දිවෙහි රාජ්ජේ ජනකතා 38 - (හොල්ලවයි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හොල්ලවයි(සත්‍ය කතාවකි. 17 වෙනි සියවසේ අග භාගයේ සිදුවූ සිද්ධියක්.) බොහොම ඉස්සර කාලෙ දවසක ඉරුවායි කාලයේදී (ඊශාන දිග මෝසම් කාලය) ෆුවා මුලාකු දූපතේ ඉඳල හබල් දෙළහක දෝනියක් (ලොකු බෝට්ටුවක්) වෙළඳාමට හුවදූ අතොළුව බලා පිටත් වුනා. මේ දෝනියේ පිරිමි දාහතර දෙනෙක් සහ කාන්තාවන් දෙන්නෙක් හිටියා. අවාසනාවකට දෝනිය කුණාටුවකට අහුවුනා. දවස් පහක් ...
කොල්ටැන් කතාව පාදඩ අසපුව ධනවාදය විවේචනය කරාම අපිට එල්ල වෙන සුලභ ප්‍රති තර්කයක් තමයි "උඹ ඔය කොමෙන්ට් එක දාපු ලැප්ටොප් එක / ෆෝන් එක හැදුවෙත් ධනවාදයෙන්" කියන එක. කතාව ඇත්ත නෙ. ඉතිං මේ කියන්න යන්නෙ ධනවාදය අපිට ලැප්ටොප්, ෆෝන් දීපු කතාවෙ අතුරු කතාවක්. ඔය පරිගණක, ලැප්ටොප්, මොබයිල් ෆෝන්, ටැබ්ලට් මෙකී නොකී අටෝරාසියක් ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම අංගයක් වෙන්නෙ ටැන්ටලම් ධාරිත්‍රක. මේ ටැන්ටලම් ධාරිත්‍රක හදන්නෙ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 23 (අරුෆ්ෆන්නෝ ෆුරේත) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)අරුෆ්ෆන්නෝ ෆුරේත (අරුෆ්ෆන්නෝ හි පෙරේතයා)බොහොම ඉස්සර කාලෙ දවසක් ෆුවා මුලාකු දූපතේ බටහිර වෙරළේ අරුෆ්ෆන්නෝ කියල හැඳින්වෙන වරාය ළඟින් ෆුරේතයෙක් (අමනුෂ්‍යයෙක්) ගොඩබිමට ආවා.ඌ ගොඩබිමට එන හැටි ඒ අසල මුහුදේ මාළු දැල් එලමින් සිටි මිනිස්සු වගයක් දැක්කා. ෆුරේතයා පෙනුනේ කොරල් පරය උඩින් ඇදෙන විශාල අපැහැදිලි ගිනි දළුවක් වගේ.ෆුරේතයා ගොඩබිමට රිංගගෙන දවල් ...
ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම පාදඩ අසපුව 1413 දි ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා වෙන්නෙ අෂිකගා යොෂිමෝචි (ෂෝගුන් කියන්නෙ බලවත් සමුරායි වරයෙක්).යොෂිමෝචි බුද්ධාගමේ හොඳ අනුග්‍රාහකයෙක්. විශේෂයෙන්ම ඔහු සෙන් බුදු දහමට දැඩි කැමැත්තක් දැක්වුවා.සෙන් සම්ප්රදායේ සංකල්පයක් තියෙනවා "කෝඅන්" කියල. කෝඅන් කියන්නෙ දාර්ශනික ප්‍රශ්න. උදාහරනයකට "තනි අතින් අත්පුඩි ගහද්දි සද්දෙ මොකද්ද?". එහෙම නැත්තං "කවුරුත් නැති කැලේක ගහක් කඩාගෙන වැටුනොත් ඒකෙන් සද්දයක් එයිද?"බටහිර සාහිත්‍යයේ සම්ප්රදායක් තියෙනවා "විශිෂ්ඨ සම්ප්‍රප්පලාප (brilliant nonsense)" ...
ඉස්ලාමයේ බෙදීම් පාදඩ අසපුව ඉස්ලාම් ආගම ලෝකයේ බිහි වෙන්නෙ ක්‍රි.ව. 610 දී මෙකා නගරයේ දී. අද වෙනකොට ඉස්ලාමය ලෝකය පුරාම ව්‍යාප්ත වුනු බිලියන 1.8 ක (ලෝක ජනගහණයෙන් 24% ක්) බැතිමතුන් පිරිසක් ඉන්න ආගමක්.මුහම්මද් තුමා බලාපොරොත්තු වුනේ ඉස්ලාමය අදහන සියළුම දෙනා එකම පිරිසක්, එකම ප්‍රජාවක් විදිහට පවතියි කියල. ඔහු ඒ ඉස්ලාමීය ප්‍රජාව "උම්මා" කියල හැඳින්වුවා. ඊට අමතරව ඉස්ලාමය තුල බෙදීම් ඇති කරග ගැනීම කුරානයේ ...
සෙන් කතා - 2 පාදඩ අසපුව ධර්මාවබෝධයඅධිරාජ්යයා දවසක් ප්‍රසිද්ධ මහළු සෙන් භික්ෂුවක් හමු වෙන්න ගියා."ගුරුතුමනී, ධර්මාවබෝධය ලබපු කෙනෙක් මිය ගියාම වෙන්නෙ මොකද්ද?""මම දන්නෙ නෑ"අධිරාජ්‍යයා පුදුම වුනා."ඒත් ඔබවහන්සේ ධර්මාවබෝධය ලබපු කෙනෙක් නෙ?""ඒත් මම මැරිල නෑ නෙ?"ගෝනුස්සාමහළු සෙන් භික්ෂුවක් ගඟක් ළඟ තිබුණ ගහක් මුල භාවනා කරමින් සිටියා. විවේක ගන්නා මොහොතක ඇස් දෙක ඇරල බැලුවම ඔහු දැක්කා ගඟේ ගෝනුස්සෙක් ගහගෙන එන හැටි. ඌ අසරණ වෙලා අඬු විහිදමින් බේරෙන්න උත්සහ ...
මාලදිවයිනේ අතොළු - 4 (උතුරු මධ්‍යම ප්‍රාන්තය) පාදඩ අසපුව උතුරු මධ්‍යම ප්‍රාන්තය අතොළු හතරකින් සමන්විතයි.1. මාලේ අතොළු2. අරි අතොළු උතුරුබුරි3. අරි අතොළු දෙකුණුබුරි4. ෆෙලිදු අතොළුමාලේ අතොළුනිල නාමය : මාලේ අතොළුකේතය : කාෆුප්රාන්තය : උතුරු මධ්යමඅයත්වන සොබාවික අතොළු : කාෂිදූ, ගහෆරු, මාලේ උතුරුබුරි, මාලේ දෙකුණුබුරිජනගහණය : 12,166දූපත් : 107ප්‍රධාන දූපත : තුලුස්දූපදිංචිකරුවන් සහිත දූපත් : 10(දිෆ්ෆුෂි, ගාෆරු, ගුලි, ගුරයිදූ, හිමෆුෂි, හුරා, කාෂිදූ, මාෆුෂි, තිලෆුෂි, තුලුස්දූ)පදිංචි කරුවන් රහිත දූපත් :97මාලදිවයිනේ අගනුවර ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 11 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)තෙලෙබගුදි කොයේ (කැවුම් කෙල්ල)එකෝමත් එක කාලෙක මාලේ දූපතේ ජීවත් වුනා ඉතාම දුප්පත් කාන්තාවක්. ඇය ජීවත් වුනේ මිනිස්සුන් ගෙ මිදුල අතුගාල දීල ඒකෙන් හම්බුවෙන සුළු කුලියකින්.දවසක් ඇය මිදුලක් අතුගාද්දි ඇයට "බොදුලාරි" (ලාරි 4 ක වටිනාකම ඇති කාසියක්) හමුවුනා. ඇය කාසිය අරගත්තෙ ඇගේ එකම දුව "කොයේ" ට දෙන්න හිතාගෙන. කොයේ තෙලෙබගුදි ...
ලංකාවට එල්ල වූ චීන ආක්රමනය - 2 පාදඩ අසපුව මිං රාජ වංශයකුබ්ලායි ඛාන් ප්‍රධාන මොංගෝලියානුවන් 1271 දි චීනයේ බලය අල්ලගෙන යුආන් රාජවංශය පිහිටුවනවා. ඔවුන් අවුරුදු 100 ක් පමණ චීනය පාලනය කරනවා.1351 දි "හොංජිං ක්වී" (රතු ජටා කරුවෝ) නමින් හැඳින්වුන කැරලිකාරී සංවිධානයක් යුආන් රජවරුන්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ලට "බයිලින් ජියාඕ" (සුදු නෙළුම) නමින් හැඳින්වුන රහසිගත බෞද්ධ දේශපාලනික සංවිධානයක සහය ලැබෙනවා. මේ කැරැල්ල ඉතා වේගයෙන් චීනය පුරා පැතිරෙනවා.1352 දි ...
මාලදිවයිනේ අතොළු - 5 (මධ්‍යම ප්‍රාන්තය) පාදඩ අසපුව මධ්‍යම ප්‍රාන්තය අතොළු තුනකින් සමන්විතයි.1. මුලාකු2. නිලන්දේ උතුරුබුරි3. නිලන්දේ දෙකුණුබුරිමුලාකු නිල නාමය : මුලාකුකේතය : මීමුප්රාන්තය : මධ්යමඅයත්වන සොබාවික අතොළු : මුලාකුජනගහණය : 4,705දූපත් : 33ප්‍රධාන දූපත : මුලිපදිංචිකරුවන් සහිත දූපත් : 9(බොලි මුලා, දිග්ගරු, කොළුෆුෂි, මදිෆුෂි, මදුව්වාරී, මුලි, නාලාෆුෂි, රයිම්මන්දූ, වේවා)පදිංචි කරුවන් රහිත දූපත් : 24මාලදිවයිනේ ජාතික වීරයෙක් වන බොදු තකුරුෆානු විසින් පෘතුගීසින්ට එරෙහිව සටන් කරන්න පාවිච්චි කළ බෝට්ටුව ...
Jack the Ripper - 1 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ...
කොරියාව දෙකඩ වීම - 1 (පසුබිම) පාදඩ අසපුව ජපන් පාලන සමයකොරියාවේ වර්තමාන ඉතිහාසය පටන් ගන්නෙ 1910 දි. ඒ ජපන් අධිරාජ්‍යය විසින් කොරියාව යටත් කර ගැනීමෙන්.ජපානයේ පාලනය ඉතාමත් කෲර එකක්. නමුත් ඔවුන් කොරියාව නවීකරනය කරනවා. විශේෂයෙන්ම ප්‍රවාහන පද්ධතිය. හැබැයි ඒ කොරියන් කාරයන්ට ආදරේට නෙවෙයි - සොබාවික සම්පත් ජපානයට අරගෙන යන එක පහසු කරන්න.1937 දි ජපන්-චීන යුද්ධය පටන් ගැනීමත් එක්ක ජපන් පාලනය තවත් දරුණු වෙනවා. කොරියානු සංස්කෘතිය සම්පූර්නයෙන්ම විනාශ කිරීමේ ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 18 (බැදපු දෙල් පෙති) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) බැදපු දෙල් පෙතිහසන්ෆුලු කියන්නෙ තරුණ කෙවුලෙක් (නායක ධීවරයෙක්). ඔහු මුළු අතොළුවේම හිටපු දක්ෂම ධීවරයා කියලයි හැමෝම කිව්වෙ. ඔහු තමාගේ රැකියාවට ආදරය කළා. ඒ වගේම නිතරම මූදු ගියා.එක දවසක් මූදු ගිහිල්ල ආපහු හවස ගෙදර එනකොට ඔහු දැක්කා මුහුදු වෙරළේ දෙල් විකුණනවා. ඔහු මාළු කූරි කීපයක් ලොකු දෙල් ගෙඩි හතරකට ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 8 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)සරල විනෝදාත්මක කතාවක් වගේ පෙනුනත්, ඉතා ගැඹුරු අදහසක් තියෙන කතාවක්.හෙරාබොහොම කාලෙකට ඉස්සර මාලේ දූපතේ හිටියා "හෙරා" කියලා මනුස්සයෙක්. ඔහු කළු විසාල ශරීරයක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම "කොලොප්පම් කාරයෙක්" විදිහට නම් දරාපු අයෙක්.දවසක් හෙරා මාලේ වරාය අසල ඉන්නකොට ඈත අතොළුවකින් ආපු බෝට්ටුවක් වරායට සේන්දු වුනා. හෙරා දන්නවා ඔවුන් නවාතැන්පොළක් හොයන ...
ලෙනින් ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතිය ගැන පාදඩ අසපුව ලෙනින් 1914 මැයි තීසිසය (ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතිය ගැන) ලියන්නෙ නෝර්වේ ස්වීඩනයෙන් වෙන්වීම සහ පෝලන්තය ජර්මනියෙන් වෙන්වීම ගැන සමාජවාදී කඳවුරේ ඇති වුන විවාද සම්බන්ධයෙන් ඒ අදහස් රුසියානු අධිරාජ්‍යයේ සුළු ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතියට ගලපමින්. මෙහිදී ජර්මන් කොමියුනිස්ට් වාදිනියක් වුන රෝසා ලක්සම්බර්ග් මේ වෙන්වීමට කොමියුනිස්ට් වාදීන් සහය නොදිය යුතුයි කියන මතයේ හිටියා. ඒ කොමියුනිස්ට් වාදීන් ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයකට සහය ...
රුසියාවේ ප්‍රථම මැතිවරණය පාදඩ අසපුව රුසියාවේ ප්‍රථම නිදහස් සර්වජන ඡන්දය සහිත මැතිවරණය පැවැත්වුනේ කවද්ද කියල දන්නවද? ගොඩක් දෙනෙක් හිතයි සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සෙ කියල. නමුත් ඇත්තෙන්ම රුසියාවේ ප්‍රථම නිදහස් සර්වජන ඡන්දය සහිත මැතිවරණය පැවැත්වුනේ 1917 නොවැම්බර් 25 වෙනිදා. ඒ රුසියානු විප්ලවයෙන් ලෙනින් ගේ බොල්.ෂෙවික් පක්ෂය බලය අල්ලගෙන සති දෙකකට පස්සේ. බොහෝ දෙනෙක් හිතනවා වගේ රුසියන් විප්ලවයේදී සිද්ධ වුනේ ලෙනින් ගේ බොල්.ෂෙවික් පක්ෂය රුසියාවේ බලය ...
කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද පාදඩ අසපුව සමාජවාදය ට සම්බන්ධ එක එක වාද තියෙනව නෙ. මේ ඒව ගැන කෙටි හැඳින්වීමක්. (මේක කොහෙත්ම සම්පූර්න විස්තරයක් නෙවෙයි. මේ මතවාදයන් ඉතා සංකීර්නයි. වාක්‍යය තුන හතරකින් විස්තර කරන්න බෑ. මේ ජෙනරල් අයිඩියා එකක් ගැනීම සඳහා විතරයි.) සමාජවාදය (Socialism)රටක ආර්ථික ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම හෝ වැඩි වශයෙන් පුද්ගලික අයිතිය මත නොව සාමූහික අයිතිය මත පදනම් විය යුතුයි යන දේශපාලන න්‍යාය. කොමියුනිස්ට්වාදය (Communism) රටක ආර්ථික ...
යාකොව් සහ ඇන් යි පාදඩ අසපුව මේ ඉන්නෙ යාකොව් යුගාෂ්විලි.මෙයාගෙ තාත්ත තමයි ඒ කාලෙ සෝවියට් දේශයේ අසහාය නායක, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ නියමු ජෝශප් ස්ටාලින්.දෙවෙනි ලෝක යුද්ධය පටන් ගන්නවත් එක්කම යාකොව් රතු හමුදාවට බැඳනවා. ඒ කාලතුවක්කු බල ඇණියක ලුතිනන් වරයෙක් හැටියට.සෝවියට් දේශය ආක්රමනය කරන ජර්මන් හමුදා වලට එරෙහිව ස්මොලෙන්ස්ක් නගරය අසල දී රතු හමුදාව සටන් වදිනවා. යාකොව් ගෙ බල ඇණියත් මේ සටනට සහභාගී වෙනවා. සටනෙන් රතු හමුදාව ...
දිවෙහි රාජ්ජේ රජකතා - 49 (භාජනයේ තිබූ සඳ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) භාජනයේ තිබූ සඳඑකෝමත් එක කාලෙක අරි අතොළුවේ දගෙති දූපතේ සේකු වසල්ලි කියල මනුස්සයෙක් ජීවත් වුනා. ඔහු උස මහත කළු මනුස්සයෙක්. දත් ටික සුදුම සුදුයි. හැමෝම කිව්වෙ ඔහුට ටිකක් පිස්සු කියල. ඒත් ඔහු හරිම හිත හොඳ මනුස්සයෙක්. ඒ නිසා හැමෝම ඔහුට ප්‍රිය කලා.දෙමාපියන් මැරුනට පස්සෙ ඔවුන් සතුව තිබ්බ විශාල ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 33 (හිමිච්චා එරි ෆුරේත) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හිමිච්චා එරි ෆුරේත (හිමිති දිවයිනේ අමනුෂ්‍යයා)(සත්‍ය කතාවකි)එක්දාස් නවසිය පණස් ගණන් වලදි මාලදිවයිනේ රජයට නිලන්දේ අතොළුවේ හිමිති දූපතෙන් පණිවුඩයක් ආවා ඒ දූපතට ෆුරේත (අමනුෂ්‍යයෙක්) ඇවිත් කියලා. මේ විදිහේ පණිවුඩ ලැබෙන එක තරමක් සුලභ දෙයක් නිසා සාමාන්‍යයෙන් නං රාජ්‍ය නිලධාරීන් මේ වගේ පණිවුඩ නොසලකා හරිනවා. ඒත් මේ හිමිති අමනුෂ්‍යයාව බොහෝ දෙනෙක් ...