ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට සංශෝධිත චෝදනා පත්‍රයක්! (video) අන්වර් මනතුංග හෝමාගම අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් ඇති කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති සංශෝධිත චෝදනා පත්‍රය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය මඟින් සිදු කර ඇති බව ...
රාහුල් ගාන්ධිට සපත්තු ප්‍රහාරයක්! අන්වර් මනතුංග පාද යාත්‍රාවකට එක්වී සිටි ඉන්දීය කොංග්රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධිට (rahul gandhi) ඊයේ (27) දහවල් සපත්තු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සපත්තු ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ ඊයේ දහවල් 2ට පමණ සිතාපුර් නුවරදීය. ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ තරුණයෙකු විසිනි. පොලීසිය වහා ක්‍රියාත්මක වී එම තරුණයා අත්අඩංගුවට ගත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබෙනවා. පාද යාත්‍රාවෙන් පසු සිතාපුර් නුවර පැවති ජන රැලිය ...
Facebook එකේ තම ඡායාරූප පල කලැයි දියණියක් දෙමව්පියන්ට නඩු දමලා! අන්වර් මනතුංග සිය අනු දැනුමෙන් තොරව තම ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයේ පළ කොට ඇති බවට දෙමව්පියන්ට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු තරුණියක් අධිකරණයට ගොස් තිබේ. (Facebook) 2009 වසරේ සිට මේ දක්වා සිය දෙමව්පියන් විසින් අවසරයකින් තොරව ඔවුන්ගේ ෆේස්බුක් පිටු තුළ තමන් අපහසුවට පත් කරවන සහ පෞද්ගලිකත්වයට හානි කරවන සුළු ඡායාරූප පන්සියයකට වැඩි ප්‍රමාණයක් පළ කොට ඇති බවට දහඅට හැවිරිදි වියේ පසු වන තරුණිය චෝදනා කරයි. ...
කටාර්හි ශ්‍රී ලංකා තානාපති තුමාට දහම් පාසල සහ ශ්‍රී ලංකා පාසලේ දෙමව්පියන්ගෙන් ලිපියක්! අන්වර් මනතුංග ගරු තානාපති තුමනි, කටාර්හි දහම් පාසලේ සහ ශ්‍රී ලංකා පාසලේ දෙමාපියන් වන අප මෙවැනි ලිපියක් ඔබහට එවීමට අපි කිසි විට නොසිතුවෙමු. දිගින් දිගටම ඔබ විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා කලාපය ගැන රජය සහ සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට අවශ්‍ය බව අප හට වැටහී ඇත. පසුගිය සියලු රජයන් කටාර් රාජ්‍යයට තානාපති වශයෙන් පත්කරන ලද්දේ විදේශ සේවයේ බහුල අත්දැකීම් හරහා තානාපති තත්ත්වයට උසස් ...
ට්‍රම්ප් සහ හිලරි අතර රූපවාහිනී විවාද ඇරඹෙයි! (video) අන්වර් මනතුංග 2016 ඇමරිකානු ජනපතිවරණයේ රුපවාහිනී විවාද ආරම්භ විය. නිව්යෝර්ක් හි හොෆ්ස්ට්රා විශ්ව විද්‍යාලයේ පැවති මේ විවාදය නැරඹීම සඳහා දේශපාලන විචාරකයන් සහ විද්වතුන් රැසක් ද පැමිණ ඇත. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අතර පැවති මේ විවාදයේ පළමු අදියරේදී හිලරි ක්ලින්ටන් අබිභවා ඉදිරියට ඒමට ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සමත්ව ඇත. බදු ප්‍රතිපත්ති, පුද්ගලික විද්‍යුත් ලිපින හරහා රාජකාරි තොරතුරු පිටස්තරයන්ට ලබාදීම , ...
රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අහෝසි කරයි! අන්වර් මනතුංග පසුගිය දා කොළඹ 7 ප්‍රදේශයේ අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ (Ramith Rambukwella) රියදුරු බලපත්‍රය තාවකාලිකව අහෝසි කර තිබෙනවා. මෙලෙස රියදුරු බලපත්‍රය තාවකාලිකව අහෝසි කර ඇත්තේ කොළඹ අලුත්කඩේ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය මගින්. The post රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අහෝසි කරයි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
කටාර්හි සිරගතවු ලාංකිකයෙකුගෙන් ජනපති අගමැති ඇමතිනී තලතා සහ නි ඇමති රංජන්ට ලිපියක්! අන්වර් මනතුංග කටාර් හි සිරගතව සිටින අපේ ශ්‍රී ලාංකික සහෝදරයෙකුගෙන් අපවෙත ලිපියක් ලැබී තිබෙනවා. ඔහු මෙම ලිපියෙන් අමතා තිබෙන්නේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල සහ සමාජසේවා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතායි. මෙම ලිපිය දකින්නාවු වගකිව යුතු පුද්ගලයෙක් අදාල ස්ථාන වලට මෙම ලිපිය යවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. කටාර්හි විදේශ රැකියාවක් සදහා ගිය ඔහු දැන් සිරගතව සිටින්නේ මිනීමැරුමක් සම්බන්ධවයි. ඔහු විසින් ...
ට්‍රම්ප් සහ හිලරි විවාදය අද! අන්වර් මනතුංග ඇමරිකා ජනපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර පළමු විවාදය අද පැවැත්වීමට නියමිතය. ඇමරිකා ජනපති ධූර අපේක්ෂකයින් ජනපතිවරණය ආසන්නවත්ම මුහුණට මුහුණ කරන මෙම රූපවාහිනී විවාදය බොහෝ කලක පටන් ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශේෂ දේශපාලන වැඩසටහනක් ලෙස සැලකේ. නිව්යෝක් නුවර හොෆ්ස්ට්රා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන මෙම විවාදය දෙපාර්ශවයටම ජනපතිවරණ සටනේ ඉදිරියට යාමට වැදගත් වන බව දේශපාලන විශ්ලේෂකයෝ ...
කූඨ ලේඛන නඩුවේ තිස්ස අත්තනායකට නොතීසි! අන්වර් මනතුංග පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛන සැකසී යැයි කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට ඔක්තෝබර් 19 වැනිදා පෙනී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කර තිබෙනවා. The post කූඨ ලේඛන නඩුවේ තිස්ස අත්තනායකට නොතීසි! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
ඩිලන්ත විතානගේ මුස්ලිම් හිතවතුන්ට තම දුක කියයි! අන්වර් මනතුංග අප විසින් මෙම වෙබ්අඩවිය තුල “ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී!” යන උදෘතයෙන් පුවතක් පලකළා. එයින් අප බොදුබලසේනා සංවිධානයට අත්වී තිබෙන වත්මන් ඉරණම සහ ඩිලන්ත විතානගේ පත්වී තිබෙන දුක්ඛිත තත්වය හෙළිකලා. අප එම පුවත පලකලේ හුදෙක් ඩිලන්ත විතානගේ මහතා කෙරෙහි අනුකම්පාවෙන් බව පැවසිය යුතුයි. ඇත්තටම ඔහුට ආදරය කරන මිතුරෙකු සිටීනම් මේ පුවත බැලු පසුව ඔහුට මුදලින් ආධාර කරනු ...
මැලේසියානු මහකොමසාරිස් අන්සාර් මහතා දේශපාලනයට එන කතාව බොරු! අන්වර් මනතුංග එක්තරා අන්තවාදී සිංහල වෙබ්අඩවියක් විසින් “ගුටි කෑ මැලේසියාවේ මහකොමසාරිස් අන්සාර් බදුර්දින්ගේ පක්ෂයෙන් එන ජන්දෙට” යන උදෘතය යටතේ පුවතක් පලකරමින් පවසා තිබුනේ මැලේසියාවේ වත්මන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාහිම් අන්සාර් මහතා රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික කොංග්‍රසයෙන් දේශපාලනයට එන බවයි. එම පුවත මෙසේය. උපුටා ගැනීම ගුටි කෑ මැලේසියාවේ මහකොමසාරිස් අන්සාර් බදුර්දින්ගේ පක්ෂයෙන් එන ජන්දෙට මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතා ...
ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී! අන්වර් මනතුංග බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක යැයි කියාගන්නා ඩිලන්ත විතානගේ නම් තැනැත්තා ජීවත් වීමේ මගක් නැතිව ටියුෂන් දීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙනවා. වත්මන් යහපාලනය යටතේ යනඑන මං නැතිව තිබෙන බොදුබලසේනා සංවිධානයට කලින් ලැබුණු සියළුම ආධාර නැති වී තිබෙන බවට වාර්තා වෙනවා. මේ නිසා සංවිධානයේ එදිනෙදා කටයුතු මෙන්ම පනස් ගණනකට අධික ඥානසාර හිමිට එරෙහිව ඇති නඩු ප්‍රමාණයට වියදම් කිරීමටද මුදල් සොයා ගැනීම ...
පහරකෑමට ලක්වූ යාපනයේ දැරිය ගැන වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි! අන්වර් මනතුංග යාපනය කෝපායි නීර්වෙලි ප්‍රදේශයේදී අමානුෂිකව සිය මවගෙන් පහර කෑමට ලක්වූ දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද (23) යාපනය අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් කේ. අරියානගම් මහතා නියෝග කළේය. පහර කෑමට ලක් වූ දැරිය අද උදෑසන කෝපායි පොලීසිය විසින් යාපනය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ දැරිය අමානුෂිකව පහර කෑමකට ලක් වී ඇති බැවින් පහර කෑමෙන් ඇගේ ශරීරයේ ඇති වී තිබෙන ...
යාහූ සමාගමේ කෝටි පනහක ග්රාහකයන්ගේ දත්ත සොරකම් කරලා! අන්වර් මනතුංග සිය සේවා භාවිත කරන්නන් කෝටි පනහකට අධික පිරිසක ගිණුම් වලින් දත්ත සොරකම් කර ඇති බව යාහූ අන්තර්ජාල සමාගම පවසයි. රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ හැකරුන් කණ්ඩායමක් මෙම සොරකමට සම්බන්ධ බව පවසන යාහූ සමාගම, එය පරිගණක ඉතිහාසයේ විශාලම දත්ත සොරකම ලෙස හැඳින්විය හැකි බවත් සඳහන් කරයි. යාහූ අන්තර්ජාල සේවා භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු, රහස්‍ය පිවිසීමේ දත්ත, විද්‍යුත් පණිවුඩ ලිපින සහ සිය ...
අලුත්ගම මුස්ලිම් වෙලදසැලක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශයි! අන්වර් මනතුංග ඊයේ 22දා රාත්රියේදී අලුත්ගම නගරයේ මල්ලිකාස් නම්වු වෙලද සැලක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වෙනවා. අලුත්ගම සිට දර්ගා ටවුන් ප්‍රදේශයට යන පාරේ පිහිටා ඇති වෙලදසැල මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් පවත්වාගෙන යන්නකි. මෙම වෙලදසැලේ ගින්න කිසියම් ජාතිවාදී පිරිසකගේ ක්‍රියාවක්දැයි සැක කෙරෙනවා. මෙම වෙලද සැල මීට කලින්ද දෙවතාවක් ගිනිතබා ඇතැයිද වාර්තා වෙනවා. මුලින්ම 2006 වසරේදී ගිනිතබා ඇති අතර ඉන්පසුව අලුත්ගම සහ දර්ගා ...
අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ලට ඇප! අන්වර් මනතුංග අද උදෑසන කොළඹ 7 නිදහස් මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. ඔහු අද උදෑසන අත්අඩංගුවට ගත්තේ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන්. The post අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ලට ඇප! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් ...
දුමින්ද සිල්වාගෙන් අභියාචනයක්! අන්වර් මනතුංග මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඔහු මෙලෙස මරණ දඬුවමට ලක් වූයේ අධිකරණය විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග යි. The post දුමින්ද සිල්වාගෙන් අභියාචනයක්! appeared first on Anver Manatunga Sinhala Sri Lanka News Blog | අන්වර් මනතුංග සිංහල බ්ලොග් පුවත් අඩවිය. ...
අ.පො.ස සාමාන්‍ය පෙළ අසමතුන්ට උසස්පෙළ වරම්! අන්වර් මනතුංග සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ අනූව සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන අතර එමඟින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය ...
මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුරේ කොටස් SAITM ගෙනිහින්! අන්වර් මනතුංග කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසින් ඔහු එම තනතුරින් විශ්‍රාම යැමට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් රැගෙන ගිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ශරීරයෙන් ඉවත් කරගත් අස්ථි කොටස් ඇතුළු අස්ථි කොටස් පාර්සල් 15 – 20 ක් පමණ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ ...
වාස් ගුණවර්ධන ඇතුලු අටදෙනෙකුට අධිචෝදනා! අන්වර් මනතුංග මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධි චෝදනා භාරදී තිබෙනවා. ඒ අනුව මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 06, 07 සහ 08 යන දිනවල විභාග කිරීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබෙනවා. දැනට මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ...