බලහත්කාරයෙන් කරකාර බැන්දවීම වල්පල් “මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල” කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්. මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි, “දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ආරක්ෂා ...
කයිවාරු, පම්පෝරි, ඕපාදූප.. මරු පොට් එක ! වල්පල් මීට අවුරුදු පහළවක් පමණ ආපස්සට යමු ; මිනිස්සු ආසයි තමන්ගේ ජීවිත ගැන අනිත් අය ඉස්සරහා කයිවාරු ගහන්න, තමා ජීවත් වෙන විදිය ගැන අනිත් අය ඉස්සරහා බොරුවට හරි ඇත්තට හරි මවාපාන්න, තමාගේ ජයග්‍රහණ ගැන.. තමන්ගේ ප්‍රියයන්ගේ ජයග්‍රහණ ගැන අනිත් අයට කියන්නඒක ඉතින් එදා ඉඳලම එහෙමයිමීට අවුරුදු පහළවකට විතර කලින් අපි අපේ නෑදෑයෝ එක්ක එකතු වෙච්ච වෙලාවල් වලදි.. යාලුවෝ සෙට් එක එකතු ...
යකට පොලු වලින් ගැලවුන ප්‍රගතශීලි සයිබර මතවාදීන්ගේ රෙද්ද වල්පල් පහුගිය ආණ්ඩුව කාලේ උද්ඝෝෂණකරුවන්ට අමානුෂික විදියට පහර දෙද්දි මමත් ඇතුළුව සයිබරයේ ඈයෝ පාලනයෙන් තොර අවස්ථා බවට පත් වුන උද්ඝෝෂණ විසුරුවා හරින හැටි ගැන හෙණ විදග්ග සාකච්ඡා කලා පෝස්ට් දැම්මා මතකයි.උද්ඝෝෂණ කිරීමේ අයිතීන් වෙනුවන් යුනිකෝඩ් කෙටුවා මතකයි.උද්ඝෝෂණයක් පාලනයෙන් තොර අවස්ථාවක් වුනාම පොලිසිය ගිහින් උන්ට මල් වට්ටි දික්කරල දණ ගහල වඳින්න ඕනෑය කියනවා නෙමේ,ඒත් යකඩ පොලු ???කෝ දැන් ඒ විදග්ග සාකච්ඡා? කෝ ...
මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද? වල්පල් තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්රශ්නය අහන්නෙ..ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න තරම් මෝරලා නැති පොඩි එකෙක්ව වැඩිහිටියන් එකතු වෙලා මහණ කරනවට උඹ එකඟ නම්,ඇයි ඔය කියන ශාසනය රැකගන්න උඹට මහණ වෙන්න බැරි? කියන එක වලංගු ප්‍රශ්නයක්ය කියන එක උඹටම තේරෙනවා ඇති.සමහර විට උඹ ...
වේවැල් කෝටු නාරං සියඹලා අතු වල්පල් මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි.රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා තම ...
චීත්තයක් වෙන්න එපා යකෝ වල්පල් "චීත්තයක් වෙන්න එපා යකෝ"ඕපදූප කියන හරි 'ගෑණු වැඩ' කියල සම්මත වෙච්චි වැඩ කරන හරි පිරිමින්ට ඔහොම කියනව අහල ඇති.මේ කතාව පිරිමින් විසින් පිරිමින්ට විතරක් නෙමේ, ගැහැණුන් විසින්ම පිරිමින්ටත් කියනව.මේකෙන් කියවෙන්නෙ ඕපදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය, පිරිමියෙක් වෙලත් (ඒ කියන්නෙ සාපපේක්ෂව පහත් ඒ ගෑණු ලක්ෂණය නැති කෙනෙක් වෙලා ඉපදිලත්) ඒ ලක්ෂණය තියෙන 'ගෑණියෙක්' වගේ හැසිරෙන්න ලැජ්ජ නැද්ද කියන එක.ගැහැණියක් මේවගේ කතාවක් ...
මදුරු බැට් ! වල්පල් ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මදුරු බැට් එක. වැඩිය නෑ රුපියල් 800 යි. හතර අතේ වනන්න තියෙන්නෙ මදුරුවන්ට ඔන් ද ස්පොට් බඩු පැකට් වෙනවා "කිරිස්" "කිරිස්" ගාලා... මදුරු කරදරේ නිසා මලපැන්න වෙලාවල්වල මමත් මේකෙන් මදුරුවො සෑහෙන ප්‍රමාණයකට ස්වර්ගස්ථ වෙන්න මාර්ගය හදල දීලා තියෙනවා.වැදුන ගමන් මදුරුවාව රෝස් පාන් වගේ රෝස්ම වෙලා යනව සැක තියාගන්න එපා බොරු නෙමේ මේ ගල් පැලෙන ...
කෙටිම ආදර කතාව වල්පල් "පැටියො මම ඔයාට මුළු ලෝකෙටම වඩා ආදරෙයි, හැම දේකටම වඩා... අපිව වෙන් කරන්න කාටවත් බෑ කෙල්ලෙ.. දැන් එහෙනම් පරිස්සමින් ගෙදර යන්න මගෙ පණ. ආ.. පොඩ්ඩක් ඉන්න. ඊළඟ දවසෙ හම්බෙන්න එද්දි මතක් කරල ඔයාගෙ කේන්දර කොපිය අරන් එන්න හරිද? අපේ අම්මගෙන් වදේ ඕක ගේන්න කියල ගැලපෙනවද කියල බලන්න. බායි කෙල්ලෙ.. අයි ලව් යූ" ඔන්න ඔහොමයි වෙන්නෙ.. ...
සුද්දන්ට පමණක් තේරෙන අපේ අභූත ශ්‍රී විභූතිය වල්පල් ඔය පිටරටවල සමහර සුද්දො සුද්දියො මෙහෙ ඇවිත් අපේ කෑම බීම කනවා, පෙරහැරවල් බලනවා, සරං ඇඳන් සායවල් ඇඳන් පන්සල් යනවා, අපේ රටේ තියෙන හද්ද පිටිසර ගම් වලට යනවා දකින අපේ සමහරු,"බලනු සගයනි, අපේ දේවල වටිනාකම අපේ නොසන්ඩාලයන්ට නොතේරුනාට පරදේශ වලින් එන සුදු හමැති පිරිමි ගැහැණුන්ට තේරෙන හැටි. තොපි උන්ගේ කෑම කලිසම් ටයි බ්ලවුස් පස්සේ ගියාට, තොපි උන්ගේ නූඩ්ස්ල්, පීසා, සොසේජස් බනිස් ...
සිංහලබෞද්ධයාගේ මාන්නය වල්පල් උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්‍රසාද හම්බෙනව කියලඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට ...
බොන්න එපා..හැලප අරන් දියන් ! වල්පල් වෙන රටවල කියන්නෙ Don't drink and drive කියල. අපේ රටේ කියන්නෙ "බොන්නම එපා!" කියල."බොන්නම එපා" කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියල කියවෙද්දි එතනින් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටි සමාජයක වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න ආගමකින් දක්කවන මීහරක් ටිකක් වගේ ඒ ආගමෙන් හොඳ නරක ගැන ගහන කලු සුදු ...
මේ වචන වලින් ප්‍රවේසම් වන්න වල්පල් ".....ලේ, අධ්‍යාපනය, නිදහස, සිංහල, දෙමළ, දරුවා, හාමුදුරුවො, දේශය, මව්රට, රණවිරුවා...."සමහර වචන අස්සේ හැංගිලා තියෙනවා අපි නොහිතන තරමේ 'බරක්' ඔය වගේ වචන තමයි කපටින් යොදාගන්නේ සාමාන්‍යය මිනිස්සුන්ගේ චින්තනය පාලනය කරන්න.. හෘද සාක්ෂිය තමාට ඕන විදියට නටවන්න. උදාහරණයක් ගමු. "අද හවස දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් නිසා පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට" ඔය තියෙන්නෙ නිවුස් එකක් ලියන්න පුළුවන් විදියක්. ඔය නිවුස් එකම ...
දික්කසාදය ; ඔච්චරටම අවුල්ද? වල්පල් "මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න ...
ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න වල්පල් “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.“If You Meet the Buddha on the ...
බල්ලු බළල්ලු වගේ හැමිනීම සහ ළමයි හැදීම වල්පල් අපේ සමාජයේ ගොඩක් මිනිස්සුන්ට අනුව සෙක්ස් කියන්නේ නරක දෙයක්. නොකරම බැරි නිසා කල යුතු, විනෝදෙට නොකල යුතු, කරන්නේ කා එක්කද.. කවදාද.. කොහේදීද.. කොයි වෙලාවෙද කියන එක පවුලේ සැම එක්ව කරන ලද සැලසුමකට අනුව කල යුතු මාරම අමුතු කුණුහරපයක් !ඉතින් ඒ නිසා මේ අය හැම වෙලේම කෑගගහ කියන දේ තමයි"පඳුරු පඳුරු ගානේ බල්ලු බළල්ලු වගේ හැමිනෙන්න එපෝ ! එහෙම වුනොත් අපිත් ...
ධනාත්මක චින්තන talks වල්පල් හිතට සහනයක් දෙන ධනාත්මක චින්තන talks. මේවායින් ප්‍රයෝජන නැත්තේමත් නෑ. එකක් තමා මේවා කියෝලා, දැකලා, share කරලා ගන්න ආතල් එක. ඒක එක ප්‍රයෝජනයක්. හැබැයි ඒ ආතල් එක එතනින් ඉවරයි.හරියට අර ලබන අවුරුද්දේ මුල ඉඳලා මම Jim යනවා, ඇඟහදා ගන්නවා, සල්ලි ඉතුරු කරන්න ගන්නවා වගේ plan කරලා අවුරුද්දේ මුල් දවස ආවම ඒවා නොකර ආයේ කල්දාන්නේ. අන්න ඒ ප්ලෑන් කිරිල්ලයි මේවා share ...
මගේ පළවෙනි ලව් එක වල්පල් කෙල්ලෙක්ට මුලින්ම ලයින් දැම්මේ ඉස්කෝලෙ කාලෙදි.එතකොටම මට වයස අවුරුදු දහහතයි. කෙල්ල හිටියේ අපේ පන්තියට එහා පන්තියෙ. මා එක්ක බලද්දි ඇඟ පතින් කෙල්ල සෑහෙන පොඩියි. මිටියි. ඒත් ඉතින් හැඟීම් කියන ඒවා තෝරගෙන බේරගෙන ඇති වෙන ඒව නෙමේනෙ. ඉබේ ඇති වෙන දේවල් නෙ.ඒකිගෙ තිබ්බ අහිංසක හැසිරීමට, බිම බලාගෙන ඇවිදින විදියට, ගොතපු කොණ්ඩෙට, හිනා වෙන විදියට විතරක් නෙමේ කොටින්ම මාව දැක්කම අහක බලන ...
ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා… වල්පල් මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා. තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා. ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ. 21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව. ඔහු දැන් ආදි ...
බූට් කෑමේ නිවැරදි ක්‍රමය වල්පල් කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ?ගොඩක් අය වරද්දගන්න ...
පිරිමිකමේ අභියෝගය ! වල්පල් අපි නොකිය හිටියට ඔය සෝ කෝල්ඩ් "පිරිමිකම" කියන ස්ටේටස් එක රැකගෙන ඉන්න එක ගෑණුන්ට තියෙන "ගෙදර බුදුන් අම්මා" ස්ටේටස් එක රැකගෙන ඉන්නව තරම්ම අමාරු වැඩක්. ඒ තරමටම සුදුසුකම් සපුරාගෙන ඉන්න ඕන "නියම පිරිමියෙක්" කියන ලේබලය රැකගෙන ඉන්න.හිතවතෙකුගෙ මරණගෙදරකදි ඇහෙන් වැටෙන කඳුළක් පිටකරගන්න, සංවේදී අවස්ථාවකදි ඒ හැඟීම පිටකරන්න.. විඳින්න, අනතුරක් දැනෙන අවස්ථාවකදි ඉදිරියට එන්න. ගහකට තාප්පයකට නගින්න, හදිසි වලියකදි පෙරමුණ ගන්න..ඒ ...