ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රීන් කාර් පිස්සුව කුරුණෑගල පහු කරගෙන ගිහින් ඉබ්බාගමුවෙන් වමට හැරෙව්වම ලංකාවේ ලස්සනම පාරවල් වලින් එකක් හමුවෙනවා. ඒ පාරම හරිම සුන්දර, හරිම රසවත් පාරක්. ඒ පාර අයිනේ පලතුරු විකුණන මිනිස්සුන්ගේ හිනාව තරම් සුන්දර, එයාලා හදලා දෙන ගම්මිරිස් දාපු ඇත් දොඩම් වීදුරුව තරම් රසවත් පාරක්...ඒ තමයි ඉබ්බාගමුව පාර. ගූගල් මැප්ස් වල තියන විදිහට ඉබ්බාගමුව-කුඹුක්ගැටේ-මඩගල්ල පාර...ඉබ්බාගමුව පැත්තෙන් මඩගල්ල පාර පටන් ගන්න/අවසන් වන තැන. මේක ගත්තේ ආපහු ...
ස්ප්ලිට් බස්, රැග්ටොප්, ට්‍රෙකර් සහ වෙනත් සත්තු (World Volkswagen Day 2017) කාර් පිස්සුව දෙහිවල ඉවර වෙන්න කිට්ටු වෙද්දී විලියම් එක පේන මානෙන් වමට දාලා Marine Drive එකට දානවා කියන එක හරියට අපායේ ලෝදිය බාත් ටබ් එක පේන මානෙන් වමට දාලා දිව්‍ය ලෝකෙට හරවනවා වගේ අත්දැකීමක්.... මට මතක ඇති කාලෙක ඉඳන් වැල්ලවත්තේ ඉඳන් දෙහිවල හන්දිය පහුවෙනකල් ගාලු පාර - හරියටම කියනවා නං විලියම් හන්දියයි දෙහිවල හන්දියයි අතර පාර - ට්‍රැෆික් පිරුණු, වළවල් පිරුණු, ත්‍රීවීලර් ...
9 ශ්‍රී 5333 කතරගම ගමන - අවසාන කොටස (කිරිවෙහෙර, කතරගම, රන්මිණිතැන්න) කාර් පිස්සුව කතරගම දේවාලය කියන්නේ මගේ හිත සන්සුන් කරන තැනක්...ලංකාවේ අනික් කිසි තැනක දකින්න නැති සංහිදියාවක් කතරගම තියනවා. මම හැමතිස්සෙම කියන්නේ කතරගම තමයි ලංකාවේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු දිහා ගෞරවයෙන් බලන එකම තැන කියලා. මම ඉස්සරලම කතරගම ගියේ 2008 අවුරුද්දේ. එදා මම හිටියේ කතරගම පෙරහැර සංවිධානය කිරීමේ වගකීම බාර අරන් හිටපු සමාගමක රචකයෙක් විදිහට. ඒත් ඒ දවස් වල මම අතඇරලා දාපු කාර් ...
9 ශ්‍රී 5333 කතරගම ගමන- දෙවෙනි කොටස (ගල්කණුමණ්ඩිය සහ යටාල) කාර් පිස්සුව මේ ලිපි මාලාවේ කලින් කොටසේ කිව්වා වගේ උස්සන්ගොඩින් පිටත් වුණාට පස්සේ අපේ ඊළඟ අරමුණ වුණේ ගල්කණුමණ්ඩිය. ගොඩවායේ යන්න හිතන් හිටියත් උස්සන්ගොඩ හිතුවට වඩා කාලයක් ගතවුණා. ඊට පස්සේ කෑම කන්නත් වෙලාව ගියාට පස්සේ ඉරට අසූහාරදාහට මල පැනලා තිබුණේ. ඒ ගිනි ගහන අවුවේ ගොඩවායේ ගියොත් අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියන් රෝස් වෙන්න ඉඩ තිබුණු නිසා අපි එතන ප්ලෑන් එකෙන් කපාහැරලා 9 ශ්‍රී 5333 ...
9 ශ්‍රී 5333 කතරගම ගමන - පළවෙනි කොටස (උස්සන්ගොඩ) කාර් පිස්සුව උස්සන්ගොඩ ජාතික උද්‍යානය කියලා ගහල තියන බෝඩ් එක තියන පාරේ දිගට ගියාම හම්බෙන්නේ හෝටලයක් මිසක් උස්සන්ගොඩ ජාතික උද්‍යානය නෙමෙයි. උද්‍යානයට යන්න නම් හෝටලය පේන මානෙන් දකුණට හරවන්න ඕනේ.එහෙම දකුණට හැරෙව්වට පස්සේ යන්න තියන පාර දැක්කම මට මතක් වුණේ කුරුලෑ ප්‍රහාරයකට අහුවෙලා කන්නාඩිය ඉස්සරහා ජීවිතේ ඇඹුලට විඳින නාඹර ගෑනු ළමයෙකුගේ මූණක්...ඒ තරමට වළවල්...9 ශ්‍රී 5333 එක්ක කතරගම යන්න තීරණය කරගත්තු ගමන් ...
අවුරුදු 100 කට කලින් කාර් හදපු මිට්සුබිෂි කාර් පිස්සුව මිට්සුබිෂි සමාගම කාර් හදන්න පටන් අරං මේ අවුරුද්දට අවුරුදු සීයක් පිරෙනවා... ඒක සමරන්න එයාලා තමන්ගේ මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක වුණු Mitsubishi Model A එකේ ආකෘතියක් හදන්න යනවා කියලා වෙසක් දවසේ ආරංචියක් ආවා. මේක හදන්න යන්නේ Outlander PHEV platform එක බේස් කරගෙන Plug-in Hybrid එකක් විදිහට කියලයි කියන්නේ. වැඩේ කරන්නේ West Coast Customs එක ලු... මේක අහපු ගමන් හිතෙන්නේ හතරේ පන්තියේ ...
ලෝකෙ පළවෙනි ටොයෝටා කාර් එක: හදපු හැටි, නැතිවුණු හැටි සහ හොයාගත්තු හැටි කාර් පිස්සුව ලංකාව ජනාවාස වීමේ ඉතිහාස කතන්දරේ කපු කැටිල්ලකින් පටන් ගන්නවා වගේ ටොයෝටා සමාගමේ කාර් හැදිල්ලේ කතාව පටන් ගන්නේ රෙදි විවිල්ලකින්.1889 විතර එක්තරා දවසක සකීචි ටොයෝඩා කියලා කොලු ගැටයෙකුට තමන්ගේ අම්මා රෙදි වියන්න මහන්සි වෙන එක ගැන දුක හිතෙන්න ගන්නවා. ඒ කාලේ රෙදි වියනවා කියන එක තනියම ටේබල් ටෙනිස් ගහනවා වගේ වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට ඒක තෙහෙට්ටු වෙන, ...
Ford Flathead V8: මසල් කාර් කලාවේ ඔරිජිනල් හදවත කාර් පිස්සුව එක්දාස් නමසිය විසි ගණන්වල අන්තිම හරියට වෙන්න, එක්තරා අන්ධකාර දවසක, හෙන්රි ෆෝර්ඩ් මහත්මයා මිචිගන් වල ෆෙයා ලේන් වත්තට වෙලා දඩ බ්ලැක් විලෝ ගහක් දිහා බලාගෙන ඉන්නවා....උන්නැහේ හෙන මූඩ් ගහලා ඉන්නේ...හෙන්රි ෆෝඩ් මහත්මයා කාර් ලෝකෙට පය ගැහුවේ 1901 දී 'හෙන්රි ෆෝඩ් මෝටර් කම්පනි' එක හදාගෙන. ඒ වුණාට එතුමා 1902 දී තමන්ගේ නමත් අරගෙන ඒ කොම්පැනියෙන් අයින් වුණා. එතකොට ඒ කොම්පැනිය කැඩිලැක් ...
කාර් පිස්සුව රයිගම්පුර සවාරි: පතහවත්ත කාර් පිස්සුව පානදුර ඉඳන් යනකොට හොරණ පාරේ කොතලාවල හන්දියෙන් පතහවත්ත පන්සල පාරට හරෝලා සෙකන්ඩ් ගියර් එකෙන් තර්ඩ් එකට එන්නත් කලින් 'අප්පට සිරි' කියවෙන ජාතියේ ලොකු කබොක් බැම්මක් පේන්න ගන්නවා. ඒ නිසා පතහවත්ත වඳින්න හෝ බලන්න එන අයට ආයේ පාර වරදින්නේ නෑ. ඒ කබොක් බැම්මේ එච්. පී. ජයසූරිය මහතාට පින් පිණිස හයිකරපු පැරණි ගේට්ටුවෙන් ඇතුළට දාලා, ලස්සනට වවලා තියෙන තණකොළ යායට නොරිදෙන්න වාහනේ ...
ඔස්ටින් 'කළු' ආනන්ද වන මම... කාර් පිස්සුව බල්ලෙක් වුණාම තියන ලොකුම වාසිය තමයි 'අවුරුද්දට කලින්', 'වෙසක් එකට කලින්', 'පොසොන් එකට කලින්', 'ඡන්දෙට කලින්', 'කෙල්ල පැනලා යන්න කලින්', 'කොල්ලා හිරේ යන්න කලින්' වගේ දේවල් කියන්න අවශ්‍ය නැති එක...මේක මට පහළ වුණු එක්තරා විදිහක ගැඹුරු සිතිවිල්ලක්...මේ දවස් වල හැම එකාම ආනන්ද අයියගෙන් අහන්නේ'කාර් එක අවුරුද්දට කලින් ගන්න පුළුවන් වෙයි නේද?' කියලා.ආනන්ද අයියා හැමෝටම කියන්නේ'අවුරුද්දට කලින් නම් ගන්න බැරි වෙයි' ...
හල්ගස්හේනට යන පාරේ දෑහින් ක්ලැසික් කාර් ඇහින්ද අපේ තාත්තා කාර් පිස්සුව මේ ලිපිය ලියන රෑ 9 ශ්‍රී 5333 කොළ සහ සුදු මිශ්‍ර අලුත් පෙනුමක් ලබා මගේ ගරාජයේ නිවී සැනසිල්ලේ නිදා සිටී. මට, අම්මාට සහ කෞශිට සේම 9 ශ්‍රී 5333 ටද සමහර විට තාත්තා ගැන මතක තිබෙන්නට පිළිවන. අලුත් කාර් වලට මෙන් නොව පරණ කාර් වලට 'ආත්මයක්' ඇතැයි කාර් පිස්සුවෙන්ම වියපත් වූවෝ නිතර කියති. එවැනි භාවාතිශය හැඟීම් දිගේ වුවමනාවට වඩා දුර ඇදී ...
'බොනට් අරින් ඩෝන් පුතා' කාර් පිස්සුව සාමාන්‍යයෙන් අපි කාර් එකක් හොයන්න ගන්නකොට අපේ හිතවත්තු/නෑදෑයෝ/ඔෆිස් එකේ උන්/බස් හෝල්ට් එකේදී අපිව බලෙන් කතාවට ඇදගන්න උන්/වෙන්ඩ තරහකාරයෝ/සංසාරයේ කොතැනක හරි අපෙන් සූදුරු ඇටේක විතර වැරැද්දක් වෙලා ආත්මයක් ආත්මයක් ගානේ අපට ගේම දෙන්ඩ පතාගෙන ආපු එවුන් ඇතුළු හැම දෙනාම වගේ කියන දෙයක් තියනවා."අන්න අර අහවල් පැත්තේ ඔය ජාතියේ කාර් එකක් ගියා මෙන්න මේ ගානට... අපරාදේ... දැනගත්තා නම් කලින් කියනවා... කොහෙද ඉතිං...අපට ...
තායිලන්තය කාර් පිස්සුවෙන් දකින්න.... කාර් පිස්සුව ස්වර්ණභූමි එයාපෝට් එකේ ආගමන වැඩ ටික ඉවර කරලා පල්ලෙහාට බැහැලා ටැක්සි චිට් මැෂින් එකෙන් චිට් එකක් අරං ඒකට අදාළ ටැක්සිය හොයාගන්න එක එක්තරා විදිහක සුන්දර අත්දැකීමක්. ඒ ටැක්සි කාර් වල විශේෂ දෙයක් නැහැ. සීයට අනූවක් තියෙන්නේ කොළ පාටයි කහපාටයි හරි රෝස පාටයි හරි ගාපු අලුත් ටොයෝටා කොරොල්ලා. ඒ නිසා එතන 'අම්මට සිරි' මූමන්ට් එකක් නැහැ. නමුත් හයිවේ එක දිගේ බැංකොක් ...
Ceylon Motor Show 2017 - ගිහිං බලන්න කාර් පිස්සුව (Ceylon Motor Show 2017 මේ සති අන්තයේ, ඒ කියන්නේ සිකුරාදා හවස ඉඳන් ඉරිදා රෑ වෙනකල් BMICH එකේදී පැවැත්වෙනවා. මේ සටහන තියන්නේ ඒ වෙනුවෙන්.)BMICH එක කියන්නේ මගේ ජීවිතේ හීන අවුරුද්දකට පාරක් දෙපාරක් 'මේං බලහං, බොට නෑ, හූ හූ' කියලා ඇදලා පෙන්නලා ඊට පස්සේ අකුලගන්න හිතුවක්කාර ලාම්පු භූතයෙක් වගේ තැනක්.කාර් පිස්සුව හැදෙන්න කලින් මගේ ජීවිතේ වුණේ පොත්. මම විනෝදයට කරේ පොත් කියවන ...
වීරතන්ත්‍රී වලව්වේ EN එක (කෙටිකතාවක්) කාර් පිස්සුව පොතු ගැලවිච්ච මහා ගහක කඳේ පෙනුම වගේ පෙනුමක් තිබිච්ච දැවැන්ත තාප්පයක් සහ යකඩයි මලකඩයි අතර සදාතන සටනෙන් යකඩ අජූතෙට පරදින බව කියාපාන අලිවිසාල ගේට්ටුවක් තමයි වීරතන්ත්‍රී වලව්ව ළඟින් යන කාටත් පේන්නේ. ඊට අමතරව ලෝකල් බටර් ගාලා උණුවතුරෙන් හේදුවා වගේ සෝමාරි පෙනුමක් තියන හයේ හතරේ බිත්ති ටිකක් සහ රුයිතෙට වර්ක් කරපු සාරියක් වගේ තැනින් තැන කොළපාටට දියසෙවෙල් බැඳුණු සිංහල උළු හෙවිල්ලපු ...
එපාවීම සහ බදාගැනීම (පළවෙනි ක්ලැසික් කාර් එක ගන්න කලින් කියවන්න) කාර් පිස්සුව මට හොඳට මතකයි ඉස්සරලාම බීට්ල් එකක් ඩ්‍රයිව් කරපු දවස... හොඳට කියන්නේ හොඳටම මතකයි... ප්‍රථම ප්‍රේමය අවසන් වුණු දවස වගේ මතකයි... ඉස්සරලාම රුවන්වැලි සෑය පාමුල ඉඳගත්තු ඒ දුර ඈත හැන්දෑව වගේ මතකයි... කොටින්ම ගියර් පැටලිලා දඟලද්දී අතටයි හිතටයි දැනුණු වේදනාව දැනුත් දැනෙන තරමට මතකයි.හැබැයි ඉතාම අවංකව කිවුවොත්, ක්ලැසික් කාර් එකක් එක්ක ජීවත් වෙන්න ගත්තු මුල්ම දවස් කීපය එච්චර සුන්දර අත්දැකීමක් වුණේ ...
ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද? - Step-by-step Guide එකක් කාර් පිස්සුව පෙරවදන:අතීතයේ බොහෝ දෙනෙකුට කාර් ප්‍රොජෙක්ට් කිරීම සඳහා කාර් ගැන හොඳ දැනුමක් තිබීම අවශ්‍ය විය. එහෙත් නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දැන් එය අවශ්‍ය නොවේ. අද දවසේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල නිසා (මා වැනි තවත් සුවහසක්) කාර් පිස්සන්ට ප්‍රොජෙක්ට් එකක් නාගැනීම සුළු දෙයක් බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස කාර් එකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ දමා 'යාලුවනේ මට අහවල් දේ කරගන්න උපදෙසක් ඕනේ, ...
මිනි මයිනර්/ඔස්ටින් මිනි උපන් හැටි කාර් පිස්සුව ෆොටෝ එක එවුවේ ශානක ලියනගේ මම මිනි පිස්සෙක් නෙමෙයි. හැබැයි මිනි එක සැරින් සැරේ මගේ ඔළුවට එන්නේ හරියට ගෙදර ඇතිකරන්නේ නැති වුණාට බඩගිනි වුණාම ගෙදර ඇවිත් පුරුපුරු ගගා කකුලේ දැවටෙන පුංචි පූස් පැටියෙක් වගේ... (ඔවු, මම කාර් වලට තරමටම පූසන්ට ආදරෙයි). මිනි එකක් පාරේ ගියොත් මම බීට්ල් එක ස්ලෝ කරලා ඒක දිහා බලනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. තව ...
බසවක්කුලමේ වැව් බැම්ම සිහිකර ලියමි... කාර් පිස්සුව බසවක්කුලම ඉන්නේ දුකෙන්...අනුරාධපුරේ ජන කෞතුකාගාරයෙන් එළියට ඇවිත් 9 ශ්‍රී 5333 ත් එක්ක හෙමින් හෙමින් බසවක්කුලම පැත්තට ඇදෙද්දී ඒ පුංචි වැව ගැන මගේ හිතේ ඇඳිලා තිබුණු චිත්ත රූප එක එක බිඳිලා යන්න පටන් ගත්තා.අනුරාධපුර සංචාරය යන්නත් කලින් අපි හීන දැකපු දෙයක් තමයි බසවක්කුලමේ වැව් බැම්ම පාරේ බීට්ල් එක අරන් යන එක. මොකද බීට්ල් එකක් කියන්නේ සුන්දර පරිසරයක් මැදින් වැටුණු පාරක් තවත් ...
වෑන් ඩෑම් කාර් පිස්සුව මම දැන් රේඩියෝ අහන්නෙම නැහැ. ඉස්සර උදේ හවා කොළඹ ආපු ගිය කාලේ නම් උදේට බස් එකේ රේඩියෝ එක ඇහුණා. හවසට මම හෑන්ඩ්ස්-ෆ්‍රී සෙට් එක කනේ ගහගෙන එනවා. දවසක දවාලක කොළඹ යන්න සෙට් වෙච්චි වෙලාවක බස් එකේ මොකක් හරි එෆ්. එම්. චැනල් එකක් දාලා තිබ්බා. සුපුරුදු විදිහට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොන් පාට් දදා කෝල් කර එවුන්ගෙන් අරවා මේවා අහනවා. එක මනුස්සයෙක් කතා ...