මීයො කාපු සිවික් සහ ඩබල් ට්‍රාන්සර් ලාන්සර් කාර් පිස්සුව වීල් එකේ ආපහු එනගමන් මම කල්පනා කළේ මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...වීල් එක එලෝන එකා තොරතෝංචියක් නැතුව කියවනවා. කාර් ගැන කියනවා, ත්‍රීවීල් ගැන කියනවා, ටෙලිෆෝන් ගැන කියනවා, නාගස් හන්දිය ගැන කියනවා, ආණ්ඩුව ගැන කියනවා, ලෝකේ නරක කියනවා. උගේ හොඳ කියනවා.මම ගොනා සේ අහං ඉන්නවා. ඊට පස්සේ බස්සා සේ හූම් හූම් ගානවා.කළුතර පැත්තේ හොන්ඩා සිවික් එකක් විකුණන්න තියනවා කියලා පත්තරේ ...
ගරාජ් වල තිබී දුක්ඛ සත්‍යය හමුවීම... කාර් පිස්සුව ජීවිතේ අපි හීනෙන්වත් නොහිතන මිනිස්සු සහ දේවල් පැණි කුරුල්ලෙක් තටු ගහන වේගෙන් අපේ ජීවිත වල ලේ නහර බවට පත්වෙන හැටි පුදුමාකාරයි. කාර් පිස්සෝ වෙන අපිට මේ වගේ බහුබූත දේවල් සඳහා වෙනම විශ්වයක් තියනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දවස පටන්ගන්න කොට මොරිස් ඔක්ස්ෆර්ඩ් ගැන ගූගල් ඉමේජස් බලන්න ගන්න අපි හවස ගිහිල්ලා හම්බර් හෝක් එකක් ෆ්ලැට් බෙඩ් එකක දාගෙන ඇවිත් ඉතුරු කරගත්ත හැම ...
පාහියංගල යන පාරේ හැලුණු යකඩ කඳුළු බිංදුව... කාර් පිස්සුව මේ පෝස්ට් එක වෙනදා වගේ උපදෙස් දෙන පෝස්ට් එකක් නෙමෙයි. මේක ක්ලැසික් කාර් ලෝකයේ ටිකක් සංවේදී සටහනක්. මම ටිකක් කාර්ය බහුල කෙනෙක් නිසා මට එකපාර කිලෝමීටර විස්සකට වඩා දුර එළවන්න හම්බවෙන්නේ කලාතුරකින්. මාස කීපයකට උඩදී මට පුංචි විවේකයක් ඇවිල්ලා ගෙදර කට්ටිය සහ මිතුරියක් එක්ක පාහියංගල ගියා. ඒ ගමනේ අතර මගදී ගත්තු පින්තූරයක් තමයි මේ උඩින් තියෙන්නේ. මේක ෆේස්බුක් එකේ ක්ලැසික් ...
EN මයිනර් එක චීස් ග්‍රේටර් කරපු විදිහ කාර් පිස්සුව මොරිස් මයිනර් එකේ ග්‍රිල් වර්ග දෙකක් ආපු බව සමහරවිට ඔයාලා දන්නවා ඇති. මේ අතරින් පළවෙනි එක තමයි Series 1 සහ 2 වල ආපු කොටු තියන ග්‍රිල් එක. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ Cheese Grater Grill එක කියලා. මේක මුලින් ක්‍රෝම් කරපු ග්‍රිල් එකක් විදිහටත්, පස්සේ පේන්ට් කරපු ග්‍රිල් එකක් විදිහටත් ආවා. ක්‍රෝම් ග්‍රිල් එක පේන්ට් කරපු ග්‍රිල් එක 1954 දී මේක වෙනුවට ...
මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක කාර් පිස්සුව ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. ...
Untitled Post කාර් පිස්සුව ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් 10 කරන්න එපා.... මම නිතර පරණ වාහන එළවන කෙනෙක් නිසා ඇත්තටම ක්ලැසික් කාර් ගැන උනන්දු අය මගෙන් නිතර අහන දෙයක් තමයි ඉස්සරලාම පරණ වාහනයක් ගත්තම කරන්න ඕනේ මොනවාද කියන එක. මම මොන උපදෙස දුන්නත් සාමාන්‍යයෙන් වෙන්නේ එයාලා ඒවා බල්ලට දාලා වාහනේ පාරට දාන එකයි. ඒ නිසා මම කරන්න ඕනේ මොනවාද කියන එක වෙනුවට නොකර ...
Untitled Post කාර් පිස්සුව 'Operation Lancer 1980' ලාන්සර් බොක්ස් ගැන මගේ පහුගිය පෝස්ට් එක දැකපු යාලුවෙක් මට කිව්වා ලාන්සර් එකේ restoration project එකේ ෆොටෝ දෙක තුනක් දාන්න කියලා. මේක පහුගිය පොස්ට් එකේම දිගුවක් නිසා වැඩිපුර ලියන්න යන්නේ නැහැ.මේක 1980 හදපු, 1983 ලංකාවට ගෙනාපු, 1400cc ලාන්සර් බොක්ස් එකක්. මේක තමයි මගේ පළවෙනි කාර් එක. බොහොම විශ්වාසනීය කාර් එකක්. මේ නිසා අදටත් ලාන්සර් බොක්ස් ගැන පුදුම ...
ලාන්සර් බොක්ස් එකක් ගන්නවා නම් මේ දේවල් 5 ගැන හිතන්න කාර් පිස්සුව ලාන්සර් බොක්ස් කියන්නේ ලංකාවේ සෑහෙන පිරිසක් තමන්ගේ පළවෙනි වාහනේ විදිහට ගන්න, සෑහෙන දෙනෙක් ආසා කරන වාහනයක්. ක්ලැසික් වලට ආසාව තියන, ඒත් පාට්ස් අඩුයි කියලා යුරෝපියන් වාහන ගන්න බය අයට හොඳ විකල්පයක් තමයි ලාන්සර් බොක්ස් එක. මේක ඉස්සර මැණික් මුදලාලිලා ගාව තිබුණු වාහනයක් බව අපේ රටේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසා රත්නපුරේ ලාන්සර් බොක්ස් ගොඩක් තියනවා කියන එක අපි ...
තායිලන්තයේ 'වෙළඳ ෆොක්ස්වැගන්' කාර් පිස්සුව තායිලන්තය කියන්නේ බොහොම සජීවී ෆොක්ස්වැගන් සංස්කෘතියක් තියන රටක්. එහෙ මිනිස්සු තමන්ගේ ෆොක්ස්වැගන් වලට හරිම ආදරෙයි. ඒ වගේම එයාලා තමන්ගේ වෙළඳාම් කටයුතු වලටත් ෆොක්ස්වැගන් කාර් සහ වෑන් බොහොම සක්‍රීය යොදාගන්නවා. ඒවා සාමාන්‍යයෙන් බොහොම ආකර්ෂණීය විදිහට පාට කරලා, සරසලා එහෙම තියෙන්නේ. මේ වෙළඳ ෆොක්ස්වැගන් වල පින්තූර ටිකක් පළකරන්න කියලා යාලුවෝ දෙතුන් දෙනෙක් මගෙන් ඉල්ලුවා. මේ පින්තූර ඔක්කොම මේ අවුරුද්දේ (2016) පෙබරවාරි ...
බැහැලා වැඩකරන්න බලාගෙන ෆොක්ස්වැගන් ලෝකෙට එන්න. කාර් පිස්සුව (මේකේ සඳහන් තොරතුරු මම අවුරුදු දෙක තුනකට කලින් කරපු අධ්‍යයනයක කොටසක්. බ්ලොග් එකට හරියන්න එඩිට් කළා). ෆොක්ස්වැගන් රථය සංකල්පයක් විදිහට බිහිවුණේ 1938 වසරේ ජර්මනියේදී. ෆොක්ස්වැගන් බීට්ල් රථ නිෂ්පාදනය අවසන් වූයේ 2003 දී මෙක්සිකෝවේ දී. එදා මෙදා තුර ෆොක්ස්වැගන් බීට්ල් රථ 21, 529, 464 ක් නිෂ්පාදනය වී තිබෙනවා. පෙනුමේ බරපතළ වෙනසක් සිදු නොවී එක් මෝටර් රථ මාදිලියක් වැඩිම සංඛ්‍යාවක් නිෂ්පාදනය ...