"බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" කාර් පිස්සුව ප්‍රොජෙක්ට් එකක ගොඩයාම සහ කෙලවීම එකිනෙක මුණගැහෙන භයංකාර තුංමං හන්දියක් තමයි ඉලෙක්ට්‍රිකල් වැඩ ටික කියන්නේ. ඔතනින් හරි පැත්තට වැටුණොත් ඉතිං සසරින් එතෙර වුණා වගේ තමයි.වැරදි පැත්තට වැටුණොත් සාත්තර කාරයෝ පස්සේ දුවන්න වෙන්නත් ඉඩ තියනවා.මේකට එක ප්‍රධාන හේතුවක් තමයි ඉලෙක්ට්‍රික් වැඩ කරන බාස්ලා කියන්නේ සාමාන්‍යයෙන් මහා අමුතු ජීවී විශේෂයක් වීම. ඩාවින් මේ කාලේ හිටියා නම් ඇවිල්ලා හපුටු සූට් එකකුත් ඇඳන් ඉලෙක්ට්‍රිකල් ...
9 ශ්‍රී 5333 අනුරාධපුරේ ගිය කතාව... කාර් පිස්සුව උපන්දිනේ දවසේ උදේ නැගිටිද්දී මට මුලින්ම ඇහුණේ මතක ඇති කාලෙකින් අහපු නැති තරම් මිහිරි කුරුළු හඬවල් ගොන්නක්... මට එකපාරට ලොකු තාත්තලාගේ මහගෙදර මතක් වුණා. පදම වැරදිච්චි පුඩිමක් වගේ ඒ වත්ත අංගපුලාවකට නැති කෑලි කෑලි වලට කැඩිලා අතින් අත යන්න කලින්, ඉස්කෝලේ නිවාඩු කාලවල පෙරුම් පුරලා එහෙ ගියාම පහුවෙනිදා උදේ නැගිටිද්දී, වැට මායිමෙන් එහා තිබුණු කුඹුරු යායේ මඩ සුවඳයි සීතලයි එක්ක ...
මයිනර් වලට මේජර් විදිහට පෙම් කිරීම කාර් පිස්සුව මොරිස් මයිනර් එක කියන්නේ හැමතිස්සෙම මාව ප්‍රශ්න කරන කාර් එකක්...මොරිස් මයිනර් සැරින් සැරේ ඉන්ටනෙට් එකෙන්, ගාලු පාරෙන් සහ මගේම ගෙදර ගරාජ් එකෙන් හොම්බ දාලා 'උඹ තාම උඹව හරියට තේරුම් අරගෙන නෑ' කියලා ආපහු නිහඬ වෙනවා.මම, මගේ පවුලේ අය, නෑදෑ හිතවත්තු, තරහකාරයෝ, ගෙවල් පැත්තේ ඉන්න යාලුත් නැති තරහත් නැති පොරවල්, ගමනක් ගියාම මාව දකින අය ඇතුළු සියලු දෙනා හිතන විදිහට මම ...
'මගේ එක දෙන්නෙත් නෑ, වෙන එකක් ගන්න දෙන්නෙත් නෑ' (කාර් කෙරුවාව බූරුවෙකුගේ ඇසින්) කාර් පිස්සුව මම බූරුවෙක්. හැබැයි මම නිකම්ම නිකං බූරුවෙක් නෙමෙයි. හරි සොෆිස්ටිකේටඩ් බූරුවෙක්. හැබැයි සාම්ප්‍රදායික බූරුවෙක් කියලා නම් හිතන්න එපා. සැරින් සැරේට මට හෙන ක්‍රියේටිව් අයිඩියාස් එනවා. ඒ වගේම මට නිකං ඉන්නත් බෑ. අනුන්ගේ දේවල් වලට හොම්බ දාන්න මම හෙන ආසයි. ඒ නිසා මම අනිත් එවුන් කාර් ගන්න බලන්න යද්දී එල්ලිලා යනවා. ඊට පස්සේ කාර් එක බලලා එන්ජිම අමුතු සද්දෙයි, යට ටින්කරින් ...
1 ශ්‍රී 1 හෙවත් සර් ජෝන් ගේ කැඩිලැක් එක කාර් පිස්සුව පහුගිය දවස්වල බුකියේ ගොඩක් ජනප්‍රිය වුණු නිවුස් එකක් තමයි 1 ශ්‍රී 1 කාර් එකේ ප්‍රොජෙක්ට් එක අවසන් වීම. 1 ශ්‍රී 1 කියන්නේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි අංක නිකුත් කිරීමේදී මුලින් තිබුණු ඉංග්‍රීසි අකුරු ක්‍රමය අවසන් කරලා මුලින්ම ශ්‍රී නොම්මර නිකුත් කරන්න ගත්තු තීරණය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී නොම්මරයක් දුන්නු පළවෙනි කාර් එක.මේ කාර් එක දැකපු ගොඩක් දෙනෙක් කාලෙක ඉඳන් අහලා එවපු ...
හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි! කාර් පිස්සුව බීට්ල් එක නවත්තලා බහිද්දී ඉස්සරලාම ඇහුණේ වේලිච්චි කොළ සරසර ගාලා කකුලට පොඩිවෙන සද්දේ. ඒ කියන්නේ කවුරුවත් දැන් මේ ගෙදර මිදුල අතුගන්න කරදර වෙන්නේ නෑ කියන එකයි. මේ අපේ ලොකු තාත්තලාගේ මහගෙදර. ඒ ගෙදර දශක ගාණකින් අලුත්වැඩියා කරලා නැහැ. ආයේ කවදාවත් අලුත්වැඩියා කරන එකකුත් නැහැ.අපේ තාත්තලා මම ඉතාම පුංචි කාලේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ පදිංචියට ආපු නිසා මමත් අක්කර දරුවෙක් නොවී පර්චස් ...
මස්ටෑං හදන ෂෙල්බි අයියලෑ ගෙවල් මෙහෙද? ('ඒත් මොකෝ? මස්ටෑං නේ' ලිපියේ දෙවෙනි කොටස) කාර් පිස්සුව මස්ටෑං එක ජනප්‍රිය වෙන්න හේතු කියද්දී බොහොමයක් වාර්තා වැඩසටහන්වල නිතර ඇහෙන එක කතාවක් තියනවා. ඒ තමයි මස්ටෑං එක කෙනෙකුට 'පොරක් වෙන්න ෂෝට් කට් එකක් වුණා' කියන එක. මස්ටෑං එක බොහොම නාහෙට නාහන ලුක් එකක් තියන කාර් එකක් බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඒක සාපේක්ෂව බොහොම අඩු මිලකට ගන්න පුළුවන් වුණා කියන එකත් අපි මේ ලිපියේ මුල් කොටසින් කතා කළා.කොහොම ...
ඒත් මොකෝ? මස්ටෑං නේ... කාර් පිස්සුව මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්... මස්ටෑං එක ගැන ලියන ලිපියක් මාලදිවයින කියන වචනයෙන් පටන් ගැනීම හරියට භාවනාව ගැන ලිපියක් සනී ලියොන් කියන එකෙන් පටන් ගන්නවා වගේ වැඩක්. ඒ වුණාට කමක් නැහැ. ඇත්තම සිද්ධියක් මේ කියන්නේ. මාලදිවයිනේ හිරු බැස යන සැන්දෑවක්... මාලදිවයිනේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක් වෙන චාමර දික්මාදුගොඩ වැඩ ඉවර වෙලා පාර දිගේ ඇවිදගෙන එනවා. චාමර කියන්නෙත් හොඳ කාර් පිස්සෙක්. ...
මින්ක්ස් එක රනිං වුණාට මීයා මළේ අනූපහේ කාර් පිස්සුව හිල්මන් ගැන ආපහු මතක් වුණේ අපේ ඉන්දික සිරිමාන්න හෙවත් මරිසිපාලයා නිසා...ඉන්දික කියන්නේ කාර් පිස්සුව බ්ලොග් එක පටන්ගන්න කලින් විතරක් නෙමෙයි, මට කාර් පිස්සුව තදට හැදෙන්නත් කලින් ඉඳන් මට උදවු පදවු කරපු හොඳ යාළුවෙක්. මට මතක හැටියට කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එක මුලින්ම ලයික් කරපු හතර පස් දෙනාගෙන් එකෙක් තමා ඌ. දවසක් උදේ ඌ මට කාර් එකක ෆොටෝ එකක් ඉන්බොක්ස් කරලා ...
දයාබර සඳු... ලාන්සරේ දුන්නා... කාර් පිස්සුව 2016.08.05දයාබර සඳු...ලාන්සරේ දෙන්න වුණා...අද ඊයේ නෙවෙයි. දැන් ටිකක් කල්. ඒත් හැරිලා බලද්දී හිතාගන්න බැහැ මම ඒක දෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා.අපේ සම්බන්ධෙ කැඩිලා ගිහින් මේ අවුරුද්දට අවුරුදු 8 ක්. අපි යාළුවෙලා හිටියා අවුරුදු 8 ක්. එතකොට අපේ කතාවට අවුරුදු 16 යි. ඒ කියන්නේ අපේ ජීවිතවලින් හරියටම භාගයයි.අපි ඔය ලාන්සරේ ලංකාව වටේ ගියේ නැති එක ඇත්ත. ඒත් ඔයයි මමයි ඕකෙ කී ...
බොන්ෆයර් හාට් කාර් පිස්සුව ඔබේ මුව රිවෝල්වරයකි අහසට උණ්ඩ විදින ඔබේ ආදරය සොල්දාදුවෙකි මියෙන තුරා ළැදිව සිටින ජේම්ස් බ්ලන්ට් ගේ ගිනිමැල හදවත ඇවිලෙන්න ගන්නේ එහෙමයි. People like us—we don’tNeed that much, just some-One that starts,Starts the spark in our bonfire heartsසින්දුවේ මේ කොටසට එනකොට, ඒ වෙද්දී නිදිමතින් ලාවට පියවෙමින් තිබුණු මගේ ඇස් ආපහු පොඩි කික් එකක් එක්ක දැල්වෙන්න ගන්නවා. (මේ කොටස පරිවර්තනය නොකර ...
දෙකේ ආතල් කාර් පිස්සුව ගෙදර කාර් දෙකක් තියාගන්නේ මොන මගුලටද කියලා දවසක් එකෙක් මගෙන් ඇහුවා. මම ඌට දුන්නේ මම හැමෝටම දෙන උත්තරේමයි."ගමනක් යන්න ලෑස්ති වෙලා, අද ෆොක්ස්වැගන් එකේ යමුද, නැත්තං මොරිස් එකේ යමුද කියලා වයිෆ්ගෙන් අහන එකේ ආතල් එක උඹ දන්නවද?"පොරගේ කට ඉමැජිනරි ලයිට් කණුවක හැපිලා නැවතුණා. ඌට මේක තේරුම් ගන්නත් බෑ. හැබැයි මේවා සාමාන්‍ය ක්ලැසික් කාර් මිසක් පළාතේ නම අංක තහඩුවේ තියන පශ්චාත් ...
කෝටිනා, කොරෝනා සහ කෝක් තමා ඕනා කාර් පිස්සුව මට මතක හැටියට පහුගිය උඳුවප් මහේ... නැතිනම් ඊට කලින් පොසොන් මහේ... මට හරියටම මතක නැහැ... අනික් අතට මාසේ මොකක්ද කියන එකෙන් කාටවත් ඇති වැඩකුත් නැහැ... මොකක් හරි නමක් තියන මාසෙක ගාලු මුවදොර පිට්ටනියේ කරදිය හුළඟ වැදෙන මානෙක මගේ බීට්ල් එකේ විසිල් එක අහමින් සහ තවත් බීට්ල් ගොඩක ලස්සන දෑහින් රහ බලමින් යන අතරවාරෙක තමයි මගේ ආතල් කුඩුකරමින් පාරේ වම් පැත්තෙන් ...
මීයො කාපු සිවික් සහ ඩබල් ට්‍රාන්සර් ලාන්සර් කාර් පිස්සුව වීල් එකේ ආපහු එනගමන් මම කල්පනා කළේ මම මෝඩයිද, නැත්තං ලෝකේ කෲරයිද කියලා...වීල් එක එලෝන එකා තොරතෝංචියක් නැතුව කියවනවා. කාර් ගැන කියනවා, ත්‍රීවීල් ගැන කියනවා, ටෙලිෆෝන් ගැන කියනවා, නාගස් හන්දිය ගැන කියනවා, ආණ්ඩුව ගැන කියනවා, ලෝකේ නරක කියනවා. උගේ හොඳ කියනවා.මම ගොනා සේ අහං ඉන්නවා. ඊට පස්සේ බස්සා සේ හූම් හූම් ගානවා.කළුතර පැත්තේ හොන්ඩා සිවික් එකක් විකුණන්න තියනවා කියලා පත්තරේ ...
ජර්මනියට පෙම් කරලා කහ කිරිල්ලිව කරකාර බැන්ද ප්‍රේමතිලක මහත්තයා කාර් පිස්සුව මේක ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන චරිතාපදානයක් වත් උපහාර ලිපියක් වත් නෙමෙයි. කොටින්ම මේක ප්‍රේමතිලක බාසුන්නැහේගේ කතාව නෙමෙයි. මේක ප්‍රේමතිලක බාසුන්නැහේ ගැන මගේ කතාව. මම ප්‍රේමතිලක බාසුන්නැහේට එදා ඉඳන්ම කතාකරන්නේ ප්‍රේමතිලක මහත්තයා කියලා. උන්නැහේට මාව එච්චර මීටර් කියලා මම හිතන්නේ නෑ. එයාගේ දැවැන්ත ෆොක්ස්වැගන් විශ්වයට කඩා පාත්වෙන උල්කාපාත කෑලි අතරේ මාත් තවත් එක නොදැවුණු පාෂාණයක් විතරයි. හැබැයි මොකක් හරි හේතුවක් නිසා මම ...
ඉබ්බෙක් ලෝකය තනි යායක් කරපු කතාව පින්තූරත් එක්ක කාර් පිස්සුව එක්දාස් නමසිය තිස් ගණන් වලදී ජර්මන් ඒකාධිපතියෙකුගේ ශෘංගාර සිහිනයක් වෙච්චි කාර් එකක් දශක කීපයක් ඇතුළත අර 'පොළොව බෙදූ තාප්ප හා කටුකම්බි අතුරුදන් කරන' හඳ එළිය කදම්බයක් වගේ ලෝකය තනි යායක් කරයි කියලා කවුද හිතුවේ! ඒත් එහෙම වුණා බ්‍රෝ! මීට අවුරුදු හයකට කලින් මම ෆොක්ස්වැගන් එකක් ගත්තේ බීට්ල් සංස්කෘතියක් ගැන මෙලෝ සංසාරෙක අවබෝධයක් නැතුව. ඒත් මේ පුංචි ඉබ්බාට හරිම ආනන්දනීය ඉතිහාසයකුයි ...
දයාරත්න අංකල්ගේ මොරිස් මයිනරේ... කාර් පිස්සුව 1989 ත් 1991 ත් අතර කාලේ මගේ ජීවිත කතාව උඩ කරුණාවන්ත මොරිස් මයිනරේක හෙවනැල්ලක් වැටිලා තියනවා. තාමත් සමහර වෙලාවට, ජීවිතේ කරදර කලබල උඩට රතුපාට අවු රැල්ලක් වැටෙන හැන්දෑවක, ජනේලේ ග්‍රිල් අතරින් මගේ මොරිස් මයිනරේ පේනකොට මට ඒ වචනෙට නගන්න බැරි අතීතය මතක් වෙනවා.1989 කියන්නේ මගේ අම්මා මාව මොන්ටිසෝරි එක්කන් ගිය කාලේ. ඒ කාලේ අඟුලාන සහ පානදුර අතර රේල් පාර මට ...
ගරාජ් වල තිබී දුක්ඛ සත්‍යය හමුවීම... කාර් පිස්සුව ජීවිතේ අපි හීනෙන්වත් නොහිතන මිනිස්සු සහ දේවල් පැණි කුරුල්ලෙක් තටු ගහන වේගෙන් අපේ ජීවිත වල ලේ නහර බවට පත්වෙන හැටි පුදුමාකාරයි. කාර් පිස්සෝ වෙන අපිට මේ වගේ බහුබූත දේවල් සඳහා වෙනම විශ්වයක් තියනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දවස පටන්ගන්න කොට මොරිස් ඔක්ස්ෆර්ඩ් ගැන ගූගල් ඉමේජස් බලන්න ගන්න අපි හවස ගිහිල්ලා හම්බර් හෝක් එකක් ෆ්ලැට් බෙඩ් එකක දාගෙන ඇවිත් ඉතුරු කරගත්ත හැම ...
පාහියංගල යන පාරේ හැලුණු යකඩ කඳුළු බිංදුව... කාර් පිස්සුව මේ පෝස්ට් එක වෙනදා වගේ උපදෙස් දෙන පෝස්ට් එකක් නෙමෙයි. මේක ක්ලැසික් කාර් ලෝකයේ ටිකක් සංවේදී සටහනක්. මම ටිකක් කාර්ය බහුල කෙනෙක් නිසා මට එකපාර කිලෝමීටර විස්සකට වඩා දුර එළවන්න හම්බවෙන්නේ කලාතුරකින්. මාස කීපයකට උඩදී මට පුංචි විවේකයක් ඇවිල්ලා ගෙදර කට්ටිය සහ මිතුරියක් එක්ක පාහියංගල ගියා. ඒ ගමනේ අතර මගදී ගත්තු පින්තූරයක් තමයි මේ උඩින් තියෙන්නේ. මේක ෆේස්බුක් එකේ ක්ලැසික් ...
EN මයිනර් එක චීස් ග්‍රේටර් කරපු විදිහ කාර් පිස්සුව මොරිස් මයිනර් එකේ ග්‍රිල් වර්ග දෙකක් ආපු බව සමහරවිට ඔයාලා දන්නවා ඇති. මේ අතරින් පළවෙනි එක තමයි Series 1 සහ 2 වල ආපු කොටු තියන ග්‍රිල් එක. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ Cheese Grater Grill එක කියලා. මේක මුලින් ක්‍රෝම් කරපු ග්‍රිල් එකක් විදිහටත්, පස්සේ පේන්ට් කරපු ග්‍රිල් එකක් විදිහටත් ආවා. ක්‍රෝම් ග්‍රිල් එක පේන්ට් කරපු ග්‍රිල් එක 1954 දී මේක වෙනුවට ...