ඔයා මට ඇත්තටම ආදරෙයිද? වල්පල් “ඔයා මට ඇත්තටම ආදරෙයිද?”ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා“ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි”ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා.මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි.ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය?පොහොසත් පවුලක තරුණියක් තමාගේ විවාහක සැමියා ඉඳිද්දි අහම්බෙන් හමුවෙන දුප්පත් කොල්ලෙක් එක්ක ආදරයෙන් වෙළෙනවා. ඇයගේ පොහොසත් ...
තරිඳු මල්ලිගේ කථාව වල්පල් “අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?” හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය. කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි....මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම ...
ඉන්ටර්නැෂනල් ගොඩයො වල්පල් සාමාන්‍යය කටවහරින් "පොෂ්" සහ "ගොඩේ" කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ.. ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව "ගොඩේ" කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් "පොශ්" කියලා තමන්ව හදුන්වා ගන්න කණ්ඩායම විසින්, තමා "පොශ්" ය කියලා ඒ අය අදුන්ව ගන්න චර්යාව වෙන්කර හදුනා ගන්න අවශ්‍ය නිසා, තමන් "පොශ්" වෙද්දි තමන්ගේ චර්යාවෙන් පිට පිරිසව "ගොඩේ" කියලා හදුන්වනවා. ෆේස් බුක් එකේ ඉන්න උඹලා අපි වගේ "පොශ්" ...
සුදු සහ කළු වල්පල් ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..? සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්... ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත.. අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ...
මහදැනමුත්තෝ හෙවත් ස්පෙශල් පොරවල් වල්පල් මොවුන් සාමාන්‍ය මිනිසුන් ගෙන් වෙන් වූ විශේෂ යැයි සැලකෙන අතිවිශේෂ සැලකිලි ගරුබුහුමන් ලබන පිරිසකි. මුළු සමාජයකටම හොඳ සහ නරක කියා දෙන්නේ මොවුන්ය. ආහාරයට ගත යුතු දේ නොගත යුතු දේ, ආහාරයට ගත යුතු මස් මාංශ, නොගත යුතු මස් මාංශ, ඝාතනය කල යුතු සහ නොකල යුතු සතුන් ගැන කියා දෙන්නේ මොවුන්ය. කාන්තාවන් ගේ ඇඳුම් භාවිතය සහ රෙද්දවල් වල දිග පළල තීරණය කරන්නේ ...
එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න ! වල්පල් ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති ...
~මුරලිගේ අයිතිය වෙනුවන්~ වල්පල් මුරලි මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් නෙමේ. ඇත්තම කියන්නම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ මම අකමැතිම ක්‍රීඩකයෙක් මුරලි.. නෑ... එහෙම නෙමේ.. ලංකාවෙ කණ්ඩායමෙන් මම අකමැතිම මනුස්සයෙක් මුරලි. මම සචින් තෙන්දුල්කාර්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම්ට කැමතියි වගේ, මුරලිට වඩා මම චමින්ද වාස්ට කැමතියි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවෙ කණ්ඩායම වෙනුවෙන් මෙච්චර කඩුළු ගත්ත, ලෝක පූජිත අග්‍රගන්‍ය ක්‍රීඩකයා වෙච්චි මුරලිට අකමැති ඇයි කියල. ඒක අකමැත්තක් කියල හඳුන්වනවට ...
අප්සරා වල්පල් ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත."බොන්නෙ නැද්ද?"මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.මම අමාරුවෙන් වචන ගලපමින් යමක් ...
මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං වල්පල් සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ...
දරුවන්ට නොගහා හොඳ පුරවැසියන් බිහි කරන්න පුළුවන්ද? වල්පල් පළවෙනි දේ,"මාව අම්මලා හැදුවේ ගහලාය. මම හොඳය. එනිසා ළමයින්ට ගහන එක හොඳය"කියන සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා දරුවන්ට ශාරීරිකව වද දීමේ හොඳ නරක ගැන කතා කරන්න නම්. මොකද ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට අනුව තමා හොඳ කෙනෙක් තමා. ඕක මේ සටහන කියවන අයියලට අක්කලට විතරක් නෙමේ. බඩේ බෝම්බයක් බැඳගෙන තමාව පුපුරගන්න හදන ඉස්ලාම් අන්තවාදියටත් පොදුයි. එනිසා ඒ සූත්‍රය පැත්තකින් තියමු මුලින්ම.මෙතන ...
"වල් සීන් නැති මොනව හරි කියහල්ලකො උඹලට පෙන්නන්න" වල්පල් ඔබේ අදහස් + අපේ අදහස් = අළුත් අදහස්♫ ♫ විකාශයට සුදුසු සමාජයට හානි පමුණුවන්නේ නැති ඉංග්‍රීසි රූපවාහිනී නාට්‍ය මාලාවන් කිහිපයක් නම් කරන්න.ඔය "ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation" ෆේස් බුක් පේජ් එකේ මීට දවස් දෙක තුනකට කලින් දාලා තිබ්බ පෝස්ට් එකක්.ඉංග්‍රීසි චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා බලන එක විනෝදාංශයක් කරගත්ත මම මේ වගේ දේවල් ගැන බුකියේ කතා කරන්න පට්ටම ...
කළු ගිරවා වල්පල් අහස වැහි අන්ධකාරයෙන් පිරිලා. කළු ගිරවා වටපිට බැලුවා මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා, රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්, පාට පාටින් කලවං වෙච්චි යායක්.. වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ගිරවට ...
ෆේස් බුක් ලයික් වලින් ජීවිත බේරා ගැනීම වල්පල් "ප්‍රාර්ථනාව බලසම්පන්නයි ඔබත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න" තරුණියක් හදිසි අනතුරකට මුහුණ දීම නිසා එකතැන් වෙලා. ඇයගේ පින්තූරයක් එක්ක ශෙයාර් වෙන පෝස්ට් එකක උඩින් දාලා තිබ්බා ඔහොම. පුළුවන් තරම් ලයික් කරන්නලු, ශෙයාර් කරන්නලු, සුවය ප්‍රාර්ථනා කරන්නලු.. එතකොට ඇය ඉක්මනින් සුව වෙයිලු. මේවට තමයි අධිසදාචාරවාදී දුහුල් සළු වලින් තමාගේ හෙළුව වහගන්න දතකන මැටි වහන්සේලාගේ සුචරිතවාදී ගොන් පාර්ට් කියන්නෙ මීට ටික කාලයකට කලින් ...
වැලිකඩ සිරකරුවන් සුදු වෑන් යැවීම වල්පල් මීට ශතවර්ෂ ගාණකට කලින් ම්ලේච්ඡ ක්‍රියාවල නිරත වුන අපරාධකරුවො කියල සැලකුන මිනිස්සුන්ට සමාජයෙන් උත්තර දුන්නේ ම්ලේච්ඡ ක්‍රම වලින්මයි.ඇතුන් ලවා පාගා මැරීම... කිඹුලන්ට, මෝරුන්ට කන්න දැමීම, විෂ සහිත ගෝනුස්සන්, සරපයන් ලවා දෂ්ඨ කරවීම.. පණ පිටින් හමගැසීම.. වතුර, තෙල්, තාර බැරල් වල දමා නටන තුරු රත්කර මරා දැමීම.. පණපිටින් වැළලීම.. පණපිටින් පුළුස්සා දැමීම.. කුරුසියේ ඇණ ගැසීම.. දියේ ගිල්වා මරා දැමීම.. උස් තැන් ...
මනුසත්කම පිරි යුධ සෙබළා වල්පල් මනුස්සකම තියෙන යුධ සෙබලා කියන එකත් මාර කන්සෙප්ට් එකක් නේද?දැන් මෙතන සෙබළා කියන භූමිකාව රඟපාන, රණවිරුවා කියන දේශපාලනික සංකේතය පිටිපස්සේ හැංගිලා ඉන්න හොඳ වැඩ කරන, නරක වැඩ කරන, ජඩ වැඩ කරන, නරුම වැඩ කරන, මෝඩ වැඩ කරන, ඊර්ෂ්‍යා කරන, ආත්මාර්ථකාමී අපි වගේම ලේ ඇට නහර වලින් හැදුන මිනිහාගේ පපුවට “මනුස්සකම තියෙන යුධ සෙබළා” කියලා තවත් පදක්කමක් ඇලෙව්වාම හරිද?සෙබළා කියන සංකල්පය ...
වීරයා මැරිලා..පිය සටහන් මැකිලා.. වල්පල් දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි.අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි.අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි.අසාහය වීම යනු එකකි. විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි.ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද දක්ෂයා දක්ෂයා ලෙස හඳුනා ගෙන ...
සිද්ධාර්ථ ගෑණියි ළමයයි දාලා ගිය බයගුල්ලෙක්ද? වල්පල් සිද්ධාර්ථගේ පළා යෑම බොහෝ අබෞද්ධයන් සෘණාත්මක දෙයක් විදියට අරුත් ගන්වද්දි බෞද්ධයන් හැමවෙලේම එය දකින්නේ ඔවුන් විසින් සාධාරණීයකරනය කල යුතු දෙයක් විදියට. ඒත් පළායෑම හෙවත් මේ කාරණයෙදි මම දකින විදියට ‘සිස්ටම් එක මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම’ සෘණාත්මක දෙයක් හෙවත් නෙගටිව් දෙයක් විදියට දකින්න උවමනා නැහැ. ඇත්තටම බැලුවොත් සිස්ටම් එක හදන්න දඟලන එක අවසානයේදී නවතින්නේ වියරුවකින්. ඔය ඇම්ම තුළ සමූහයක් විදියට ගත්තම ප්රයෝජ්ය ...
ආරාධනා වල්පල් හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් !"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලාවලා රොදක සැගවිලා.. අපේ මියුරු පෙම් කතා අසා සිටිනවාඅසා.. සිටිනවා..."ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය..ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා...ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න"හදාගන්න ඕනි ප්ලේන්ටියක්.." මගෙ හිත මටම කියා ගත්තාහිත එක තැනක තියා ගන්න පුළුවන් කාටද? ...
එදිනෙදා ඇහෙන මෝඩ කතා #1 වල්පල් "හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්.ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි.කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න හරි ප්‍රකාශය කරන්නා සතු "අධිකාරී බලයේ" ...
මරණීය දණ්ඩනය එපා ! වල්පල් මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු ...