රෝහිතගේ ඥාතිපුතාගේ රථගාය නිසා තරුණයෙක් මිය යයි! අන්වර් මනතුංග හික්කඩුව ගෝනපීනුවල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාතී පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රවීන්ද්‍ර අබේගුණවර්ධන නැමැති ඔහු 17 හැවිරිදි අයෙකු වන අතර වෛද්‍ය පරීක්ෂණවලින් අණාවරණය වී ඇත්තේ ඔහු අධික ලෙස බීමතින් සිටි බව ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා දරුවෙකු ලෙස ඇති දැඩි කරන්නේ මෙම තැනැත්තාව බවට වාර්තා වෙනවා. මේ තැනැත්තා ...
සදාම්ගේ දියණිය රගාද් හුසේන් ඉරාක මැතිවරණයට! අන්වර් මනතුංග හිටපු ඉරාක නායක සදාම් හුසේනගේ වැඩිමහල් දියණිය 2018 වසරේදී ඉරාකයේ පැවැත්වීමට නියමිත පැතිවරණය සඳහා අලුත්ම සන්ධානයක් ගොඩ නැගීමට බලාපොරොත්තුවෙන් සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 48වැනි වියේ පසුවන රගාද් සදාම් හුසේන් නම් වන ඇය දැනට ජෝර්දානයේ ජිවත් වෙයි. පසුගිය මාසයේදී ඉරාක පාර්ලිමේන්තවේදී සම්මත කරන ලද මත භේදයට ලක්ව ඇති රාජ්‍ය සමාව යටතේ ඇයට ඉරාකයට ආපසු පැමිණය හැකිය. ජෝර්දානයේ රැකවරණ මත ...
ලංකාවෙ බොහෝ කලාකරුවන් හිතනව මූළු සමාජයම ඔවුන්ට ණයයි, ඔවුන් කෙරෙහි අති විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා. ඒ සිතීමම වැඩවසම් – නාමල් ජයසිංහ අන්වර් මනතුංග නාමල් ජයසිංහ සිය කලා රස්තියාදුවෙන් මිදුණේ සාලමන් ෆොන්සේකා හා සෝමලතා සුබසිංහගේ ශිල්ප ශාලිකා සෙවණේදී ය. ‘ඉර මැදියමේ’ යෞවන හමුදා සොල්දාදුවා විසින් විදහා පෑ රංගන ශික්ෂණයේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ඒ සමයේදී ය. ”මනුෂ්‍යයෙක් විදිහට මට මගේ ජීවිතයේ හැමදාම නොතිත් ආශාවන් තිබුණා කිසියම් පුරුෂාර්ථ සහිත මනුෂ්‍යයෙකු වීමට….. නමුත් බොහෝ අවස්ථාවල මට එතරම් යහපත් මනුෂ්‍යයකු වෙන්න බැරි වුණා” ඔහු ප්‍රත්‍යාවලෝකනයෙන් කියයි. රංගවේදියෙකු මතු ...
මරදාන ශාන්ත ජෝසප් විදුහල අම්මලාට ඇදුම් නීතිරීති පැනවුයේ ඇයි! අන්වර් මනතුංග දරුවන්ගේ මව්වරුන් ඇතුළු අනෙකුත් කාන්තාවන් පාසලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සමාජ මාධ්‍ය ජාලය තුළ උණුසුම් විවාදයකට තුඩු දී ඇත. පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ. එහි දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට ...
අබෞද්ධ ළමා මහණකරණය Un-Buddhist child ordination අන්වර් මනතුංග අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ ළමයින් ගැන ඇති කැක්කුමකට නොවේ. කරුණා හා පිල්ලයාන් බුරුතු පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගනිද්දීත් සිංහල සමාජය ඒ ගැන වචනයක් කතා ...
තාජුඩීන් ගැන CIDය ශිරන්තිගෙන් සහ යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට යයි! අන්වර් මනතුංග තාජුඩීන් ඝාතනයට යොදාගත්තේ යැයි සැක කෙරෙන රතු කුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ සංවිධානයට ලබා දුන් WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයේ වර්ණ වෙනස් කර භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් හා දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය (14) දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ...
විමල්ට ඉගෙන ගන්න බැරිවුණේ දේශපාලනේ හින්දලු! අන්වර් මනතුංග තමන්ට වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන්නට බැරි වුණේ පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වු නිසා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසා තිබෙනවා. ‘රටක් ජාතියක් හැටියට එක දේශපාලන මතයක් ගැන අපි එක දිගට කටයුතු කර ඇති බවත් 87 ඉන්දු ලංකා ගිවිසුම නිසා පාසලේ උසස් අධ්‍යාපනය නතර කරන්න සිදුවුණා. අප පුර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ආවා.‘ යැයි ...
මුන්නේෂ්වරම දේවාලයේ බිලිපූජාවට මෙවරත් බාධක! අන්වර් මනතුංග හලාවත, මුන්නේෂ්වරම පිහිටි භද්‍රකාලි දේවාලයේ වාර්ෂිකව පවත්වන සත්ව බිලි පූජාව මෙවරද නොපවත්වන බව දේවාලයේ ආරංචි මාර්ග පවසයි. හලාවත මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්ලය මේ දිනවල පැවැත්වේ. එම දේවාලයේ දිය කැපීම නිකිණි පොහොය දිනයේ සිදු කිරීම සාමාන්‍ය සිරිතයි. ඒ අනුව මෙවර දිය කැපීම 16 වැනිදා දහවල් හලාවත දැදුරුඔයේදී සිදු කෙරේ. ඊශ්වර දේවාලයේ මංගල්ලය සමයත් සමග ඒ ආසන්නයේ පිහිටි භද්‍රකාලි දේවාලයේ ...
කටාර් රාජ්‍යයේ ශ්‍රී‍්‍ර ලාංකිකයින්ට පොදු සමා කාලයක්! අන්වර් මනතුංග කටාර් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයින් සඳහා මාස 3 ක පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා. එය මේ වසරේ දෙසැම්බර් 01 වනදා සිට ආරම්භ වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. නීතිවිරෝධීව කටාර් රාජ්‍යයට ඇතුලු වූ පුද්ගලයින්ට සහ වීසා කාලය ඉක්මවා එහි රැඳී සිටින අයට මෙම පොදු සමා කාලයේදී රටින් පිටවිය හැකියි. දඩ මුදල් හෝ නීතිමය දඬුවම් කි‍්‍රයාත්මක කරන්නේ ...
කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිසුවෙකුගේ මළසිරුරක් සොයා ගැනේ! අන්වර් මනතුංග කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක තිබී විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ සිසුවා සියදිවි නසාගෙන ඇති බවට මූලික පරික්ෂණවලදී හෙළි වුණා. කොළඹ නොරිස් කැනල් මාවතේ පිහිටි නේවාසිකාගාරයේ තිබියදී සිරුර සොයාගෙන තිබෙනවා. බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සිසුවා සිය දිවි හානිකර ගැනීමට පෙර ලියූ ලිපියක් සොයා ගැනීමට පොලීසිය සමත් වුණා. තරිදු පරින්ද සෙනෙවිරත්න නමැති මොහු මිය යන විට 27 වන වියේ ...
තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසිය යුතුයි! පූජිත් ජයසුන්දර අන්වර් මනතුංග පොලීසිය වෙත පැමිණෙන සිංහල, දෙමළ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසිය යුතු බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. තමන් කැමති භාෂාවෙන් කටයුතු කිරීමට පොලීසියට හැකි වන්නේ නම් ජනතාව පොලීසිය කෙරෙහි විශ්වාසයක් සහ ගෞරවයක් ඇති කරගන්නා බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි. වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය. සිංහල භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක ...
කිලෝ 1050ක් බර මෝටර් රථයක් උරහිස් බාහුවෙන් ඇදගෙන අයුරු! (video) අන්වර් මනතුංග ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙක් අපූරු හැකියාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහු විසින් කිලෝ ග්‍රෑම් 1050ක බරකින් යුතු මෝටර් රථයක් මීටර් විසි හතයි දශම පහක් උරහිස් බාහුවෙන් ඇදගෙනයමිනුයි මෙම දස්කම පේනවා ඇත්තේ. එම වීඩියෝව පහතින් නරඹන්න. The post කිලෝ 1050ක් බර මෝටර් රථයක් උරහිස් බාහුවෙන් ඇදගෙන අයුරු! (video) appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් ...
පුත්තලමේ පැහැරගත් දරුවා හමුවෙයි! අන්වර් මනතුංග පුත්තලම, වාන පාර නිවසකින් පසුගිය 9 වැනිදා වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු පැහැර ගත් බව කියන සිද්ධියට අදාල සිව් දෙදෙනෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැහැර ගැනීමට ලක්වී තිබුනේ පුත්තලම, වාන පාර පදිංචිව සිටින මොහොමඩ් හෆීස් නම්වූ දරුවෙකි. දරුවා පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලියින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් පුද්ගලයෙකු ඉන්දීය ...
මෙවර හජ් වන්දනාවට සෞදියට ලක්ෂ 15ක්! අන්වර් මනතුංග හජ් වන්දනා සමය අද සිට ඇරඹෙන අතර ලොව පුරා මුස්ලිම් බැතිමතුන් ලක්ෂ 15ක් පමණ ඊයේ වන විට සෞදියේ මක්කම නගරයට ළඟාවූ බව සෞදි පුවත් වාර්තා කරනවා. කෙසේ වුවද මේ බැතිමතුන් අතර ඉරාන ජාතිකයන් නොසිටින බවද සෞදියේ මක්කම ආරක්ෂක බලධාරීහු වාර්තා කළහ. මක්කම අවට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් පමණ වූ අතර සියලුම වන්දනාකරුවන් සෞදි බලධාරීන් විසින් හඳුනාගැනීම් පහසු කරන විශේෂ වළලු ...
නාමල්ගේ ෆෝඩ් මස්ටෑන්ග් කාරයෙන් මෙගා බදු වංචාවක්! අන්වර් මනතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වා ඇති ෆෝර්ඩ් මස්ටෑන්ග් වර්ගයේ මෝටර් රථය මෙරටට ගෙන්වීමේදී බරපතල අක්‍රමිකතා රැසක්ම සිදුකර ඇති බව වාර්තා වෙනවා. මන්ත්‍රීවරයා මෙම මෝටර් රථය ගෙන්වීමේදී රේගුවටත් මහා භාන්ඩාගාරයටත් බදු වංචාවක් සිදුකර තිබෙන අතර වත්කම් සැඟවිම හා ආදායම් බදු නොගෙවිම පිලිබඳ ප්‍රශ්නයක්ද හෙළි වී තිබෙනවා. පරීක්ෂණ වලට අනුව මෙම වර්ගයේ මෝටර් රථයක් කර්මාන්ත ශාලාවෙන් පිටවන මිල රුපියල් මිලියන ...
තිස්ස අත්තනායකට නඩු! අන්වර් මනතුංග කූඨ ලේඛන සැකසීම යටතේ හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා අද (9) කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව වාර්තා වෙනවා . 014 දෙසැම්බර් මාසයේ දී එකල පොදු අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමාගේ හා එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිතුමාගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ ලේඛන මාධ්‍යයට පෙන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත. The post තිස්ස ...
කතරගම වල්ලි ගුහාව විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට ප්‍රහාරයක්! අන්වර් මනතුංග රඹුක්වැල්ලේ සංගානන්ද හිමියන්ට ඊයේ එල්ල වූ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පහරකෑමට ලක්වී ඇත්තේ කතරගම වල්ලි ගුහාව රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේය. ඊයේ පස්වරුවේ විහාරස්ථානයට පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් විහාරාධිපති හිමියන්ට පහරදී ඇති අතර තුවාල ලැබූ විහාරාධිපති හිමියන් මේ වනවිට දෙබරවැව රෝහලේ ප්‍රතිකාර ලබයි. පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැඩිදුර විමර්ශන ...
ජම්පරයට බහින්න අදිමදි කළ දුමින්ද බන්ධනාගාර අධිකාරි සමග සාකච්ඡාවක! අන්වර් මනතුංග භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා තිබෙනවා. මේ අතරින් විත්තිකාර දෙමටගොඩ චමින්ද පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. කෙසේ වෙතත් නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම දඬුවම් ලැබූ සිරකරුවන් වෙත ලබා දෙන ...
නඩු තීන්දුවෙන් පසු හිරුණිකා හඬාවැටෙමින් කළ ප්‍රකාශය මෙන්න! (VIDEO) අන්වර් මනතුංග වත්මන් රජය බලයට පත්නොවුයේ නම් තම පියාගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව මේ අයුරින් ප්‍රකාශයට පත්වීමට ඉඩ නොතිබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා ය. ඇය මෙම අදහස් පළ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්දයෙන් අද ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව යි. වරදකරුවන් වෙත මරණීය දණ්ඩනය ලබා දී ඇති නිසා කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමා අමානුෂීය නොවන බව ...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් IS ත්‍රස්තයින්ට ප්‍රකාශයක්! අන්වර් මනතුංග තමන් බලයට පත්වී මාසයක කාලයක් තුළ IS ත්‍රස්තවාදය විනාශ කරන බව ඇමෙරිකාවේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇමෙරිකා යුද ශක්තිය වැඩි කිරීම ද තම අපේක්ෂාව බවයි ඔහු කියා සිටින්නේ. තමා ජනාධිපති ධුරයට පත්වූ වහාම සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් කැඳවා IS ත්රස්තවාදීන් විනාශ කිරීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. The ...