මන්ත්රීවරුනි, සිංගප්පූරු වැටුප් ගන්න පෙර රට සිංගප්පූරුවක් කරන්න Lanka Journalist ලසන්ත රුහුණගේපසුගිය රාජපක්ෂ පාලන සමය තුළ ලබාගත් ණය නිසා රට ආර්ථික අර්බුදයක පැටලී සිටින බව වත්මන් යහපාලන ආණ්ඩුව පසුගිය කාලය පුරාම කියමින් සිටියි. මෙම අධික ණයෙහි වාරික ගෙවා ගැනීම සඳහාවත් රටේ ආදායම ප්‍රමාණවත් නොවීම නිසා බදු අනුපාතයන් වැඩි කරන්නට සිදුවී ඇති බවද, රට ගොඩ ගැනීම සඳහා එවැනි වැඩි බදු අනුපාතයක් ගෙවමින් සිය පටි තද කරගන්නා ලෙස ද මහජනයාගෙන් ආණ්ඩුව ඉල්ලීම් ...
1962 හමුදා කුමන්ත්‍රණය හා එහි ප්‍රධාන හවුල්කරුවෝ Lanka Journalist ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සමාජ ව්යqහය දැඩි තර්ජනයකට මුහුණ පෑ අවස්ථාවක් වශයෙන් 1962 අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණය හැඳින්විය හැක. 1959 බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පැමිණි 1960 ජූලි මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් ලෝකයේ ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ පාලන බලය පෙරලා දැමීම කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණ විය. කුමන්ත්‍රණ නායකයන් සියලු දෙනාම සිංහල ක්‍රිස්තු භක්තිකයන්, හින්දු ...
ජනතා මුදලින් සැප වාහන ගෙන්වා බදු වංචා කළ මන්ත්‍රී නම් ලයිස්තුව..... Lanka Journalist අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වාදෙයි.එම ලේඛණයේ එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හා මහින්ද පිලේ, මුස්ලිම්කොන්ග්රසයේ සහ දේමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිටිති.මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන ...
හිට්ලර්ගේ අසල්වැසියා Lanka Journalist එඩ්ගාර් මුල් වරට හිට්ලර් දකින විට ඔහු අවුරුදු පහක කුඩා දරුවෙකි . එය 1929 වර්ෂයයි . එඩ්ගාර් මියුනික් හි පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් එබී බලන විට ඔහු දැක ඇත්තේ හිට්ලර් මෝටර් රථයකින් බසින අන්දමයි . හිට්ලර් ද මෙම දරුවා දැක තිබුණු අතර ඔහු දරුවා දෙස එක එල්ලේ බලා සිටිනු දුටු එඩ්ගාර් රැක බලා ගත් රෝසී තදින් ජනේලය වසා දමා දරුවා ...
සිනහව සාක්කුවේ දමාගෙන යන මිනිසුන් ගැන කතා කරන ඉරාන කාටූන් කලාව Lanka Journalist රුවන් තර්ස්වින්ඈත අතීතයේ සිටම කලාත්මක බුමුතුරුණු පලස්, කැටයම් කලාවන්, විසිතුරු පිඟන් භාණ්ඩ, කිරිගරුඬ නිර්මාණ, කලාත්මක ගෘහ නිර්මාණ ආදියෙන් ප්රමුඛ ස්ථානයක් ලබාගත් "පර්සියාව" අද හැඳින්වෙන්නේ "ඉරානය" යන නමිනි. චීනයේ සිට බිහිවූ පෙරදිග සිට අපරදිගට දිගු ගමනක් ගිය සේද මාවත වැටී තිබුණේ මේ පර්සියාව හරහා ය. සේද මාවතේ ගිය වෙළෙන්දෝ පර්සියාවේ කලාත්මක භාණ්ඩ තම රටවලට ගෙන ගියහ. අතීතයේ සිටම කලාත්මක නිර්මාණවලට උරුමකම් ...
පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රථම කාන්තාව Lanka Journalist ඩොනෝමෝර් කොමිසම මගින් නිර්දේශ කළ 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ රත්නපුරය දිස්ත්‍රික්කයට හිමිව තිබුණේ අංක( 46 - රත්නපුරය සහ අංක( 50 - බලංගොඩ යන ඡන්ද කොට්ඨාශ දෙක පමණි. ඉන් පසු සෝල්බරි කොමිෂන් සභාව මගින් යෝජනා කළ ආසන 89 න් සමන්විත වු ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පිsහිටුවීමේදී රත්නපුර දිස්ත්‍රික්කයට අංක( 86 - කිරිඇල්ල ජන්ද කොට්ඨාශය පිහිටුවනු ලැබීය. 1947 දී පැවැත් ...
රටවල් බෙදීම මාක්ස්වාදය නොවේ Lanka Journalist ජාතික සහ ජනවාර්ගික ප්රශ්නයේ අවසාන විසඳුම පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමත් සමග කෙළින්ම බැඳී ඇති බව තම විප්ලවීය දෘෂ්ටිකෝණය තුළින් මාක්ස් සහ එංගල්ස් දුටුහ. මේ අහෝසියෙන් තොරව ප්‍රශ්නයට විසඳුම, එනම් ජාතීන් අතර පූර්ණ සමානාත්මතාවය බිහි කිරීම කළ නොහැක. 1847 දී පවා මාක්ස් මෙසේ පැවැසීය. "සැබෑ ලෙසින්ම සමගි වීමට නම් ජනතාවට පොදු අරමුණු පැවැතිය යුතුය. ඔවුන්ගේ අරමුණු පොදු තත්ත්වයට පත්වීමට නම් ...
නිදහස දියවීම - වික්ටර් අයිවන් Lanka Journalist ලන්කාව නිදහසේ 73 වන සන්වත්සරය සමරන මෙම අවස්තාව වන විට තිබෙන්නේ මීට පෙර කොයි කවර කාලෙකදී වත් නොසිටි අවලස්සන කාලකන්නි තත්වයකය.බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට අප සිටියේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය.ඉන් දසක හතකට තරමක වැඩි කාලයක් ගත්වීමෙන් පසු දැන් ලකාව තිබෙන්නෙ මහා අගාදයක පතුලටන වැටුන තැනකය.අනුරාදපුර පොලොන්නරුව යුගයේදී ලන්කාව කිසියම් විශාල ප්‍රමානයක ශිෂ්ටාචාරයක් හිමි කරගෙන සිටියේය.ලන්කාවට පැමිනෙන අමුත්තෙකු වියලි කලාපය ...
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව අභාවප්‍රාප්ත වේ Lanka Journalist ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී ඇත.1944 මැයි 12 වැනිදා උපත ලැබූ සුනිල් මාධව මියදෙනවිට 78 වියෙහි පසුවිය.සුනිල් මාධව ප්‍රේමතිලක සිය පුවත්පත් කලාව ආරම්භ කලේ ලේක්හවුස් ආයතනයෙනි.සුනිල් මාධව පසු කලෙක “සිළුමිණ“ සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව ලංකාව පුරා ජනප්‍රිය විය. මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්. ආර්. සමරකෝන්, ඔගස්ටස් විනායගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, ...
ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනතාවට කිව යුතුව තිබුණේ මෙපමණකි. - අශෝක හදගම Lanka Journalist අර්බුධ අවස්ථාවක රාජ්‍ය නායකයෙකු ජාතිය අමතන විට, ජනතාවක් අපේක්ෂා කරනුයේ අර්බුධයට මුහුණ දීම සඳහා රජයේ උපායමාර්ග මොනවාද, ඒ වැඩපිළිවෙල සඳහා රජය ජනතාවගෙන් අපේක්ෂාකරන්නේ කවර සහයෝගයක් ද යන්නය. ඊට වඩා දෙයක් කීමේ තේරුමක් නොමැත. ඒ අනුව ඊයේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ ජනතාවට කිව යුතුව තිබුණේ මෙපමණකි. ( අවශ්‍යනම් ජනතාවගෙන් ( ද තිස්තුන්කොටියක් දෙවිදේවතාවුන් ගෙන් ද ) කෙටියෙන් අවසර ගෙන ) “කොරෝනා ...
ජනපතිතුමණී ඔබේ කතාව ගැන මට හිතෙන දේ..... ජනපතිට මෙත් සිතෙන් ලියමි..... Lanka Journalist ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන ඔබ ඊයේ ජාතිය අමතා කතාවක් කළේ ය.එය ඔබ පෙර කරන ලද කතාවලට වඩා තාක්ෂණීක වශයෙන් හා කාල කළමනාකරණය අතින් උසස් බව කිව යුතුය.සැබැවින්ම එය වටිනා දේයකි.එහෙත් කතාවක වඩාම වැදගත්වන්නේ එහි අර්ථයයි.එලෙසම එහි කරැණූවල නිරවද්‍යතාව හා ගැඹුර ද කතාවක වටිනාකම වැඩි කරයි.එකි අර්ථයන් සසඳා බලන කල ඔබගේ පෙර කතාවල සේම මෙය ද අර්ථ ශුන්‍ය යැයි මට සිතේ.මේ ...
ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය) Lanka Journalist ‘මැතිනිට රට බාර දෙන්නකොබ්බෑකඩුවට ඡන්දෙ දෙන්න’මේ 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන් පාඨයය. ජේ. ආර්.ගේ ආණ්ඩුව එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිසා ඇයගේ ඥාති කොබ්බෑකඩුවව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරනු ලැබීය. කොබ්බෑකඩුව දින්න විගස මැතිනියට යළි ප්‍රජා අයිතිය ලබාදී මහ ඡන්දයකට ගොස් විධායක බලය සහිත ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව වෙනස් කොට 1972 ...
අධිකරණයට සිදුවී තිබෙන්නේ කුමක්ද? - වික්ටර් අයිවන් Lanka Journalist පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව අදිකරනය ලබාදී තිබෙන ද ඩුවම හා එම දඩුවමට ආවේනික විශාලත්වය රන්ජන් කෙරහි විශාල මහජන අනුකම්පාවක් සේම අදිකරනය කෙරෙහි විශාල මහජන විරෝදයක් ද ඇති කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්න්ට තිබේ.කිසියම් දීර්ග කාලයක් තිස්සේ අදිකරනයේ සමහර කටයුතු සිදුවෙමින් තිබෙන විකාර රූපි සොබාවයද ඇතිවී තිබෙන මහජන විරෝදය කෙරෙහි බලපා තිබෙන තවත්වැදගත්සාදකයක් බව පෙනේ. අත්‍යාවශ්‍ය ප්‍රතිසන්ස්කරන දිගින් ...
පිදුරංගල: "වෛරය නිරුවතට වඩා අපරාධයක්. සමාව දීමට සූදානම්." Lanka Journalist පිදුරංගල වෙත පැමිණ සිටි තරුණියන් පිරිසක් සුනෙත් පෙරේරාBBC සිංහල - පිදුරංගල පෞරාණික පූජා භූමියට පැමිණ අඩනිරුවතින් ඡායාරූප ගත් තරුණයන්ට බුද්ධ පුත්‍රයකු වශයෙන් සමාව දීමට තමන් වහන්සේ සූදානම් බව පිදුරංගල සීගිරි රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය දානියගම ආනන්ද හිමියෝ පවසති.පිදුරංගල පර්වත ශීර්ෂයේ සිට සීගිරි පර්වතය දෙසට මුහුණ ලා තට්ටම් ප්‍රදර්ශනය වන අයුරින් ගත් ඡායාරූප සමාජ ජාල තුළ පළ කළ බවට සැක කෙරෙන ...
බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ ආර්ථික ව්‍යුහය Lanka Journalist "එක් ස්වදේශික මහත්මයෙක් නිෂ්ක්‍රීයභාවය පිළිබඳ පැරණි නිර්වාණයක් බුලත් මඩිස්සලයක් ඉවත දමා ඉතා මැනව'යි අනුමත කරන ලද මොඩලයේ එන්ජිමක් හා අන් සියලු උපකරණ සහිත විශාල කෝපි ඉස්ටෝරුවක් කොළඹ නගරය තුළ පටන්ගෙන අනුකරණයට ඉතාමත් උචිත වෙළෙඳ ව්‍යාපාරයක් පිළිබඳව ආදර්ශයක් එමඟින් සියරට වැසියන්ට සපයයි." (කුමාරී ජයවර්ධන - සොක්කන් ලොක්කන් වූ වගයි)යුරෝපයේ සිදු වූ විවිධ හැලහැප්පීම්හි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපීය ජාතීන් ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු ...
මුල් - ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් - "MUL" - Sir Ponnambalam Ramanathan - பொணம்பலம் ராமநாதந் Lanka Journalist
නීතිඥ සංගම් නිලවරණය ගැන පසුකථනයක් - අථිල අතාවුද Lanka Journalist අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරඟ කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉන් ජයග්‍රහණය කරන ලද බව මොහොතකට පෙර දැනගතිමි. සියල්ලට පෙර එතුමන්ට උණුසුම් සුබපැතුම්!මෙම නිලවරණයේදී තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනා අතරින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳව යම් අවබෝධයක් මට තිබුණි. මානව හිමිකම් ක්ෂේත්රය පිළිබඳ නොසිඳෙන ලැදියාවකින් සිටින මා හට එතුමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කලක පටන් තිබුණේ ප්‍රසාදයකි.ජනාධිපති ...