පළිගු කිරිල්ලී - දහඅටවන කොටස Kolompure කොලුගැටයා ගිය පසු කාමරයේ දොර වසාදැමූ නිලන්ත විදුලි පංකාව ක්‍රියාත්මක කෙරුවේය. යුගල ඇඳක්ද තුවා දෙකක් දමන ලද ඇඳුම් රැක් එකක් හා කණ්නාඩි මේසයකින් සමන්විතවූ එම කාමරයේ එක් පසෙක කුඩා ප්‍රමාණයේ රුපවාහිනි යන්ත්‍රයක්ද සවිකර තිබුණි. කිසිදු රැල්ලක් ඇති නොවන ලෙසින් ඇඳ මත අතුරා තිබූ සුදු ඇතිරිල්ල දෙස මඳ වේලාවක් බලා සිටි ඈ කාමරයේ කෙළවරකට වන්නට තිබුණු කණ්නාඩි මේසය අසළට ගියා ය. ...
වතුරට දාන්න ගන්න වැල - නැංගුරම් දම්වැල Kolompure නමියාගේ විදිය බ්ලොග් අඩවියේ නමි කොලුවා පෙර දිනකදි කොළොම්පුරේ බ්ලොගයේ කොමෙන්ටුවක් කොටමින් අසා තිබුනා නෞකාවක නැංගුරම් දමන්නේ කෙසේද කියා. ඒ ඉල්ලීම ඉටු කරන්න නැංගුරම් දමන්න ප්‍රථම නැංගුරම් වර්ග හා නැංගුරම් දම්වැල් ගැන පොඩ්ඩක් පහදා දෙන්න වෙනවා. ඔන්න නමියෝ නැංගුරම් දම්වැල් හි කතන්දරේ නැංගුරම් දම්වැල් නාවික ලෝකයේ අත්‍යාවශ්‍ය අංගයකි. නැව් සහ අනෙකුත් විශාල යාත්‍රා ...
පොලීස් ජීප් එකේ සැප සීට් එකක් Kolompure මෙන්න මේ සිද්දිය මට වුනේ මීට අවුරුදු පහලොවකට විතර කලින්. එත් මේ ළඟදි සිද්දවෙච්චි සිදුවිමක් නිසා මේ කතාව ආයෙමත් මතකයට නැගිලා ආවා. මේ ළඟදි වෙච්චි සීන් එක පස්සේ ලියන්නම්. මම අපේ ගෙදර ලොකු වැඩක් කරන්න හිතාගෙන ප්ලෑන් කරන් හිටියා. එත් මේ ප්‍රොජෙක්ට් එක දවස්ගානක් ඇදෙන වැඩක් නිසා මේක කරන්න බාස් කෙනෙකුට දෙන්න බෑ. එ් නිසාම මේ වැඬේ මමම කරන්නයි ...
පළිගු කිරිල්ලී - දහසය වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දහසය වන කොටස “ඉන්දිරා .. . මේ ඉන්දිරා ළමයෝ ... ” “ඇයි ඇන්ටි?”“ඔයාට ලියුමක් ඇවිල්ලා තිබුනා එක ඔයාට දෙන්න අමතක උනා.”බෝඩිමේ ඇන්ටි තම නිවසේ දොරකඩ සිට ඉන්දිරා අමතා ලියුම් කවරයක් දිගු කළා ය. සුදු නැන්දාගේ නිවසින් ඇරෙන්නට බෝඩිමට ලියුමක් එවන්නට කෙනකු නැති වීමත් හා හදිසියක් නම් ටෙලිග්‍රෑමයක් එවනවා මිස සුදු නැන්දා ලියුම් එවන්නේ නැති බවත් දන්නා නිසා ඉන්දිරා ව්‍යාකූලත්වයට ...
පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස Kolompure පළිගු කිරිල්ලී - දාහහතරවන කොටස දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවී තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය.“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”“කෝ බං කවුද?”“අර දැන් මේ පැත්තට එන්නේ.”ඉන්දිරා ඇය කියු ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල ...
කොළොම්පුරයාගේ සැවුල් අන්දරය Kolompure පාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි ඉන්න අතරේම මේක ලියන්නට පටන් ගත්තා. කියවන සුවහසක් කොළොම්පුරේ සහෘදයින් හැමෝම නිදි ලොක්කාට මේ පොස්ටුව වෙනුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ. මේ පොස්ට් එකේ මාතෘකාව වෙන්නේ සැවුල් අන්දරය නෙවැ. දන්නේ නැති උන්නෑහැලාට දැන ...
පළිගු කිරිල්ලී - අටවන කොටස Kolompure පළිගු කිරිල්ලී - අටවන කොටස ශාරිරික හා මානසික තෙහෙට්ටුව බැට දෙද්දී ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීමට තරම් ශක්තිමත් හා එඩිතරවූ තමාලි කිසිසේත්ම ගැටළු වලින් පළායෑමට තරම් නිවට නොවීය. කෙතරම් අපහසුතා මධ්‍යයේ වුවත් සුදු නැන්දා හා පොඩිමාමා සොයා හපුතලේට ගියා ය. හොඳින් අධ්‍යාපනය හදාරා රජයේ ලිපිකාර තනතුරක් දරන පොඩිමාමා වයස අවුරුදු පනහට ආසන්නයේ වූ අතර ප්‍රදේශයේ සමාජසේවා වැඩවලට මුල් තැනක් අරගන්නා ...
සුබ ගමන් ආටියා... Kolompure මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත. සුබ ගමන් ආටියා.
පළිගු කිරිල්ලී - පළමු කොටස Kolompure 1පිම්මේ ආ තී‍්‍රරෝද රිය එකවරම ඉද්ද ගැසුවාක් මෙන් තිරිංග යොදමින් නැවත්වූයේ දහවල් හිරු රැසින් ගිනියම්වූ තාර පාරේ ටයර් කට්ට රටාවන් සිටිනසේය. දොර කවුලූවෙන් එන සුළං රැල්ලට දෑස් පියවීගෙන ආවා විතරය. තිගැස්සුනු ඉන්දිරා තමා සිටින්නේ කොහේදැයි සිහි එලවාගැනිමට ඈ ත්‍රීරෝද රියේ සිටම අවට බලමින් මඳ වේලාවක් ගත්තා ය. සුවිශාල කළු පැහැති ගේට්ටුවක් ඉදිරිපිට නතර කර තිබු රියේ ඇක්සලේටරය කරකවා දෙතුන්වරක් එන්ජිම ...
පළිගු කිරිල්ලී - විසි එක්වන කොටස Kolompure රෑනට පිටව යන ළමුන්ට යන්නට ඉඩ හැර වෙන්ව පාරට ආ ඈ සුපුරුදු බස් නැවතුම දෙසට ඇවිද ආවේ විජිතගේ රුව දැකිනා බලාපොරොත්තුවෙනි. ඈත තියාම බස් නැවතුම දෙසට තම නෙතු යොමුකරවාගෙන ආ බැවින් ඔහු එහි සිටිනා බව දැක ගත්තා ය. විජිතගේ කඩවසම් රූපකාය දුටු විගසින් තම හදවත කොනක ඇතිවූ සියුම් මිහිරක් ...
අරගලයේ මරගලය Kolompure අරගලයේ මරගලයදැන් ජිවත්වෙන්න අමාරු නේද? උද්ධමනය ඉහල ගිහිල්ලාලු.මේ වෙනකොට ලයිටි බිල් තුන්පාරක් වැඩිකරා. ජල බිල් ගෑස් වියදම ඉන්ධන වියදම් බස් ගාස්තු ඇතුලු ප්‍රවාහන වියදම් ඔක්කෝම වැඩිවෙලා නේද? උබලාට ලැබෙන සොච්චම් පඩියෙන් මේ බිල් ගෙව්වාම කන්න බොන්නත් ඉතුරුවක් තියේනවාද? අපේ දේශපාලුවන් අපිව නොමරා මරනවා නේද? ඇයි ඒ? බොලාට අමතක උනාද? තොපිලා ඔක්කෝම එක්කාසුවෙලා රටබේරා ගන්නය කියලා 69 ලක්සයක චන්දේ දිලා ...
හෝරස්ගේ දරුවා - විසිඑක් වන දිගහැරුම Son of Horus - 21 Kolompure දෙදිනකට පසු උදෑසන තේ පානය කරන අතරේදි පුවත්පත අතට ගත් නාරද සිරස්තල පමණක් උඩින්පල්ලෙන් කියවා දැමුවේ පසුව කියවීමේ අභිලාසයෙනි. “ස්ටැන්ලි වික්රමපාල ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට”නාරදගේ දෑස් අදහාගන්නට නොපුළුවන් විය. ඔහු තවත් වරක් හොඳින් සිරස්තලය කියවා බැලුවේ තමාට වැරදීමක් වීද යන්නයි. හේ ඉක්මණින් කුමාරිට හඬගසා කතාකළේ පත්තරේ තිබූ වැඩි විස්තරේවත් නොකියවමින්ය. “කුමාරි මේ බලන්න.”“ඇයි?”“ඇයි කිය කිය ඉන්නේ ...
පළිගු කිරිල්ලී - දෙවන කොටස Kolompure මෝටර් සයිකලයක් මිදුලේ නවතන හඬ ඇසුණායින් හිත තිගැස්සුණු ඉන්දිරා අම්මා දෙස බැලීය. නිදන කාමරයෙන් එළියට ආ තමාලි ඉස්තෝප්පුවට පැමිණියේ විජිතට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි. සයිකලයෙන් ආ තැනැත්තා තමාලිට සිනාවකින් සංග්‍රහ කරමින් ඉදිරියට ආවේය. ”කෝ ඉන්දිරා? මට දැන් ටිකකට කලින් හේමමාලි කිව්වා ඉන්දිරා ආවා කියලා.””ආ මේ නිහාල් අයියානේ මම පොඞ්ඩක් බය වූණා විජිතට ආරංචිවෙලා මෙහේ ආවවද්ද කියලා.” තමාලිට පිටුපසින් ඉදිරියට පැමිණි ඉන්දිරා ...
පළිගු කිරිල්ලී - විසිපස්වන කොටස Kolompure “උඹ මට කිව්වේ නෑනේ විජිතගෙන් අයින්වුන හේතුව.”“ඒක එකපාරටම කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි දීපිකා.”“එක පාරට බැරි නම් දෙපාරට හරි කියපං. විජිතගේ ලර්නර්ස් එක ගැන නම් කියලා තිබුණා.”“ඔව් විජිත මල්ෂාගේ නමින් ලර්නර්ස් එකක් ඇරියා. හොඳටම දිරච්ච කබල් මොරිස් මයිනර් කාර් එකක් උනත් එකෙන් තමයි විජිත ඔළුව ඉස්සුවේ. සමහර දවස්වලට මම මල්ෂාව කොට් එකේ දාලා කාර් එක තල්ලූ කරන්න යනවා. පස්සේ ...
ඔටෝ ලොන්ඩරි හා කොට්ටය අස්සෙන් ගත් බිත්තරය.- සයුරේ දසවසක් - 12 Kolompure Posted: 03 Jun 2019 10:45 PM PDT මේ නෞකාවට මා සේවය සදහා ගොඩවද්දි සිටි අය අතුරින් කිසිදා අමතක නොවනා චරිත කිහිපයක් සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් පසු කාලයකදී මේ නෞකාවට එල්ලවු ත්‍රස්තවාදි ප්‍රහාරයේදි අතුරුදහන් ලැයිස්තුවට එක්වුනි.මාගේ සේවය අයිති එන්ජින් අංශයේ ඔයිලර්ලා ලෙසින් සිටි ජයතිස්ස අයියා සිරුරෙන් තරමක් කොට ලෝක අන්ඩපාලයෙක් වු අතර ඇගපතින් වැඩුනු පබ්බතයාත් කපටිකයිරාටිකයෙක් වෙන්නට තැත් කර හත්පොලේ ...
පළිගු කිරිල්ලී - දහනව වන කොටස Kolompure අවසාන හමුවීමෙන් පසුව දින ගණනාවකින් නිලන්තගෙන් කිසිඳු ආරංවියක් නොලැබූ නිසා ඉන්දිරා සිටියේ හේබාගිය හොන්දුමාන්දු ස්වරුපයෙනි. කඳවුර මාරු කරන විත්තිය කී නමුත් ඔවුන් උතුරේ යුද්ධය දරුණු ලෙසින් ඇවිල යන කාල වකවානුවක් වූ බැවින් නිලන්තවත් සටනට කැඳවීදැයි ඈට නිරන්තරව සිතුනි. දිනෙන් දින ගෙවීයමින් ප්‍රමාදවන නිලන්තගේ ලිපි ගැන සිතන්නට වූවායින් ඇගේ ආතතියද වැඩිවූවාය. ෆැක්ටේරියට දුරකථන ඇමතුමක් දීමටවත් නොහැකි උතුරේ ...
කොළොම්පුරේ ප්‍රථම නගරාධිපති Kolompure කොළාම්පුරේ නගර සභාවේ පළමු නගරාධිපතිධුරය බිහිවෙලා තියෙන්නේ නගර සභාව පිහිටුවලා අවුරුදු හැත්තෑ එකකට (71) පස්සේ කියලා ඔයාලා දන්නවාද? සියවස් එකහාමාරකට පෙරාතුව කොළඹ නගර සභාව පිහිටුවත් එකේ නගරාධිපතිවරයෙකු හිටියේ නෑ. කොළඹ නගර සභාව තමයි ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප්‍රමුඛම පලාත්පාලන ආයතනය. කොළඹ නගර සභාව පිහිටුවේ 1865 දි.දොස්තර රතනසෝති සරවනමුත්තු 1866 දි නගර සභාවට මන්ත්‍රිවරුන් පත් කරගන්නට පළමු ...
නිදහස් නොවුනු නිදහස් දිනය හා බොරු විරයෝ Kolompure අපේ රට ඈත අතීතයේ සිටම බොරුවෙන් ජීවත්වන්නන්ගෙන් පිරුණු රටකි. මේ පිලිබදව සිහිපත්වූයේ මා සේවය කරනා ආයතනයේ දචස ආරම්භයේ වැඩ පටන් ගන්නට පෙර වාදනය කරනා විවිධ දේශාභිමානි ගීතයන් අතරේ ඇන්ටන් රොද්‍රිගෝ ගායකයා ගයන සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණීට නැතිවුනා ගිතය කනවැකෙද්දීය. 1948 දී අපට නිදහස ලැබුනා කියා උත්සව පවත්වන ජාතියකි නමුත් අපට ඇත්තටම නිදහස ලැබුනේ ...
එන්න අපි ජීවත් වෙමු. Kolompure *වසර තුනකට පෙර අපි ජීවත් වූහ....* *********************ඒ කොවිඩ් 19 වසංගතය දරුණුවටම ලෝකය ගිලගත් කාලයයි.තුන්වේලටම ගෙදර උයන්නේය.ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය. කඩෙන් කෑම වානාය. පිටි කෑම අවමය. එයත් ගෙදර හදාගෙනය. සෙට් වීම් මිසිංය. සිගරට් නොබී ටොයිල්ට් ගිය උන්ට හොදට බඩ යන්නේය. කුඩු සික් කාරයෝ අගේට ඉන්නේය. පොඩ් එවුන් ඔහේ නිදහසේය. කාටුන් බලන්නේය. ටියුෂන් නැවතිලාය. අම්මලා බනින්නේ නැතිය. ඕප දූප ලොක් ...
නෞකා තට්ටුවේ ඇති යන්ත්‍රෝපකරණ වර්ග Deck Machineries Kolompure නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද? Deck Machineries තට්ටු යන්ත්‍රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ. නැව් විවිධ මෙහෙයුම් එනම් භාණ්ඩ හැසිරවීම, යාත්‍රා සුරක්ෂිත කිරීම සහ ජීවිතාරක්ෂක අරමුණු සඳහා පවා ඒවා යොදා ගනි. මෙම උපකරණ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ තට්ටු දෙපාර්තමේන්තුව - Deck Department යටතේ ඇති යාත්‍රා කාර්ය මණ්ඩලය විසිනි. එවැනි උපකරණ ...