පළිගු කිරිල්ලී - හයවන කොටස Kolompure පළිගු කිරිල්ලී - හයවන කොටස නැකත යෙදී තිබූ දිනයේ උදෑසනම ළිඳ වෙත රැගෙන ගිය ඉන්දිරාව සුදු නැන්දා පිච්ච මල් දැමූ සීතල වතුරෙන් නහවා කළගෙඩිය ළිං පඬියේ ගසා කුඩුකර දැම්මා ය. චීත්තයකින් ආවරණය කරගත් ඉන්දිරාව නිවසට රැගෙන ගොස් අලුත මැසු රෝස පැහැති ගවුමෙන් සැරසීය. කාමරයක දින ගණනාවක් කොටුවී සිටී එම දින කිහිපයට ශරිරය මඳක් වැඩී පිරිපුන් ගතියක්ද මුහුණෙන් පැහැපත් පෙනුමක්ද දිස්වීය. ...
හෝරස්ගේ දරුවා - තුන්වන කොටස Son of Horus Kolompure කැඩපතින් පෙනෙන තම ප්‍රතිරූපය දෙස බලමින් සිටි පියසෝම තම ජිවිතයේ සුන්දර අතීතයට පියමනින්නට විය. තුරුණු වියේදී හැඩිදැඬි ශරිරයකට උරුමකං කී ඔහුට ඒ කාලයේ තිබූ හින්දි උන්මාදයට අනුව ගාල්ලේ චිත්‍රපට ශාලාවල ගැවසුන අන්දමත් චිත්‍රපට නළුවෙකුවූ රාජේෂ් ඛන්නා මෙන් කොණ්ඩය පීරා සිටි ඔහුට යහලුවන්ගේ සොහොයුරියන් පියසෝම අයියා රාජේෂ් ඛන්නා වාගේ යැයි කීවිට ආඩම්බරයෙන් පිබිදුන අන්දමත් මතකයට නැගුණි. මඟුල් ගෙදරකදී ...
සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11 Kolompure සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින් අවහිර කෙරුනු නැවියන්ට පමණක් කොටු කෙරුනු මේ අලංකාරලෙසින් මලින් පිරුනු ගහකොලින් වටවු එළිමහන් සිරකදවුරට පැමින සිරවන්නට සිදුවන්නේ පාන්පිටි නෞකාවට පැටවිමට ආ අවස්ථාවේදිය. මෙය වෙන කිසිවක් නොව ත්‍රිකුණාමලයේ පාන්පිටි කම්හලය. මේ පිටි කර්මාන්ත ශාලාවට සුන්දර ...
දළ රළ පෙලට හසුව - සයුරේ දසවසක් - 8 Kolompure ගාල්ලෙන් පිටත්වු පසු දළ රළ පෙල අප පිඩාවට පත්කරවන්න පටන් ගත්තේ වියරුවෙන් මෙන්ය. අධික ලෙසින් නෞකාව පැද්දෙන්නට පටන්ගත් බැවින් අපට සී සික් සැදි දවස පුරාවට නොකා නොබි වමනය කරන්නට සිදුවුනි. දැඩිව පැද්දෙන එවන් දිනවලදී නෞකාවේ ජල ටැංකි සියල්ල කැලති ටැංකියේ පතුලේ රැදුනු මඩ හා මලකඩ ඇවිස්සී ගොසිනි. අපහට පාවිච්චි කරන්නට පමනක් නොව පානය කරන්නද සිදුවුයේ තද කහ පැහැති මලකඩ ...
ලොක්කාගේ ජරාවැඩක් - සයුරේ දසවසක් - 5 Kolompure පහන් කණුවලින් දැල්වෙන කහපැහැති විදුලි එළි ගණදුර පලවාහරින්නට දුබල උත්සාහයක් ගනිමින් සිටියි. දහවල තිබුන ජනාකීර්ණ බව තුරන් වෙමින් තම කැදැල්ලට කූඩුවෙන්නට යුහුසුලුුව දුවනා මිනිසුන් තවමත් පිටකොටුවේ විදිවල විය. එන්ජිමේ අමතර කොටස් කිහිපයක් බහාලු මගේ ඇඳුම් බෑගයක් රැගෙන අමාරුවෙන් බසයෙන් බැස ගත්තෙමි. මා සිතට නැගුනේ දැන් මා මේ බඩු ටික සමඟින් කුමක් කරන්නේදැයි. මේ වෙලාව වන විට අප නැව් සමාගම වසා ...
වෙල්ඩර් හෙල්පර් ගේ අවසානය - සයුරේ දසවසක් - 10 Kolompure ”උඹ එනවාද නාන්න යන්න?””නාන්න? කොහේද මුහුදේද?””පිස්සුවටද මුදේ නාන්නේ? ෆෙෂ් වොටර් තියෙද්දි.””කොහේද තියෙන්නේ? මේක නිකං කාන්තාරයක් වගෙයිනේ.”සුළඟට ඇවිස්සි ඉහිල නගින දුළි වලාවන් දෙස බලමින් මා කඞ්ඩාට කිවෙමි. ”කෑම්ප් එකෙන් පිට ලිඳක් තියෙනවා එකෙන් නාන්න පුළුවනි. එනවා නම් දෙකාට කියලා වරෙන්.” නෑමට වඩා නොදුටු කන්කසන්තුරය දැක බලාගැනිමේ නොනිත් ආසාව මා පෙලබවන්නට ඇත. ඉක්මනින් තුවායක් හා කළිසමක් කරට මතට දාගෙන කඞ්ඩා සමගින් ජැටියට ...
හෝරස්ගේ දරුවා - දහහත් වන දිගහැරුම Son of Horus - 17 Kolompure පොලීස් ජීප් රිය පසුදින නාරදගේ දෙහිවල වෛද්‍ය පාරේ නිවෙසට පැමිණියේ නියමිත වේලාවටය. පොලිස් නිලධාරින් දෙදනෙකු එම ජීප් රථයේ සිටියායින් නාරද තම මෝටර් රථයෙන් කුමාරිත් කැටුව මඩපාත බලා පිටත්විය. කවුරුත් හමුවිය නොහැකිය කී සුචිත්‍රාට තම නිවසේ දොරගුලු ඇරීමට සිදුවූයේ පොලීසියෙන් පැමිණීමත් සමඟය. නිවස තුළට වැඳ කාලය ගතකිරීමෙන්දෝ හේබාගිය පෙනුමක් ඇගේ තුරුණු රූසපුවෙන් දිස්වුනි. ජීවයෙන් තොර පාරජිත දෑස් වලින් අවට ...
පළිගු කිරිල්ලී - දසවන කොටස Kolompure පළිගු කිරිල්ලී - දසවන කොටස තමා ඉගෙනගත් වල්හපුතැන්නේ පාසලට මල්ෂාව ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා දින දෙකක නිවාඩුවක් අනුමත කරගත් ඉන්දිරා සෙනසුරාදා දින හපුතලේ යෑමට ඉටාගත්තා ය. නිවාඩු ගැනීමේ අපහසුව නිසා රැකියාවට පැමිණ මාස එකහමාරක් පසුවූවත් ඈට මල්ෂාව බලන්න හපුතලේ යෑමට නොහැකිවිය. සුදු නැන්දා වරින්වර දන්වා එවූ පරිදි වෙලාසනින් අවශ්‍ය ලිපි ලේඛන කටයුතු සකස්කරගෙන තිබීම පහසුවක් ...
කොට උඩ යෑම Kolompure මචං ඒ වැඩේ කොට උඩ ගියානේ. කලකට පස්සේ හමුවුන මගේ මිත්‍රයෙක්ගේ ව්‍යාපාරය ගැන ඇහැව්ව වෙලාවේ ඔහුගෙන් මුවින් නික්මුන වචන කිහිපය තමයි ඒ. කොට උඩ යෑම කියන්නේ තමන් කරගෙන හිටිය ක්‍රියාවක් හෝ දෙයක් නොසිතු පරිදි සිදුවු බාදාවක් නිසා නවතාලන්නට සිදුවිම වැනි දෙයක් තමයි. ව්යවහාරෙට එහෙම කිව්වාට කොට උඩයන්නේ වාහනයි. බොහොමයක් ගරාජ්වල කොට උඩ තියෙලා තියෙන වාහන එහෙම දැකලා ඇතිනේ? පරන කාර් ...
ගුවන් විදුලියේ පෙරගමන්කාරිනිය නික්ම ගියාය. Kolompure 1949 අවුරුද්දේ කොළඹ කොටුවේ කාර්ගිල්ස් සමාගමට සිය පියාගේ මොටර් රථයේ නැගුන ප්‍රභා පෙරේරා සහෝදරියන් දෙදෙනා සමගින් පැමිනෙන්නේ ගුවන් විදුලි යන්ත්‍රයක් මිලදීගන්නටයි. එ් කාලේ ගුවන් විදුලි යන්ත්‍රයක් නැත්නම් රේඩියෝවක් ළඟ තබාගන්නට සල්ලිභාගේ එහෙම යහමින් තිබුනු පවුල් වලට පමණයි හිමිවෙලා තිබුනේ. ගෙදරට රේඩියෝවක් ගන්නටත් පෙර කාලෙක පාසලේදි ප්‍රභාට රේඩියෝවට සවන්දෙන්නට හැකිවෙලා තිබුණා. හොස්ටල් එකේ ළමයි සිරි අයියාගේ (යු. එස්. පෙරේරා.) ළමා පිටියට ...
බොමුද ටෙකිලා Kolompure උඹ ටෙකිලා ගහලා තියේනවාද?ටෙකිලා ඒ මොකක්ද?පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්නමොකක්ද බං දුමක්ද?නෑ බං අරක්කු ජාතියක්ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි නැතිව අමුවෙන් ගහන්නලු ඔනේ. ලුණු ටිකක් පිටිඅල්ලට දාලා කාලා ඊට පස්සේ දෙහි කැල්ලක් හපනවා විතරයි බයිට් එකට. වැදෙනවා බං නැතිවෙන්න.ඔන්න ඔහොම තමයි මමත් ටෙකිලා Tequila ගැන මුලින්ම ඇහැව්වේ. හැබැයි අහලා තිබුනාට ටෙකිලා ටිකක් කටේ තොලේ ...
කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7 Kolompure එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය බලා පිටත්වුයේ නාවිකයින් කිහිප දෙනෙකු තම සේවය නිම කර පිටත්විමෙන් අනතුරුවය. අප සමගින් සිටි ඉතා සුහදශිලි චරිතයක් වු ඔයිලර් අල්විස් අයියාද මෙසේ ගාල්ලෙදි අපෙන් සමුඅරන් නැවෙන් බැස ගිය නාවිකයන් අතර විය. ඔහු අපට ආධුනිකයින් කියා වෙනසක් නොපෙන්වා හොදින් සැලකු අයෙකු වුනි. ...
සුබ ගමන් ආටියා... Kolompure මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත. සුබ ගමන් ආටියා.
හෝරස්ගේ දරුවා - විසිදෙවන වන දිගහැරුම Son of Horus - 22 Kolompure විශාල ප්‍රමාණයේ ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත්රයකින් අලංකාර වී තිබුන අති සුබෝපභෝගි ගෘහභාණ්ඩ වලින් සමන්විත වායුසමනය කළ සීත කාමරයේ ඇමතිතුමාගේ මේසයට ඈතින් තිබූ සැප පහසු සෝපාවක නාරද හා පියරත්න අසුන් ගත්තෝය. එදින උදෑසන අටහාමාර පමණ වන විට බත්තරමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලේ අටවන මහලේ වූ අමාත්‍යංශයට පිවිස ලේකම්තුමා හමුවූ ඔවුන්ව කිසිදු පමාවකින් තොරව ඇමතිතුමාගේ කාමරය වෙත රැගෙන ගියේ ඇමතිතුමා බලාගෙන සිටින බව ...
හෝරස්ගේ දරුවා - දෙවන කොටස Son of Horus Kolompure පියසෝම එනතෙක් නිමාලිද පෙරමඟ බලා සිටියේ උදේවරුවේ සිට කළ කාවට්ටි බැඳී දුර්වර්ණ වූ බඳුන පිරිසිදු කිරීමේ කාර්යය පසුදිනට තබමිනි. පියරත්න මහතාගෙන් දැනගත් තොරතුරු ඇසූ නිමාලිද සතුටට පත්විය.“ඒත් තාත්තේ තාත්තා කොහොමද තනියම වටිනා යමක් තිබුනොත් ගොඩට ගේන්නේ?”“මමත් ඒක කල්පනා කළා. වෙන කරන්න දෙයකුත් නෑනේ කොහෝම හරි කරගන්න වෙනවා. මාව ඔය වැල්ල පැත්තේ කවුරුවත් සැකකරන්නේ නෑ. කොහොමත් මම කිමිඳෙන මිනිහා නිසා. ඒත් ...
නැවෙන් ති‍්‍රකුණාමලයට බසයෙන් කොළඹට - සයුරේ දසවසක් - 4 Kolompure බලන බලන අත දිස්වන්නේ තද නීල වර්ණ මහා සාගරයත් සිතිජයත් ලා නිල් පැහැති ගුවන්තලයත් පමණි. අප මහා ජලකදක් මැද තනිවි ඇති සේයකි. විටෙක චන්ඩ වන සාගරය විටෙක සාන්තදාන්ත ලෙසින් හැසිරේ. මහා සාගරයත් ගැහැණියකගේ සිතක් මෙන් යැයි කවුදෝ කීවේ මේ නිරන්තර වෙනස්වන සුුලු බව නිසා විය හැකිය. ඈතින් දිස්වන්නේ ප්‍රීමා පිටි කම්හලයි මුහුදු ගමනේ දෙවන දවසත් නිමා විය. පලමු දිනයේ මෙන් ...
කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට - සයුරේ දසවසක් - 9 Kolompure ඉහළට නැග එන මුහුදු රළ ප්‍රධාන තට්ටුවේ ගෑවි නොගෑවි ගමන් කරයි. පැරණි ලොරියක් බෑගිරි ගසමින් කන්දක් අදින්නාසේ වරින් වර අඩු වැඩි වෙමින් නැගෙන ප්‍රධාන එන්ජිමේ අදෝනාව යාන්තමට ඇසේ. කෑලි කැපිය හැකි තිත්ත කළුවර නිසා මුහුදේ කිසිවක් නොපෙනේ. නැව ගමන් කරනවාද නැතිනම් එක තැන නතරකර තිබෙනවාදැයි සිතාගත නොහැක.”එයි මල්ලි මෙහෙට වරෙන්.”කට්ට කරුවලේ මෙස් කාමරයේ හැඩ ගැසු දිගු ලෑලී බංකුවේ වැතිර කොට්ටයක් ...
කොටහේනේ කොටි මැරිල්ල Kolompure කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා දෙන්න එපැයි නේ කතන්දරේ කියන්න කලියෙන්. අන්දු බයියා කියන්නේ මගේ කාර්යාලිය සගයෙක්. මිනිහා මං වාගේ නොවෙයි හයේ හතරේ සද්දන්තයා.මේක සිද්ධවුනේ අපි උතුරු නැගෙනහිර යුද්ධය ජයගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ. එයා පැන්සොන් යනකම් බලාගෙන උන්නා මේ ...
සුබ උපන්දිනයක් නිදි Kolompure ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා ආයුබල ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා... 2019 වස්ගමුවේදි උපන්දිනය සමරන්නට මෙහොතකට පෙරඅමද්යප දිනයේ උපන් අමද්‍යපකාරයෙක් වෙච්චි නිදි බොන්නෙත් නෑ උපන්දිනය සමරන්නට අපිට බොන්නත් නෑ... ...
ප්රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක් Kolompure දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දිවියේ ලබන්නට තිබෙන නරකම සිදුවීම් අතරින් දරුණුම එකකි. මෙය මාගේ බ්ලොගයට ලියනවාද නැද්දයි බොහෝ වාරයක් සිතමින් හුන් දෙයක්. එදා මා සමඟින් මේ සිදුවීමට මුහුණ දුන්න සැමගේ සිත් සතන්වල මේක අමතක වෙලා නැතිව ඇතියි සිතමි. මුහුදු රළ නැව් තට්ටුවට වඩා ඉහළින් වැදෙනා ...