හෝරස්ගේ දරුවා - විසි වන දිගහැරුම Son of Horus - 20 Kolompure සිමෙන්ති පොළවෙන් නැගෙන සීතල පරයා ඉන් නිකුත්වෙන දැඬි මුත්‍රා දුගඳ නාසයට තදින් දැනෙන්නට වූයෙන් බිම වැතිර හුන් කපිල හිමිහිට හිස ඔසවා බැලීය. කිහිපදෙනෙක් තමාව බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන එහි බිම හොවා ඔවුනගේ දෙපාවලින් අනිමින් රැගෙන ආ හැටි ඔහුගේ මතකයට නැගුනි. අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයක් මගින් රැගෙන ආ බව නොදත් හෙතෙම සිතුවේ විරුද්ධ කණ්ඩායමක ගොඳුරක් වී ඇතිබවය. ආන්තරාවක රතු එළි ...
ජපනුන්ට වඩා හපන් අපි Kolompure Posted: 23 Jun 2019 10:38 PM PDTඋඩු ගුවනට ලංකාවේ නම අරගෙන ගිය රාවන් 1 චන්දිකාව ගැන ආඩම්බර වෙන මෙහොතක ඊටත් වඩා ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ඔන්න අපිත් සිද්ද කලා. ඒ ජපානය වෙනුවෙන් ලංකාවේ නිපදවු ගැඹුරු මුහුදේ කේබල් ඇතිරිමේ අධිතාක්ෂනික නෞකාව KDDI Cable Infinity සුබ මොහොතින් එහි ඇනවුම ලබාදුන් ජපානයේ කොකුසායි කෝබල් නැව් සමාගමට (Kokusai Cable Ship Company Ltd) භාරදුන්නා. මේ ...
කොන්ඩය කැපිල්ල හා චමින්දයාගේ රෙදි සේදිල්ල - සයුරේ දසවසක් - 17 Kolompure Posted: 01 Dec 2019 07:27 PM PST මා සමගින් අමනාපයෙන් පසුවු එඩිසන් හා බක සිල්වා ඇතුලු කිහිප දෙනෙක් බලාසිටියේ පලිගැනිමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. විශ්ව විද්‍යාලයන් හි පවතින පළමු වසරේ නවක සිසු සිසුවියන් හට ලබා දෙන නවක වදය අවසන් වන්නේ බකට් කිරිමෙන් (නැහැවිමෙන්) පසුවය. බකට් කිරිම වැනි අපගේ සමාගම සතු නැව් වල තිබු චාරිත්‍රයක් වුයේ පලමුවෙන් නැවියෙකු වශයෙන් නැවකට නගින ආධුනිකයන්ගේ ...
එඩිසන්ගේ වැසිකිලි කෝපය - සයුරේ දසවසක් - 16 Kolompure Posted: 12 Nov 2019 10:08 PM PSTලංකාවේ උතුරු කොනේ වරාය වන කන්කසන්තුරය වාරය වෙත අපගේ නෞකාව ලගාවුනි. ප්‍රමාණයෙන් කුඩා නෞකාවන් වුවත් අපගේ නෞකාවන් කෙලින්ම වරාය තුලට ගෙන බඩු බෑම කරන්නට නොහැකිවුයේ බොහෝ කලකින් වරාය හාරා ගැඹුරුකල නොතිබු හෙයිනි. කලින් කලට දිය රළ සමගින් ඇදි එන මුහුදු වරාය පතුලේ ගැඹුර අඩු කරයි. වැලි පිරිගිය වරායන් හාරා ගැඹුරු කරනා ඩෙජර් නෞකාවන් (Dredger) ...
පළිගු කිරිල්ලී - තුන්වන කොටස Kolompure Posted: 27 Jul 2020 05:22 PM PDT“තමාලි අක්කේ. . . . තමාලි අක්කේ. . . . ගෙදර කව්දෝ. . . . . ” “කවුද? ආ . . . මේ මිල්ටන්නේ ඇයි මොකද? අද වැඩට ගියේ නැද්ද?”“නෑ, අද වැඩට ගියා. ඒත් මේ . . . . ”“වැඩට ගියානම් මෙහේ මොකද කරන්නේ? ඇයි ජයවීර අයියා පණිවිඩයක් කියන්න එව්වාද?”“නෑ අක්කේ පොඩි කරදරයක් සිද්ධවූනා.” ...
හෝරස්ගේ දරුවා - පස්වන කොටස Son of Horus Kolompure නොබෝදිනකින් උපනන්ද මහතාගේ උපකාරයෙන් නිමාලිට හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පුහුණුවන පිළිගැනීමේ නිලධාරිනි රැකියාවක් ලැබිනි. නිමාලි හමුවීමට පියසෝමගේ නිවසට උපනන්ද මහතා යළි ගියේ ඇගේ නව රැකියාව කෙසේදැයි දැනගැනීමට හා පවුලේ තොරතුරු කෙසේදැයි විමසා බලන අටියෙනි. විමලා හා නිමාලි විසින් ඔහුව සාදරයෙන් පිළිගෙන රැකියාව ලැබුණු බව පැවසීමට නොහැකිවීම ගැන කනගාටු වුහ. “ඉතිං ළමයෝ දැන් වැඩ එහෙම ලේසිද?”“ ...
උතුරුකරේ ජනාධිපතිවරණය - සයුරේ දසවසක් Kolompure සිරි ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්විමට දින යෙදී තිබුනි. අප ඒවනවිටත් අප සිටියේ පේදුරුතුඩුවේ හාල් ගොඩබා අවසන්වය. එවකට ජනාධිපතිකමේ රැදි සිටි චන්දිකා බන්ඩාරණායක මහත්මිය දෙවනවරටද ජනාධිපතිකමට ඉල්ලන මැතිවරණය මෙය විය. ජනප්‍රියතාවය හිනව ඡන්දය දිනීමේ වැටඋඩ අවස්ථාවක සිටි චන්දිකා බන්ඩාරනායක කුමාරතුංගට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ලවන්නේ එක් ඇසකට ...
සිරිබිරිස්ගේ ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැදි කතා Kolompure ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග් අඩවියේ සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුවනි. සුමාන දෙකකට පෙරාතුව ඉරුදිනයක අපේ නිදි ලොක්කා කොළොම්පුරයා ඇමතුවා. එදා ඉගෙන නොගත්තු කොළොම්පුරයා දැන් ඉරිදාට පන්ති යන්න අරන් නොවැ. රස්සාවේ හා ගෙදර කප්පරක් වැඩ අස්සේ ඉගෙන ගැනිල්ලත් ලෝක අමාරුවැඩක් කියලා මේ වැඩකරපු උන්නැහැලා දන්නවා ඇති නේ. දැන් දන්නවා නේ ...
සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11 Kolompure Posted: 19 Mar 2019 03:06 AM PDTසිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින් අවහිර කෙරුනු නැවියන්ට පමණක් කොටු කෙරුනු මේ අලංකාරලෙසින් මලින් පිරුනු ගහකොලින් වටවු එළිමහන් සිරකදවුරට පැමින සිරවන්නට සිදුවන්නේ පාන්පිටි නෞකාවට පැටවිමට ආ අවස්ථාවේදිය. මෙය වෙන කිසිවක් නොව ත්‍රිකුණාමලයේ පාන්පිටි කම්හලය. ...
විදුලි පංකා හුටපටය හා නැව ගිනි තැබිම. - සයුරේ දසවසක් - 14 Kolompure Posted: 23 Jul 2019 09:26 PM PDT නෞකාව ගාල්ල වරායට සැපත්විමත් සමගම මාහට එහි හිටපු එකම හිතවතාවු කඩ්ඩාගේ පුහුණු කාලය අවසන්විය. කඞ්ඩා නැවෙන් සයින් ඔෆ් වි (Sign off) යාමෙන් පසුව ඔහු වෙනුවට නැවට එක්වුයේ එකනායක නම්වු ගාල්ලේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුය. ඔහු අපගේ පුහුනු පාසලේ පුහුණුවන්නෙකුවු අතර හේ මට වඩා වසරකින් කනිෂ්ඨ විය. සැබැවින්ම එකනායක නිහතමානි චරිතයක්වු අතර අප දෙදෙනා ...
පළිගු කිරිල්ලී - පළමු කොටස Kolompure Posted: 15 Jul 2020 08:35 AM PDT1පිම්මේ ආ තී‍්‍රරෝද රිය එකවරම ඉද්ද ගැසුවාක් මෙන් තිරිංග යොදමින් නැවත්වූයේ දහවල් හිරු රැසින් ගිනියම්වූ තාර පාරේ ටයර් කට්ට රටාවන් සිටිනසේය. දොර කවුලූවෙන් එන සුළං රැල්ලට දෑස් පියවීගෙන ආවා විතරය. තිගැස්සුනු ඉන්දිරා තමා සිටින්නේ කොහේදැයි සිහි එලවාගැනිමට ඈ ත්‍රීරෝද රියේ සිටම අවට බලමින් මඳ වේලාවක් ගත්තා ය. සුවිශාල කළු පැහැති ගේට්ටුවක් ඉදිරිපිට නතර කර ...
හෝරස්ගේ දරුවා - දසවන දිගහැරුම Son of Horus - 10 Kolompure එදින රාත්‍රියේ දෙගොඩාහරියාමයේ ස්ටැන්ලි අවදිවූයේ නිවසේ වහල උඩින් බළල් රංචුවකගේ පොරකෑම් හා කෑගැසීම්වල ශබ්දයෙනි. මූසල හඬකින් ඇසෙන කෑගැසීම් ස්ටැන්ලිගේ සුව නින්ද බිඳහෙලීය. තොල කට වියලී දිය පිපාසයක් දැනුනායින් නිදි ඇඳෙන් බිමටබට ස්ටැන්ලි වතුර බීමට පැන්ටි්රය දෙසට පිය නැගුවේ නිවසේ විදුලි පහන් දැල්වීමට සිතට නැගුනු අලසකමත් තමාට හුරුපුරුදු නිවසේ යාමට ඊමට එළියක් අනවශ්‍ය යැයි ඔහුට සිතුණු නිසාත්ය. එහෙත් ...
පළිගු කිරිල්ලී - විසිතුන්වන කොටස Kolompure “ ගෙදර කවුද?”නිවසේ මිදුල පැත්තෙන් ආගන්තුක ගැහැණු කටහඬක් ඇසුනු බැවින් ඉන්දිරා පැදුරේ හෙවා කිරි දෙමින් සිටි කුඩා මල්ෂා ගෙන් තම තන පුඬුව ඉවතට ගෙන බ්රෙෂියරයේ රඳවා ගත්තා ය. අඬ නින්දේ පසුවූ මල්ෂාව අනෙක් පසට පෙරලා කොට්ට කිහිපයක් මල්ෂා වටා තබා ඇඳ සිටි චීත්තය තදකර ගැට ගසමින් fදාර දෙසට ඇවිද ආවා ය. අව්වට පිළිස්සුනු තද පැහැති සමකින් යුත් කෙට්ටු යුවතියක් මාස ...
පළිගු කිරිල්ලී - දෙළොස්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දෙළොස්වන කොටසදිනක් සුදු නැන්දා නිවසින් පහළට බැස පාර අද්දරටවී තමන් පාසල් නිමව එනතෙක් පෙරමඟ බලා සිටිනා අයුරු ඉන්දිරාට අදහාගත හැකි නොවීය. එය ඇගේ සිතේ යම් තරමකට අවිනිශ්චිතභාවයක් ඇති කරවන්නට විය. සුදු නැන්දාගේ මුහුණේවූයේද තරමක කලබලයටපත්වූ ලෙසකි. එය දුටු ඉන්දිරාද තැතිගත්තා ය.“ඇයි සුදු නැන්දේ? ඇයි මෙතන කරන්නේ?”“නෑ මම මේ පොඞ්ඩකට පහළට ආවා දැන් උඹලා එන නිසයි මඟ නතරවෙලා ...
සමුගත් ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගායිකාව Kolompure බොදු ගීයෙන් රසික හදවත් වලට සමිපවුන ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගායිකාව ලෙසින් වැජබෙන ගීත කොකිලාව අපේ‍්‍රල් මාසේ දෙවනිදා උදෑසන අපෙන් සදහටම සමුගත්තා. ඇය තමයි විවියන්ද සිල්වා බොරලැස්ස. විවියන්ද සිල්වා බොරලැස්ස කියුවිටම බොහෝ දෙනෙක්ට මතක්වෙන්නේ බොහෝ ජනප්‍රිය "දුර පේන තැනිතලා "ගීතයයි "නංගී නංගී රූපිකා" ගීතයයි තමයි. විවියන් ගැයු ඇගේ බොදු ගීත අද දක්වාම රසික හදවත්වලට සමිපයේ පැවතීමේ වාසනාවත් දශක ගනනාවක් ඈ තිස්සේ ...
සුබ උපන්දිනයක් නිදි Kolompure ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා ආයුබල ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා... 2019 වස්ගමුවේදි උපන්දිනය සමරන්නට මෙහොතකට පෙරඅමද්යප දිනයේ උපන් අමද්‍යපකාරයෙක් වෙච්චි නිදි බොන්නෙත් නෑ උපන්දිනය සමරන්නට අපිට බොන්නත් නෑ... ...
කොටහේනේ කොටි මැරිල්ල Kolompure කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා දෙන්න එපැයි නේ කතන්දරේ කියන්න කලියෙන්. අන්දු බයියා කියන්නේ මගේ කාර්යාලිය සගයෙක්. මිනිහා මං වාගේ නොවෙයි හයේ හතරේ සද්දන්තයා.මේක සිද්ධවුනේ අපි උතුරු නැගෙනහිර යුද්ධය ජයගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ. එයා පැන්සොන් යනකම් බලාගෙන උන්නා මේ ...
පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - දහතුන්වන කොටස “කවුද ඉන්දිරා කියන්නේ?”ගුරුවරයෙකු නොසිටි කාල පරිච්ඡේදයක පන්ති කාමරය තුළට ආ කාර්යාලයේ සේවයේ නියතු සුමනේ මාමා විමසීය. එක්වරම පන්තිය දැඬි නිහඬතාවයක ගිලුණි. සියල්ලන්ගේ දෑස් ඉන්දිරා දෙසට යොමුවීම නිසාවෙන් ඉන්දිරා දැඬි අපහසුතාවයකට මුහුණ දුන්නා ය. ඈ අසීරුවෙන් මෙන් තම අසුනින් නැගිටගත්තාය.“ම...ම ... මම ඇ...යි? ”“ඔය ළමයාට ඔෆිස් එකට එන්නයි කිව්වා.”වෙනින් යමක් විමසන්නටත් ...
හෝරස්ගේ දරුවා - සයවන කොටස Son of Horus Kolompure රාත්‍රි හතට පමණ ඔවුන් ලයිට් හවුස් හෝටලයට ගොඩවදින විටත් සාදය ඇරඹී තිබුනි. අනෙක් යෙහෙළියන් මෙන්ම කාන්තා සංගමයේ සාමාජිකාවන්ද මිල අධික ඇඳුම් මොස්තරවලින් සැරසීගෙන සිටියහ. සුචිත්‍රාගේ කාන්තා සංගමය පමණක් නොව තවත් සංවිධාන කිහිපයක පිරිමි සාමාජිකයන්ද අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයකින් සංවිධානය කරතිබූ මෙම සුහඳ හමුවට සහභාගිවී තිබුණි. ඔවුහු කාණ්ඩ ගැසී මත්පැන් වීදුරු අතැතිව ඉංග්‍රීසියෙන් හා සිංහලෙන්ද ...
සිංහබාහුගේ ස්විකා සාදය. Tuica (tswee-ka) හා බොස්ෆරස් ඔස්සේ රුමේනියාවට Kolompure සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු මා සේවය කල නෞකාවේ දෙවන එංජිනේරුවරයා ලෙසට පත්ව ආ රුමේනියන් ජාතිකයාට තිබු හතරුස් මුහුනත් නොඋස් ස්ථුල සිරුරත් මෙන්ම ඔහුගේ මදක් වැවුන රිදිවන් කොන්ඩය නිසාත් අපි විසින් රෙජිස්ටර් කල නාමය වුයේ සිංහබාහුය. විදේශිකයන්ට නොතේරෙන ලෙසින් ඔවුන් ...