පොත් කියවීමේ අමාරුව වල්පල් පොත් කියවීමේ අමාරු ජාති දෙකක් තිබිය හැක. එක පොත් කියවීමේ අමාරු ජාතියක් නම් පොත් නොකියවා සිටීමට නොහැකි වීමය. එනම් පොත් කියවීමට ඇබ්බැහි වීමය.මත් ලෝලියෙක් මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින්නා සේ, සූදු කෙළින්නෙක් සූදු කෙළීමට ඇබ්බැහි වී සිටින්නා සේ, සමහර ගෑණුන් විලාසිතා වලට ඇබ්බැහි වී සිටින්නා සේ පොත් කියවීමට ඇබ්බැහි වී සිටීමය.ඒ එක පොත් කියවීමේ අමාරුවකි.ඒ අමාරුව හොඳ අමාරුවකි. මන්ද ...
කොටට ඇඳගෙන බණ ඇසීම වල්පල් ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය. (ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ) බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය. (ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ) සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන ...
අල්ලා ඌරෝ මැව්වේ ඇයි? වල්පල් ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි.මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම සිටිනා බිලියන ගණනක ජන කොට්ඨාශයක් ආගම ...
හොඳටම රඟපාන්නෙ කව්ද? වල්පල් හොඳටම රඟපාන්නෙ කව්ද?දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ ...
කතරගම යද්දි කට වරද්දගන්න එපා ! වල්පල් කතරගම වන්දනාවේ යමින් හිටි බස් එකක් ත්‍රීවීල් එකක ගැටිල මාරක රිය අනතුරක් වුනාය කියල නිවුස් වල දැක්කා. ඒ එක්කම මට මතක් වුනේ මම කතරගම ගිය අන්තිම වතාවෙ ඔය වගේම අනතුරක් ගැන මගේ නැන්දා කියපු දෙයක් "කතරගම යද්දි කට වරද්ද ගන්න හොඳ නෑ.. අනිවාර්යෙන් ඔය කට්ටිය කට වරද්දගන්න ඇති ඔහොම දෙයක් වෙන්න" මට ඒ කතාව ඇහුනම මතක් වුනේ ඔය කාරණාව ගැන ...
කංකුණාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි වල්පල් සමාන්තර විශ්වයක එක්තරා රටක් තියෙනවලු. ඒ රටේ තියෙනවලු අවුරුදු ගාණක් තිස්සේ ඒ රටේ ජීවත් වුන ජනකොටසක් තුල මුල් බැසගත්ත දහමක්. මේක එසේ මෙසේ දහමක් නෙමේලු. ශාක පැළටි දිහා අවිහිංසාවෙන් බලන්න උගන්වන පාරිසරික දහමක්ලු. ඒ රටේ ජීවත් වෙච්චි මිනිස්සු ඒ දහමට කියන්නේ"කංකුන් දහම".. කියලලුමේ දහමේ ඉගැන්වෙන විදියට කංකුන් වැවීම සහ කංකුන් කැපීම කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුලුවන් නරකම වැඩක්ලු. කොටින්ම මැරුනයින් පස්සේ ...
කල කම් පල දීම වල්පල් "එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි"ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්.ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන මේජර් කෙනෙක් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා නම් බාල්කෙ ...
කාලය මැවු වෙනසක අරුමේ වල්පල් යාලුවෝ..ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි... වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට ...
දේශපාලකයෝ වැරදි කරති...අපි? වල්පල් දේශපාලකයෝ වැරදි කරති. ...අපි?කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි.මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි.“ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ...
මචන්, මහින්ද අදහන්න එපා වල්පල් මචං..මම මේ ටික ලියන්නෙ උඹේ එක පෝස්ට් එකක් දැකල නෙමෙයි. කාලයක් තිස්සෙ උඹේ දැකපු හැසිරීම නිසා.දේශපාලකයෙක්ට හරි දේශපාලන පක්ෂයකට හරි කඩේ යන එක තේරුම් ගන්න පුළුවන්. ඒත්, දේශපාලකයෙක්ව පශ්චාත්භාගය ඉරාගෙන "අදහන" එක තේරුම් ගන්න බැහැ. ඒක වස කැතයි.ඒ කැත මහින්ද නෙමේ, රනිල්, මෛත්‍රී, අනුරලාව දෙවිවරු කරගෙන ඇදහෙව්වත් එකයි.උඹ බුදුන්ව හරි ජේසුස්ව හරි අල්ලාව හරි අදහනව නම් උඹ අදහන්නේ සංකල්පයක් මිසක, ...
සිංහලබෞද්ධයාගේ හෙළුව වල්පල් උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්‍රසාද හම්බෙනව කියලඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට ...
පොලිස්කාරයයි දොස්තරයි වල්පල් අපේ රටේ සාමාන්‍යය ජන විඤ්ඤාණය, බලය සහ වෘතිය ගරුත්වය හමුවේ ක්‍රියාකරන හැටි ගැන නිරීක්ෂණය කරන්න තියෙන හොඳම වෘතීන් දෙක තමයි පොලිසිය සහ වෛද්‍යය වෘතිය. මේ දෙකන් එක පිරිසක්, අනෙකා මත බලය පතුරවන්න නීතිමය වරප්‍රසාදයක් තමන්ට හම්බවෙලා තියෙනවාය කියල හිතන් ඉන්න අතරෙ අනෙක් පිරිස, තමාගේ වෘතිය හේතුවෙන් දැඩි ගෞරවයට පාත්‍ර වීම නිසාම තමන් අමුතු සත්ව කොට්ටාශයක් කියල හිතන් ඉන්නව. අපේ රටේ ...
නිමල් අයියා සහ ජාතිවාදය වල්පල් මම කලින් වැඩකරපු තැන හිටියා නිමල් අයියා කියල කෙනෙක්. (කාර්යාල සහායක කියන්නෙ. අන්න එහෙම කෙනෙක්)නිමල් අයියා ඔෆිස් එකේ හැමෝගෙම යාලුවෙක් වගේ. කන්න බොන්නෙ, යන්නෙ එන්නෙ, විහිලු කරන්නෙ අනිත් අයත් එක්ක එකටමයි.ඔහොම ඉද්දි නොහිතපු විදියට ඔෆිස් එකේ වෙනවා හොරකමක්. ඔය හොරකමට සමහරු සැකකරන්න ගන්නවා නිමල් අයියව.එතනදි මෙච්චර කාලයක් නිමල් අයියා හැමෝම එක්ක කෑම කන එක ගැන.. හිනා වෙන එක ගැන.. අපේම ...
මෛත්‍රී, අපි ආයෙත් ඉවසන්නද ..? වල්පල් නිකමට වගේ හිතට වැදුන පරණ සිංදුවක් අහන්න හිතුනාකාටද මතක මේ සින්දුව?අපේ ඇගේ ලේ කෝප වෙලා, මයිල් කෙලින් වෙලා, මහින්දගේ පුටුවට පයින් ගහලා එළවපු ඒ සිංදුව?"ආයේ ආයේ නොම ඉවසන් !"අදුරෙන් එලියටසිය දිනකින් අලුත් රටක් !මෛත්‍රී,මතකද උඹ මිනිස්සුන්ට පෙන්නුවාදූෂණයෙන් තොර, මර්ධනයෙන් තොර, පවුල් පාලනයට තිත තියපු, කුඩුකාරයෝ වංචාකාරයෝ පාලකයෝ නොවන, මිනිස්සුන්ගෙන් ගසාකන උන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක වෙන, ප්රජාතන්ත්රවාදයෙන් පිරුණුඅලුත්ම රටක් ගැන ...
රජතුමාට නිකමෙක් කුණුහරපෙන් බැනලා ! වල්පල් රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට රටට ඇතුල් වෙන විදෙස් රටක නායකයෙක්ගෙ ඔලුවට තුවක්කුවකින් කෙළලා අරින එකෙක් අපිට වීරයෙක් වෙද්දි, අපේ රටේ 'හොඳ' ජනාධිපතිට කුණුහරපයක් කියන එකෙක් අපිට දුෂ්ඨයෙක් වෙනවා.ඒක තමා අපේ ශිෂ්ඨත්වය, සභ්‍යත්වය.. හැදියාවරජ්ජුරුවන්ට කුණුහරපෙන් බනිනවද එහෙම?අපි දැනගන්න ඕන අපේ තැන ඉන්නරජතුමා කොච්චර අවලම් වැඩ කලත්, ඒවාට අවලම් වැඩ කියන්න හොඳ නෑ...රජතුමා කොච්චර පොන්න වැඩ කලත් ඒවාට පොන්න වැඩ කියන්න හොඳ නෑ.. ...
වීරයා මරපං වල්පල් තරඟය පවතින්නේ ශ්‍රීලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි. ජයග්‍රහණය සඳහා ශ්‍රීලංකා පිලට ලකුණු හයක් අවශ්‍යයි, ඉතුරු වෙලා තියන්නේ පන්දු තුනයි. පන්දුවට පහර දීමට පිටියට එන්නේ නවක තරුණ ක්‍රීඩකයෙක්. නම, සචිත්ර සේනානායක ඔහු මුහුණ දෙන පළමු පන්දුව, ශ්‍රීලංකා පිලේ අවසන් පන්දු තුනෙන් පළමුවැන්න. සචිත්ර අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්. මෙච්චර තියුණු අවස්ථාවකදි ඔහු අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්.. මා ඇතුළු නරඹන්නන්ගේ ප්‍රතිචාරය අමුතුවෙන් කිව යුතු නෑ ...
වැඩිහිටියන්ට ආදරය කුණුහරපයක්ද? වල්පල් තමා ඉදිරියේ තමන්ගේ විවාහපත් දරුවන් පවා ඔවුන්ගේ සහකරුවන්/සහකාරියන් සමඟ ආදරයෙන් හැසිරීම අපේ වැඩිහිටි පරපුරට රුස්සන්නේ නැහැ.තමන්ගේ විවාහපත් දරුවන් වුනත් එකිනෙකාට ළඟින් හිඳ ගැනීම, කරට අතදාගෙන සිටීම, එකෙක්ගේ ඔඩොක්කුවේ අනෙකා හිඳ ගැනීම, කම්මුල් සිපගැනීම තබා ඔලුව අතගෑමවත් තමන්ගේ ඉදිරියේ සිදු කිරීම ඔවුන් සලකන්නේ නිර්ලජ්ජිත හැසිරීමක් විදියටයි."ලව් කරන්න ඕන්නම් උඹල කාමරේට ගිහින් දොර වහගෙන කරගනින්" එකිනෙකා කෙරේ ලයාන්විත බවක් දැනවෙන විදියට හැසිරීම, ...
සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ ! වල්පල් සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?කෙනෙක් තමාගේ ...
චීත්තයක් වෙන්න එපා යකෝ වල්පල් "චීත්තයක් වෙන්න එපා යකෝ"ඕපදූප කියන හරි 'ගෑණු වැඩ' කියල සම්මත වෙච්චි වැඩ කරන හරි පිරිමින්ට ඔහොම කියනව අහල ඇති.මේ කතාව පිරිමින් විසින් පිරිමින්ට විතරක් නෙමේ, ගැහැණුන් විසින්ම පිරිමින්ටත් කියනව.මේකෙන් කියවෙන්නෙ ඕපදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය, පිරිමියෙක් වෙලත් (ඒ කියන්නෙ සාපපේක්ෂව පහත් ඒ ගෑණු ලක්ෂණය නැති කෙනෙක් වෙලා ඉපදිලත්) ඒ ලක්ෂණය තියෙන 'ගෑණියෙක්' වගේ හැසිරෙන්න ලැජ්ජ නැද්ද කියන එක.ගැහැණියක් මේවගේ කතාවක් ...
විල් යූ මැරී මී ? වල්පල් ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් ...