1 ශ්‍රී 1 හෙවත් සර් ජෝන් ගේ කැඩිලැක් එක කාර් පිස්සුව පහුගිය දවස්වල බුකියේ ගොඩක් ජනප්‍රිය වුණු නිවුස් එකක් තමයි 1 ශ්‍රී 1 කාර් එකේ ප්‍රොජෙක්ට් එක අවසන් වීම. 1 ශ්‍රී 1 කියන්නේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී මුලින් තිබුණු ඉංග්‍රීසි අකුරු ක්‍රමය අවසන් කරලා මුලින්ම ශ්‍රී නොම්මර නිකුත් කරන්න ගත්තු තීරණය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී නොම්මරයක් දුන්නු පළවෙනි කාර් එක.මේ කාර් එක දැකපු ගොඩක් දෙනෙක් කාලෙක ඉඳන් අහලා එවපු ...
හල්ගස්හේනට යන පාරේ දෑහින් ක්ලැසික් කාර් ඇහින්ද අපේ තාත්තා කාර් පිස්සුව මේ ලිපිය ලියන රෑ 9 ශ්‍රී 5333 කොළ සහ සුදු මිශ්‍ර අලුත් පෙනුමක් ලබා මගේ ගරාජයේ නිවී සැනසිල්ලේ නිදා සිටී. මට, අම්මාට සහ කෞශිට සේම 9 ශ්‍රී 5333 ටද සමහර විට තාත්තා ගැන මතක තිබෙන්නට පිළිවන. අලුත් කාර් වලට මෙන් නොව පරණ කාර් වලට 'ආත්මයක්' ඇතැයි කාර් පිස්සුවෙන්ම වියපත් වූවෝ නිතර කියති. එවැනි භාවාතිශය හැඟීම් දිගේ වුවමනාවට වඩා දුර ඇදී ...
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය - රත්මලාන (සියලුම විස්තර හා ඡායාරූප සහිතයි) කාර් පිස්සුව ලංකාවේ සෑහෙන පිරිසක් Scammel Scarab ගැන කතා කරමින් ඉන්න මොහොතක මගේ හිත Scammel Pioneer 6x4 එකක් ගාව නැවතුණා.ලන්ඩනයේ හදාපු මේ දැවැන්තයා දැන් ඉන්නේ රත්මලානේ එක්තරා අඳුරු මුල්ලක. ලංකාවේ tough ම මිනිස්සු එක්ක ගනුදෙනු කරපු ඒ දැවැන්තයාට දැන් ලැබෙන්නේ 'ඔතනින් එහාට යන්න එපා පුතා' කියන විධානය තඹේකට මායිම් නොකරන පොඩි උන්ගේ පහස විතරයි. මේ දැවැන්තයාගේ ලියාපදිංචි අංකය ගුවන් 2049.එයා ඉන්නේ රත්මලාන ...
9 ශ්‍රී 5333 අනුරාධපුරේ ගිය කතාව... කාර් පිස්සුව උපන්දිනේ දවසේ උදේ නැගිටිද්දී මට මුලින්ම ඇහුණේ මතක ඇති කාලෙකින් අහපු නැති තරම් මිහිරි කුරුළු හඬවල් ගොන්නක්... මට එකපාරට ලොකු තාත්තලාගේ මහගෙදර මතක් වුණා. පදම වැරදිච්චි පුඩිමක් වගේ ඒ වත්ත අංගපුලාවකට නැති කෑලි කෑලි වලට කැඩිලා අතින් අත යන්න කලින්, ඉස්කෝලේ නිවාඩු කාලවල පෙරුම් පුරලා එහෙ ගියාම පහුවෙනිදා උදේ නැගිටිද්දී, වැට මායිමෙන් එහා තිබුණු කුඹුරු යායේ මඩ සුවඳයි සීතලයි එක්ක ...
මිනි මයිනර්/ඔස්ටින් මිනි උපන් හැටි කාර් පිස්සුව ෆොටෝ එක එවුවේ ශානක ලියනගේ මම මිනි පිස්සෙක් නෙමෙයි. හැබැයි මිනි එක සැරින් සැරේ මගේ ඔළුවට එන්නේ හරියට ගෙදර ඇතිකරන්නේ නැති වුණාට බඩගිනි වුණාම ගෙදර ඇවිත් පුරුපුරු ගගා කකුලේ දැවටෙන පුංචි පූස් පැටියෙක් වගේ... (ඔවු, මම කාර් වලට තරමටම පූසන්ට ආදරෙයි). මිනි එකක් පාරේ ගියොත් මම බීට්ල් එක ස්ලෝ කරලා ඒක දිහා බලනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. තව ...
අමීර්, මහීමා, ඓශ්වර්යා, හැරී, මේගන් හරහා එංගලන්තයේ සිට ජිනීවා බලා ලෑල්ලට පෑගීම කාර් පිස්සුව www.jaguar.giJaguar E Type එකේ කතාව ගැන කල්පනා කරන හැම වෙලාවකම මට 1994 වගේ කාලේ ආපු පෙප්සි දැන්වීමක් මතක් වෙනවා. ඒකේ හිටියේ අමීර් ඛාන්, මහීමා චෞද්රි සමග ඓශ්වර්යා රායි. මහීමා ඇවිත් අමීර් ඛාන් ගෙන් පෙප්සි එකක් ඉල්ලනවා. බලනකොට පෙප්සි නෑ. ඒත් මේ ස්වර්ණමය අවස්ථාව කානුවට හලාගන්න ඕනේ නැති නිසා කොල්ලා ජනේලෙන් පැනලා, බොම්බයි ලූනු තරම් බරට වහින වැස්සක් අස්සේ, කාර් වල ...
Vespa 400 - ඉතිහාසයේ ප්ලාස්ටික් අකුරින් වත් නොලියැවුණු ඒ පුංචි පැංචා කාර් පිස්සුව www.motor1.comඔබට ඉස්සරලාම ඇහෙන්නේ, සුරුට්ටු උරන සියාතු සීයාගේ කට වගේ පොහ් පොහ් ගාන සයිලන්සරයක් තියන 80 දශකයේ ත්‍රීවීලර් එකක්, කොහේ හරි ස්ටාර්ට් එකේ තියාගෙන ලොටනවා වගේ හඬක්. සමහර විට ඩ්‍රයිවර්ට කෝල් එකක් ඇවිත් අයිනකට කරලා නවත්තලා කෝල් එක ගන්නවා ඇති, ඔබ එහෙම හිතාවි. ඒත් එක්කම ඔබට හිතෙන්න ගන්නවා, නෑ මේක ත්‍රීවීලර් එකක් වෙන්න බැහැ, මොකද මේකේ සද්දේ ඊට වඩා පොඩි අමරදේවීය ...
ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක: හදපු හැටි, නැතිවුණු හැටි සහ හොයාගත්තු හැටි කාර් පිස්සුව ලංකාව ජනාවාස වීමේ ඉතිහාස කතන්දරේ කපු කැටිල්ලකින් පටන් ගන්නවා වගේ ටොයෝටා සමාගමේ කාර් හැදිල්ලේ කතාව පටන් ගන්නේ රෙදි විවිල්ලකින්.1889 විතර එක්තරා දවසක සකීචි ටොයෝඩා කියලා කොලු ගැටයෙකුට තමන්ගේ අම්මා රෙදි වියන්න මහන්සි වෙන එක ගැන දුක හිතෙන්න ගන්නවා. ඒ කාලේ රෙදි වියනවා කියන එක තනියම ටේබල් ටෙනිස් ගහනවා වගේ වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඒක තෙහෙට්ටු වෙන, ...
Ford Flathead V8: මසල් කාර් කලාවේ ඔරිජිනල් හදවත කාර් පිස්සුව එක්දාස් නමසිය විසි ගණන්වල අන්තිම හරියට වෙන්න, එක්තරා අන්ධකාර දවසක, හෙන්රි ෆෝර්ඩ් මහත්මයා මිචිගන් වල ෆෙයා ලේන් වත්තට වෙලා දඩ බ්ලැක් විලෝ ගහක් දිහා බලාගෙන ඉන්නවා....උන්නැහේ හෙන මූඩ් ගහලා ඉන්නේ...හෙන්රි ෆෝඩ් මහත්මයා කාර් ලෝකෙට පය ගැහුවේ 1901 දී 'හෙන්රි ෆෝඩ් මෝටර් කම්පනි' එක හදාගෙන. ඒ වුණාට එතුමා 1902 දී තමන්ගේ නමත් අරගෙන ඒ කොම්පැනියෙන් අයින් වුණා. එතකොට ඒ කොම්පැනිය කැඩිලැක් ...
අන්තිම කලර් ලයිට් එක හෙවත් ලංකාවේ කාර් සංස්කෘතිය මගහැර යා නොහැකි මොහොත කාර් පිස්සුව අන්තිම කලර් ලයිට් එක... සමුගන්න කලින් දකින අන්තිම හැන්දෑව, අන්තිම තරුව, අන්තිම බස් හෝල්ට් එක සහ තවත් අන්තිම ගොඩක් දේවල් ගැන ගොඩක් කවි ගීත ලියවිලා ඇති. නමුත් අන්තිම කලර් ලයිට් එක ගැන කවුරුවත් තාමත් ලියලා නැහැ. අහිමි වෙන්න නියමිත ආදරයක අවසාන දවසේ, සමුගන්න නියමිත මොහොත එන්න මොහොතකට කලින් අන්තිම කලර් ලයිට් එක ගාවදී ක්ලච් බැලන්ස් එක ගන්නකොට ඇඟිලි තුඩු වලින් ...
Saab Monstret - යකාගෙ කතාවක් කාර් පිස්සුව vectorville.blogspot.com SAAB කියන්නේ අරක්කු හදන අතරේ මුරුක්කු හදලා අරක්කු ගැන කතා කියලා අරක්කු එක්ක මුරුක්කු විකුණපු කොම්පැනියක්...සැර වැඩිද? එහෙනං මෙහෙම කියන්නං. SAAB කියන්නේ ප්ලේන් හදන අතරේ කාර් හදපු, ප්ලේන් වගේ කියලා කාර් විකුණපු කොම්පැනියක්... මේකෙන් අදහස් වෙන්නේ නැහැ SAAB නරකයි කියලා. ඒ නිසා සාබිස්ට් ලා (SAAB කියන එකට ist ප්‍රත්‍යය දාලා මම මේ දැන් අටෝපු වචනයක්. ක්ලාක්සන් මීට කලින් මේ වචනේ ...
ඩම්ප් ට්‍රක් හැදුණු හැටි කාර් පිස්සුව Pinterestඅවුරුදු මිලියන ගාණක් තිස්සේ සතෙක් එලාගෙන, හේනක් වවාගෙන, අහස බලාගෙන ගෙවිච්චි මනුස්ස සංස්කෘතිය ඔළුවෙන් හිටගත්තේ කාර්මික විප්ලවයත් එක්ක. කාර් පිස්සුවෙ අපට වැදගත් වෙන විදිහට කියනවා නම් මනුස්ස ශ්‍රමය වෙනුවට ආදේශ කරන්න පුළුවන් යන්ත්රසූත්ර බිහිවීමත් එක්ක.19 වන වන සියවසේ සහ 20 වන සියවසේ මුල නිර්මාණය වුණු කාර්මික යන්ත්රසූත්ර වල හරි අපූරු පෞරුෂයක් තියනවා කියල මට හිතෙනවා. තාක්ෂණය නහයට උඩින් කිලෝමීටර් සීයක් ...
Ducati Brio සහ ජෝන් සීනාගේ පාන් බේකරිය කාර් පිස්සුව www.topspeed.comඩුකාටි එක ස්කූටර් එකක් හැදුවා කියන එක හරියට ජෝන් සීනා බේකරියක් කරනවා කිව්වා වගේ දෙයක්. අඩු තරමින් ඩුකාටි එකේ ඉතිහාසය ගැන එච්චර අවබෝධයක් නැති අයට දැනෙන්නේ එහෙමයි. මමත් එහෙම කෙනෙක්. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ ඉඳන් තිළිණ ලංකා එවපු බයික් ෂෝ එකක ෆොටෝ සීයක් විතර අස්සේ තිබිලා Ducati Brio එකක ෆොටෝ දැක්කම මට ජෝන් සීනා මාළුපාන් අනනවා වගේ මනෝ චිත්‍රයක් මැවුණා. ඒ ...
වෑන් ඩෑම් කාර් පිස්සුව මම දැන් රේඩියෝ අහන්නෙම නැහැ. ඉස්සර උදේ හවා කොළඹ ආපු ගිය කාලේ නම් උදේට බස් එකේ රේඩියෝ එක ඇහුණා. හවසට මම හෑන්ඩ්ස්-ෆ්‍රී සෙට් එක කනේ ගහගෙන එනවා. දවසක දවාලක කොළඹ යන්න සෙට් වෙච්චි වෙලාවක බස් එකේ මොකක් හරි එෆ්. එම්. චැනල් එකක් දාලා තිබ්බා. සුපුරුදු විදිහට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොන් පාට් දදා කෝල් කර එවුන්ගෙන් අරවා මේවා අහනවා. එක මනුස්සයෙක් කතා ...
පනස් අට වසරක ප්‍රේම කතාවක් කාර් පිස්සුව "අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..." ගිනිගහන මද්දහනේ, කෑගහන සතිපොළක් මැද්දේ, කෑගහන මිනිස්සු අතරේ, සන්සුන්ව, හිනාවීගෙන කතාකරන අසෝකරත්න මහත්මයාගේ කටහඬ මතක් කරද්දී මට මුලින් මතක් වෙන්නේ ඒ වචන ටික. "අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..." සති අන්තයේ අඩුම කුඩුම ටිකක් ගන්න කම්මැලි කමින් මිරිකී මිරිකී පානදුර පොළ ඇතුළට ගිහින් වාහනෙන් බහිනකොටම දැක්කේ මේ හතර ශ්‍රී පුංචි මී මැස්සා හෙවත් ...
හුළඟත් එක්ක ගිය හදවත් කාර් පිස්සුව එංගලන්තේ මහපොළොවට පය තියලා දවසක් යන්නත් කලින් ඉරාන් අයියා කළේ මට ෆෝඩ් තේම්ස් වෑන් එකක ෆොටෝ එකක් එවන එක. ඒ වෑන් එක තමයි ඔය උඩ තියෙන්නේ. ඉරාන් අයියා එංගලන්තේ පදිංචියට යනවා කියලා මම දැනගත්තේ බොහොම පස්සේ. මගේ රාජකාරී වැඩ සහ මුරුක්කුසඤ්ඤං සෝෂල් ස්කිල්ස් නිසා ළඟම යාළුවෝ එක්ක පවා තොරතුරු හුවමාරු වෙන්නේ අඩුවෙන්. කොටින්ම තාම බැඳලා නෑ කියලා මම හිතන යාළුවෝ ...
බොන්ෆයර් හාට් කාර් පිස්සුව ඔබේ මුව රිවෝල්වරයකි අහසට උණ්ඩ විදින ඔබේ ආදරය සොල්දාදුවෙකි මියෙන තුරා ළැදිව සිටින ජේම්ස් බ්ලන්ට් ගේ ගිනිමැල හදවත ඇවිලෙන්න ගන්නේ එහෙමයි. People like us—we don’tNeed that much, just some-One that starts,Starts the spark in our bonfire heartsසින්දුවේ මේ කොටසට එනකොට, ඒ වෙද්දී නිදිමතින් ලාවට පියවෙමින් තිබුණු මගේ ඇස් ආපහු පොඩි කික් එකක් එක්ක දැල්වෙන්න ගන්නවා. (මේ කොටස පරිවර්තනය නොකර ...
ඇංජිං පිස්සුව කාර් පිස්සුව අභ්‍යන්තර දහන එන්ජිම ගැනයි ඒකෙ තාක්ෂණික ක්‍රියාවලිය ගැනයි මාලු පාන් ගෙඩියක තියන පරණ සැමන් කෑල්ලක් තරම් වත් හැඟීමක් නැති එකෙකුට බොනට් එකක් අරින හැම වෙලාවකමඋණු උණු එළවලු රොටියක් කාලා ප්ලේන්ටියක් බොනවා වගේ හැඟීමක් එන්න පුළුවන්ද?මම හැම තිස්සෙම කියනවා වගේ මම කාර්මික කාර් පිස්සෙක් නෙමෙයි. කාර් වල තාක්ෂණය ගැන ලොකු අවබෝධයක් මට නැහැ. මම නිවාඩු දවසට ගරාජ් එකට වෙලා මජං අතගාන ...
ටුක් ටුක් ටුක් ටුක් කර්තී චල්තී කාර් පිස්සුව ටුක් ටුක් ටුක් ටුක් කර්තී චල්තී තාරී මාරී සින්දගී රේ බෝලේ, රේ බෝලේ ඩෝලා ඩෝල ධඩක් ධින් කාර් පිස්සුවෙ සුපුරුදු පාඨකයෝ සමග මගේ පෞද්ගලික ජීවිතේ ගැන දන්නා මිත්‍රයෝ දැන් බලන්න ගන්නවා මූට අටවකපයිත්තියන්ද කියලා. මොකද මමයි හින්දි සිනමාවයි කියන්නේ හරියට කුරක්කන් පිටියි KFC එකයි වගේ දුරස්ථ දේවල් දෙකක්. අසෝකරත්න මහත්මයාගේ ස්කූටර් එක ගැන කතාවට පස්සේ මකුළු දැල් බැඳිලා තිබුණු බ්ලොග් එකක් ...
Pride of Ownership Drive 2018 කාර් පිස්සුව සුපුරුදු විදිහටම 9 ශ්‍රී 5333 ත් අරගෙන හිල්ටන් එකට යනකොට පොඩ්ඩක් ප්‍රමාද වුණා. සාමාන්‍යයෙන් නිවාඩු දවසක ගෙදරින් පිට යනකොට පූසන්ගෙන් සමාව ඉල්ලලා, ඉක්මනට එන්නම් කියලා ආයාචනාත්මකව දැනුම් දීලා, cat logistic ප්‍රශ්න ටිකක් විසඳලා තමයි යන්න ඕනේ. ඒකට ටිකක් වැඩිපුර වෙලා යනවා.මෙදා පාර Pride of Ownership Drive එක තියනවා කියලා දැනගන්න ලැබුණේ ඉවෙන්ට් එකට දවස් තුනකට කලින්. අධික වැඩ රාජකාරි තිබුණත් ...