉරිඟු දඬු වලින් දමා ගසති.---------------------------------------------------------------------------------------------------------------------------1960 දී තිරගත කළ "නළඟන" යනු ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කළ පළමු සිංහල චිත්‍රපටයයි. එහි ප්‍රේමාගේ චරිතයට පණපොවන රුක්මණී දේවී ...
දෙනෝ දාහක් නුවන් අතරේ කසීර අතීතයේ ගඟ ගලා යන්නේ පෙම් ඉවුරු , ලවැලි තලා පසු කරමිනි. මා එහි දියබත්ව හිඳිමි. නුමුදු ඉවුරකට ගොඩවනු නොහැකිය. ඔබත් මමත් පමණක් දන්නා ඒ හේතුව සමගින්ම ගං පතුල වෙත ඇදී යන්නට ඉඩ දෙන්න. පැරණි මතක සමුදායෙන් මා මුදන්න.පුංචි බොරැල්ලේ බෝධිය අස හුනස්නෙන් නැගිටිමි. දස වසකට පෙර දවසක අපේ සන්ධ්‍යව ඇරඹෙන්නේ ඒ ඉදිරිපසිනි. ආදර අංකුර හටගත් ජනාකීර්ණ එනමුත් රමණීය බිම් පෙදෙස ...
ජනවාරි 17 : පැට්රිස් ලුමුම්බා ඝාතනය කෙරේ කසීර 1961 වසරේ අද වැනි දවසක කොංගෝ ජනරජයේ මහජන ඡන්දයෙන් පත් වූ පළමු අගමැතිවරයා වූ පැට්රිස් ලුමුම්බා වෙඩි තබා ඝාතනය කෙරිණ. කොංගෝ ජාතික පෙරමුණට නායකත්වය සපයමින් තම මව්බිම බෙල්ජියමේ යටත් විජිතභාවයෙන් මුදාගන්නට සටන් කළ මේ මිනිසාගේ උත්සාහය සාර්ථක විය. 1960 ජූනි මස 30 වැනිදා කොංගෝ ජනරජය නිදහස් රාජ්‍යයක් බවට පත් වේ. නමුත් සය මසක් ගතවන්නට ප්‍රථම පැට්රිස් ලුමුම්බා අබිරහස් අන්දමින් ඝාතනය ...
මිටින් මුදා හැර බැලුවෙමි කසීර එය සංසාරික ප්‍රේමයක් යැයි නොපවසමි. නුමුදු එය මීදුමක් ලෙස සැහල්ලුවෙන් මැකී යා හැකි සෙනෙහසක් නොවන බැව් වැටහී අවසානය.හදිසියේ ඇවිලුණු කුඩා ගිනි පුළිඟුවක් දීප්තිමත් ගිනිදැල්ලක් බවට පත්ව තිබිණ. එපුවත් අප නොදැන සිටියෙමු. නුමුදු සඳුන් වනයක් දවා හළු කරමින් පැතිර ගිය එපෙම් ගිනිකඳ අප උණුසුම් කළ බවත් අප එගින්නෙහි ආලෝකමත් ස්වරූපයට ලොල් වූ බවත් සැබෑවකි. ප්‍රොමිතියස් , දෙවියන්ගෙන් සොරා ගත්තේ ඒ ගින්නදැයි ...
ජනවාරි 16 : ඉරානයේ අවසන් රජු වන ෂා රජු ඊජිප්තුවට පලා යයි කසීර 1979 වසරේ අද වැනි දවසක ඉරාන රාජ වංශයේ අවසාන රජු , එනම් ෂා රජු ඉස්ලාමීය අරගලය හමුවේ බියවැද ජීවිතාරක්ෂාව පතා ඉරානයෙන් පලා යයි. ටෙහෙරානයෙන් පිටව යන ෂා රජු සහ ඔහුගේ භාර්යාව වූ ෆාරා ඩිබා අධිරාජිණිය ඊජීප්තුවේ අස්වාන්හි රැකවරණ ලැබූහ.පර්සියානු බසින් ෂා ( Shah) යන යෙදුමේ අර්ථය වන්නේ ඉරාන රජු හෝ රජුන්ගේත් රජ යන්නය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලෝ සෝවියට් ආක්‍රමණිකයන් ...