Mighty Mini Grand Prix 2017 කාර් පිස්සුව අන්තිමට මාත් මිනියකට දපනේ වැටුණා...!ඒක දිග කතාවක්... ඒක පස්සේ ලියන්නම්...මිනි එකක් අරන් සති දෙක තුනක් යන්නත් කලින් Mighty Mini Club එකෙන් පොඩි ආරාධනාවක් ආවා, Mighty Mini Grand Prix එක ගැන නෝටිස් එකක් කාර් පිස්සුවේ ෆේස්බුක් පේජ් එකේ දාන්න කියලා සහ ඉවෙන්ට් එක බලන්න එන්න කියලා. කලින් දාගත්තු වැඩ කීපයක් තිබ්බත් මේ චාන්ස් එක මගඅරින්න හිතුණේ නැහැ.බොහොමයක් මාරාන්තික කාර් පිස්සෝ වගේ ...
වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය සහ B157 මිනි සංචාරය කාර් පිස්සුව (මේ පෝස්ට් එකේ ප්‍රධාන මාතෘකා දෙකක් සාකච්ඡා වෙනවා. එකක් තමයි වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය. අනික තමයි මගේ අලුත් මිනි එක නිල වශයෙන් කාර් පිස්සුවෙ සංචාර වලට අත්පොත් තැබීම. මිනි එක ගැන විතරක් උනන්දු අය මුල සහ අග තියන, drive එක ගැන විස්තර විතරක් කියෙව්වට මගේ අහිතක් නැහැ)."බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පස් යොදුන් කෝරළයේ වරකාගොඩ ගමේ මෙම ...
ගුණේ අංකල් මගුල් ගෙදර ගිය හැටි කාර් පිස්සුව ගුණේ අංකල්ට කාර් පිස්සුව හැදුනේ පැන්ෂන් ගියාටත් පස්සේ. ඉස්සර ගුණේ අංකල් රස්සාව කරන කාලේ ඩ්‍රයිවර් එක්ක තමයි හැම තැනම ගියේ. ඒ කලේ ගුණේ අංකල් ඉඳහිටක නොකර බැරිකමට ඩ්‍රයිව් කළා ඇරෙන්න මහා ආසාවකින් වාහන පදින්න ගියේ නැහැ. ගුණේ අංකල්ගේ තියරිය උනේ වාහන තියෙන්නේ ගමන් කරන්න මිසක් ජොලි කරන්න නෙමෙයි කියන එකයි. පැන්ෂන් යන්න කලින් ගුණේ අංකල් පැන්ෂන් ජීවිතේ ගැන මාර සැලසුම් ...
කාර් පිස්සුව Soi 11 වුණු හැටි සහ පොත් හතරේ කතාව කාර් පිස්සුව පොත් ටික ගෙදරට ගෙනත් දීපු ලේක්හවුස් එකේ ලොරිය පිටත් වෙලා ගියාට පස්සේ පළවෙනි පොත් පැකට් එක කඩලා පොතක් අතට ගන්නකම් සිහියක් තිබ්බේ නැහැ. අතට අහුවුණේ අයිස් කැට වැටෙන කාලය. ඒකෙ පිටකවරයේ ලස්සන දැක්ක ගමන් අලුතින් හිටෝපු මල් පැළ පාත්තියක පළවෙනි මල දැක්කා වගේ සතුටක් හිතට ආවා. පොත දැකපු ගමන් අම්මා කිව්වේ "තාත්තත් හිටියා නම්..." කියලා... Soi 11 සමාගම ලියාපදිංචි කරලා, ...
Auto Arte Italiana 2017 කාර් පිස්සුව 9 ශ්‍රී 5333 එක්ක නිදහස් මාවත පැත්තෙන් ඇවිත් දකුණට දාලා රේස් කෝස් එක පැත්තට යන්න හරවද්දී මට මීට අවුරුදු 5 කට විතර කලින් ගංගාරාම පන්සල කිට්ටුවදී Fiat 127 2 door එකක් දැකපු දවස මතක් වුණා.ඒ දවස් වල මම මගේ පළවෙනි බීට්ල් එක වුණු 3 ශ්‍රී එක අරගෙන ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්න හැටි ගැන ප්‍රායෝගිකව ඉගෙනගනිමින් හිටියේ. එතකොට කොහොම හරි ...
Ceylon Motor Show 2017 - ගිහිං බලන්න කාර් පිස්සුව (Ceylon Motor Show 2017 මේ සති අන්තයේ, ඒ කියන්නේ සිකුරාදා හවස ඉඳන් ඉරිදා රෑ වෙනකල් BMICH එකේදී පැවැත්වෙනවා. මේ සටහන තියන්නේ ඒ වෙනුවෙන්.)BMICH එක කියන්නේ මගේ ජීවිතේ හීන අවුරුද්දකට පාරක් දෙපාරක් 'මේං බලහං, බොට නෑ, හූ හූ' කියලා ඇදලා පෙන්නලා ඊට පස්සේ අකුලගන්න හිතුවක්කාර ලාම්පු භූතයෙක් වගේ තැනක්.කාර් පිස්සුව හැදෙන්න කලින් මගේ ජීවිතේ වුණේ පොත්. මම විනෝදයට කරේ පොත් කියවන ...
Mitsubishi Silver Pigeon - කාලයේ හැංගුණු රිදී පරෙවියා කාර් පිස්සුව https://plaza.rakuten.co.jp/r1100rs/diary/201511130000/පරෙවියෝ කිව්වම මට හැම වෙලාවෙම මතකයට එන අපූරු දසුනක් තියනවා.2008 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසේ එක්තරා දවසක තායිලන්තයේ බැංකොක් නුවර චතුචක් පාක් එකේ මහා දවාලේ මම තට්ට තනියම ඔහේ ඇවිදිමින් හිටියා. බැංකොක් නුවර අධි නාගරික අංජබජල් ජංජාල පුංජය මැද්දේ හරියට අර රෝමන් කාරයන්ට යටත් නොවුණු පප්පලාගේ ගම වගේ තියන පොඩි බිම්කඩක් තමයි චතුචක් පාක් එක. බොහොම කාර්ය බහුල මාකට් එකකට ...
ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන් කාර් පිස්සුව කුරුණෑගල පහු කරගෙන ගිහින් ඉබ්බාගමුවෙන් වමට හැරෙව්වම ලංකාවේ ලස්සනම පාරවල් වලින් එකක් හමුවෙනවා. ඒ පාරම හරිම සුන්දර, හරිම රසවත් පාරක්. ඒ පාර අයිනේ පලතුරු විකුණන මිනිස්සුන්ගේ හිනාව තරම් සුන්දර, එයාලා හදලා දෙන ගම්මිරිස් දාපු ඇත් දොඩම් වීදුරුව තරම් රසවත් පාරක්...ඒ තමයි ඉබ්බාගමුව පාර. ගූගල් මැප්ස් වල තියන විදිහට ඉබ්බාගමුව-කුඹුක්ගැටේ-මඩගල්ල පාර...ඉබ්බාගමුව පැත්තෙන් මඩගල්ල පාර පටන් ගන්න/අවසන් වන තැන. මේක ගත්තේ ආපහු ...
කතරගම Mini ගමන - සම්පූර්ණ, අවංක, ඇත්ත කතාව කාර් පිස්සුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපැත්තේ නිල්ල නිලන කුඹුරු යායවල් වලට දවසේ පළවෙනි අවුරැල්ල ලාවට වැටෙනකොට හරියට අතීතයෙන් එනවා වගේ මඩ සුවඳ සහ ගව සම්පතේ සුවඳ මිශ්‍ර වුණු හීතල හුළං රැල්ලක් වාහනේ ඇතුළට ඇවිත් 'පරිස්සමෙන් ගිහින් එන්න' කියලා ආපහු යනවා.සෑහෙන කාලයක් මම මේ සුන්දර සුබපැතුම වින්දේ බීට්ල් එකේ ක්වාටර් ග්ලාස් වලින්. ඒත් අපි මේ පාර යමින් හිටියේ මිනි එකේ. ඒ.සී. තිබුණත් උදේ ...
ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද? - Step-by-step Guide එකක් කාර් පිස්සුව පෙරවදන:අතීතයේ බොහෝ දෙනෙකුට කාර් ප්‍රොජෙක්ට් කිරීම සඳහා කාර් ගැන හොඳ දැනුමක් තිබීම අවශ්‍ය විය. එහෙත් නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දැන් එය අවශ්‍ය නොවේ. අද දවසේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල නිසා (මා වැනි තවත් සුවහසක්) කාර් පිස්සන්ට ප්‍රොජෙක්ට් එකක් නාගැනීම සුළු දෙයක් බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස කාර් එකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ දමා 'යාලුවනේ මට අහවල් දේ කරගන්න උපදෙසක් ඕනේ, ...
"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" කාර් පිස්සුව ප්‍රොජෙක්ට් එකක ගොඩයාම සහ කෙලවීම එකිනෙක මුණගැහෙන භයංකාර තුංමං හන්දියක් තමයි ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කියන්නේ. ඔතනින් හරි පැත්තට වැටුණොත් ඉතිං සසරින් එතෙර වුණා වගේ තමයි.වැරදි පැත්තට වැටුණොත් සාත්තර කාරයෝ පස්සේ දුවන්න වෙන්නත් ඉඩ තියනවා.මේකට එක ප්‍රධාන හේතුවක් තමයි ඉලෙක්ට්‍රික් වැඩ කරන බාස්ලා කියන්නේ සාමාන්‍යයෙන් මහා අමුතු ජීවී විශේෂයක් වීම. ඩාවින් මේ කාලේ හිටියා නම් ඇවිල්ලා හපුටු සූට් එකකුත් ඇඳන් ඉලෙක්ට්‍රිකල් ...
වීරතන්ත්‍රී වලව්වේ EN එක (කෙටිකතාවක්) කාර් පිස්සුව පොතු ගැලවිච්ච මහා ගහක කඳේ පෙනුම වගේ පෙනුමක් තිබිච්ච දැවැන්ත තාප්පයක් සහ යකඩයි මලකඩයි අතර සදාතන සටනෙන් යකඩ අජූතෙට පරදින බව කියාපාන අලිවිසාල ගේට්ටුවක් තමයි වීරතන්ත්‍රී වලව්ව ළඟින් යන කාටත් පේන්නේ. ඊට අමතරව ලෝකල් බටර් ගාලා උණුවතුරෙන් හේදුවා වගේ සෝමාරි පෙනුමක් තියන හයේ හතරේ බිත්ති ටිකක් සහ රුයිතෙට වර්ක් කරපු සාරියක් වගේ තැනින් තැන කොළපාටට දියසෙවෙල් බැඳුණු සිංහල උළු හෙවිල්ලපු ...
9 ශ්‍රී 5333 කතරගම ගමන - පළවෙනි කොටස (උස්සන්ගොඩ) කාර් පිස්සුව උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියලා ගහල තියන බෝඩ් එක තියන පාරේ දිගට ගියාම හම්බෙන්නේ හෝටලයක් මිසක් උස්සන්ගොඩ ජාතික උද්‍යානය නෙමෙයි. උද්‍යානයට යන්න නම් හෝටලය පේන මානෙන් දකුණට හරවන්න ඕනේ.එහෙම දකුණට හැරෙව්වට පස්සේ යන්න තියන පාර දැක්කම මට මතක් වුණේ කුරුලෑ ප්‍රහාරයකට අහුවෙලා කන්නාඩිය ඉස්සරහා ජීවිතේ ඇඹුලට විඳින නාඹර ගෑනු ළමයෙකුගේ මූණක්...ඒ තරමට වළවල්...9 ශ්‍රී 5333 එක්ක කතරගම යන්න තීරණය කරගත්තු ගමන් ...
මයිනර් වලට මේජර් විදිහට පෙම් කිරීම කාර් පිස්සුව මොරිස් මයිනර් එක කියන්නේ හැමතිස්සෙම මාව ප්‍රශ්න කරන කාර් එකක්...මොරිස් මයිනර් සැරින් සැරේ ඉන්ටනෙට් එකෙන්, ගාලු පාරෙන් සහ මගේම ගෙදර ගරාජ් එකෙන් හොම්බ දාලා 'උඹ තාම උඹව හරියට තේරුම් අරගෙන නෑ' කියලා ආපහු නිහඬ වෙනවා.මම, මගේ පවුලේ අය, නෑදෑ හිතවත්තු, තරහකාරයෝ, ගෙවල් පැත්තේ ඉන්න යාලුත් නැති තරහත් නැති පොරවල්, ගමනක් ගියාම මාව දකින අය ඇතුළු සියලු දෙනා හිතන විදිහට මම ...
එපාවීම සහ බදාගැනීම (පළවෙනි ක්ලැසික් කාර් එක ගන්න කලින් කියවන්න) කාර් පිස්සුව මට හොඳට මතකයි ඉස්සරලාම බීට්ල් එකක් ඩ්‍රයිව් කරපු දවස... හොඳට කියන්නේ හොඳටම මතකයි... ප්‍රථම ප්‍රේමය අවසන් වුණු දවස වගේ මතකයි... ඉස්සරලාම රුවන්වැලි සෑය පාමුල ඉඳගත්තු ඒ දුර ඈත හැන්දෑව වගේ මතකයි... කොටින්ම ගියර් පැටලිලා දඟලද්දී අතටයි හිතටයි දැනුණු වේදනාව දැනුත් දැනෙන තරමට මතකයි.හැබැයි ඉතාම අවංකව කිවුවොත්, ක්ලැසික් කාර් එකක් එක්ක ජීවත් වෙන්න ගත්තු මුල්ම දවස් කීපය එච්චර සුන්දර අත්දැකීමක් වුණේ ...
කාර් පිස්සුව රයිගම්පුර සවාරි: පතහවත්ත කාර් පිස්සුව පානදුර ඉඳන් යනකොට හොරණ පාරේ කොතලාවල හන්දියෙන් පතහවත්ත පන්සල පාරට හරෝලා සෙකන්ඩ් ගියර් එකෙන් තර්ඩ් එකට එන්නත් කලින් 'අප්පට සිරි' කියවෙන ජාතියේ ලොකු කබොක් බැම්මක් පේන්න ගන්නවා. ඒ නිසා පතහවත්ත වඳින්න හෝ බලන්න එන අයට ආයේ පාර වරදින්නේ නෑ. ඒ කබොක් බැම්මේ එච්. පී. ජයසූරිය මහතාට පින් පිණිස හයිකරපු පැරණි ගේට්ටුවෙන් ඇතුළට දාලා, ලස්සනට වවලා තියෙන තණකොළ යායට නොරිදෙන්න වාහනේ ...
9 ශ්‍රී 5333 කතරගම ගමන - අවසාන කොටස (කිරිවෙහෙර, කතරගම, රන්මිණිතැන්න) කාර් පිස්සුව කතරගම දේවාලය කියන්නේ මගේ හිත සන්සුන් කරන තැනක්...ලංකාවේ අනික් කිසි තැනක දකින්න නැති සංහිදියාවක් කතරගම තියනවා. මම හැමතිස්සෙම කියන්නේ කතරගම තමයි ලංකාවේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු දිහා ගෞරවයෙන් බලන එකම තැන කියලා. මම ඉස්සරලම කතරගම ගියේ 2008 අවුරුද්දේ. එදා මම හිටියේ කතරගම පෙරහැර සංවිධානය කිරීමේ වගකීම බාර අරන් හිටපු සමාගමක රචකයෙක් විදිහට. ඒත් ඒ දවස් වල මම අතඇරලා දාපු කාර් ...
9 ශ්‍රී 5333 කතරගම ගමන- දෙවෙනි කොටස (ගල්කණුමණ්ඩිය සහ යටාල) කාර් පිස්සුව මේ ලිපි මාලාවේ කලින් කොටසේ කිව්වා වගේ උස්සන්ගොඩින් පිටත් වුණාට පස්සේ අපේ ඊළඟ අරමුණ වුණේ ගල්කණුමණ්ඩිය. ගොඩවායේ යන්න හිතන් හිටියත් උස්සන්ගොඩ හිතුවට වඩා කාලයක් ගතවුණා. ඊට පස්සේ කෑම කන්නත් වෙලාව ගියාට පස්සේ ඉරට අසූහාරදාහට මල පැනලා තිබුණේ. ඒ ගිනි ගහන අවුවේ ගොඩවායේ ගියොත් අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියන් රෝස් වෙන්න ඉඩ තිබුණු නිසා අපි එතන ප්ලෑන් එකෙන් කපාහැරලා 9 ශ්‍රී 5333 ...
දෙකේ ආතල් කාර් පිස්සුව ගෙදර කාර් දෙකක් තියාගන්නේ මොන මගුලටද කියලා දවසක් එකෙක් මගෙන් ඇහුවා. මම ඌට දුන්නේ මම හැමෝටම දෙන උත්තරේමයි."ගමනක් යන්න ලෑස්ති වෙලා, අද ෆොක්ස්වැගන් එකේ යමුද, නැත්තං මොරිස් එකේ යමුද කියලා වයිෆ්ගෙන් අහන එකේ ආතල් එක උඹ දන්නවද?"පොරගේ කට ඉමැජිනරි ලයිට් කණුවක හැපිලා නැවතුණා. ඌට මේක තේරුම් ගන්නත් බෑ. හැබැයි මේවා සාමාන්‍ය ක්ලැසික් කාර් මිසක් පළාතේ නම අංක තහඩුවේ තියන පශ්චාත් ...
අවුරුදු 100 කට කලින් කාර් හදපු මිට්සුබිෂි කාර් පිස්සුව මිට්සුබිෂි සමාගම කාර් හදන්න පටන් අරං මේ අවුරුද්දට අවුරුදු සීයක් පිරෙනවා... ඒක සමරන්න එයාලා තමන්ගේ මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක වුණු Mitsubishi Model A එකේ ආකෘතියක් හදන්න යනවා කියලා වෙසක් දවසේ ආරංචියක් ආවා. මේක හදන්න යන්නේ Outlander PHEV platform එක බේස් කරගෙන Plug-in Hybrid එකක් විදිහට කියලයි කියන්නේ. වැඩේ කරන්නේ West Coast Customs එක ලු... මේක අහපු ගමන් හිතෙන්නේ හතරේ පන්තියේ ...