ඕයී යකා Kolompure "නැගිටපං බං වොච් එකට වේලාව හරි. "එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම අමාරුවෙන් ඇස් ඇරලා බලපු හැටියේමවාගේ ලයිට් දැමුව හින්දයි. "මෙන .......... දක්ද ඔය ලයිට් එක නිවපං. ඇස් දෙකත් ඇරගන්න අමාරුයි.""මේ උඹ ආයෙමත් නිදා ගන්නේ නැතිව ඉක්මනට වරෙන්." "හරි බං නෑවිත් ඉන්නයෑ. දැන් ඉතිං පලයං." කොට්ටේ අස්සට ...
මුහුද හාරමුද? Kolompure අපේ පොලෝතලයෙන් තුනෙන් දෙකක්ම සාගරය අයිති කරගෙන ඉන්න කොට මිනිසාට ජිවත් වෙන්න තියෙන්නෙත් ඉතිරි තුනෙන් එකේ කොටසෙයි. එන්න එන්නම වැඩිවන ලෝක ජනග්රහනයත් ගෝලිය උණුසුමත් නිසා ධ්රැවආශි්රත අයිස් ග්ලිසිර දියවෙන්නට පටන් ගැන්මෙන් මේ තුනෙන් එකත් අහිමි වෙන්න පටන් අරගෙන. එහෙම නම් මොකටද මුහුද හාරන්නේ? අයිස් කදු දියෙවලා පහත්බිම් හා කුඩා දුපත් යටවෙන එක නවත්වන්නද? නෑ එහෙම කරන්න නම් බෑ. මොකටද මුහුද ...
කාලයේ වෙනසක අරුමය Kolompure කොළොම්පුරේ වෙනස්වෙමින් යනවා. මේ ඡායාරූපය බලද්දි පේනවා නේද කොළොම්පුරේ අහස්කුසත් මහ සයුරත් ආක්‍රමණය කරමින් ඉදිවෙමින් පවතින සුවිශාල ගොඩනැගිලිත් පෝට් සිටි නගරයත් දැවැන්ත කොළොම්පුරය විශාල වෙනස්කමකට ලක් කරනවා කියලා. දැන් බලන්න මේ ඡායාරූපය දිහා. මොකක්ද හිතෙන්නේ? පැරණි පාර්ලිමෙන්තුවේ ඉදිරියේ තියෙන්නේ මහාමාන්‍ය ඩි. එස් සේනානායක මහතාගේ පිලිරුවත් තව පිලිරුවකුත් විතරයි. හැබැයි දැන් නම් එතැන පිලිරූ ගොඩාක් එකතුවෙලා. තව එකක් කලුපාට ඉටිකොලවලින් වෙලිලා ...
පාලක කුණු කදු Kolompure විදිමින් සුඛවිහරණ ජරාජීර්න වු සමාජයක් පාලනයකරන කුණුගොඩක් ඔජස් ගලන පංචස්කන්ධයෙන් වපුරමින් කුණුදෙසයි වලකන සැටි ගොඩගැසුනු කුණු කදු උන්ම වැපිරූ
කොළොම්පුරේට අවුරුද්දයි. Kolompure සියවස් කිහිපයක් පැරණි නගරයක් වුනු කොළොම්පුරේට අවුරුද්දයි? වෙන්න බැරිවැඩක් ? වෙන්න බෑ තමයි එත් වන්ඇන්ඩ් ඔන්ලි කොළොම්පුරේ බ්ලොග් එකට නම් අවුරුද්ද සපිරුනා. වැඩේ කියන්නේ මටත් උපන්දිනේ අමතකවුනා නේ. අවුරුද්දක් ගතවෙනවා කියන්නේ මොනතරම් දේවල් සිද්දවෙලා ඇද්ද? මේ ගෙවුනු අවුරුද්දේ කොළොම්පුරේ නෙළුම්යායෙන් සම්මාන දෙකකින් පුදනු ලැබුවා. ඉතිං සතුටු නැද්ද? ඒවාගෙම අටෝරාෂියක් බ්ලොග්කරුවන් කාරිනියන් අදුනාගන්නත් ලැබුනා. ඉතිං කොළොම්පුරේට ගොඩවැදුනු විචාරක මහතාලා අටංපහුරේ ...
කොට උඩ යෑම Kolompure මචං ඒ වැඩේ කොට උඩ ගියානේ. කලකට පස්සේ හමුවුන මගේ මිත්‍රයෙක්ගේ ව්‍යාපාරය ගැන ඇහැව්ව වෙලාවේ ඔහුගෙන් මුවින් නික්මුන වචන කිහිපය තමයි ඒ. කොට උඩ යෑම කියන්නේ තමන් කරගෙන හිටිය ක්‍රියාවක් හෝ දෙයක් නොසිතු පරිදි සිදුවු බාදාවක් නිසා නවතාලන්නට සිදුවිම වැනි දෙයක් තමයි. ව්යවහාරෙට එහෙම කිව්වාට කොට උඩයන්නේ වාහනයි. බොහොමයක් ගරාජ්වල කොට උඩ තියෙලා තියෙන වාහන එහෙම දැකලා ඇතිනේ? පරන කාර් ...
කුතුහලය කැටිවු ත්‍රාසය හා ඉලඇදෙන භීතිය සමගින් ගිය මීමුරේ සවාරිය 2 වන කොටස Kolompure පළමු කොටස බලන්න මෙතැනට කොටන්නඋඩු කයට වස්තරයක් නැතිව ඇග සීතලෙන් ගැහෙන්න ගත්තු නිසා අවදි වෙච්චි මම වැතිරිලා හිටපු තැනින් ඔළුව උස්සලා බැලූවේ මේ කොහේද ඉන්නේ කියලා. වැටිලා උන්නු ගල් ගොඩට පොඞ්ඩක් ඈතින් පන්දමක් වගේ දෙයක් නිමෙන්න ඔන්න මෙන්න වගේ මලානික එළියක් විහිදුවමින් ලාවට පත්තුවෙනවා. මම මේ ඉන්නේ කොහේද කියලා හිතාගන්න බෑ. ඉන්න තැන හිතාගන්න බැරිව හිටපු මගේ හිතට එකපාරටම මම ...
ඉල ඇදෙන සටන් සමග භීතිය ඉස්පොල්ලේ ගිය මීමුරේ සවාරිය Kolompure හැමදාමත් කොළොම්පුරයට වෙලා ඉදලාත් බැරි හින්දා කොළොම්පුරේ කොළොම්පුරයෙන් පිටට යන්නයි මේ හදන්නේ. හැබැයි මේ ලියන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනෙක් ලියලාත් තියෙන නොදන්නා කෙනෙකුත් නැති නොයිදුල් ගම්මානයක් කියාගත්තු හැමෝම ගිහිල්ලා නොයිදුල් එක ඉදුල් කරලා දමාපු මීමුරේ ගම්මානයට ගිය ගමන ගැනයි. මේ ලිපිය නම් මේ කවුරුත් ලියනා ජාතියේ මීමුරේ ගම ගැනවත් එහි පාරසරික වටිනාකම ගැනවත් ලියැවෙන ලිපියක් නම් වෙන්නේ නෑ. එහෙනම් මෙන ...
ගුවන් විදුලියේ පෙරගමන්කාරිනිය නික්ම ගියාය. Kolompure 1949 අවුරුද්දේ කොළඹ කොටුවේ කාර්ගිල්ස් සමාගමට සිය පියාගේ මොටර් රථයේ නැගුන ප්‍රභා පෙරේරා සහෝදරියන් දෙදෙනා සමගින් පැමිනෙන්නේ ගුවන් විදුලි යන්ත්‍රයක් මිලදීගන්නටයි. එ් කාලේ ගුවන් විදුලි යන්ත්‍රයක් නැත්නම් රේඩියෝවක් ළඟ තබාගන්නට සල්ලිභාගේ එහෙම යහමින් තිබුනු පවුල් වලට පමණයි හිමිවෙලා තිබුනේ. ගෙදරට රේඩියෝවක් ගන්නටත් පෙර කාලෙක පාසලේදි ප්‍රභාට රේඩියෝවට සවන්දෙන්නට හැකිවෙලා තිබුණා. හොස්ටල් එකේ ළමයි සිරි අයියාගේ (යු. එස්. පෙරේරා.) ළමා පිටියට ...
මිහිරැති විසකුරු ඵලය Kolompure වින්දෙමි එහි රසය මිහිරැති ඇපල් ගෙඩියක පිරිමදිමින් නුඹේ නැඹ කියන්නට එපා පිරි ඇතැයි කුස බැරිය නවතන්නට රාහුලයෙකුට මගේ ගමනතහනම් ගසක හටගත් ඵලය
පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක් Kolompure සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට දිස්වන ගාළු කොටුපවුරත් සුවිශාල රූමස්සල කදුවැටියත් අමුතුම හැඟුමක් සිතට හටගන්වන්නට වුනි. ජීවිතයේ නවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ටිකෙන් ටික දියඹට ඇදෙන මා සිටි කුඩා නෞකාව පාවෙන පොල්ලෙල්ලක් සේ හතර අතට පැද්දෙන්නට පටන් ගත්තාය. මාගේ පළමු රස්සාව සයුරට වැටුනු පොල් ලෙල්ලක් සේ හතර අතට ...