9 ශ්‍රී බීට්ල් එකේ එන්ජිම හදපු හැටි කාර් පිස්සුව මගේ 9 ශ්‍රී බීට්ල් ප්‍රොජෙක්ට් එකේ බොඩි වර්ක් පින්තූර ටිකක් මම කලින් පෝස්ට් එකේ දැම්මා. එන්ජිම ගැනත් කට්ටිය ටිකක් උනන්දු වෙන බවක් පෙනුණු නිසා දැන් එන්ජිමේ ෆොටෝ ටිකකුත් දාන්න හිතුවා.ආයෙත් කියනවා. මේක standard single manifold single carb 1600 එන්ජිමක්. අනික තමයි මේකේ තියෙන්නේ ජපන් ඕල්ටනේටරයක්. ඒක ළඟදීම ඔරිජිනල් එකකට මාරු වේවි. ඒ වගේම මම දැනට මෂ්රූම් එයා ෆිල්ටර් එකක් තියලා ...
මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක කාර් පිස්සුව ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. ...
Untitled Post කාර් පිස්සුව අතීතය සිහිනයක් පමණයි පෙට්‍රල් සුවඳක් නෑ... කාර් පිස්සෙක් හැටියට මම අත්විඳින සුන්දරම අත්දැකීමක් තමයි මගේ වාහනේ ළඟට ඇවිත් වයසක අංකල්ලා තමන් අතීතයේ පැදපු වාහන ගැන ආසාවෙන් (සහ දුකෙන්) සිහිපත් කරන එක. ඔබ ඇත්තම ක්ලැසික් කාර් පිස්සෙක් නම් සහ ඔබ ඔබේ වාහනේ නිතර එළියට අරන් යනවා නම්, මේක නිතරම අත්දකින්නට පුළුවන්. මම මගේ ප්‍රධාන වාහනේ හැටියට පාවිච්චි කරන්නේ 1973 ෆොක්ස්වැගන් එකක්. ...
Untitled Post කාර් පිස්සුව ක්ලැසික් කාර් එකක් ගත්තම මේ දේවල් 10 කරන්න එපා.... මම නිතර පරණ වාහන එළවන කෙනෙක් නිසා ඇත්තටම ක්ලැසික් කාර් ගැන උනන්දු අය මගෙන් නිතර අහන දෙයක් තමයි ඉස්සරලාම පරණ වාහනයක් ගත්තම කරන්න ඕනේ මොනවාද කියන එක. මම මොන උපදෙස දුන්නත් සාමාන්‍යයෙන් වෙන්නේ එයාලා ඒවා බල්ලට දාලා වාහනේ පාරට දාන එකයි. ඒ නිසා මම කරන්න ඕනේ මොනවාද කියන එක වෙනුවට නොකර ...
Untitled Post කාර් පිස්සුව 'Operation Lancer 1980' ලාන්සර් බොක්ස් ගැන මගේ පහුගිය පෝස්ට් එක දැකපු යාලුවෙක් මට කිව්වා ලාන්සර් එකේ restoration project එකේ ෆොටෝ දෙක තුනක් දාන්න කියලා. මේක පහුගිය පොස්ට් එකේම දිගුවක් නිසා වැඩිපුර ලියන්න යන්නේ නැහැ.මේක 1980 හදපු, 1983 ලංකාවට ගෙනාපු, 1400cc ලාන්සර් බොක්ස් එකක්. මේක තමයි මගේ පළවෙනි කාර් එක. බොහොම විශ්වාසනීය කාර් එකක්. මේ නිසා අදටත් ලාන්සර් බොක්ස් ගැන පුදුම ...
ලාන්සර් බොක්ස් එකක් ගන්නවා නම් මේ දේවල් 5 ගැන හිතන්න කාර් පිස්සුව ලාන්සර් බොක්ස් කියන්නේ ලංකාවේ සෑහෙන පිරිසක් තමන්ගේ පළවෙනි වාහනේ විදිහට ගන්න, සෑහෙන දෙනෙක් ආසා කරන වාහනයක්. ක්ලැසික් වලට ආසාව තියන, ඒත් පාට්ස් අඩුයි කියලා යුරෝපියන් වාහන ගන්න බය අයට හොඳ විකල්පයක් තමයි ලාන්සර් බොක්ස් එක. මේක ඉස්සර මැණික් මුදලාලිලා ගාව තිබුණු වාහනයක් බව අපේ රටේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසා රත්නපුරේ ලාන්සර් බොක්ස් ගොඩක් තියනවා කියන එක අපි ...
තායිලන්තයේ 'වෙළඳ ෆොක්ස්වැගන්' කාර් පිස්සුව තායිලන්තය කියන්නේ බොහොම සජීවී ෆොක්ස්වැගන් සංස්කෘතියක් තියන රටක්. එහෙ මිනිස්සු තමන්ගේ ෆොක්ස්වැගන් වලට හරිම ආදරෙයි. ඒ වගේම එයාලා තමන්ගේ වෙළඳාම් කටයුතු වලටත් ෆොක්ස්වැගන් කාර් සහ වෑන් බොහොම සක්‍රීය යොදාගන්නවා. ඒවා සාමාන්‍යයෙන් බොහොම ආකර්ෂණීය විදිහට පාට කරලා, සරසලා එහෙම තියෙන්නේ. මේ වෙළඳ ෆොක්ස්වැගන් වල පින්තූර ටිකක් පළකරන්න කියලා යාලුවෝ දෙතුන් දෙනෙක් මගෙන් ඉල්ලුවා. මේ පින්තූර ඔක්කොම මේ අවුරුද්දේ (2016) පෙබරවාරි ...
බැහැලා වැඩකරන්න බලාගෙන ෆොක්ස්වැගන් ලෝකෙට එන්න. කාර් පිස්සුව (මේකේ සඳහන් තොරතුරු මම අවුරුදු දෙක තුනකට කලින් කරපු අධ්‍යයනයක කොටසක්. බ්ලොග් එකට හරියන්න එඩිට් කළා). ෆොක්ස්වැගන් රථය සංකල්පයක් විදිහට බිහිවුණේ 1938 වසරේ ජර්මනියේදී. ෆොක්ස්වැගන් බීට්ල් රථ නිෂ්පාදනය අවසන් වූයේ 2003 දී මෙක්සිකෝවේ දී. එදා මෙදා තුර ෆොක්ස්වැගන් බීට්ල් රථ 21, 529, 464 ක් නිෂ්පාදනය වී තිබෙනවා. පෙනුමේ බරපතළ වෙනසක් සිදු නොවී එක් මෝටර් රථ මාදිලියක් වැඩිම සංඛ්‍යාවක් නිෂ්පාදනය ...
ෆොක්ස්වැගන් ගන්නද මොරිස් මයිනර් ගන්නද කියලා හිතන අයට පුංචි උපදෙසක්... කාර් පිස්සුව සාමාන්‍යයෙන් ලංකාවේ බහුලවම හම්බෙන ක්ලැසික් කාර් වර්ග දෙක තමයි ෆොක්ස්වැගන් සහ මොරිස් මයිනර්. ගොඩක් අය තමන්ගේ පළවෙනි ක්ලැසික් කාර් එක විදිහට තෝරාගන්නේ මේ දෙකෙන් එකක්.ක්ලැසික් කාර් එකක් එළවන එක ලේසි දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අලුත් වාහනවලට අත හුරුවෙලා නම් මේක කොහොමත් අමාරුයි.ෆොක්ස්වැගන් වල එන්ජිම තියෙන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ rear engine, rear wheel drive ක්‍රමයට. නමුත් මොරිස් මයිනර් ඇතුළුව ගොඩක් වාහනවල එන්ජිම ...
Untitled Post කාර් පිස්සුව 2016 The Pride of Ownership Drive එක ගැන විස්තර Daily News (22.04.2016) සහ Daily FT (20.04.2016) පත්තරවල පළවෙලා තිබුණා. රටේ කාර් සංස්කෘතිය ගැන උනන්දු අයට දැනගන්න ඒ ලිපි මෙතනට උපුටා ගන්නවා.