දිවෙහි රාජ්ජේ ජනකතා - 69 (ෆන්වක්කොලු සහ වලිකොලු) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ෆන්වක්කොලු සහ වලිකොලු (පොල් කොලේ සහ පිහිය)ෆන්වක්කොලු (පොල්කොලේ) සහ වලිකොලු (පිහිය) කියන්නෙ එකටම හැදුනු වැඩුනු යාළුවො දෙන්නෙක්. ෆන්වක්කොලු සිහින්; උසයි; බොහොම දුර්වල ශරීරයක් තිබුනා. වලිකොලු ට කොට වුනත් මහත ශක්තිමත් ශරීරයක් තිබුනා.එක දවසක් ඔවුන් දෙන්නා මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් ඉන්නකොට පොඩි පහේ වචන හුවමාරුවක් ඇති වුනා. රණ්ඩුව සමථයකට ...
All Time Greatest English Test Team පාදඩ අසපුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය නියෝජනය කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සැදුම් ලත් ක්‍රිකට් කණ්ඩායම.(සන්සන්දනය කිරීමේ පහසුව සඳහා 1920 ට පෙර ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයන් නොසලකා හැර තිබේ)1. ජැක් හොබ්ස් ජෝන් බෙරී හොබ්ස් (The Master)ප්‍රාන්ත පිල : සරේ තාක්ෂනය අතින් පිරිපුන් ආරම්භක පිතිකරුවෙක් වුන ජැක් හොබ්ස් සැලකුනේ එංගලන්ත පිතිකරණයේ මුදුන් මල්කඩ විදිහට.1908 සිට 1930 දක්වා අවුරුදු 22 ක ටෙස්ට් ජීවිතය පුරාවට ...
තංගම්මගෙ ලැයිං සුදිය පාදඩ අසපුව සිරා බිස්නස් අයිඩියා එකක් ආව.ගන්නව ඔය හැටන් කොටගල තලවකැලේ පැත්තෙන් ඉඩං කෑල්ලක්. ඒකෙ ගහනව සුද්දගෙ කාලෙ තිබ්බ වගේ ලැයිං කාමර සෙට් එකක්. ඊට පස්සෙ ඒ ලැයිං කාමර රෙන්ට් කරනව. ඒකට නම දාන්නෙ "තංගම්මගෙ ලැයිං සුදිය" කියල. පැකේජ් එක දවස් තුනයි.හැබැයි ඔය හොට් වෝටර්, බාත් රූම්, ස්ප්‍රිං මෙට්ට වගේ සීනිබෝල හුකුං නෑ. ෆුල් ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එකක්.උදේ පහට විතර සංගුවක් ගහල ඇහැරවනව. ...
මාලදිවයිනේ අතොළු - 6 (දකුණු මධ්‍යම ප්‍රාන්තය) පාදඩ අසපුව දකුණු මධ්‍යම ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.1. කොළුමදුලු2. හද්දුන්මතිකොළුමදුලු නිල නාමය : කොළුමදුලුකේතය : තාප්රාන්තය : දකුණු මධ්යමඅයත්වන සොබාවික අතොළු : කොළුමදුලුජනගහණය : 8,901දූපත් : 66ප්‍රධාන දූපත : වේමන්දුපදිංචිකරුවන් සහිත දූපත් : 13(බුරුනී, දියමිංගිලි, ගාදිෆ්ෆුෂි, ගුරයිදූ, හිරිලන්දූ, කන්ඩූදූ, කින්බිදූ, මදිෆුෂි, ඔමදූ, තිමරෆුෂි, වන්දූ, වේමන්දූ, විලුෆුෂි)පදිංචි කරුවන් රහිත දූපත් : 53ධීවර කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ අතොළුවක්වැදගත් ස්ථාන:කින්බිදූ දූපත -"වේරු" නමින් හැඳින්වෙන බෞද්ධ ආරාමයක ...
ඉස්ලාමයේ කුළුණු පහ - 1 (ෂහදා) පාදඩ අසපුව ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ ...
දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය - 2 (කළු ජූලිය දක්වා) පාදඩ අසපුව වඩ්ඩුකෝඩෙයි සම්මුතිය1976 දී ලංකා දෙමළ රාජ්‍යය පක්ෂය, දෙමළ කොංග්‍රසය සහ තවත් දෙමළ බෙදුම්වාදී පිරිස් "දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" (Tamil United Liberation Front - TULF) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්ෂයේ නායකත්වය හිමිවුනේ චෙල්වනායගම් ට.ඔවුන් 1976 මැයි 14 වෙනිදා වඩ්ඩුකෝඩෙයි හිදී නව සම්මුතියක් ඇති කර ගන්නවා. ඒ "දෙමළ ඊළාම්" නමින් නව රාජ්‍යයක් බිහි කරගැනීමට. එහිදී සියළු දෙනාම එකඟවෙනවා 1977 ...
විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 2 පාදඩ අසපුව මුලින්ම අපි බලමු ආලෝකය මනින ඒකක කීපයක් ගැන.අපි දන්නවා අපි විදුලි බලය මනින්නේ "වොට් (W)" ඒකකයෙන්. අපි ගන්න විදුලි ලාම්පු වොට් 20, වොට් 60, වොට් 100 ආදී වශයෙන් සටහන් කරල තියෙනවනෙ. ඒකෙන් කියැවෙන්නේ ඒ ලාම්පුව පාවිච්චි කරද්දි කොයිතරම් විදුලි බලයක් වැය වෙනවද කියල. ඒ කියන්නෙ වොට් 60 ක ලාම්පුවක් වොට් 20 ක ලාම්පුවකට වඩා විදුලි බලය පාවිච්චි කරනව.හැබැයි වොට් වලින් ...
නවක වදය ගැන.... පාදඩ අසපුව රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්ෂ (ජේවීපී ...
පැරණි වම, මැද වම සහ නව වම පාදඩ අසපුව පැරණි වමලංකාවේ ධනපති පන්තියක් කවදත් තිබුනේ නැත. ලංකාව වැනි ලෝක ධනවාදයේ පරිධියේ ඇති රටක ජනතාවාදී ව්‍යාපාරයක සැබෑ සතුරා විය යුත්තේ මනඃකල්පිත ධනපති පන්තියක් නොව, ගෝලීය ධනවාදයේ ගාමක බලය වන බටහිර අධිරාජ්‍යය වාදයයි.එහිදී ජනතාවාදී සමාජවාදී ව්‍යාපාරයක් නිතැතින්ම ජාතිකවාදී බලවේගයන් සමඟ එකට සිට ගත යුතුය. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ (ලෝක අධිරාජ්‍යය වාදයට ගොදුරු වූ කලාපය) සාර්ථක සමාජවාදී ව්‍යාපරයන් සියල්ලම ජාතිකවාදීන් සමඟ ...
ගබ්සාව ගැන පාදඩ අසපුව ගබ්සාව පිළිබඳ මගේ මතය මේ වගේ.පහත සඳහන් අවස්ථා වලදී වෛද්‍ය නිර්දේශයක් මත ගබ්සාව නීත්‍යානුකූල සහ රජයේ වියදමින් සිදු කළ යුතුයි.1. මවගේ ජීවිතයට තර්ජනයක් වන විට2. කළලය ඉතා දරුණු ආබාධයකින් පෙළෙන විට3. දූෂනයකින් වන ගැබ් ගැනීමකදීඅනික් අවස්ථා වලදී ගබ්සාව අධිකරනයේ විශේෂ අනුමැතියකින් සහ කළලයේ වයස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද කාල සීමාවක් ඉක්මවා නොමැති විට මව්පියන් ගේ වියදමින් සිදු කිරීමට අවසර ...
හයිකු කවි - 2 (හයිකු කවියේ නීති) පාදඩ අසපුව කිගෝ හෙවත් සෘතු වදනහයිකු කවියේ නීති තුනක් ගැන කලින් කියැවිනි. එම නීති තුනෙන් කිගෝ හෙවත් සෘතු වදන ගැන සවිස්තරාත්මකව බලමු.හයිකු කවියකට හැමවිටම පාදක වන්නේ එක් තනි සිද්ධියකි. එම සිද්ධිය සිදුවන කාලය ගැන ඉඟියක් ලබා දීම සෘතු වදනේ අරමුණයි.උදාහරණයකට මත්සුවෝ බාෂෝ විසින් රචිත පැරණි පොකුන ගනිමු.ෆුරුයිකෙ යාකවාසු තොබිකොමුමිසු නො ඔතෝපැරණි පොකුන;ගෙඹි පිනුමක්වතුරේ හඬOld pond;A frog jumps inSound of waterමෙහිදී ගෙම්බා (කවාසු) ...
යකඩ සහෝදරයා - ස්ටාලින් - 1 ස්ටාලින් බලයට පැමිණීම පාදඩ අසපුව යකඩ සහෝදරයා - ස්ටාලින් - 1ස්ටාලින් බලයට පැමිණීමලෝකයේ ඒකාධිපතීන් බිහි වන්නේ බල රික්තයක් තුළිනි. බොහෝ විට ඒකාධිපතියාව බලයට ගෙන එන්නේ එම රික්තය තුලට පැනගැනීමට ඇති වල බල අරගලයේ යම් කිසි පාර්ශව කරුවෙක් විසින් තම ප්‍රතිවාදීන් පාලනය කිරීමේ උපක්‍රමයක් විසිනි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම විරුද්ධවාදීන් මර්ධනය කළ පසු ඒකාධිපතියා බලයෙන් පහ කිරීමෙන් හෝ ඔහුව තමාට අවශ්‍යය ආකාරයට හසුරුවා ගැනීමෙන් බලය තමා ...
අපේ ලොකු හාමුදුරුවෝ පාදඩ අසපුව අපේ ලොකු හාමුදුරුවෝඅපේ ගමේ පන්සල අපි ගැටව් කාලේ අන්තයටම පිරිහිල තිබ්බෙ. එක කාලයක් තිබ්බ උපසම්පදා හාමුදුරුවො කෙනෙක් හිටියෙ නෑ. පොඩි සාමනේර උන්නාන්සෙල දෙන්නෙක් හිටියෙ.පස්සෙ අළුත් නායක හාමුදුරුවො නමක් ආව. නායක හාමුදුරුවො කිව්වට උන්නාන්සෙට 30-35 ඇති. ටිකක් වෙනස් විදිහට හිතන්නෙ. හාමුදුරුවො පන්සල් වත්තේ ක්‍රිකට් ගහන්න කොල්ලන්ට ඉඩ දෙනව. නිවාඩුවක් තිබ්බොත් හාමුදුරුවොත් ගහනව. කළු කෙට්ටු ඇඟයි, බූ ගාපු හිසයි නිසා ගමේ කොල්ලො ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 59 (දෙලිකොළු සහ අළිකොළු) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)දෙලිකොළු සහ අළිකොළු (අඟුරු කෙල්ල සහ අළු කෙල්ල) එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක ගෑණු ළමයි දෙන්නෙක් ජීවත් වුනා. එක්කෙනෙක් ගෙ නම දෙලිකොළු (අඟුරු කෙල්ල). අනිත් එක්කෙනා අළිකොළු (අළු කෙල්ල).එක දවසක් මේ දෙන්න කලගෙඩිත් අරගෙන මුහුදට ගියේ මාළු උයන්න මුහුදු වතුර අරගෙන එන්න. එදා වඩදිය දවසක්. මුහුද බොහොම ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 35 (වැලි මඩුවා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)වැලි මඩුවාදූපතේ අනික් ගෑණුන්ට ළමයි ගොඩක් හිටියත්, සම්පා මැණිකෙට හිටියෙ එකම එක පුතයි. ඒ අලී මනිකු.එක දවසක් වෙනත් දූපතක ඉඳලා ෆන්ඩිත කෙනෙක් (යකැදුරෙක්) ඔවුන් ගේ දූපතට ආවා. සම්පා මැණිකේ ඔහුගෙන් ඉල්ලා හිටියා අලී මනිකු ගේ අත බලල සාස්තරයක් කියන්න කියලා. අලී මනිකු ගේ අතේ රේඛා දිහා බොහෝ වෙලාවක් බලාගෙන ...
බූවල්ලෝ සහ මුතු කිමිදෙන්නිය පාදඩ අසපුව 19 වෙනි ශතවර්ෂයේ (ඒ කියන්නෙ එක්දාස් අටසිය ගණන් වල) ජපානයේ චිත්රකලා සම්ප්රදායක් තිබ්බ "ෂුන්ගා" කියලා. ෂුන්ගා කියන ජපන් වචනයේ තේරුම "වසන්තයේ සිතුවම්". ජපන් සාහිත්‍යයේ වසන්තය කියන්නෙ ලිංගිකත්වයට යොදන ව්‍යංගාර්ථයක්. ෂුන්ගා සම්ප්රදායේ චිත්‍ර වලට පාදක වුනේ ලිංගිකත්වය. සරළව කිව්වොත් ගෑණු මිනිස්සු ලිංගික ක්‍රියා කරන හැටි. සාමාන්‍යයෙන් ජපන් චිත්‍ර වලට වස්තු බීජ වෙන්නෙ සොබාදහම, කඳු, පන්සල්, බෞද්ධ දර්ශනය වගේ ටිකක් බර සාර ...
කොරියාව දෙකඩ වීම - 4 (1953 සිට අද දක්වා) පාදඩ අසපුව කොරියානු යුද්ධයෙන් මිය ගිය ගණනයුද්ධයෙන් මිය ගිය ගණන හරියටම ගනන් බැලීම ඉතාමත් අපහසු කටයුත්තක්. නමුත්, විවිධ පරීක්ෂන වලින් පසු අද ලෝකයේ වැඩියෙන්ම පිළිගැනෙන දත්ත මේවා.උතුරු කොරියාව :හමුදා මරණ : 400,000සිවිල් වැසියන් මරණ : 1,200,000දකුණු කොරියාවහමුදා මරණ : 217,000සිවිල් වැසියන් මරණ : 1,000,000චීනයහමුදා මරණ : 600,000ඇමරිකාවහමුදා මරණ : 37,000වෙනත්හමුදා මරණ : 3,500යුද්ධයේදී මිය යන සිවිල් වැසියන් ගණන ඉතා විශාලයි. ඒකට හේතු ...
Jack the Ripper - 5 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 60 (සතෝ සහ යෝධ කකුළුවා) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සතෝ සහ යෝධ කකුළුවා(සත්‍ය කතාවකි)අද දිවෙහි රාජ්ජේ ස්කූබා කිමිදුම් කරුවෝ ඕන තරම් ඉන්නවා. ඒත් දිවෙහි රාජ්ජෙට ආපු පළවෙනි ස්කූබා කිමිදුම් කරුවන් කීප දෙනාගෙන් එක්කෙනෙක් ගැන කතාව දන්නෙ ඉතාම ටික දෙනයි.ගොඩ කාලෙකට ඉස්සර "සතෝ" කියල ජපන් ජාතිකයෙක් ඔහුගේ බිරිඳත් එක්ක දිවෙහි රාජ්ජේ දකුණු දිග දූපත් වලට ආව. ඔහු ආවෙ ...
.විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 3 පාදඩ අසපුව මේ ලිපියෙන් කතා කරන්නෙ විදුලි ලාම්පු වලින් විහිදෙන ආලෝකයේ වර්ණය ගැන.අපි දන්නවා ආලෝකය හැදිල තියෙන්නෙ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසකින් කියල.සූර්යයා ගෙන් ලැබෙන ස්වාභාවික ආලෝකයේ මේ සම්පූර්ණ වර්ණාවලියම අඩංගු වෙනවා. ඒ නිසා ඒ ආලෝකය අපිට පේන්නෙ සුදු පාටට. ඒ වගේම ඒ ආලෝකය යටතේ සියළුම වස්තූන් ගේ ස්වාභාවික වර්ණය ඒ ආකාරයෙන්ම කිසිම විකෘති වීමකින් තොරව අපිට පේනවා.නමුත් විදුලි ලාම්පු වලින් ලැබෙන ආලෝකයේ ...