කොටි අඩවියක කැලෑවක රාත්‍රියක් Nokie Katha නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . නාවික හමුදාවට බොහෝ කාලයකට පසුව තමයි නිත්‍ය සේවයේ කෙටි කාලීන අධිකාරිලත් (Regular Short Service Entry Commissioned) හමුදා නිලධාරීන් බදවා ගනු ලැබුවේ. ඒ වන විටත් නාවික හමුදා ස්වෙච්ඡා බලකායට බැඳී සිටි කටුබැද්ද සරසවියේ NDT හැදෑරූ සෝමතිලකත්, කටුබැද්දේ NDT ඩිප්ලෝමාධාරී සිරිමාන්නත්, පේරාදෙනිය සරසවියේ උපාධිය ලැබූ ඉංජිනේරුවන් වන කමල්, පද්මින් (වන්නි) හා ...
වෙඩි පුහුණුවෙන් කැලෑ පුහුණුවට Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .අප ඉතා ඉක්මනින්ම හමුදාණින්ම හමුදාකරණයට ලක් වෙමින් සිටියා. මා ඉන් අදහස් කරන්නේ හමුදාවේ නීති රීති රෙගුලාසි සහ සම්ප්‍රදායන් අප ග්‍රහණය කර ගනිමින් සිටි බවයි. නාවික හමුදා නිලධාරීන් ලෙස ඉදිරි ගමනක් යන්නට එය අත්‍යවශ්‍ය සාධකයක් වුණා. එසේම නාවික හමුදාවේ දෛනික වැඩපිළිවෙළට අප අනුගත වීම ඉතා ඉක්මනින් සිදුවුණා. උදේ ...
වැරදිලා හොඳ දත් ගැලවීම….. Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .නාවික රෝහල පිහිටා තිබුණේ පුහුණු විද්‍යා පීඨයට යාබදවයි. අපව කුඩා කණ්ඩායම් ලෙස ඊට සහභාගී කරනු ලැබුවා. මා විටින් විට මද දුරකින් නිතිපතා දුටු පුහුණු වන නාවික සෙබළිය හා කතාබහ කරන්නට ලැබුණේ මෙසේ රෝහලට ගිය විටයි. ඇයත් පැමිණ සිටියේ වෛද්‍ය පරීක්ෂණ සඳහායි. ඒ මා විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදී මහනුවර ...
නාවික හමුදාවට කෙල්ලො ඇවිත්…! Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .හමුදාවේ සමහර නිලතල ඉංග්‍රීසියෙන් ලියන ආකාරය අප මුලදී නොදැනුම්වත්කමින් උච්චාරණයේ දී වැරැද්දූ අවස්ථා මෙහි සඳහන් කරන්න කැමතියි. Lieutenant යනු ලුතිනන්වරයායි. එම වචනය උසුරුවන්නේ ලෙෆ්ටිනන්ට් කියායි. ඒත් මුලදී අප කියෙව්වේ ලියුටිනන්ට් ලෙසයි. එසේම කර්නල් යන නිලය ඉංග්‍රීසියෙන් ලියන්නේ Colonel ලෙසයි. එය කොලොනෙල් ලෙස අකුරු දෙස බලා උච්චාරණය කළ ...
ආයෙත් වතාවක් රැග්වීම Nokie Katha ආයෙත් වතාවක් රැග්වීමමා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් .ලුතිනන් කොමාන්ඩර් අබේසේන තමයි අලුතින් බඳවාගත් නිලධාරීන් කණ්ඩායමේ Divisional Officer නැතහොත් අංශ භාර නිලධාරියා වුණේ. නිලධාරීන්ගේ සිට නැවියන් දක්වා බඳවා ගන්නා හැම කණ්ඩායමකටම Divisional Officer කෙනෙක් බැගින් පත් කොට තිබුණා. පසුකාලීනව මාත් Divisional Officer කෙනෙක් විදිහට නැවියන් කණ්ඩායම් කිහිපයක්ම පුහුණු කළා. ඒ කතා පසුවට.පුහුණුව කාලයේදී ...
රැවුල සහමුලින්ම බෑවෙමි Nokie Katha මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් ......රැවුල සහමුලින්ම බෑවෙමිමම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අක්බාර්-නෙල් ශාලාවේ පඩි පෙළ බසිමින් සිටියෙමි. ඒ මීට වසර තිස් පහකට පෙර විශ්වවිද්‍යාලයෙන් නික්මීමෙන් පසු තවත් වසරක් ගෙවුණු තැන දෙසැම්බර් මාසයේ එක්තරා දවසකදීය. මා නැවත පැමිණ සිටියේ මා අසමත් වීම හෝ පෙනී නොසිටීම නිසා නැවත ලියන්නට සිදු වී තිබූ දෙවන, තෙවන හා ...
"දැකල පුරුදු කෙනෙක්" ගැන සංක්ෂිප්ත සටහනක් .. Nokie Katha බූපති නලින් වික්‍රමගේ රචනා කළ තිරනාටකයට අනුව මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය සිංහල සිනමාවේ මා මෙතෙක් නරඹා ඇති විශිෂ්ටතම චිත්‍රපටයක් විදිහට නම් කරන්නට කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මේ චිත්‍රපටය මූලික වශයෙන්ම කතා සංකල්පයෙන් සහ තිර නාටකයෙන් ජය ගත් චිත්‍රපටයක්. තිරනාටක වෙනුවෙන් ඔවුන් බොහෝ වෙහෙසෙන්නට ඇතැයි මා සිතනවා. ඒ වගේම එම්.ඩී. මහින්දපාල වැනි ප්‍රවීණ කැමරා ශිල්පියකුගේ දායකත්වය ඉතා අගනා ...
“නිදහස් අධ්‍යාපනය“ සමඟම “අධ්‍යාපනයේ නිදහස“ සුරකිමු. Nokie Katha දැනට දශක කීපයකට පෙර පාසල් අධ්‍යාපනය ලබද්දී හා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙද්දී මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීම ගැන අප වෙත වූයේ අල්ප දැනීමකි. සාමාන්‍ය පෙළ දක්වා කිසිදු විෂයයක් (ශිෂ්‍යත්ව පංතිද ඇතුළුව) සඳහා අප පෞද්ගලික උපකාර පංති ගියේ නැත. සාමාන්‍ය පෙළ පවා ඉංග්‍රීසි හා විද්‍යාව විෂයයන්ට පමණක් කෙටිකාලීන පුණරීක්ෂණ පංතියකට ගියා මතකය. එසේ නොගියවුන්ද බොහෝය.එකල සමහරුන් උසස් පෙළ සඳහා ටියුෂන් ගිය නමුදු ...
කාගෙ කාගෙත් කිල්ලෝට වල "කුණු" Nokie Katha 'කුණු' තමන්ගේ පර්යේෂණ විෂය පථයට අයත් කොට ගත්, එසේම සිය පශ්චාත් උපාධිය (මාස්ටර්ස්) කසල කළමණාකරණය හා ලෑන්ඩ් ෆිලින්ග් ගැනත්, ආචාර්ය උපාධියෙනුත් තරමක ප්‍රමාණයක් ඒ ගැන පර්යේෂණ කිරීමෙනුත් පර්යේෂණ පතිකා කිහිපයක්ම ලියා පලකර ඇති අපගේ මිතුරියක් වන දැනට ඕස්ට්‍රේලියාව පදිංචි සමුද්‍රා ජයලත් ෆේස්බුක් හි පළ කළ මේ අදහස් සමග මගේ අදහස් කිහිපයක්ද මෙවර නොකී කතාවට ඇතුළත් වෙනවා."අවාසනාවකට වගේ අපේ ...
ලයිෆ් එකට එරෙහිවූ Life Nokie Katha ලයිෆ් ටී.වී. චැනලය ආරම්භ කිරීමට බොහෝ දේ කැප කොට දල්වා ගත් බලාපොරොත්තු සුන් වී යාම පැත්තකින් තැබුවත් රැකියාවකට බඳවා ගත් පිරිසක් පිළිබඳ වගකීම් විරහිතව කටයුතු කිරීමට නොහැකි හෙයින් අර්ථපතියන් කට්ටි පනින්නට උත්සහ කරන හෙයින් මේ අවනඩුව මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කරන්නට තීරණය කළා.ඒ වෙනුවෙන් වූ ප්‍රථම පියවර ලෙස මා හා සාකච්ඡාවක් කළ ප්‍රියන්ත ලියනගේටත්, "සත්හඬ" පුවත්පතේ 'සිහිනය' අතිරේකයේ සංස්කාරක විමල් කැටිපෙආරච්චිටත් ...
ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්.... Nokie Katha ලයිෆ් ටී.වී. අවුලට ඌණ පූරණයක්....මම මාධ්‍ය ආයතන කීපයක සේවය කළා. නමුත් එකකින්වත් මාව අයින් කරල නෑ. නැත්නම් අයින් කරන කල් එල්ලිලා ඉඳල නෑ. ඒකට හේතුව මට පවතින්න පුළුවන් බවට දැඩි ආත්ම විශ්වාසයක් තිබීම.මම අවුරුදු 10 ක විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වෙලා ස්වර්ණවාහිනියට එද්දි හිතවතුන් කිව්වෙ නැවත හිතා බලන්න කියලයි. විශ්වවිද්‍යාලය වගේ තැනක රැකියාව ලබා ගන්න ඒ තරම් ලේසි නෑ නේද කියලයි. ...
සම්මාන හා අවමාන -3 නොහොත් දේශපාලුවන් පොර කිරීම Nokie Katha බ්ලොග් සම්මාන දෙන නෙළුම් යාය සම්මාන උළෙල ගල්, මුල් හා මුල් මැද තුන් වන වතාවටත් පවත්වන්නට යෙදුණ මොහොතක සම්මාන ගැනත්, සම්මාන අස්සේ සිදුවන අවමාන ගැනත් මෙතෙක් මා ලද අත්දැකීම් මත නොකී කතාවක් ලියන්න ගත්තා. ඒත් කතාව දිග වෙන නිසා කොටස් දෙක-තුන බවට පත් වුණා. අද ලියන්නේ අවසාන කොටසයි.පෙර ලියූ කතා වල link මෙසේයි.සම්මාන හා අවමානසම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් ...
සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන Nokie Katha සම්මාන හා අවමාන ගැන තවදුරටත් කියන්න හිතුවෙ පහුගිය බ්ලොග් එක අවසන් කළේ මෙහෙම නිසයි.මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්. ගොඩක් වෙලාවට හිතෛෂීන්ගෙ ඉල්ලීම් ඉවත දාන්න බැරි වුණාම.හැබැයි මට සම්මානයක් තිබුණොත් දේශපාලකයො වගේ අනාථ වෙච්චි උන්ගෙන් සම්මාන ගන්නෙ නං නෑ..එකම වතාවයි එහෙම අරං තියෙන්නෙ. බොහොම කාලෙකට ඉස්සර.ඒ කතාවයි, තවත් සම්මාන-අවමාන කතායි මී ළඟ "නොකී කතාව" ට පාදක වෙනව. මුලින්ම මට ...
සම්මාන හා අවමාන Nokie Katha සම්මාන ගැන හදිසියේ මතක් වුණේ බ්ලොග් ලියන්නන්ට සම්මාන දෙන "නෙළුම් යාය" සම්මාන උළෙල නුදුරු දිනෙකදී පැවැත්වෙන බව දැක්කමයි. හැබැයි මේ කතා කරන්න යන්නෙ ඒ ගැන නොවෙයි. පොදුවේ සම්මාන ගැන.සම්මාන විවිධාකරයි. විවිධ අරමුණු මත විවිධ පුද්ගලයින් හා සංවිධාන නොයෙකුත් ක්ෂේත්රයන්හි සම්මාන පිදීම අරුමයක් නොවෙයි.ඒ වගේම සම්මානයක් ලැබෙන්නේ නම් දෙන්නේ කවුද, කවර පරමාර්ථයකින්ද යන්න වැදගත් සේ නොසළකා සම්මාන ගැනීමද අරුමයක් නොවෙයි.ලී හෝ ...
අහෝසි කරමුද ? නියාමනය කරමුද ? Nokie Katha SAITAM කියන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. සල්ලි ගෙවලයි ඉගෙන ගන්න වෙන්නෙ.ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට රිංගන්න A/L වියසිදුරෙන් අහස දකින්නට බැට කන දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලයකට සල්ලි පූජා නොකොට රට ඇතුළෙම ඉගෙන ගන අවස්ථාවක් සයිටම් විශ්වවිද්‍යාලෙන් ලබා දීල තියෙනව.එහි මේ ආකාරයේ පාඨමාලා පවත්වා උපාධි ප්රදානය කරනව. ඒ සයිටම් ගැන කෙටියෙන්. නැත්නම් මේ සටහන වෙළඳ දැන්වීමක් වෙනව. ඒත් ඔය ටික නොකිය මාතෘකාවට එන්න බෑ.ඔය අතරවාරෙ ...
මරිමෝඩ නාවික සෙබළා Nokie Katha රජීව් ගාන්ධිට හමුදා පෙරෙට්ටුවක් නිරීක්ෂණය කරන මොහොතකදී රයිෆල් බඳෙන් පහර දීමේ සිද්ධිය මතකයට ආවේ ඒ මරිමෝඩ වැඩේ කළ නාවික සෙබළා සිවිල් පුරවැසියෙකු ලෙස අත් අඩංගුවට ගැනීමට කරුණු කාරණා යෙදී ඇති මොහොතකයි.ඒ සමඟම මගේ මතකය වසර තිහකට එහා අතීතයට දිවෙනවා.සමහර විට කෙදිනක හෝ මා අතින් ලියැවෙන්නට ඉඩක් නැති එක්තරා සුවිශේෂී හේතුවක් මත නාවික හමුදා නිලධාරියෙකු ලෙස අධිකාරිලත් මිලිටරි හමුදා සේවයට බැඳුණු ...
සේකර විකුණාගෙන කෑම Nokie Katha සති ගණනාවකට පෙර සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ කටවුට් එකක් නාත්තන්ඩිය නගර මධ්‍යයේ සවිකොට තිබුණා. එහි ඉහළින්ම වූ විශාල පිංතූරය මහගම සේකරගේ. ඊට පහළින් "කවුද? සේකර?" යනුවෙන් ලොකු අකුරකින් සිත්තම් කොට තිබුණා. පහළින්ම තිබූ ඡායාරූප තුනෙන් එකක් යටින් 'ප්‍රවීන ගීත රචක, සාහිත්‍යවේදී ආචාර් ය රත්නශ්‍රී විජේසිංහ' ලෙසින් සඳහන් වූවාසේම එහි උන්නේ අප දන්නා හඳුනන අපේ යුගයේ විශිෂ්ට කිවිවර රත්නශ්‍රී මයි.රත්නශ්‍රී නාත්තන්ඩිය ...
තලියේ කිඹුලන් දැකීම නොහොත් මහින්ද චින්තනය වටේම කරකැවීම Nokie Katha අප හිතමිත්‍ර ගුණසිරි සිල්වා සරසවි සම්මාන ගැන "සත්හඬ" පුවත්පතට ලියා තිබූ අදහස් අවිවේකී බව මැද්දේ වුවද යළි මෙනෙහි කරන්නට සිතුණේ සරසවි සම්මාන උළෙල රූපවාහිනියෙන් නැරඹූ පසුවය.සම්මාන උළෙල ගැන නම් කියන්නට තිබෙන්නේ එය අජූත ඉදිරිපත් කිරීමක් බවය. සංගීතාට නම් නිවේදන කටයුතු බැරි බව දන්නා නිසා ඒ ගැන පුදුමයක් නැත. ප්රශ්නය ඇය මේ නොගැලපෙන වැඩේට තෝරා ගත්තේ කවුරුන්ද කියාය. එහෙත් කමල්..? කමල් ...