ඉදිරි වසර 20 ජාතික විදුලි බල සැලැස්ම (වචන වලට එහා ගිය විවරණයක් සරලව) පෙනෙන නොපෙනෙන ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 20 සඳහා විදුලි බල සැලැස්ම අනුමත කොට ඇත. ඉතින් අපිට පාන්ද යැයි නොඅසන්න... අපට ඕවා තේරෙන්නේ නැහැ යැයි නොකියන්න.... සරලව මෙම සැලසුම ඔබේ දැනුමට සහ රසාස්වාදයට සරලව මෙසේ ගෙන ගෙන හැර පාන්නෙමි!සැලසුමේ සාරාංශය ජාතික විදුලි පද්ධතියේ දැනට ඇති ධාරිතාව මෙගාවොට් 3887කි. ඉදිරි වසර 20 තුලදී මෙම සැලසුමට අනුව මෙගාවොට් 8371 එයට එකතු කරනු ලැබේ. මෙය එකතු ...
ශ්‍රී ලාංකීය විදියට පරිසර හිතකාමී වෙමු බෝඩ් එකෙන් පෙනෙන නොපෙනෙන මාස 7කට කලින් ලියපු කථාව - මුහුණු පොතේ ලින්කුව බ්ලොග් පොස්ට් එකක් නැහැ එකට මොකෝ ඒ කාලේ බ්ලොග් එකක් ලියන්ඩ හිතල තිබ්බෙත් නැහැ.... කලාහිත නම් දැම්ම මේක මගෙන් ඉල්ලගෙන එයාගේ බ්ලොග් එකේ - Coal War කියල ලිපියක්... .... එක දැන් වහල හින්ද එකේ ලින්කුවක් දාන්ඩ විදියක් නැහැ.... හැබැයි ඉතින් මම ඉස් ඉස්සෙල්ලම මේ සිංහල බ්ලොග් ලෝකේ රහ බැලුවේ ඒ සාකච්චාවට ...
GMOA එක විසින් ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද? පෙනෙන නොපෙනෙන මේ සම්බන්ධයෙන් FactCheck වෙබ් අඩවියේ දක්වන ලද ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදයක් මම තව මිතුරන් කිහිප දෙනෙකු සමග ආරම්භ කරන ලද බ්ලොග් අඩවියේ පල කොට ඇත.මෙහි සිංහල අනුවාදය කරන ලද්දේ මවිසින් බැවින් පෙනෙන නොපෙනෙන බ්ලොග් එකේ රසිකයන්ගේ දැනුමට!සුපුරුදු පරිදි සංවාදයට විවෘතයි. ලිපියට දිගුව - GMOA එක ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද? ...
ගම්මුන්ගෙන් අසා නිගමනයකට එන විද්‍යාත්මක ක්‍රමය - ශ්‍රී ලංකික පරිසරවෙදීන්ගෙන් අසා දැනගමු පෙනෙන නොපෙනෙන EFL නමැති පරිසර සංවිධානය එක්තරා පානීය ජල බෝතල් සමාගමක් නිසා එම ප්‍රදේශයේ භූගත ජලය සිඳී ඇති බවට ඇති ප්‍රවෘති නිවේදනයක් දුටු මම ඔවුන්ගෙන් ඊමේල් මගින් අසා සිටියේ එම නිගමනයට පැමිණියේ කෙසේද කියාය!ඔවුන්ගේ පිළිතුර වුයේ ගම්මුන්ගෙන් පැමිණිලි අනුව ඔටාරා පදනමෙන් මෙම තොරතුර ලැබුණු බවය. මම නැවතත් අසා සිටියේ ඉහත නිගමනයට පැමිණි විද්‍යාත්මක ක්‍රම වේදය පවසන ලෙසය. එය ඔටාරා පදනමෙන් අසගන්නා ලෙසත් ...
ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පෙනෙන නොපෙනෙන බලශක්තිය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය කල් ඉකුත් ව ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටේ බලශක්ති ව්‍යාපෘති සඳහා එක් එක් ව්‍යාපෘති සඳහා "ප්‍රතිපත්තිමය තීරණ" ගනිමින් සිටී.රටේ නායකයා කල යුත්තේ මේ සඳහා ඇති ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමය. එවිට එම ප්‍රතිපත්තියට අනුකූලව නව ව්‍යාපෘති ඇති කිරීම අදාල අධිකාරී මගින් කරනු ඇත. micro management කරමින් එක් එක් ව්‍යාපෘතිය ගැන තීරණ ගැනීමට සහ තමන්ට හිතෙන ආකාරයේ ...
ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස) පෙනෙන නොපෙනෙන මෙහි පළමු ලිපියෙන් බලශක්තිය සහ ශක්තිය වැනි මූලික සංකල්පද ලංකාවේ අප භාවිතා කරන ශක්ති ප්රභේදයන් සහ ඒවගේ ඉතිහාස ගත විකාශනය පිළිබඳව සාකච්ඡා කෙරුවෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ බලශක්ති භාවිතය පිළිබඳව ඇති ඉතිහාසය මදක් විමසා බලමු. මෙය මිනිසා සහ බලශක්තිය අතර ඇති සමීප සම්බන්ධතාවය මනාව තේරුම් ගැනීමට ඔබට උදව් වේවි. බලශක්ති භාවිතයේ ඉතිහාසය අප කුමන ආකාරයක බලශක්තියක් භාවිතා කලත් එය පෘතුවියට ...
දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ පෙනෙන නොපෙනෙන "ගොයම් නැටුමකට දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ "අද උදේ මේ සින්දුව ඇහෙද්දී මට මතක් වුනේ අපේ බලශක්තිය ගැන හැමෝටම උපදෙස් දෙන පරිසරවේදියෝ ටික..... බලශක්ති ඔස්තාද් වගේ කෑ ගැහුවට ජෙනරේටර් එකක් දුවන හැටි දන්නේ නැහැ.... හැබැයි ටීවී එකේ පත්තරේ හොඳට රඟ දක්වනවා....ඊට පස්සේ ටික "කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ"මේකෙන් මේ කියන්නේ හැමදාම පුනර්ජනනීය කතා ටිකක් ටීවී එකෙයි ...
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීමට ඔබේත් මගේත් සත 5 දමමු පෙනෙන නොපෙනෙන ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීම සඳහා පුරවැසියන්ගේ යෝජනා කැඳවා ඇත. යෝජිත බලශක්ති ප්‍රතිපත්තිය ඔබ කවුරුන් හෝ යෝජනා දීමට අදහස් කරන්නේ නම් මමත් ඔබ සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. එය මෙම සිංහල බ්ලොග් අවකාශයේ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතමි.එබැවින් ඔබගේ යෝජනා මෙහි කොමෙන්ටු වශයෙන් සඳහන් කොට සංවාදයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමි. මෙහි අවසන් දිනය අප්‍රේල් 30 බැවින් 25 වනදා වන විට ...
සාම්පුර් සයිටම් සහ අපේ අරමුණු! පෙනෙන නොපෙනෙන බොහෝ පිරිසකට අවශ්‍යව ඇත්තේ අඩු පාඩු සකස් කරගෙන, කරන්නට සැලසුම කල දේ කරගෙන ඉදිරියට යාමට නොව කෙසේ හෝ එය නතර කිරීමටය. දෙයක් නතර කිරීම පහසු දෙයකි! ඉතාමත් ලේසි දෙයකි!නමුත් අඩුපාඩු සකස් කරගෙන කරගෙන යෑම ඉතාමත් අමාරු දෙයකි! අවදානම් සහගත දෙයකි! බැනුම් ඇසීමට සිදුවන දෙයකි! ජනප්‍රියත්වය අඩු වන දෙයකි!ඉතින් කෑ ගසා මොර දිදී කරන කරන වැඩේ නතර කරමු යැයි කෑ ගසන්නේ ...
පරිකල්පිත යථාර්ථයේ අතරමං වූ අපි පෙනෙන නොපෙනෙන නූතන මානවයා - එහෙමත් නැත්තන් දැන් ලෝකේ ඉන්න මිනිස්සු හුරු වෙලා ඉන්නවා මවාගත්ත පරිකල්පන ලෝකයක (imagined reality) ජීවත් වෙන්න. මේ මවාගත්ත පරිකල්පන ලෝකය තුල ජීවත් වෙන්න අපි කොච්චර පුරුදු වෙලා ඉන්නවද කියනවා නම් අපිට කොයිම වෙලාවකවත් මතක් වෙන්නේ නැහැ අපි ඒ මවාගත්ත පරිකල්පනයේ ඉන්නේ කියල. මේක ටිකක් සරලව පැහැදිලි කරොත් - ගඟක්, ඇලක්, දොළක්, වැස්සක්, කන්දක්, මුහුදක් වගේ දේවල් ...
පෙනෙන පාඩු සහ නොපෙනෙන පාඩු පෙනෙන නොපෙනෙන මහබන්දුම්කර (වංචාවේ) සිද්ධියේ හරි පාඩුව රුපියල් බිලියන 0.9 ලු මුලාශ්‍රය - .....https://twitter.com/VeriteResear…/status/824509452309200896…ඒ වුනාට සන්තෝස වෙන්නේ කොහොමද? බලශක්ති හා පුනර්ජනනීය ඇමතිතුමා බිලියන 50 වියදම් කරන්ඩ බලන් ඉන්නේ ඊළඟ මාස 6 ට වැස්සේ නැති වුනහම විදුලිය හදන්ඩ...මුලාශ්‍රය - (http://www.sundayobserver.lk/20…/…/22/features/impact-energy)බැඳුම්කර සිද්ධිය වගේ 50 ගුණයක්!අර බිලියන 50 ගැන කවුරුත් කෑ ගහන්ඩ එපා... කෑ ගැහුවොත් ලයිට් කපනවා......අනික් එක ඕකට කෑ ගහල ඕක නතර කරලා ලයිට් ...
මගෙන් මේ දවස්වල අහන ප්‍රශ්න වල සාරාංශයක් පෙනෙන නොපෙනෙන මම විනෝදෙට කරපු දේ (විනෝදාංශේට) ලැබෙන පාඨක සහ මිතුරුමිතුරියන්ගේ ප්‍රතිචාර වැඩි වී ඇත - නෙලුම් යාය බ්ලොග් සම්මානය ලැබීමෙන් පසු. එම නිසා ඒවා සාරාංශ කොට මෙසේ පල කරමි.- ඕව ලියන්ඩ වෙලාව කොහෙන්ද?- කන්තෝරුවේ වැඩ අඩුද?- ඔය කරුණු/දත්ත ඔක්කොම හොයා ගත්තේ කොහෙන්ද? කියවන්න වෙලාව තිබ්බද?- අහවල් මාතෘකාව ගැනත් එකක් ලියන්න බැරිද?- බ්ලොග් එකෙනුයි ෆසේබූක් එකෙනුයි රට හදන්ඩ ද යන්නේ?- ඔය බ්ලොග් ...
බ්ලැක් අවුට් (Blackout) එකක් කියන්නේ මොකක්ද? පෙනෙන නොපෙනෙන සමහරු අහලා එවලා තිබ්බා blackout එකක් වෙන්නේ කොහොමද කියලා සහ පහුගිය සඳුදා රටේ විදුලි පද්ධතියට මොකද වුණේ කියල. මේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාදාමයක් වුණත් සුපුරුදු පරිදි සරලව විස්තර කරන්න කරන උත්සහයක් මේ. ටිකක් හෙමීට කියෙව්වොත් මේ ලියල තියෙන දේ ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. විදුලි පද්ධතියක බ්ලැක් අවුට් (Blackout) එකක් කියන්නේ මොකක්ද?රටක තියෙන මුළු විදුලි පද්ධතියම බිඳ ...
ඇග පිට් එකට තියාගන්න එක ගැන මගේ උගත් පාඩම් පෙනෙන නොපෙනෙන ඇග පිට් එකට තියාගන්න එක ගැන මගේ උගත් පාඩම් (අවුරුදු 40 ට වැඩි අයට ගන්න යමක් ඇති කියලා මේක ලියන්නේ
රැල්ලට බයේ දුවමුද? සර්ෆ් කරමුද? - ලංකාවේ සාගර සුලන් බලය පෙනෙන නොපෙනෙන ලංකාවේ වැඩියෙන්ම ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ මොකටද කියල ඇහුවොත් බොහෝ දෙනෙක් කියයි මේ උත්තර දෙකෙන් එකක් 1 - කර්මාන්ත 2 - විදුලි නිෂ්පාදනයට හැබැයි හරි උත්තරේ මේ දෙකෙන් එකක්වත් නෙවෙයි. ලංකාවේ වැඩියෙන්ම ආනයනික ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ ප්‍රවාහනයට. ඔය පලවෙනි පින්තූරේ තියෙන දත්ත වලින් පෙනෙයි පහුගිය ටිකේ සලාක ක්‍රමේට වාහන වලට තෙල් දුන්නත් ප්‍රවාහනයට ගිහින් තියෙන තරම. ප්‍රතිශත විදියට ගත්තොත් ...
දුම් පරීක්ෂණවලට කොකා පෙන්නපු වොක්ස්වැගන් පෙනෙන නොපෙනෙන මේ කියන්න යන්නේ අර ලංකාවට එනවා කියපු වොක්ස්වැගන් ෆැක්ටරිය ගැන නෙවේ!මේ කියන්න යන්නේ වොක්ස්වැගන් එකේ කළමනාකරුවෝ සහ ඉංජිනේරුවෝ සමූහයක් මුළු ලෝකෙම අවුරුදු ගානක් තිස්සේ රවට්ටපු හැටි!වොක්ස්වැගන් ඉතිහාසෙන් බිඳක් හිට්ලර්ට ඕනේ වුණා සෑම ජර්මානුවෙක්ටම දැරිය හැකි මිලකට කාර් එකක් ලබාදීමට - ඉතින් ඔහු සහ ඔහුගේ නාසි කම්කරු පක්ෂයේ විසඳුම වුනේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හෙවත් මහජනතාවගේ කාර් සමාගම - “The People’s Car ...
අසමත් රාජ්‍ය/රාජ්‍ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම පෙනෙන නොපෙනෙන අසමත් රාජ්‍ය/රාජ්‍ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම!මේ සිදුවුණ දේට ඔය කොළඹ නගර සභාවටයි ඒකෙ ගස් කපන සැට් එකටයි බැණලා හිත හදාගන්න එකට මම නම් සෑහෙන්න විරුද්ධයි. මේ වගේ සිද්ධි සිදුවෙන්න එක ප්‍රබලම හේතුවක් තමා අපේ මිනිස්සු මේ වගේ දේවල් ඉවසන්න, දරාගෙන ඉන්න (tolerate කරන්න) පුරුදු වෙලා ඉන්න එක. මේකට අදාළ රාජ්‍ය සේවකයාටම වගකීම දෙන්න බෑ - සාමූහික වගකීමක් තියෙනවා ...
විෂය ප්‍රවීණයෙක් වෙන්න ඒ පිලිබඳ සහතිකයක් තිබිය යුතුමද? පෙනෙන නොපෙනෙන ලෝකේ තියෙනවා "Autodidacticism" කියලා සංකල්පයක්. මේකෙන් කියන්නේ structured learning එහෙමත් නැත්තං formal learning - ඒ කියන්නේ ඒ විෂය උගන්වන ගුරුවරයෙක් ගාවට නැත්නම් ඒ විෂය හදාරන්න පාඨමාලාවක් (උපාධියක් නැත්නම් ඩිප්ලෝමාවක්) තියෙන තැනකට යන්නේ නැතුව තනියම ඉගෙන ගන්නවා. මේකට කියනවා self taught එහෙමත් නැත්තන් තමන් විසින් ස්ව අධ්‍යනය කරපු පුද්ගලයෙක් "Autodidact" කෙනෙක් කියලා. අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු මිත්‍යා මතයක් තියෙනවා යමෙක් යම් ...
ලයිට් කපන එකේ වැරැද්ද දේශපාලකයාද ? පෙනෙන නොපෙනෙන දැන් මේ ලයිට් කපන්නේ දේශපාලකයාගේ වරදක් නිසා බව හය හතර නොදත් පොඩි එකාට කියා දෙන මෙන් ඉල්ලන පොස්ටුවක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වනු දුටිමි.මම නම් එවැනි බොරු අපේ පොඩි එකාට කියා දෙන්නට සුදානමක් නැත. මේ පොස්ටුව දමන මිතුරන්ගෙන් සමහර ඉංජිනේරුවන්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසා බැලුවත් මේ දිනවල ඇති ලයිට් කැපීම 100% දේශපාලකයාට ලඝු කිරීමට හේතු සොයා ගැනීමට මට නොහැකි වුනි. ...
අප්පච්චී හිටියා නම් ලයිට් කපන්න වෙන්නේ නැද්ද ? පෙනෙන නොපෙනෙන අප්පච්චි සිටියා නම් අපිට කරුවලේ ඉන්න වෙන්නේ නැහැ කියමින් දෙස් දෙවොල් දෙන අය වෙත කරුණාවෙන් ලියමි!අප්පච්චි නොව අප්පච්චි ගේ මහප්පා සිටියද මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාරය සැදීමට පටන් ගැනීමට නියමිතව තිබුනේ 2016 දීය. ලංකාවේ කිසිවෙකුටත් ප්රාතිහාර්ය පෑමට නොහැකි බැවිනුත් කොහොමත් ඉන්දියන් කාරයා design කොට උන්ගේ රටේම යකඩ ටිකත් තලාගෙන මෙහෙ ඇවිත් බලාගාරයේ තහඩු ටිකේ සිට විදුලි ජනක යන්ත්‍රය ...