දළ රළ පෙලට හසුව - සයුරේ දසවසක් - 8 Kolompure Posted: 17 Dec 2018 06:25 PM PST ගාල්ලෙන් පිටත්වු පසු දළ රළ පෙල අප පිඩාවට පත්කරවන්න පටන් ගත්තේ වියරුවෙන් මෙන්ය. අධික ලෙසින් නෞකාව පැද්දෙන්නට පටන්ගත් බැවින් අපට සී සික් සැදි දවස පුරාවට නොකා නොබි වමනය කරන්නට සිදුවුනි. දැඩිව පැද්දෙන එවන් දිනවලදී නෞකාවේ ජල ටැංකි සියල්ල කැලති ටැංකියේ පතුලේ රැදුනු මඩ හා මලකඩ ඇවිස්සී ගොසිනි. අපහට පාවිච්චි කරන්නට පමනක් නොව පානය ...
කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට - සයුරේ දසවසක් - 9 Kolompure Posted: 11 Jan 2019 09:28 PM PSTඉහළට නැග එන මුහුදු රළ ප්‍රධාන තට්ටුවේ ගෑවි නොගෑවි ගමන් කරයි. පැරණි ලොරියක් බෑගිරි ගසමින් කන්දක් අදින්නාසේ වරින් වර අඩු වැඩි වෙමින් නැගෙන ප්‍රධාන එන්ජිමේ අදෝනාව යාන්තමට ඇසේ. කෑලි කැපිය හැකි තිත්ත කළුවර නිසා මුහුදේ කිසිවක් නොපෙනේ. නැව ගමන් කරනවාද නැතිනම් එක තැන නතරකර තිබෙනවාදැයි සිතාගත නොහැක.”එයි මල්ලි මෙහෙට වරෙන්.”කට්ට කරුවලේ මෙස් කාමරයේ හැඩ ...
Untitled Post Kolompure බත්තල ඇදගෙන එම හා කරුවලේ විංචි පිසදැමිම - සයුරේ දසවසක් - 15Posted: 16 Sep 2019 04:19 AM PDT අප සමාගමේ අනෙකුත් නෞකාවන් සේ පේදුරු තුඩුවෙන් බඩු බෑමක් මා සිටි නෞකාවේ සිදු නොවුයේ අපට රැගෙන ආවේ ති‍්‍රකුණාමලය වරායේ සිට පාන් පිටි පමනක් බැවිනි. යලි ති‍්‍රකුණාමලය වෙත යාත්‍රා කරන්නට ප්‍රථම අපහට තවත් වැඩක් පැවිරුනි. පේදුරුතුඩුවේ වරායක් හෝ නැව් නැවැත්විමේ ජැටියක් නොතිබුනු හෙයින් ...
Untitled Post Kolompure රන් පදක්කමPosted: 16 Oct 2019 04:48 AM PDTහැන්දෑවේ බිම් කරුවලත් එක්ක ගෙට ගොඩවුන මගේ දෙනතට අහුවුනේ අමනාපයෙන්මෙන් මුහුනෙන් විහිදාගෙන හිටිය පුතාගේ අම්මා. පුතත් හිටියේ එච්චර හිත් හොදින් නොවන බව එයාගේ හැසිරිමෙනුත් පෙනුනා. හිත් නරක් වෙන්නට හේතුව මොකක්ද කියලා ඇසිල්ලකින් හිතේ ඇදුනා. ඒ තමයි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනේ පැවැත්වෙච්චි සමස්ත ලංකා කරාටේ ශූරතාවලිය. ඒකට පුතාත් එයාගේ පාසල නියෝජනය කරගෙන සහභාගිවුනත් මගේ රාජකාරිය ...
හෝරස්ගේ දරුවා - සත්වන කොටස Son of Horus - 7 Kolompure සුචිත්‍රාද හොර බැළලියක මෙන් ඔහු පසුපසින් ඇදීගියේ අවට කිසිවෙකුට තම මුහුණ නොපෙනෙනු පිණිස හිස බිමට නැඹුරු කරගනිමින්ය. කාමරයට ඇතුලුවූ වහාම කාමරයේ දොර වසාදමා අගුල්ලූ ඔහු වායු සමීකරණයේ රිමෝටය ගෙන එය ක්‍රියාත්මක කරවීය. අන්දමන්ද ලීලාවෙන් තවමත් කාමරයේ මැද සිටගෙන කාමරයේ වටාපිටාව දෙස නෙත් යොමු කරමින් සිටි සුචිත්‍රාව දුටු ඔහු සෙමින් ඇගේ පිටුපසින් පැමිණ තරයේ වැළඳ ගත්තේය. එකවරම සිදුවූ දෙයින් තිගැස්සීමකට ලක්වූ ...
පළිගු කිරිල්ලී - පහළොස්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - පහළොස්වන කොටස කොළඹට යන බසයක් එනතෙක් හල්දුම්මුල්ලේ රැඳී සිටි ඉන්දිරා ඇඟිල්ලක් ඔබාගන්නට බැරි තරම් සෙනඟින් පිරී තිබූ බස් කිහිපයකටම නොනැඟ යන්නට ඇරියාය. කොතරම් එපා කිව්වත් සුදු නැන්දා කෙසෙල් කොළයක ඔතා දුන් විශාල බත් මුලත් බෝඩිමට ගෙනයාමට ගත් ඇඳුම් කිහිපයත් ඇතුළු තවත් කළමණා කිහිපයක් තිබුනු බැවින් ඇඟේ ගමන් මල්ල සිතුවාටත් වඩා විශාල විය. මෙවැනි බෑගයක් කරපින්නාගෙන පොල් පටවාපු බස් ...
කලාවට කැපවු අප්රසිද්ධියේ සිටි ප්‍රසිද්ධ කලා කරුවා Kolompure කවුද මේ කලාවට කැපවු අප්රසිද්ධියේ සිටි ප්‍රසිද්ධ කලා කරුවා? මේ කලාකරුවා නම් අන්තිම අහිංසකයෙක්, අවිහිංසාවාදියෙක්, මස්මාළු නොකන නිර්මාංශිකයෙක්,මත්පැනින් තොර සත්‍යගරුක පුද්ගලයෙක්, තමන් බැසගත් තීරණය වෙනස් නොකරන අපූරු මිනිසෙක්. එ් විතරක් නෙමෙයි කලාවට කැපවු අවිවාහකයෙක්. ඉතිං කවුද මේ? අපිට කැලණි විහාරය කිව්වාම මතක්වෙන දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ වෙසක් පුන්පෝදා කැලණියට වැඩමකර මණිඅක්ඛිත නාරජුගේ මැණික් පුටුවේ ...
මාංසයේ ගුණ (ශනිදා දහයට ) Kolompure 1 අජමාංස " මේෂමාංසං ගුරුසනිග්ධං බල පිත්ත කළුප්රදම්" එළුමස් බරවෙයි, සිනිදු වෙයි, සිරුර බලවඩයි,වාහණං මාංස වැඩීම කරයි.2 ජාගමාංස (බැටලුමස්) සැහැල්ලු වෙයි, සිනිදු වෙයි , සීතල නොවෙයි , රුචිබල පුෂ්ටිය දෙයි, වාපිත් නසයි, ශුක්‍ර ධාතු වඩයි, මාංස වැඩීම කරයි, ප්‍රතිශ්‍යාය නෙවෙයි, ප්‍රමෙහ නසයි, විශේෂයෙන් වාත රෝගයට හිතවෙයි.,"වාහත් ජාගලාදි ඝාතය" බලනු. 3 මහිස මාංස (මීහරක් මස්) පිණවයි, බලවඩයි , සිනිදු හා උෂ්ණ ...
තවසන්ඩ් තවුසන්ඩ Kolompure උන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. තමන්ට සිද්දවෙච්චි දේවල් අනුන්ට වාගේ දොඩන්න අපේ අන්දුබයියා හොඳහැටි දන්නවා නොවැ. අපි මේකේ කතානායකයා විදිහටත් අන්දුබයියාව දාමු එහෙම හොඳයි නොවෙද? හරි එහෙනම් ඔහෙලාගේ අනුමැතිය ලැබුනා නේ. අපේ අන්දුබයියා කසාද බදින්න හිටපු කෙල්ලගේ ගෙදර අම්මා තමයි ගෘහමුලිකයාවුනේ තාත්තා ...
අන්දුබයියාගේ මුදාහැරීම Kolompure ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර මහත්තයා දන්නවා නේද? දන්නේ නැත්නම් මෙන්න මෙතනට කොටලා කාලේකට ඉස්සරින් ලිව්ව අභිරහස කතන්දරේ කියවා එන්නකෝ. හරි දැන් නොදන්න උදවිය කියවාලා එනකම් දන්න උදවියටයි මේ කතන්දරේ කියන්න යන්නේ.අපේ සිරිකුමාර මහත්තයා නැන්දම්මාගේ සීන් එක ලීක්වුනාට පස්සේ ...
හෝරස්ගේ දරුවා - දහනම වන දිගහැරුම Son of Horus - 19 Kolompure කතාබස් කරගත් ලෙසම පියරත්න දෙහිවල හන්දියෙන් බසයෙන් බසින විට උදෑසන අටට පමණ විය. ඒ වන විටත් දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යටටවන්නට තම මොටර් රථය නවතාගෙන ඔහු එනතෙක් නාරද මඟ බලාගෙන සිටියේ වෛද්‍ය පාරේ වූ තම නිවෙසට කැදවාගෙන යාමටය. කුමාරි පියරත්න මහත්තයාව ඉතා සාදරයෙන් පිළිගත්තාය. උදෑසන ආහාරයෙන් පසු සාකච්ඡාවට ඔවුන් එක්වූහ.“නාරද මහත්තයා කිව්ව හෝඩුවාව නොවෙන්න මම තාමත් ගාල්ල පීර පීර මේ ...
හෝරස්ගේ දරුවා - එකලොස්වන දිගහැරුම Son of Horus - 11 Kolompure සිලි සිලි හඬනංවමින් මඳපවනට ලෙලදෙන්නට වූ ඉදිරිපස ගේට්ටු කණු වසා සිටි කලු පැහැති ඉටිකොල රැලි කොඩි ඉහළ සිට පහළට මකුණු දැලක් සේ විසිරී ඇත. අතරින් පතර තාප්පයේ එල්ලුනු පෝස්ටර් නුදුරු දිනකදි වූ සිසු විරෝධතාවයක අතීතය කදිමට කියාපෑවේය. ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාගෙන් යමක් විමසා විශ්ව විද්‍යාල භූමියට ඇතුල්වුනු පොලිස් ජීප් රිය මන්දගාමීව ඉදිරියට ඇදුනි. අතරින් පතර තණබිස්සේ රැඳී හුන් හා මාවතේ ...
හෝරස්ගේ දරුවා - දහසය වන දිගහැරුම Son of Horus - 16 Kolompure පසුදිනම මහාචාර්යවරයා කුමාරිත් කැටිව පිළියන්දල මඩපාත පිහිටි සුචිත්‍රාගේ නව නිවහන සොයා ගියේය. මේ ගමනට කුමාරි සහභාගිකරගත්තේ කාන්තාවක් වශයෙන් ඇතිවන විශ්වාසය මත සුචිත්‍රාගෙන් යමක් දැනගැනීමට ඇති හැකියාව උපයෝගිකරගැනුමටයි. බොල්ගොඩ ගඟට මායිම්ව බොහෝ නිස්කලංක පරිසරයක පිහිටි නිවෙසේ සුචිත්‍රා මෙහෙකාරියත් සමඟින් ජිවත්වූවාය. ඉතා ආදරෙන් සිටි උපනන්දගේ මරණයට තමන් වගකිව යුතුයි සිතමින් ඈ පශ්චත්තාපවෙමින් පසුවන ...
කොළොම්පුරේ නිර්මාණ හොරකම් කළ රන් FM කලාගාරය Kolompure මාගේ කාර්යාලයේ කුඩා ගුවන් විදුලියක් තබාගෙන අනෙක් සගයන්ට බාදාවක් නොවන අයුරින් ගිතයන්ට සවන්දීම කරගෙන යන්නේ කාලයක සිටයි. එය රැකියාවේ තිබෙනා අධික වෙහෙස පීඩනය ආතතිය නිවා මනසට සැහැල්ලුවක් ගෙනෙනා බැවිනි. උදේම දමන එය යළිත් මා සේවයෙන් මිදි එනතෙක් නොනවත්වා ක්‍රියාත්මකවන නිසා එහි යන සියළු දෑ රැකියාව අතරතුර දෙසවනට වැටෙයි. පලකට නැති වැඩසටහන් මෙන්ම නපුංසක හඩින් කතාකරනා ගිරාපොතක නිවේදනයන් නැති පැරණි හා ...
ජපන්නුන්ට අපෙන් නැවක් Kolompure ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක්‍රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි. "සිරිලක දේ සිරිසැප දේ" කියලා කට වචනෙට කිව්වත් මොන භාන්ඩේවත් "මෙඩ් ...
හෝරස්ගේ දරුවා - දහහතර වන දිගහැරුම Son of Horus - 14 Kolompure වත්සලා හමුවීමට නාරද කෑගල්ලේ ඇඳුරාපොත බලා පිටත්වූයේ කුමාරි සමඟින් ය. අත්තිඩියේ තරබාරු කාන්තාවගේ සැකයට බදුන්වීම නිසා මෙවර තම බිරිඳව මේ ගමනට සහභාගිකරවාගත්තේ වත්සලා කුමනාකාරයේ තැනැත්තියක්දැයි නොදන්නා බැවින්ය. ඔවුන් නිවසට ගොඩවදින විටත් ඇය යම් කටයුත්තක් සඳහා කෑගල්ල ටවුමට යෑමට සුදානමින් සිටියාය.“මට වත්සලා එක්ක ටිකක් කතාකරන්න ඕනෙ.”“ඔය මහත්තයා කවුද? පොලීසියෙන්ද?”“මම මහාචාර්ය නාරද බණ්ඩාර, මේ මගේ වයිෆ් ...
හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23 Kolompure පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේදීය. කොළඹ රැගෙන ආ ඔහුව පොලීස් ප්‍රශ්න කිරීම් වලින් පසුව රංග හා එක්ව ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑ බවත් බඩු සැඟවූ ස්ථානය රංග හා තමා ඇරෙන්නට වෙනත් කිසිවෙකු නොදන්නා බවත් පාපොච්චාරණය කළේය. භාණ්ඩ සඟවා ඇත්තේ තම මිත්තනියගේ නිවසේ බව කියූ බැවින් විශේෂ පොලීස් කණ්ඩායමක් ...
හෝරස්ගේ දරුවා - දහඅට වන දිගහැරුම Son of Horus - 18 Kolompure එස් අයි කරුණාපාල පැමිණ සිටියේ එස් එස් පි මනෝජ් වෙත වැදගත් ආරංචියක් රැගෙනය.“සර් අතුරුගිරිය පොලිස් එරියා එකෙන් මර්ඩර් කේස් එකක් වාර්තාවෙනවා. ඒත් එක්කම තව පුද්ගලයෙක් අතුරුදහන්වෙලා කියලා පැමිණිල්ලකුත් ලැබිලා තියෙනවා.”“එහෙනම් ඒ ගැන මට ඉක්මනටම සොයලා බලලා වාර්තාකරන්න. අපේ ටීම් එකක් එහෙට යවන්න. ඒ ගමන්ම ඒ පොලීසියෙන් විස්තරත් දැනගෙන එන්න.”“හොඳමයි සර්.” අතුරුගිරිය ප්‍රදේශයට ගිය එස් අයි කරුණාපාල ඇතුළු ...
හෝරස්ගේ දරුවා - දෙළොස්වන දිගහැරුම Son of Horus - 12 Kolompure “මේවා කොහෙද පුරාවස්තුවෙන්නේ. පොලීසියටත් පිස්සු. ඔයා කවදාද මේ වර්තාව දෙන්න ඕනේ?”ඈ ෆයිල් කවරය පෙරලා බලා ඇසුවාය.“මේ මැරිච්ච වෙන්දේසිකාරයාට ලොකු ලොකු කන්ටෑක්ස් තිබිලා තියෙනවා. ඒවායින් මේ මර්ඩර් කේස් එක හොයන්න කියලා පොලීසියට ලැබෙන බලපෑම් වැඩියි. ඒ නිසා මේක ඉක්මනටම දීලා දාලා මගේ වැඩක් කරගන්න එක මගේ නුවණට හුරුයි.”“ඔව් ඒකනම් හොඳයි.”ඔහු තේ කෝප්පය තොලගාන ගමන් ෆයිල් කවරයේ වූ විස්තර හා පින්තුර සසඳා ...
පළිගු කිරිල්ලී - එකළොස් වන කොටස Kolompure අම්මා ඇඳේ වැතිර පොඩි මල්ලි දිනේෂ්ට කිරි පොවනා දෙස බැලූ ඉන්දිරා කාමර දොරේ තිර රෙද්ද හිමිහිට පහළට දමා කාමරයෙන් පිටට ආවා ය. ලොකු මල්ලි කෝලිත මිදුලේ වැලි හාරමින් පොල්කටුවකට පුරවනු බලා සිටි ඈ මුහුණ සෝදාගෙන ගෙට එන ලෙසින් ඔහුට අණ කළා ය. ස්භාවයෙන්ම නිහඬ චරිතයක්වූ කෝලිත ඉන්දිරා හා එක්ව සෙල්ලම් කිරීමට නොකැමති විය. හපුතල් කන්ද දෙසින් ආ සීතල සුළඟ ඉන්දිරාගේ ...