ස්ප්ලිට් බස්, රැග්ටොප්, ට්‍රෙකර් සහ වෙනත් සත්තු (World Volkswagen Day 2017) කාර් පිස්සුව දෙහිවල ඉවර වෙන්න කිට්ටු වෙද්දී විලියම් එක පේන මානෙන් වමට දාලා Marine Drive එකට දානවා කියන එක හරියට අපායේ ලෝදිය බාත් ටබ් එක පේන මානෙන් වමට දාලා දිව්‍ය ලෝකෙට හරවනවා වගේ අත්දැකීමක්.... මට මතක ඇති කාලෙක ඉඳන් වැල්ලවත්තේ ඉඳන් දෙහිවල හන්දිය පහුවෙනකල් ගාලු පාර - හරියටම කියනවා නං විලියම් හන්දියයි දෙහිවල හන්දියයි අතර පාර - ට්‍රැෆික් පිරුණු, වළවල් පිරුණු, ත්‍රීවීලර් ...
'මගේ එක දෙන්නෙත් නෑ, වෙන එකක් ගන්න දෙන්නෙත් නෑ' (කාර් කෙරුවාව බූරුවෙකුගේ ඇසින්) කාර් පිස්සුව මම බූරුවෙක්. හැබැයි මම නිකම්ම නිකං බූරුවෙක් නෙමෙයි. හරි සොෆිස්ටිකේටඩ් බූරුවෙක්. හැබැයි සාම්ප්‍රදායික බූරුවෙක් කියලා නම් හිතන්න එපා. සැරින් සැරේට මට හෙන ක්‍රියේටිව් අයිඩියාස් එනවා. ඒ වගේම මට නිකං ඉන්නත් බෑ. අනුන්ගේ දේවල් වලට හොම්බ දාන්න මම හෙන ආසයි. ඒ නිසා මම අනිත් එවුන් කාර් ගන්න බලන්න යද්දී එල්ලිලා යනවා. ඊට පස්සේ කාර් එක බලලා එන්ජිම අමුතු සද්දෙයි, යට ටින්කරින් ...
බසවක්කුලමේ වැව් බැම්ම සිහිකර ලියමි... කාර් පිස්සුව බසවක්කුලම ඉන්නේ දුකෙන්...අනුරාධපුරේ ජන කෞතුකාගාරයෙන් එළියට ඇවිත් 9 ශ්‍රී 5333 ත් එක්ක හෙමින් හෙමින් බසවක්කුලම පැත්තට ඇදෙද්දී ඒ පුංචි වැව ගැන මගේ හිතේ ඇඳිලා තිබුණු චිත්ත රූප එක එක බිඳිලා යන්න පටන් ගත්තා.අනුරාධපුර සංචාරය යන්නත් කලින් අපි හීන දැකපු දෙයක් තමයි බසවක්කුලමේ වැව් බැම්ම පාරේ බීට්ල් එක අරන් යන එක. මොකද බීට්ල් එකක් කියන්නේ සුන්දර පරිසරයක් මැදින් වැටුණු පාරක් තවත් ...
ඔස්ටින් 'කළු' ආනන්ද වන මම... කාර් පිස්සුව බල්ලෙක් වුණාම තියන ලොකුම වාසිය තමයි 'අවුරුද්දට කලින්', 'වෙසක් එකට කලින්', 'පොසොන් එකට කලින්', 'ඡන්දෙට කලින්', 'කෙල්ල පැනලා යන්න කලින්', 'කොල්ලා හිරේ යන්න කලින්' වගේ දේවල් කියන්න අවශ්‍ය නැති එක...මේක මට පහළ වුණු එක්තරා විදිහක ගැඹුරු සිතිවිල්ලක්...මේ දවස් වල හැම එකාම ආනන්ද අයියගෙන් අහන්නේ'කාර් එක අවුරුද්දට කලින් ගන්න පුළුවන් වෙයි නේද?' කියලා.ආනන්ද අයියා හැමෝටම කියන්නේ'අවුරුද්දට කලින් නම් ගන්න බැරි වෙයි' ...
'බොනට් අරින් ඩෝන් පුතා' කාර් පිස්සුව සාමාන්‍යයෙන් අපි කාර් එකක් හොයන්න ගන්නකොට අපේ හිතවත්තු/නෑදෑයෝ/ඔෆිස් එකේ උන්/බස් හෝල්ට් එකේදී අපිව බලෙන් කතාවට ඇදගන්න උන්/වෙන්ඩ තරහකාරයෝ/සංසාරයේ කොතැනක හරි අපෙන් සූදුරු ඇටේක විතර වැරැද්දක් වෙලා ආත්මයක් ආත්මයක් ගානේ අපට ගේම දෙන්ඩ පතාගෙන ආපු එවුන් ඇතුළු හැම දෙනාම වගේ කියන දෙයක් තියනවා."අන්න අර අහවල් පැත්තේ ඔය ජාතියේ කාර් එකක් ගියා මෙන්න මේ ගානට... අපරාදේ... දැනගත්තා නම් කලින් කියනවා... කොහෙද ඉතිං...අපට ...
තායිලන්තය කාර් පිස්සුවෙන් දකින්න.... කාර් පිස්සුව ස්වර්ණභූමි එයාපෝට් එකේ ආගමන වැඩ ටික ඉවර කරලා පල්ලෙහාට බැහැලා ටැක්සි චිට් මැෂින් එකෙන් චිට් එකක් අරං ඒකට අදාළ ටැක්සිය හොයාගන්න එක එක්තරා විදිහක සුන්දර අත්දැකීමක්. ඒ ටැක්සි කාර් වල විශේෂ දෙයක් නැහැ. සීයට අනූවක් තියෙන්නේ කොළ පාටයි කහපාටයි හරි රෝස පාටයි හරි ගාපු අලුත් ටොයෝටා කොරොල්ලා. ඒ නිසා එතන 'අම්මට සිරි' මූමන්ට් එකක් නැහැ. නමුත් හයිවේ එක දිගේ බැංකොක් ...
ඉබ්බෙක් ලෝකය තනි යායක් කරපු කතාව පින්තූරත් එක්ක කාර් පිස්සුව එක්දාස් නමසිය තිස් ගණන් වලදී ජර්මන් ඒකාධිපතියෙකුගේ ශෘංගාර සිහිනයක් වෙච්චි කාර් එකක් දශක කීපයක් ඇතුළත අර 'පොළොව බෙදූ තාප්ප හා කටුකම්බි අතුරුදන් කරන' හඳ එළිය කදම්බයක් වගේ ලෝකය තනි යායක් කරයි කියලා කවුද හිතුවේ! ඒත් එහෙම වුණා බ්‍රෝ! මීට අවුරුදු හයකට කලින් මම ෆොක්ස්වැගන් එකක් ගත්තේ බීට්ල් සංස්කෘතියක් ගැන මෙලෝ සංසාරෙක අවබෝධයක් නැතුව. ඒත් මේ පුංචි ඉබ්බාට හරිම ආනන්දනීය ඉතිහාසයකුයි ...
ජර්මනියට පෙම් කරලා කහ කිරිල්ලිව කරකාර බැන්ද ප්‍රේමතිලක මහත්තයා කාර් පිස්සුව මේක ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන චරිතාපදානයක් වත් උපහාර ලිපියක් වත් නෙමෙයි. කොටින්ම මේක ප්‍රේමතිලක බාසුන්නැහේගේ කතාව නෙමෙයි. මේක ප්‍රේමතිලක බාසුන්නැහේ ගැන මගේ කතාව. මම ප්‍රේමතිලක බාසුන්නැහේට එදා ඉඳන්ම කතාකරන්නේ ප්‍රේමතිලක මහත්තයා කියලා. උන්නැහේට මාව එච්චර මීටර් කියලා මම හිතන්නේ නෑ. එයාගේ දැවැන්ත ෆොක්ස්වැගන් විශ්වයට කඩා පාත්වෙන උල්කාපාත කෑලි අතරේ මාත් තවත් එක නොදැවුණු පාෂාණයක් විතරයි. හැබැයි මොකක් හරි හේතුවක් නිසා මම ...
ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්... කාර් පිස්සුව සාමාන්‍යයෙන් ලංකාවේ බහුලවම හම්බෙන ක්ලැසික් කාර් වර්ග දෙක තමයි ෆොක්ස්වැගන් සහ මොරිස් මයිනර්. ගොඩක් අය තමන්ගේ පළවෙනි ක්ලැසික් කාර් එක විදිහට තෝරාගන්නේ මේ දෙකෙන් එකක්.ක්ලැසික් කාර් එකක් එළවන එක ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අලුත් වාහනවලට අත හුරුවෙලා නම් මේක කොහොමත් අමාරුයි.ෆොක්ස්වැගන් වල එන්ජිම තියෙන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ rear engine, rear wheel drive ක්‍රමයට. නමුත් මොරිස් මයිනර් ඇතුළුව ගොඩක් වාහනවල එන්ජිම ...
දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ... කාර් පිස්සුව 1989 ත් 1991 ත් අතර කාලේ මගේ ජීවිත කතාව උඩ කරුණාවන්ත මොරිස් මයිනරේක හෙවනැල්ලක් වැටිලා තියනවා. තාමත් සමහර වෙලාවට, ජීවිතේ කරදර කලබල උඩට රතුපාට අවු රැල්ලක් වැටෙන හැන්දෑවක, ජනේලේ ග්‍රිල් අතරින් මගේ මොරිස් මයිනරේ පේනකොට මට ඒ වචනෙට නගන්න බැරි අතීතය මතක් වෙනවා.1989 කියන්නේ මගේ අම්මා මාව මොන්ටිසෝරි එක්කන් ගිය කාලේ. ඒ කාලේ අඟුලාන සහ පානදුර අතර රේල් පාර මට ...
හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි! කාර් පිස්සුව බීට්ල් එක නවත්තලා බහිද්දී ඉස්සරලාම ඇහුණේ වේලිච්චි කොළ සරසර ගාලා කකුලට පොඩිවෙන සද්දේ. ඒ කියන්නේ කවුරුවත් දැන් මේ ගෙදර මිදුල අතුගන්න කරදර වෙන්නේ නෑ කියන එකයි. මේ අපේ ලොකු තාත්තලාගේ මහගෙදර. ඒ ගෙදර දශක ගාණකින් අලුත්වැඩියා කරලා නැහැ. ආයේ කවදාවත් අලුත්වැඩියා කරන එකකුත් නැහැ.අපේ තාත්තලා මම ඉතාම පුංචි කාලේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ පදිංචියට ආපු නිසා මමත් අක්කර දරුවෙක් නොවී පර්චස් ...
Untitled Post කාර් පිස්සුව 2016 The Pride of Ownership Drive එක ගැන විස්තර Daily News (22.04.2016) සහ Daily FT (20.04.2016) පත්තරවල පළවෙලා තිබුණා. රටේ කාර් සංස්කෘතිය ගැන උනන්දු අයට දැනගන්න ඒ ලිපි මෙතනට උපුටා ගන්නවා.
මස්ටෑං හදන ෂෙල්බි අයියලෑ ගෙවල් මෙහෙද? ('ඒත් මොකෝ? මස්ටෑං නේ' ලිපියේ දෙවෙනි කොටස) කාර් පිස්සුව මස්ටෑං එක ජනප්‍රිය වෙන්න හේතු කියද්දී බොහොමයක් වාර්තා වැඩසටහන්වල නිතර ඇහෙන එක කතාවක් තියනවා. ඒ තමයි මස්ටෑං එක කෙනෙකුට 'පොරක් වෙන්න ෂෝට් කට් එකක් වුණා' කියන එක. මස්ටෑං එක බොහොම නාහෙට නාහන ලුක් එකක් තියන කාර් එකක් බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඒක සාපේක්ෂව බොහොම අඩු මිලකට ගන්න පුළුවන් වුණා කියන එකත් අපි මේ ලිපියේ මුල් කොටසින් කතා කළා.කොහොම ...
මින්ක්ස් එක රනිං වුණාට මීයා මළේ අනූපහේ කාර් පිස්සුව හිල්මන් ගැන ආපහු මතක් වුණේ අපේ ඉන්දික සිරිමාන්න හෙවත් මරිසිපාලයා නිසා...ඉන්දික කියන්නේ කාර් පිස්සුව බ්ලොග් එක පටන්ගන්න කලින් විතරක් නෙමෙයි, මට කාර් පිස්සුව තදට හැදෙන්නත් කලින් ඉඳන් මට උදවු පදවු කරපු හොඳ යාළුවෙක්. මට මතක හැටියට කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක මුලින්ම ලයික් කරපු හතර පස් දෙනාගෙන් එකෙක් තමා ඌ. දවසක් උදේ ඌ මට කාර් එකක ෆොටෝ එකක් ඉන්බොක්ස් කරලා ...
ඒත් මොකෝ? මස්ටෑං නේ... කාර් පිස්සුව මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්... මස්ටෑං එක ගැන ලියන ලිපියක් මාලදිවයින කියන වචනයෙන් පටන් ගැනීම හරියට භාවනාව ගැන ලිපියක් සනී ලියොන් කියන එකෙන් පටන් ගන්නවා වගේ වැඩක්. ඒ වුණාට කමක් නැහැ. ඇත්තම සිද්ධියක් මේ කියන්නේ. මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්... මාලදිවයිනේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක් වෙන චාමර දික්මාදුගොඩ වැඩ ඉවර වෙලා පාර දිගේ ඇවිදගෙන එනවා. චාමර කියන්නෙත් හොඳ කාර් පිස්සෙක්. ...
කෝටිනා, කොරෝනා සහ කෝක් තමා ඕනා කාර් පිස්සුව මට මතක හැටියට පහුගිය උඳුවප් මහේ... නැතිනම් ඊට කලින් පොසොන් මහේ... මට හරියටම මතක නැහැ... අනික් අතට මාසේ මොකක්ද කියන එකෙන් කාටවත් ඇති වැඩකුත් නැහැ... මොකක් හරි නමක් තියන මාසෙක ගාලු මුවදොර පිට්ටනියේ කරදිය හුළඟ වැදෙන මානෙක මගේ බීට්ල් එකේ විසිල් එක අහමින් සහ තවත් බීට්ල් ගොඩක ලස්සන දෑහින් රහ බලමින් යන අතරවාරෙක තමයි මගේ ආතල් කුඩුකරමින් පාරේ වම් පැත්තෙන් ...
දයාබර සඳු... ලාන්සරේ දුන්නා... කාර් පිස්සුව 2016.08.05දයාබර සඳු...ලාන්සරේ දෙන්න වුණා...අද ඊයේ නෙවෙයි. දැන් ටිකක් කල්. ඒත් හැරිලා බලද්දී හිතාගන්න බැහැ මම ඒක දෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා.අපේ සම්බන්ධෙ කැඩිලා ගිහින් මේ අවුරුද්දට අවුරුදු 8 ක්. අපි යාළුවෙලා හිටියා අවුරුදු 8 ක්. එතකොට අපේ කතාවට අවුරුදු 16 යි. ඒ කියන්නේ අපේ ජීවිතවලින් හරියටම භාගයයි.අපි ඔය ලාන්සරේ ලංකාව වටේ ගියේ නැති එක ඇත්ත. ඒත් ඔයයි මමයි ඕකෙ කී ...
පන්දාස් තුන්සිය තිස් තුනට මොකද වුණේ? කාර් පිස්සුව පස්යාලේ ෂෙඩ් එකේ ඉඳලා වාහනේ පාරට ගත්තම තමයි ඇත්තටම තේරුණේ, කොරෝනාව ලෝකේ කොච්චර දුරකට වෙනස් කරලද කියන එක! දවස දෙදාස් විස්සේ නොවැම්බර් විසි තුන. වෙනදට මාරි පැකට් එකේ මාරි ඇහිරුවා වගේ හොම්බට පු* වාහන පැක් වෙන නුවර පාර එදා ඇඳිරි නීතිය දාන්න කලින් දවසේ රෑ කීල්ස් එකේ රාක්කයක් වගේ හිස්. බස් හෝල්ට් වල, අනාගතේ අඳුරින් සරුවාංගේ වැහිලා ගිය, කෙට්ටු ...
9 ශ්‍රී බීට්ල් එකේ එන්ජිම හදපු හැටි කාර් පිස්සුව මගේ 9 ශ්‍රී බීට්ල් ප්‍රොජෙක්ට් එකේ බොඩි වර්ක් පින්තූර ටිකක් මම කලින් පෝස්ට් එකේ දැම්මා. එන්ජිම ගැනත් කට්ටිය ටිකක් උනන්දු වෙන බවක් පෙනුණු නිසා දැන් එන්ජිමේ ෆොටෝ ටිකකුත් දාන්න හිතුවා.ආයෙත් කියනවා. මේක standard single manifold single carb 1600 එන්ජිමක්. අනික තමයි මේකේ තියෙන්නේ ජපන් ඕල්ටනේටරයක්. ඒක ළඟදීම ඔරිජිනල් එකකට මාරු වේවි. ඒ වගේම මම දැනට මෂ්රූම් එයා ෆිල්ටර් එකක් තියලා ...
Untitled Post කාර් පිස්සුව අතීතය සිහිනයක් පමණයි පෙට්‍රල් සුවඳක් නෑ... කාර් පිස්සෙක් හැටියට මම අත්විඳින සුන්දරම අත්දැකීමක් තමයි මගේ වාහනේ ළඟට ඇවිත් වයසක අංකල්ලා තමන් අතීතයේ පැදපු වාහන ගැන ආසාවෙන් (සහ දුකෙන්) සිහිපත් කරන එක. ඔබ ඇත්තම ක්ලැසික් කාර් පිස්සෙක් නම් සහ ඔබ ඔබේ වාහනේ නිතර එළියට අරන් යනවා නම්, මේක නිතරම අත්දකින්නට පුළුවන්. මම මගේ ප්‍රධාන වාහනේ හැටියට පාවිච්චි කරන්නේ 1973 ෆොක්ස්වැගන් එකක්. ...