නිම්නයක හුදකලාව : බූඩි කීර්තිසේන කසීර විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන යනු අනූව දශකයේ අභිනව සිනමා ප්‍රවණතාව ඔස්සේ සාම්ප්‍රදායික රිදී තිරය වෙනස් මගකට හැරවූ නිර්මාණකරුවෙකි. සිහින දේශයෙන් (1996), මිල්ලේ සොයා (2004), මාතා (2012) යන සිනමා නිර්මාණ ත්‍රිත්වයට අනතුරුව බූඩි යළිත් වරක් කරළියට පිවිසෙයි. ඒ නිම්නයක හුදෙකලාව නම් වූ සිනමා නිර්මාණයද සමගිනි.රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, සචිනි අයේන්ද්‍රා, සමනලී ෆොන්සේකා, සෞම්‍ය ලියනගේ, ජයලාල් රෝහණ, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි ...
According to Mathew : අනුරාගිනී කසීර ඔහු සිටියේ තහනම් ගහ අසලය. පසෙකින් සර්පයා ද මිහිරි ඵලය ද විය. නමුත් සර්පයා මා රැවටුවේයැයි නිදහසට කරුණු පවසන්නට මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් හට අවසරයක් නොවීය. 1984 පෙබරවාරි 15 වැනිදා ලබා දුන් නඩු තීන්දුවකට අනුව ඔහු ට මරණීය දණ්ඩනය නියම විය. ඒ තම භාර්යාවගේත් , අනියම් පෙම්වතියගේ ස්වාමි පුරුෂයාගේත් ජීවිත සැලසුම් සහගතව උදුරාගැනීමේ චෝදනාවට වැරදිකරු වෙමිනි. දේවගැති වරයෙකු වූ මැතිව් ...
අප්‍රේල් 30 : ටෙනිස් තරගයක් අතරතුර මොනිකා සෙලෙස් පිහි ඇණුමකට ලක් වේ කසීර 1993 වසරේ අද වැනි දවසක ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා මොනිකා සෙලෙස් තරගයක් අතරතුර දී පිහි ඇණුමකට ලක් විය.එවකට 19 හැවිරිදි වූ මොනිකා සෙලෙස් (Monica Seles) ඒ වන විටත් විස්මයජනක ලෙස ලෝක කාන්තා ටෙනිස් පිටියේ අණසක තමා නතු කරගෙන සිටියාය. ඇය ඒ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරතා 8 ක ද එක් අනු සූරතාවක ද හිමිකාරිය වන්නීය. එහි ප්‍රංශ විවෘත සූරතා ...
සිහින කහවණු කසීර රන් විමන් සිහිනයට දොරගුළු විවර කරන විදේශ රැකියා වරම්-පුවත්පත් දැන්වීමක් -ගොම්මන් අඳුර වැතිරෙයි ගෙයි එළිපත්තේකවුරුද එබෙන්නේ අද්දර කජු වත්තේඅම්මේ අලුත් තොරතුරු කිම ඒ පැත්තේකඩයට යැවූ නංගී ඇයි තව නැත්තේපොඩි මල්ලිට උණ වැඩි වී ඇති හන්දාපස් පංගුව තම්බමි පත අට සින්දාහුඟ දොහකින් පාසල් ගිය නැති හින්දාචක්කර ගණන් වැරදී යාවිද මන්දාඅප්පච්චිත් පෙර මෙන් නැත රා බොන්නේමල්ලී කැට ගසාලයි පණහක් දින්නේනංගිත් වැඩට හරි ...
මාමා වැටුණු ගල කසීර දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේරට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේගොළු වුණු ගලෙක ඔබෙ සුසුමන් සිර වේදනූපන් හෙටක දුටු සිහිනය බොද වේදවෙඩි දුම් අතර පෙර හසරැලි මුසු වේදඉවසනු නොහී ඔය ගල් කුළ පිපිරේදදඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේඑක මොහොතකින් ඔබ යට වුණි ගල් කැටියේරෑ සද කැළුම් ගම් දොර අස වැටේවා තරු කැට අහුරු ඒ තනි මග රැදේවාඋපදින ...
දුල්මිණි ඉරෝශිකා- කිරිඇල්ලෙන් ඇසෙන දුක් කව කසීර තම ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන් කෝප වූ කිරිඇල්ල මැදි විදුහලේ ජයතිලක නම් සිසුවා තවත් සිසුවියකට පිහියෙන් ඇන මරා දමයි. මියගිය දුල්මිණි ඉරෝශිකා කියවමින් සිටි "සඳුන් ගිර ගිනි ගනී" නම් පොත ඇගේ නිහඬ සිරුර අසල වැටී තිබිණි.-පුවත් පත් වාර්තාවක් [2002] -පැතුම් එකිනෙක අකුරු කළ පොත් ළැමට තුරුළුව හාදු දීරැළි නැගුණු සුදු ගවුම දග දෙයි සුළං රැල්ලට යා නොදීකිරි සිනා මුව නැගූ ...
අප්‍රේල් 21 : බොස්ටන් මැරතන් තරගාවලියේ ජය රෝසී රුයිස් වංචා කරයි කසීර 1980 වසරේ අද වැනි දවසක රෝසී රුයිස් විසින් බොස්ටන් මැරතන් තරගාවලිය වංචාකාරී ලෙස ජයග්‍රහණය කළාය.නූතන ඔලිම්පික් ඇරඹූ වසරට පසු වසරේ එනම් 1897 වසරේ සිට පැවතෙන බොස්ටන් මැරතන් තරගාවලිය යනු ලොව පැරණිතම මැරතන් තරගාවලියයි. 27 හැවිරිදි ඇමරිකා - කියුබානු තරුණියක වූ රෝසි රුයිස් මේ සඳහා සුදුසුකම් ලබන්නේ සය මසකට පෙර පැවති නිව්යෝර්ක් මැරතන් තරගාවලිය 11 වෙනියා ලෙස නිම කිරීම හරහාය. ඒ ...
කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් සහ ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල කසීර ඛේදවාචකීය සංකේතය විය යුත්තේ කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් ද ? පොටෙම්කින් නගරයකට යටව මියැදුණු ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල ද ?1985 නොවැම්බර් 13 වැනිදා කොලොම්බියාවේ Ruiz ගිනි කන්ද විදාරණය විය. ටොන් මිලියන 35 ක ලාවා මුසුවූ යමහල් ශේෂයන් , හිම සමග මුසුව දෑල ගං ඉවුරු කඩා බිඳ දමමින් පැයට සැතපුම් හැටක වේගයෙන් නිම්න බිම වෙත කඩා වදින්නට විය. කුඩා නගරයක් වූ Armero වසාගන්නා ...
අප්‍රේල් 15 : පොල්පොට් දඬුවම් නොලබාම ජීවිතක්ෂයට පත් වේ කසීර 1998 වසරේ අද වැනි දවසක, කම්පුචියාව මරණයේ ගොවිබිමක් බවට පත්කළ කෲර පාලක පොල්පොට් ජීවිතක්ෂයට පත් විය.රේඩියෝ කාර්මික ශිල්පය හැදෑරීමට ප්‍රංශයට පැමිණි විසි අට හැවිරිදි සලොත් සාර් ( Saloth Sar ) නම් සිසුවා විභාග අසමත් වීමත් සමග මාක්ස්වාදී දේශපාලනයට නැඹුරු වේ. ඔහු පැමිණ සිටියේ එවකට ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් ව පැවති කම්පුචියාවෙනි. පසු කාලයෙක පොල්පොට් වන්නේ මේ සලොත් සාර් මය. 1941 සිට ...
ගර්ඩාය ; රෝස මල් කොහිදැයි නොසොයන කසීර රෝස පෙති , පෙතිම මිසයළි කිසි දිනෙක මල් නොවෙනමගහැරුණු උයන්දොරගර්ඩාය තවමත් රෝස මල් සුවඳ එදා මෙන් හඳුනනහිම කුණාටුවක් දැක කැමැත්තෙන් අතරමං වන සීතලෙන් සීත වෙන - ඉදින් කම් නෑ සිතන කායි ය අඳුරු විශ්වය ඈත පිසාචයෙකියි දැන සිටින ඇසග රැඳි වීදුරු කැබලි දකින දැක දැකම - එ නොදන්නා සේ හිඳින අතුරුදන් රෝස මල් යායෙකි මග දෙපස වෘක වළසුන් රෑනකි ඈත ...
විජ්ජුලතා සහ මේඝලතා කසීර කාශ්‍යප රජුගේ පර්වතය උඩ මාලිගාවේ, බටහිර නෙරුමේ චිත්රවලට පෙනී සිටි රූමතියන් දෙදෙනෙක් ඒ අත්දැකීම අප සමග බෙදාහදා ගන්නට එකඟ විය. විජ්ජුලතා සහ මේඝලතා නමින් ප්‍රකට වූ ඔවුන් හඳුනාගැනීම පහසු වනු පරිදි ඒ ආන්දෝලානාත්මක සිතුවමද අපි මේ සමඟ යොදන්නට සිතීමු.▪️මේඝලතා:-අපි ඔක්කොම හිටියේ අන්ත:පුරේ. ඔව්! ඔව්! කාශ්‍යප රජ්ජුරුවොන්ගේ අන්ත:පුරේ. දැන් මෙහෙමනේ වෙන්නේ. අවුරුදු තුනකට පාරක් පරණ අය අයින් කරලා අලුත් සුරූපිකාවෝ ගන්නවනේ. ...
අප්‍රේල් 10 : ඇමරිකා - චීන ශීතල යුද්ධය නිමා කරමින් Ping-pong Diplomacy ක්‍රියාත්මක වෙයි කසීර 1971 වසරේ අද වැනි දවසක ඇමරිකා-චීන ශීතල යුද්ධය නිමා කරමින් Ping-pong Diplomacy හෙවත් මේසපන්දු උපාය ක්‍රියාත්මක විණ.එහි ප්‍රතිඵලයක් ලෙස 1971 වසරේ අප්‍රේල් 10 වැනිදා ඇමරිකානු මේසපන්දු කණ්ඩායම දින දහයක සංචාරයක් සඳහා චීනයට පැමිණෙන්නේ ලෝක ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමිනි. මාර්තු 28 සිට අප්‍රේල් 07 වැනිදා දක්වා ජපානයේ නගොයා හි පැවති ලෝක සූරතා මේසපන්දු තරගාවලියේදී චීනයෙන් ඇරියුම් ලබන ඇමරිකානුවන් දින තුනකින් පසුව ...
අප්‍රේල් 08 : පාසලෙන් ප්‍රතික්ෂේප වූ AIDS ආසාදිත සිසු රයන් වයිට් ජීවිතයෙන් සමුගනී . කසීර 1990 වසරේ අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මොලොව හැර පියා නික්මුණේය.1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A (Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ...
ජාත්‍යන්තරයේ කන්‍යා පටලය සිඳලූ සයිටම් විරෝධතාව කසීර 1987 දී රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් තඩි බෑ සේවා නියුක්ත නාවුක සෙබළා විජිත රෝහණ විජයමුණි ය. අද වන විට ඔහු රණවිරුවෙකු ලෙසත් දේශප්‍රේමියෙකු ලෙසත් හඳුන්වනු ලබන්නේ ආරාධිත රාජ්‍යතාන්ත්‍රිකයෙක් හට පහර දීම යනු විරෝධතාවයක ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය නිසාය. එවැනි සිදුවීමක දී ජාත්‍යන්තරය ඉදිරියේ රටේ කීර්ති නාමයට හානි සිදු නොවන්නේ විරෝධය පළ කිරීමේ පිළිගත් ක්‍රමවේදය පොල්ලකින් තඩි බෑම යැයි ජිනීවා සම්මුති වල ඇති ...
අප්‍රේල් 06 : වියට්නාම දරුවන් මුදාගන්නා "Operation Babylift" ඇරඹේ කසීර 1975 වසරේ අද වැනි දවසක වියට්නාම දරුවන් මව්බිමෙන් මුදාගන්නා "Operation Babylift" ආරම්භ විය. ඒ උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය අතර සටන උග්‍ර අතට හැරෙමින් පැවති කාලවකවානුවයි. උතුරු වියට්නාමයේ සහායට සෝවියට් සමූහාණ්ඩුව , චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් පාක්ෂික රටවල් ය. දකුණු වියට්නාමයට සහාය වන්නේ ඇමරිකාව , දකුණු කොරියාව , ඕස්ට්‍රේලියාව , තායිලන්තය සහ කොයුනිස්ට් විරෝධි රටවල් ය. යුධ ගිනි ඇවිලුණු වියට්නාමය ...
අප්‍රේල් 04 : සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් වේ. කසීර 1968 වසරේ අද වැනි දවසක සාහසික වෙඩි පහරකින් මාටින් ලූතර් කිං ජීවිතක්ෂයට පත් විය. "මට සිහිනයක් තිබේ - මගේ දරුවන් හතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව , චරිතයේ හරයෙන් මනින්නා වූ දේශයක ජීවත් වන ආකාරය මම එ සිහිනයෙන් දකිමි. මට සිහිනයක් තිබේ - යම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක් ...
විශ්ව කීර්තිය පමණක් දියාරු වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල කසීර වසර 8 කට පසු පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් නිම වූ අතර අට වසරකට පසු හෝ ලාංකීය සිනමාව දෙස අවධානය යොමු වීම පැසසුම්සහගතය. සම්මාන පිරිනැමිණ. ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියා හෝ සතුටින් විසිර ගිය බවක් පෙන්නුම් කළහ. එනුමුදු ප්රදානය කරනවායැයි පැවසූ සහ වෙනදාට පිදෙන විශ්ව කීර්ති සම්මානයට වූ දෙයක් නැත. සම්මානය සංවිධායකයින්ට අමතක වීද ? එය තවමත් බණ්ඩාරනායක ...
බක්මහ උදාව සහ අමිතා වැදිසිංහ කසීර අප්‍රේල් මාසය යනු අමිතා වැදිසිංහට අතිශය කාර්යබහුල කාලවකවානුවකි.Check list එකක් රැගෙන ගමන් කරන අමිතා ගී ගයමින් අලුත් අවුරුද්දේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නීය. අධීක්ෂණය කරන්නීය. ඒ මෙසේය1. සද්දේ ඇහෙන්නේ මොකද ? බෝම්බයක් පුපුරලා ද ? වාහනයක් හැප්පිලා ද ? අවුරුද්ද ඇවිල්ල ද ? දේශපාලන රැස්වීමක් ද ?2. කනෙයියන්ගේ රොන් සැදිලා ද ? ඔව් නැත3. බැද්දට වැහැලා ඇත්තේ කුමන වරුසාවක් ද ? ...
අප්‍රේල් 01 : BBC පුවත් සේවයේ ගස් වල වැවෙන ස්පැගටි පුවතට එක්සත් රාජධානිය රැවටෙයි කසීර 1957 වසරේ අද වැනි දවසක BBC පුවත් ජාලය මගින් ගස් වල වැවෙන ස්පැගටි පෙන්වා මෝඩයාගේ දිනය සමරන ලදි.ඒ 1957 අප්‍රේල් මස පළමු වැනිදා BBC එක්සත් රාජධානි සේවා විකාශය ය. ස්විට්සර්ලන්තයේ ටිචීනෝ (Ticino) හි වාර්ෂික ස්පැගටි ඵලදාව නෙළන ආකාරය විස්තර වන වාර්තා වැඩසටහන මෙහෙයවන්නේ කීර්තිමත් පූරකයෙකු වන රිචඩ් ඩිම්බෙල්බි (Richard Dimbleby) විසිනි. පිටිසරබද කාන්තාවක් ඉතා ප්රවේශමින් සහ ඕනෑකමින් යුතුව ගසකින් ස්පැගටි ...
මාර්තු 29 : චීනයේ ගොවීන් පිරිසකට වසර දෙදහසක් පැරණි ටෙරාකොටා හමුදා පිළිම හමු වේ කසීර 1974 වසරේ අද වැනි දවසක චීනයේ ගොවීන් පිරිසකට ටෙරාකොටා හමුදාව හෙවත් දම්මැටි පිළිම සේනාංකය හමු විය.ළිඳක් කණිමින් සිටි ශාන්ෂී පළාතේ ගොවීන් පිරිසක් පළමුව මෙම දම්මැටි පිළිම රාශිය දැක තිබූ අතර ඔවුන් විසින් අදාල බලධාරීන් ව දැනුවත් කරන්නට යෙදුණහ. අනතුරුව කැණීම් මගින් අනාවරණ කරගත් පිළිම අතර 8,000 කට අධික සොල්දාදුවන් ද , අශ්ව කරත්ත 130 ක් ද, අශ්වයින් 520 ක් සහ ...