මාලදිවයිනේ අතොළු - 4 (මාලේ නගරය) පාදඩ අසපුව මාලේ නගරය කියන පරිපාලන ඒකකයට අයිති වෙන්නෙ මාලදිවයිනේ අගනුවර වන මාලේ දූපත සහ ඒ අවට තියෙන දූපත් තුනක්. මාලදිවයිනේ සම්පූර්න ජනගහණයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමානයක් ජීවත් වෙන්නෙ මාලේ නගරය ඇතුලෙ.නිල නාමය : මාලේ නගරයකේතය : මාලේප්රාන්තය : උතුරු මධ්යමඅයත්වන සොබාවික අතොළු : මාලේ උතුරුබුරිජනගහණය : 129,381දූපත් : 4ප්‍රධාන දූපත : මාලේපදිංචිකරුවන් සහිත දූපත් :3(මාලේ, හුළුමාලේ, විලිංගිලි)පදිංචි කරුවන් රහිත දූපත් : ...
ගී කියන කුරුල්ලා පාදඩ අසපුව 1467 - 1600 අතර කාලය ජපන් ඉතිහාසයේ හැඳින්වෙන්නේ "සෙංගොකු ජිදයි" කියලා. ඒකෙ තේරුම "රණකාමී රාජ්‍යයන් ගේ සමය" කියන එක. මේ කාලය එහෙම හැඳින්වුනේ ඒ කාලයේ ජපානයේ මධ්‍යගත පාලනය බිඳ වැටිලා, අධිරාජ්‍යයා ගේ සහ ෂෝගුන් වරයාගේ බලය පිරිහිලා ජපානයේ ප්‍රාදේශීය පාලකයන් (හෙවත් දයිමියෝ වරුන්) ගේ බලය වැඩිවෙලා තිබුනු කාලයක් වීම. මේ කාලයේ ජපානය ස්වාධීන සහ අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකින් සමන්විත වුනා. ...
පාදඩ කතා - 3 (මල් කතා) පාදඩ අසපුව (පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)පාදඩයා කූඹියො බලපු හැටි කියවල තියෙනව නෙ. මේත් ඒ වගේ මල් කතා ටිකක්.එකඑක පාරක් පාදඩයා කැම්පස් ඉද්දි පාටියකට යන්න සෙට් වුනා. පාටිය හතට විතර පටන් ගන්න නිසා පාදඩයයි තව එවුන් දෙන්නෙකුයි හයට විතර මල් පූජා කරල පේවුනා.ඊට පස්සෙ අපි ලෑස්ති වෙන්න ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 63 (ෆන්ඩියාරු කකුනි) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)ෆන්ඩියාරු කකුනි (නඩුකාර කකුළුවා) එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක කකුළුවෝ මහ ගොඩක් ජීවත් වුනා. උං හිටියෙ වෙරළේ රැල්ලට නොතෙමෙන හරියෙ ගුල් හාරගෙන. ඒත් අවාසනාවන්ත විදිහට රෑට රෑට කකුළුවෝ බුරුතු පිටින් අතුරුදහන් වෙන්න පටන් ගත්තා.මේ විදිහට තමාගෙ වර්ගයා අතුරුදහන් වීම ගැන ගොඩක් කකුළුවො බොහොම වද වුනා. ඒ නිසා ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 27 (කුඩ තුත්තු ඩීඩී ගෙ ඇණ) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)කුඩ තුත්තු ඩීඩී ගෙ ඇණගොඩක් ඉස්සර කාලෙ මාලෙ දූපතේ වංශවත් මනුස්සයෙක් ජීවත් වුනා. ඔහුගේ නම කුඩ තුත්තු ඩීඩී.ඒ කාලෙ මාලේ වංශවතුන් ගෙ ගෙවල් හැදුවෙ ලී වලින්. ඒ ගෙවල් වල ඉස්තෝප්පුවෙ ඉඳල ගේ ඇතුලට යන ප්‍රධාන දොර හැදුවෙ පැත්තට තල්ලු කරන දොරක් (sliding door) විදිහට. ඒ දොර රඳවල තිබ්බෙ තරමක් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 19 (පෙරේත රජු) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)පෙරේත රජුඑකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ හිටපු හොඳම ෆන්ඩිත (යකැදුරා) වුනේ ඔඩිතාන් කලේගේ කියල මනුස්සයෙක්. ඔහු වැඩ රාජකාරි වලට මාලේ දූපතට ආවම නැවතිලා හිටපු ගෙදර හැඳින්වුනේ "කෙයොගේ" කියල. මාලේ දූපත තමයි දිවෙහි රාජ්ජේ අගනුවර. ඔඩිතාන් කලේගේ මාලේ දූපතට ආව කියල ආරංචි වුනාම ගොඩක් දෙනා විවිධ ප්‍රශ්න නිරාකරණය කරගන්න ඔහුව ...
මාලදිවයිනේ අතොළු - 2 (උතුරු ප්‍රාන්තය) පාදඩ අසපුව උතුරු ප්‍රාන්තය අතොළු හතරකින් සමන්විතයි.1. මිලදුන්මදුලු දෙකුණුබුරි2. මාලොස්මදුලු උතුරුබුරි3. මාලොස්මදුලු දෙකුණුබුරි4. ෆාදිප්පොලු මිලදුන්මදුලු දෙකුණුබුරිනිල නාමය : මිලදුන්මදුලු දෙකුණුබුරිකේතය : නූනුප්රාන්තය : උතුරුඅයත්වන සොබාවික අතොළු : තිලදුන්මතිජනගහණය : 10,483දූපත් : 71ප්‍රධාන දූපත : මනදූපදිංචිකරුවන් සහිත දූපත් : 13(ෆොද්දූ, හෙන්බංදූ, හුළුදූ, කෙන්ඩිකොළුදූ, කුඩෆරී, ලන්දූ, ලොහි, මාෆරු, මල්හෙන්දූ, මගූදූ, මනදූ, මිලදූ, වැලිදූ)පදිංචි කරුවන් රහිත දූපත් :58මත්ස්යය සම්පත ඉතා හොඳින් පිහිටා ඇති අතොළුවක්. මාලදිවයිනේ
පාදඩ කතා - 1 (ආදර කතා) පාදඩ අසපුව එක අපි ඒලෙවල් පන්තියෙ ඉද්දි අපේ යාළුවෙක්ට අවුරුදු 40 ක විතර ගෑණු පරානයක් සෙට් වෙලා හිටිය. හොඳට ඇහැට කනට පේන ඉස්තිරියාවක්. අපි ඉතිං ඒ කාලෙ කෙල්ලෙක් ගුඩ් මෝනිං කිව්වත් කලිසමේ හුජ්ජ යන මට්ටමේ එවුන් නිසා ඇන්ටි කෝස් එකක් කරපු ඌ ජාතික වීරයෙක් වශයෙන් තමයි සැලකුනේ. එක දවසක් මූ මේ කාන්තාවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල. හැබැයි ඌ දන්නෙ නැතුව අපේ ...
Jack the Ripper - 4 පාදඩ අසපුව ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියන ප්‍රශ්න අදටත් අභිරහසක්.ඒත් මේ කතාව ජැක් ගැන(ම) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ...
ඉස්ලාමයේ කුළුණු පහ - 4 (සව්ම්) පාදඩ අසපුව ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ ...
ඉතිහාස රස කතා - 1 (සැපරෝෂියානු කොසෑකයන් ගේ පිළිතුර) පාදඩ අසපුව සැපරෝෂියාව කියන්නෙ 16 වෙනි සියවසේ ඉඳල 18 වෙනි සියවස වෙනතුරු ක්රිමියානු අර්ධ ද්වීපයට ටිකක් උතුරට වෙන්න ද්නීපර් ගඟ අසබඩව පැවතුනු කොසෑක් වරුන්ගේ අර්ධ-ස්වාධීන රාජ්‍යයක්. 1676 දී සැපරෝෂියානු කොසෑකයන් සහ තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය අතර යුධ ගැටුම් ඇති වෙනවා. ඔටෝමන් හමුදා සැපරෝෂියාව ආක්රමනය කළත්, ඔවුන්ව පරාජය කරන්න කොසෑකයන් සමත් වෙනවා. නමුත් ඔටෝමන් අධිරාජ්‍යයා වුන හතරවන මෙහ්මඩ් කොසෑකයන්ට යටත් වන ලෙසට අණ කරමින් ...
පාදඩ කතා - 2 (ආදර කතා) පාදඩ අසපුව (පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)අටපාදඩයා විදේශගතව හිටපු කාලෙ වෙච්ච සිද්ධියක්.පාදඩයට සහ උගේ යාළුවෙක්ට එක පාරක් ඒ රටේම රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවියක් ගෙ ෆෝන් නම්බර් එකක් ලැබුනා. ඉතිං අපිත් කම්මැලි වෙලාවට කෝල් කරල පොඩි ෆන් එකක් ගන්නව (කෝල් විතරයි ඈ, එයා හිටියෙ අපි හිටපු තැනට ...
ජපන්නු කන හැටි - තවත් කෑම පාදඩ අසපුව මේ ජපානයේ ජනප්‍රිය තවත් කෑම වර්ග කීපයක්1. සෂිමි සෂිමි කියන්නෙ සිහින් පෙති වලට කපපු අමු මාළු. ජපන්නු මාළු උයල කනවට වඩා කන්නෙ අමුවෙන්. මාළු වල අලුත් බව සෂිමි වල තියෙන්න ඕනෙ අනිවාර්ය අංගයක්.මාළු ඉතා හොඳින් හෝදලා සකස් කරල තියෙන නිසා අපි හිතන තරම් සෂිමි කන්න අපහසුවක් නෑ. අප්‍රියජනක ගඳක් හෝ පිලී රසයක් ඇත්තේම නැති තරම්. සාමාන්‍යයෙන් සෂිමි ආහාරයට ගන්නෙ ෂෝයූ ...
කොටියා, ව්‍යාඝ්‍රයා සහ දිවියා පාදඩ අසපුව මේ පින්තූර දෙකේ ඉන්නෙ අපි කවුරුත් හොඳට දන්න සත්තු දෙන්නෙක්. පළවෙනි පින්තූරෙ ඉන්න සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Tiger". විද්‍යාත්මක නාමය "Panthera tigris". මේ සතා ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් කීපයක් ජීවත් වුනත් ලංකාවෙ කැලෑවල නෑ.දෙවෙනි පින්තූරෙ ඉන්න සතාට ඉංග්‍රීසියෙන් කියන්නෙ "Leopard". විද්‍යාත්මක නාමය "Panthera pardus". මේ සතා අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් ගණනාවක ජීවත් වෙනවා, ලංකාවත් ඇතුළුව. මේ සත්තු දෙන්නට සිංහලෙන් කියන්නෙ මොනවද? ...
මැග්යාර් මායාකාරයෝ - 1 පාදඩ අසපුව මැග්යාර් කියන්නේ ක්‍රි.ව. 900 දී පමණ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් වල ඉඳලා මධ්‍යම යුරෝපයට සංක්‍රමනය වුන ජන වර්ගයක්. ඔවුන් වර්තමාන හන්ගේරියාව ආශ්රිත ප්‍රදේශයේ පදිංචි වෙනවා. අද වන විට හන්ගේරියාවේ ජනගහණයෙන් 90% පමණ මැග්යාර් වරුන් ගෙන් පැවත එන අය.ඒත් මේ කියන්න යන්නේ මැග්යාර් වරු ගැන නෙවෙයි. "මැග්යාර් මායාකාරයෝ" (Magical Magyars) කියල හැඳින්වුන පාපන්දු කණ්ඩායමක් ගැන. ඒ 1949-1956 කාලයේ හන්ගේරියානු ජාතික පාපන්දු ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 21 (මොහාන් ට දුන්නු දෝනිය) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)මොහාන් ට දුන්නු දෝනියඑකෝමත් එක කාලෙක දවසක් මාලේ දූපතේ වරායට අළුතෙන්ම හදපු කදිම දෝනියක් (බෝට්ටුවක්) ළඟා වුනා. ළඟ පාත හිටපු මිනිස්සු ඔක්කොම වරායට රැස් වුනා දෝනිය බලන්න. ඔවුන් දෝනියේ ලස්සන ගැන කතා වෙද්දි බෝට්ටුවේ ආපු නාවිකයන් බඩු බාන්න පටන් ගත්තා.බඩු බාලා ඉවර වෙලා ඔවුන් ඒ බඩු අරගෙන මාලේ වෙළඳසැල් ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 7 පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)බර කුරුම්බා ගෙඩියඑකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක හිටියා අන්ධ මනුස්සයෙක්. ඔහු දවසක් හවස තමාගේ දූපතේ ඇවිදින්න ගියා. ඔහොම ඇවිදගෙන යනකොට එකපාරටම ඔහු තවත් මනුස්සයෙක් ගෙ ඇඟේ හැප්පුනා. ඒ මනුස්සයත් අන්ධයෙක්."තමුසෙ අන්ධයෙක් ද?"දෙවෙනියා පළවෙනියාගෙන් ඇහුවා."ඉතින් තමුසෙත් මාව දැක්කෙ නෑ නෙ? උඩ බලාගෙනද යන්නෙ?"පළවෙනියා උත්තර දුන්නා."මම තමුසෙව දැක්කා. ඒත් මම ...
දිවෙහි රාජ්ජේ ජනකතා - 26 (හමේ රෝගය) පාදඩ අසපුව (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)හමේ රෝගයඑකෝමත් එක කාලෙක මාලේ දූපතේ ඉතාම ලස්සන තරුණියක් ජීවත් වුනා. ඇය දීග යන වයසේ හිටියත්, තරුණයන් ගෙන් ලැබුන හැම විවාහ යෝජනාවක් ම ප්‍රතික්ෂේප කරා.මේ කාලයේ හැම අවුරුද්දකම බංගලිදේසෙන් වෙළඳ නැව් පන්තියක් මාලේ දූපතට එනවා. එක දවාසක් තරුණිය හැන්දෑ වරුවක වරාය අසලින් යද්දි බංගලිදේසෙන් ආව නැවක හිටපු නාවිකයෙක් දැක්කා. ...
දිවෙහි පාදඩ අසපුව "දිවෙහි" කියන්නෙ මාලදිවයිනේ ජනතාව අයත් වෙන ජන වර්ගය හඳුන්වන නම. ඔවුන් ගේ භාෂාව හැඳින්වෙන්නෙත් ඒ නමින් මයි. "දිවෙහි" කියන එකේ තේරුම "දූපත් වල වැසියෝ" කියන එක. දිවෙහි බසින් මාලදිවයින හැඳින්වෙන්නේ "දිවෙහි රාජ්ජේ" කියල. ඒකෙ තේරුම "දූපත් රාජ්‍යය" කියන එක.දිවෙහි භාෂාව "ඉන්දු - ආර්ය" භාෂා පවුලේ සාමාජිකයෙක්. ඒක අයත් වෙන්නේ "දකුණු දිග" උප පවුලට. මේ දකුණු දිග ඉන්දු - ආර්ය ...
ඉස්ලාමයේ කුළුණු පහ - 5 (හජ්) පාදඩ අසපුව ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ ...