ඕයී යකා Kolompure නැගිටපං බං වොච් එකට වේලාව හරි. එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම අමාරුවෙන් ඇස් ඇරලා බලපු හැටියේමවාගේ ලයිට් දැමුව හින්දයි. මෙන .......... දක්ද ඔය ලයිට් එක නිවපං. ඇස් දෙකත් ඇරගන්න අමාරුයි.මේ උඹ ආයෙමත් නිදා ගන්නේ නැතිව ඉක්මනට වරෙන්. හරි බං නෑවිත් ඉන්නයෑ. දැන් ඉතිං පලයං. කොට්ටේ අස්සට ...
නැංගුරම්ලාගෙන සැමරූ සිංහළ අවුරුද්ද - සයුරේ දසවසක් - 6 Kolompure ගනදුර පලවා හරිමින් අළුයම් හිරු නැගෙනහිර අහසින් පායා ආවේය. නිල්ල පිරුනු ගහකොලත් මද රැළි නංවන සයුරත් දෙස කොපමන වේලාවක් බලාසිටියත් දෑසට ගෙන දෙන්නේ අපුරු සුවදායි බවකි. මහා වනාත්තරයකින් වටවි ඇති සේ ගස්කොලින් පිරුනු ති්රකුණාමලය වරායේ පිහිටි පිටි කම්හල් ජැටියේ අප නෞකාවේ නවතා තිබුනි. කොළඹ ගොස් යළි නැවට ආ දිනට පසු දින උදයේම අසන්නට ලැබුනේ අසුබ ආරංචියකි. නැවේ කපිතාන්වරයා ඇද ...
මිහිරැති විසකුරු ඵලය Kolompure වින්දෙමි එහි රසය මිහිරැති ඇපල් ගෙඩියක පිරිමදිමින් නුඹේ නැඹ කියන්නට එපා පිරි ඇතැයි කුස බැරිය නවතන්නට රාහුලයෙකුට මගේ ගමනතහනම් ගසක හටගත් ඵලය
මුහුද හාරමුද? Kolompure අපේ පොලෝතලයෙන් තුනෙන් දෙකක්ම සාගරය අයිති කරගෙන ඉන්න කොට මිනිසාට ජිවත් වෙන්න තියෙන්නෙත් ඉතිරි තුනෙන් එකේ කොටසෙයි. එන්න එන්නම වැඩිවන ලෝක ජනග්රහනයත් ගෝලිය උණුසුමත් නිසා ධ්රැවආශි්රත අයිස් ග්ලිසිර දියවෙන්නට පටන් ගැන්මෙන් මේ තුනෙන් එකත් අහිමි වෙන්න පටන් අරගෙන. එහෙම නම් මොකටද මුහුද හාරන්නේ? අයිස් කදු දියෙවලා පහත්බිම් හා කුඩා දුපත් යටවෙන එක නවත්වන්නද? නෑ එහෙම කරන්න නම් බෑ. මොකටද මුහුද ...
කාකිසුට් නරිනාටක Kolompure ඔන්න එකොමත් එක දවසක වැඩට යන්න කම්මැලි හිතුනා. එදා ඉතිං නිවාඩුවක් කාරිය දාලා ගෙදර ඉන්නැද්දි මගේ බොක්කක්වුනු පාපමිත්ර ඥාතියෙත් ගෙදරට කඩා පාත්වුනා. මිනිහා නෑයෙක් වෙලා පාපමිත්රයෙක්වුනේ හිරයක් ගත්තාට පස්සේ. මේ බුවා හදිසියේ ගෙදරට කඩාවැටුනේ කොළඹ ගිහින් එන ගමන්ලු. පොරට අවුරුදු ගනනාවක් වාතවෙවි බලං හිටපු රට රස්සාව හරි ගිහිල්ලා විසා එකපාස්පෝට් එකේ ගහගෙන එන ගමන් කිව්වා. එතකොටත් වේලාව ඇති උදේ එකලොහ ...
ඔජස් ගලන කුණු කදු Kolompure අපේම කුණුගොඩක්සුඛවිහරණ විදිමින් අපව පාලනයකරනඔජස් ගලන පංචස්කන්ධයෙන් වපුරමින් කුණුදෙසයි වලකන සැටි ගොඩගැසුනු කුණු කදුජරාජීර්න සමාජයකවැපිරූ කුණු
චන්ඩි උපන්න සුප්රකට ගසක් Kolompure අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප්රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. https://goo.gl/maps/hvEVGQTCtDJ2එ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ ...
කොළොම්පුරේට අවුරුද්දයි. Kolompure සියවස් කිහිපයක් පැරණි නගරයක් වුනු කොළොම්පුරේට අවුරුද්දයි? වෙන්න බැරිවැඩක් ? වෙන්න බෑ තමයි එත් වන්ඇන්ඩ් ඔන්ලි කොළොම්පුරේ බ්ලොග් එකට නම් අවුරුද්ද සපිරුනා. වැඩේ කියන්නේ මටත් උපන්දිනේ අමතකවුනා නේ. අවුරුද්දක් ගතවෙනවා කියන්නේ මොනතරම් දේවල් සිද්දවෙලා ඇද්ද? මේ ගෙවුනු අවුරුද්දේ කොළොම්පුරේ නෙළුම්යායෙන් සම්මාන දෙකකින් පුදනු ලැබුවා. ඉතිං සතුටු නැද්ද? ඒවාගෙම අටෝරාෂියක් බ්ලොග්කරුවන් කාරිනියන් අදුනාගන්නත් ලැබුනා. ඉතිං කොළොම්පුරේට ගොඩවැදුනු විචාරක මහතාලා අටංපහුරේ ...
"මං ආදරෙයි" Kolompure ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත්රයක් මගේ සුරතට පත්වුනු නිසයි. "ප්රගියා" ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප්රගියා මට මුලින්ම මුණ ගැහෙන්නේ එක වසරේ පංතියට පාසල් යන මුල්ම දවසේදි. එකම පංතියට වැටුන අපි දෙන්නා ඊළග අවුරැද්දේ වෙන පංතියකට වැටුනා කියලා මතකයි. ගල්කිස්සේ අපේ ගෙවල් ආසන්නයේ ගෙවල් කිහිපයකට එහා හිටිය ප්රගියා ක්රිකට් ගහන්න සෙල්ලම් ...
ජීවිතේ Kolompure දෙපයට වාරු අරන්ජීවන බර කරේ තියන්ජීවිතේ කන්ද නගිනවාමට හරි වෙහෙසයිලෙඩ දුක් බෝමයිජීවිතේ දුකම විදිනවානුඹ දැන් මහළුයිපිං දන් කරගන්නයිඋතූමන්ලාද කියනවාපිං ධම් තව ඈතයිකාලය හරි නපුරුයිදිවි බර තව වැඩි වෙනවාඅතමිට හිඟ පාඩුයිඋසුලන්නට බෑමයිදුක් කරදර හිසට වැටෙනවාදැන් උඹ අබලන්අවසානෙට ඇවිදින්මරුවා කැන්දන් යන්න හදනවාරෝ දුක් වැඩිවුවත්මොන කරදර ආවත්තාමත් අපි ජීවිතේ තනුව වයනවා. ...
රජගෙදර කලාකෘති. Kolompure රජතුමෙක් කිසිදා වාසය නොකරපු රජගෙදරක් අපේ රටේ තියේනවා. කාලෙකට ඉස්සර කිංස් හවුස් කියපු මන්දිරය පස්සේ කාලෙක කුවින්ස් හවුස් වුනා. ඊටත් පස්සේ ප්රසිඩන්ට් හවුස් නැත්නම් ජනාධිපති මන්දිරය නමින් හදුන්වන්න පටන් ගත්තා. මේ සිරිලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයේ පළමු ජනපති වු විලියම් ගොපල්ලව ගෙන් පසු මෙතෙක් බලයට පත්වු එකදු ජනපතිතුමෙකු එක රැයක් වත් මේ මැදුරේ ඉදලා නෑ ( දන්නා තරමින්) ඔය රජ ගෙදර ...
විදුලි පංකා හුටපටය හා නැව ගිනි තැබිම. - සයුරේ දසවසක් - 14 Kolompure නෞකාව ගාල්ල වරායට සැපත්විමත් සමගම මාහට එහි හිටපු එකම හිතවතාවු කඩ්ඩාගේ පුහුණු කාලය අවසන්විය. කඞ්ඩා නැවෙන් සයින් ඔෆ් වි (Sign off) යාමෙන් පසුව ඔහු වෙනුවට නැවට එක්වුයේ එකනායක නම්වු ගාල්ලේ බද්දේගම ප්රදේශයේ පදිංචි තරුණයෙකුය. ඔහු අපගේ පුහුනු පාසලේ පුහුණුවන්නෙකුවු අතර හේ මට වඩා වසරකින් කනිෂ්ඨ විය. සැබැවින්ම එකනායක නිහතමානි චරිතයක්වු අතර අප දෙදෙනා ඉතා සහයෝගයෙන් අපගේ වැඩකටයුතු කරගෙන ගියෙමු. ...
ජනේලයෙන් බලන්නට සිදුවු වල්ඩ් කප් එක හා එන්ජින් කාමරයෙන් ආ හොල්මන .- සයුරේ දසවසක් - 13 Kolompure 1999 වසරේ ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වුයේ එංගලන්තයේදිය. වසර විස්සකට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියත් එංගලන්තයේදිම යලිත් පැවැත්විම එක්තරා අහඹුවක්දැයි සිතේ. 96 වසරේ ලෝක ශුරයන්වු බැවින් අප සිතුවේ 99 දිත් ලෝක කුසලානයත් රැගෙන එන්නට අප කන්ඩායමට පුලුවන්වේ යැයිද එය අප සියල්ලන්ගේම පැතුම විද තිබුනි. 1999 වසරේ ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම මා මෙම නෞකාවට ආ අලුත බෝහෝ අමාරුවෙන් ...
ජපනුන්ට වඩා හපන් අපි Kolompure උඩු ගුවනට ලංකාවේ නම අරගෙන ගිය රාවන් 1 චන්දිකාව ගැන ආඩම්බර වෙන මෙහොතක ඊටත් වඩා ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ඔන්න අපිත් සිද්ද කලා. ඒ ජපානය වෙනුවෙන් ලංකාවේ නිපදවු ගැඹුරු මුහුදේ කේබල් ඇතිරිමේ අධිතාක්ෂනික නෞකාව KDDI Cable Infinity සුබ මොහොතින් එහි ඇනවුම ලබාදුන් ජපානයේ කොකුසායි කෝබල් නැව් සමාගමට (Kokusai Cable Ship Company Ltd) භාරදුන්නා.CLV/KDDI Cable Infinity මේ නෞකාව නිපදවිමේ මුලින්ම වැඩ ...
ඔටෝ ලොන්ඩරි හා කොට්ටය අස්සෙන් ගත් බිත්තරය.- සයුරේ දසවසක් - 12 Kolompure මේ නෞකාවට මා සේවය සදහා ගොඩවද්දි සිටි අය අතුරින් කිසිදා අමතක නොවනා චරිත කිහිපයක් සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් පසු කාලයකදී මේ නෞකාවට එල්ලවු ත්රස්තවාදි ප්රහාරයේදි අතුරුදහන් ලැයිස්තුවට එක්වුනි.මාගේ සේවය අයිති එන්ජින් අංශයේ ඔයිලර්ලා ලෙසින් සිටි ජයතිස්ස අයියා සිරුරෙන් තරමක් කොට ලෝක අන්ඩපාලයෙක් වු අතර ඇගපතින් වැඩුනු පබ්බතයාත් කපටිකයිරාටිකයෙක් වෙන්නට තැත් කර හත්පොලේ ගාගන්නා මෝඩයෙක් විය. ඩෙක් අංශයේ එබි ...
"මං ආදරෙයි" Kolompure ඈත අතිතයේ බොහෝ සිදුවිම් ගොන්නක් මනසේ යලි රගදැක්වෙන්නට පටන් ගත්තේ ආරාධනා පත්රයක් මගේ සුරතට පත්වුනු නිසයි. "ප්රගියා" ඒ අපි කවුරුත් ඔහුව ඇමතුව නම. ප්රගියා මට මුලින්ම මුණ ගැහෙන්නේ එක වසරේ පංතියට පාසල් යන මුල්ම දවසේදි. එකම පංතියට වැටුන අපි දෙන්නා ඊළග අවුරැද්දේ වෙන පංතියකට වැටුනා කියලා මතකයි. ගල්කිස්සේ අපේ ගෙවල් ආසන්නයේ ගෙවල් කිහිපයකට එහා හිටිය ප්රගියා ක්රිකට් ගහන්න සෙල්ලම් ...
ජීවිතේ Kolompure දෙපයට වාරු අරන්ජීවන බර කරේ තියන්ජීවිතේ කන්ද නගිනවාමට හරි වෙහෙසයිලෙඩ දුක් බෝමයිජීවිතේ දුකම විදිනවානුඹ දැන් මහළුයිපිං දන් කරගන්නයිඋතූමන්ලාද කියනවාපිං ධම් තව ඈතයිකාලය හරි නපුරුයිදිවි බර තව වැඩි වෙනවාඅතමිට හිඟ පාඩුයිඋසුලන්නට බෑමයිදුක් කරදර හිසට වැටෙනවාදැන් උඹ අබලන්අවසානෙට ඇවිදින්මරුවා කැන්දන් යන්න හදනවාරෝ දුක් වැඩිවුවත්මොන කරදර ආවත්තාමත් අපි ජීවිතේ තනුව වයනවා. ...
චන්ඩි උපන්න සුප්රකට ගසක් Kolompure අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප්රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. https://goo.gl/maps/Dze3s5HASYvඑ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ ...
නැවේ යකා Kolompure "අයියේ අයියේ මාර සීන් එකක් නේ උනේ.""ඇයි මොකද?""දැන් කූල් රූම් එකේදි අයියාටවගේ මටත් ඕයී කිව්වානේ.""නෑ. මාර වැඩක්නේ. දැන්ද උනේ?""ඔව් මේ දැන් ඩිෆිස්ර් එක ඇරලා මස් ටික බේසමට දාන්න හදනකොටමනේ ඕයීි කිව්වේ. මගේ මයිලුත් කෙලින්වුනා.""ඉතිං උඹ පැනලා ආවාද?""මොන මස් දැමිලිද? ඒ කළුවර ගුහාවේ මොන මළයක්කු ඉන්නවාද දන්නේ නෑ. සද්දේ ඇහුනේ හරියට මගේ කකුලු දෙක ළගිනුයි." විදුලි පන්දමත් අතේ තියාගෙන නැවේ පිටිපස්සේ ...
ජපන්නුන්ට අපෙන් නැවක් Kolompure ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක්රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි.මේ තමයි හදන්න යන නවින පන්නයේ නෞකාව "සිරිලක දේ සිරිසැප දේ" කියලා ...