දිව්‍යලෝකයේ wifi නැත්තෙ ඇයි? වල්පල් හැම ආගමකම දිව්‍යලෝක නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ කාල වල තමන් ‘සැප’ කියල හිතන් හිටිය දේවල් අතිශෝක්තියෙන් දැක්වීම මඟින්. ඒ නිසා ඔය ඒ ඒ කාලවල සැපවල් වර්තමානයට ගෙනත් දැම්මම ඒවායේ තියෙන මැජික් ගතිය නැති වෙලා යනවා. එතන තියෙන්නෙ ආගමිකයන් නොදකින නොගැලපීමක්. උදාහරණයකට ක්‍රිස්තියානි දිව්‍යලෝකය (ස්වර්ගය) ගමු. ක්‍රිස්තියානි දිව්‍යලෝකය තියෙන්නේ සදාකාලයටම. ඇතුළු වුනොත් ඇතුල් වුනාම තමයි. ආයෙ ඒමක් නෑ. තමාගෙ ප්‍රියයන් ...
ගෙදර බුදුන් අම්මාව දොට්ට දාන්න වල්පල් ඔය හරක් ඉන්නව නේද?උන් ඉපදුන දවසේ ඉඳල කරන්නේ මිනිස්සුන්ගේ බැලමෙහෙවරකම් කරන එක. බර අදින එක, කුඹුරු හාන එක, නගුලෙ බඳින එක. උන්ගේ පැටවුන්ට තියෙන කිරි ටිකත් මිනිස්සුන්ට දෙන එක..ඔය වැඩ ටික කරගන්නෙ , ගස් වල බැඳලා, නාස් ලණු දාලා, ලාඩං ගහලා අරක මේක ඔක්කොම කරලාකොහොම හරි...බලෙන් !මිනිස්සු කරන්නේ උගෙන් ගන්න තියෙන වැඩ උපරිමයට අරගෙන, දෙන්න තියෙන දස වද ඔක්කොම දීලා, ...
අඳුරෙන් එළියට වල්පල් “ආච්චි දඹදිව යන්නද යන්නේ?”“ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ”“ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්”ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ පොත් ගොඩේ ඇති පොතක් කියවමිනි. ඇය විසින් කියවන ...
අරක්කු නොබොන බේබද්දෝ වල්පල් "අඩෝ, මං බොන්නෙ නම් නෑ. බයිට් ටික ලෑස්ති කරල තියහන් ඈ"යාලුවෝ එක්ක ෂොට් එකක් දාන්න සෙට් වෙද්දි එතනට හේත්තු වෙන නොබොන උන් කියන කතාවක් තමා ඔය. විහිලුවක් විදියට කිව්වට ගොඩක් වෙලාවට ඔය කතාව ඇත්තක්.නොබොන උන් ඇත්තටම කරන්නේ ඇවිත් බයිට් ටිකට කෙළවන එක තමා. දැන් නම් ඕක එච්චර නොදැනුනාට ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් කාලේ, ඒ කියන්නෙ ලාච්චු වල තියෙන මාරු කාසි ...
මිතුරිය වල්පල් ඇය මගේ මිතුරිය වූවාය.නමුත් ඇය මගේ ළඟම මිතුරිය වූයේ නැත.එසේ වුවද මගේ ප්‍රියතම මිතුරිය වූයේ ඇයයි.ඒ මන්දැයි මම කල්පනා කලෙමි.ඇයගේ පෞරෂය,ස්වාධීන බව,වගකීම් සහගත පරිනත හැසිරීම,දිනෙන් දින මා සිත් ගත්තේය.ඇයගේ සිනහව අව්‍යාජ විය.සිනහ නොමසෙන් දසන් දක්වා, ඔවදනඈ කිසිදිනෙක අසා නැත්තා සේය.ඇයගේ කටහඬ, කතා විලාශය, ගමන තුළින්සිරකරනු ලැබූ තරුණියක් මා දුටුවේ නැත.ඒ නිදහස තුළ මා දුටු ඇයගේ අව්‍යාජ සෑබෑ පෞරෂයඇය කෙරේ මගේ ...
පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම ගැන වල්පල් අතිශය කාර්යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත.කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ආරූඩ ...
ඩිවෝස් එක හෙට නෙමේ අද වල්පල් "පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ" ....අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙහැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ ...
අප්සරා වල්පල් ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත."බොන්නෙ නැද්ද?"මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.මම අමාරුවෙන් වචන ගලපමින් යමක් ...
දෙබස් වල්පල් පිං කාරයා - රැඩිකල් වෙන්න කියල අම්මව වුනත් වටේ යවන පො*නයො එක්ක කොහොමද බං අපි අපේ සංස්කෘතිය රැකගන්නෙ?පව් කාරයා - රැඩිකල් වෙන්න හදන උන් එහෙමද ආයිබෝං? මම දන්න විදිහට බුදුහාමුදුරුවොත් ඒ කාලේ තිබ්බ සමාජ ක්රමයේ හැටියට සෑහෙන රැඩිකල් අදහස් තිබ්බ කෙනෙක්.. ඒ කියන්නෙ උඹ කියන විදියට බුදු හාමුදුරුවොත්... එක්කො ඕන්නෑ !@#$%^&*-----පිං කාරයා - උඹ දන්නවාද උඹ මේ විරුද්ධ වෙන්නේ අවුරුදු ...
ඉරාජ් වල්පල් කාලයක් තිබ්බා.කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධනොවුන.එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.ගොඩක් ඉස්සර.පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තාමැරෙන එකේ අවුලක් නෑ.පණපිටින් මැරෙන එකයි අවුල.ඊටත් ...
රැග වල්පල් රැග් කරන්නේ සමානාත්මතාවය ඇති කරන්නලු.......සමූහයක් විදියට වැඩ කරන හැටි කියල දෙන්නලු.......ජීවිතයේ අවුරුදු 18ක් 19ක් පාසලක ඉගෙනගෙන මූලික විෂය කරුණු ගැන දැනුම අරගෙන විභාග ලියලා විශ්ව විද්‍යාලයකට යන්න සමත් වෙන වැඩිහිටි කොටසකට.......රටේ සතරදිග්භාගයෙන් විවිධ පාසැල් සහ සමාජ මට්ටම් වලින් පැමිණෙන අය අතර තිබිය යුතු සමානාත්මතාවය ගැන කියල දෙන්න අමුතුවෙන් රැග් කරන්න ඕන නම්,එතනදි අපිට ප්‍රශ්න කරන්න වෙනවා මේ අයට අවුරුදු ගාණක් ...
ක්‍රීඩාව - මිනිසුන් මුළා කිරීමේ උපකරණයක්ද? වල්පල් ශිෂ්ඨාචාරගත ලෝකය විසින් කුකුල්ලු, නයි වැනි සතුන් එකිනෙකා කොටවා නැරඹීමෙන් සතුටු වීම, ඔට්ටු දැමීම මහා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සලකයි. ඒ ශිෂ්ඨාචාරගත ලෝකයම ලණුවකින් වටකරන ලද කවයක් මැදට දැමූ මිනිසුන් දෙන්නෙක් එකිනෙකාට පහර දී අනෙකා ශාරීරිකව අඩපන කරන ක්‍රියාවකට 'ක්‍රීඩාව' කියා නමක් තබා මහා ඉහළින් උනන්දුවෙන් පිළිගනියි. කවුරුන් කාට පහරදී ජයගනීද ඇස් දල්වාගෙන බලාසිටියි.එයත් එක අතකින් ආච්චිගේ ශිෂ්ඨත්වයකි.===ආගම, වාර්ගික/කණ්ඩායම් හැඟීම වැනි ...
වැඳීම - ජාතියක නිවට බවේ සංකේතය වල්පල් නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා 'වැඳීම' කියල කියන්නෙ.සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ.අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් තමන්ට වඳින්න කුඩා දරුවන්ට පුරුදු කරනවා. එවැනි ...
කලාකරුවා නම් වූ යාචකයා වල්පල් “කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු”ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි."අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන මිනිස්සු නෙමේ අපි"ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතාය.බහුතරයක් කලාකරුවන් තමාව හඳුන්වාගන්න කැමති එසේය. සමාජය ඉදිරියේ තමාගේ ප්‍රතිරූපය හෙවත් තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එසේය.ඔවුන්ගේ කැමැත්ත තමන් සමාන්‍යයන්ගෙන් වෙනස් අමුතුම මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වා ගැනීමටය. ...
පහත් තැනින් යයි ගලා ජලේ වල්පල් තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ ...
එන්න මිතුරනි, ඉරාජ් ගූ කනවා බලන්න එන්න වල්පල් ඉරාජ් කියන පුද්ගලයා නිර්මාණකරුවෙක් විදියට වැටෙන්න තියෙන පහත්ම තැනට වැටිල ඉවරයි කියලයි මං මෙච්චර කල් හිතන් හිටියෙ. මම හිතන් ඉඳල තියෙනව වැරදියි.අද ඉරාජ් "නිර්මාණකරුවෙක්ට වැටෙන්න පුළුවන් පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කලා. ඉරාජ් දැන් කාලයක් තිස්සේ එන්න එන්නම ඒ "පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක තවත් වෙනස් කරමින් ඉන්නවා.අපි හිතද්දි කලාකාරයෙක්ට මීටත් වඩා කුජීත වෙන්න බෑ කියල, ඉරාජ් කියනවා "නෑ ...
බුද්ධිමත් ජනතාවෙනි, ජහ ජහ ! වල්පල් ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.!දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු ජනතාවටම මතක් කරදෙයි. ජනතාවගේ බුද්ධි මහිමයේ ...
දිනපොත වල්පල් කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ. "නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?"අඳින්න කියල හරිහමන් ඇඳුමකුත් නැහැ. කමක් නෑ. හැමදාම ...
අලුත්ම ලින්ක් එක තියෙනවා. ඕනෙද? වල්පල් “උඹ චයිල්ඩ් පෝර්න් බලනවද?.. ලින්ක් එකක් තියෙනවා එවන්නද?” මීට වසර කිහිපයකට පෙර චැට් වින්ඩෝ එකකදී මගෙන් ඒ පැනය ඇසුවේ පාසල් වියේදී මාගේ මිතුරෙකුව හිඳ වසර ගණනකට පසු මුහුණු පොත හරහා නැවත කුළුපගු වීමට පටන් ගත් පුද්ගලයෙකි. පාසල් වියේදී මිතුරන්ගේ නිවෙස් වල එකතු වී වැල බැලීම පුරුද්දක් කරගෙන සිටි නිසා වැඩිහිටියන් වීමෙන් පසු තවත් සීමා මායිම් තරණය කිරීමක් ගැන අත්දැකීමක් මා ...
Wedding වසංගතය වල්පල් තමා සන්තකව ඇති මුදල් නැති නාස්ති කරගනිමින් සිය අනාගතය උදෙසා ඉතිරි කර ගත යුතු වත්කම් කාබාසිනියා කරගනිමින් හතර අතේ ණය වෙමින් විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ලක් වත්මන් සමාජයේ නිර්මාණය වූයේ කෙසේද යන කරුණ පැහැදිළි කිරීමට මා හට දැනුමක් නැත. එහෙත් වර්තමානයේ නිර්මාණය වී ඇති මේ රැල්ල දිනෙන් දින කූට වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට පත් වී ඇති හෙයින්ද අහිංසක මධ්‍යම පාන්තිකයන් දැන ...