හීන දහයක් වල්පල් ජීවිතයක් ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් ජීවිතයකට සුන්දරත්වයක් එකතු කරන්නේ හීන කියලයි මට හිතෙන්නෙ. කවදා හෝ සැබෑ විය හැකි හීන වගේම කිසිදා සැබෑ නොවන බව දන්නා හීනත් අපි හැමෝටම තියෙනවා. මේ මගේ මිතුරකුගේ ඉල්ලීමක් ඉටු කිරීමේ අරමුණින් ලියවුන මගේ හිතේ තියෙන මගේ "හීන දහය" 1. ටූපක් ශකූර් ගේ නව ගීත ඇල්බමයක් ඇසීම. (ටූපක් මැරෙන්න කලින් හදපු ඒත් ඒ වෙනකොට එළියට ආවේ ...
එදිනෙදා ඇහෙන මෝඩ කතා #1 වල්පල් "හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්.ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි.කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න හරි ප්‍රකාශය කරන්නා සතු "අධිකාරී බලයේ" ...
සයිමාගේ කෙටි-නවකතාව වල්පල් මගේ මතකය නිවැරදි නම් වල්පල් බ්ලොගයේ මගේ හැර වෙනකුගේ ලියවිලි මින්පෙර පලකොට නැත. එසේ පලකිරීමට මා අදහස් කරගෙන සිටියේද නැත. නමුත් මා ඉතා අගයකරන මිතුරෙකු ලියන සයිමා ගේ බ්ලොගයේ පලවූ මෙම නිර්මාණය කියවූ විගස මෙම කෙටි-නවකතාව මගේ බ්ලොගයේ පලකිරීමට ආශාවක් ආවේ නිතැතින්මය. ඒ තරම්ම මෙම නිර්මාණය මා සිත්ගත් නිසාය. වල්පල් කියවීමට මෙහි ගොඩවැදෙන අතලොස්සක් වූ පාඨකයින්ට කියවීම උදෙසා සයිමාගේ අවසරයකින් ...
ආදම් සහ ඒවගෙන් අහල කියපන් වල්පල් දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියලඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු ...
බුද්ධිමත් ජනතාවෙනි, ජහ ජහ ! වල්පල් ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.!දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු ජනතාවටම මතක් කරදෙයි. ජනතාවගේ බුද්ධි මහිමයේ ...
පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම ගැන වල්පල් අතිශය කාර්යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත.කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ආරූඩ ...
අංකල් වල්පල් දැන් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුරුදු වෙලා හිටියට ඉස්සර මම ෆිල්ම්ස් බැලුවේ ගෙවල් ලඟ තිබ්බ DVD ශොප් එකෙන් රෙන්ට් එකට අරගෙන.ඩීවීඩී කඩේ හිටියේ අංකල් කෙනෙක්. මම අංකල්ව හඳුනගද්දි අංකල්ට වයස පනස් පහක් විතර ඇති. මට වයස මං හිතන්නෙ දහහතරක් පහලවක් විතර වෙන්න ඇති මතක විදියට.ආ.. අමතක වුනා. අංකල්ගෙන් මුලින්ම ගත්තේ DVD නෙමේ. සීටී තැටි. පස්සෙ තමා DVD වලට මාරු ...
වේවැල් කෝටු නාරං සියඹලා අතු වල්පල් මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි.රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා තම ...
ආදරය විඳවන මිනිස්සු වල්පල් අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය.ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය.සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය.ඒ මිනිස් සිතකට දැනෙනා ආදරය ප්‍රකාශ කිරීමේ නිදහස ලිංගිකත්වය ...
මම ගණිකාවක් නෙමේ; ලිංගික බඩුවක්. අවුල්ද? වල්පල් මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි. යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ.එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිට වත්මන දක්වාම; තවමත් ලෝකයේ ආර්ථිකය සහ පරිපාලනය සහමුළින්ම පාහේ ...
චෙස්ටර් ගැන කතාවක් නොවේ වල්පල් දැන් මෙහෙමයි කතාව.චෙස්ටර් මැරුනනේ.මට නම් අවංකවම මේ මරණය දැනුනා.ලින්කින් පාර්ක්ලගේ hybrid theory ඇල්බම් එකේ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම චෙස්ටර්ගේ නිර්මාණ රසවින්දා.කලාකරුවන්ගේ මරණ අතරින් මයිකල් ජැක්සන් මැරුණයින් පස්සේ දැනුනේ චෙස්ටර්ගේ මරණය.මට වගේම සෑහෙන දෙනෙක්ට මේ සිද්ධිය ඔය විදියටම දැනෙන්න ඇති.ලංකාවෙ වගේම මුළු ලෝකයේම රසික රසිකාවියන්ට.ඔය මරණයත් එක්කම හැම මගුලකටම දෙපැත්තට බෙදිලා නටන බුකිවාසීන් ආයේ නටන්න ගත්තා.පිරිසක් මේ මරණය ගැන ...
"වල් සීන් නැති මොනව හරි කියහල්ලකො උඹලට පෙන්නන්න" වල්පල් ඔබේ අදහස් + අපේ අදහස් = අළුත් අදහස්♫ ♫ විකාශයට සුදුසු සමාජයට හානි පමුණුවන්නේ නැති ඉංග්‍රීසි රූපවාහිනී නාට්‍ය මාලාවන් කිහිපයක් නම් කරන්න.ඔය "ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation" ෆේස් බුක් පේජ් එකේ මීට දවස් දෙක තුනකට කලින් දාලා තිබ්බ පෝස්ට් එකක්.ඉංග්‍රීසි චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා බලන එක විනෝදාංශයක් කරගත්ත මම මේ වගේ දේවල් ගැන බුකියේ කතා කරන්න පට්ටම ...
බලු පැටව් සහ වසු පැටව් වල්පල් පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා.බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ]එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ගෙදරට.බලු පැටව් දෙන්නා නිවුන්නු(ලු) [එකට ...
ඉරාජ් වල්පල් කාලයක් තිබ්බා.කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධනොවුන.එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.ගොඩක් ඉස්සර.පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තාමැරෙන එකේ අවුලක් නෑ.පණපිටින් මැරෙන එකයි අවුල.ඊටත් ...
ඩිවෝස් එක හෙට නෙමේ අද වල්පල් "පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ" ....අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙහැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ ...
මොහොමඩ් වල්පල් මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු ...
මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං වල්පල් සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ...
මරණීය දණ්ඩනය එපා ! වල්පල් මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු ...
සුදු සහ කළු වල්පල් ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..? සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්... ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත.. අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ...
මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද? වල්පල් තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්රශ්නය අහන්නෙ..ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න තරම් මෝරලා නැති පොඩි එකෙක්ව වැඩිහිටියන් එකතු වෙලා මහණ කරනවට උඹ එකඟ නම්,ඇයි ඔය කියන ශාසනය රැකගන්න උඹට මහණ වෙන්න බැරි? කියන එක වලංගු ප්‍රශ්නයක්ය කියන එක උඹටම තේරෙනවා ඇති.සමහර විට උඹ ...