ගුරුවරියකගේ මතක සිටිය යුත්තේ ගුරුපුටුවේද සිරගෙදරද? වල්පල් වෙනත් සිද්ධියක් හරහා නැවතත් කතාබහට පැමිණ ඇති ගුරුවරියකගේ මතක බ්ලොගයේ "වේවැල් පහර හැට පහේ" පෝස්ටුව ගැනයි මේ සටහන. අදාල පෝස්ටුව පළවූ දිනයේ එයට මමත් කමෙන්ට් කලා. මම කෙටි කමෙන්ටුවකින් ගුරුවරියගේ ක්‍රියාවට විරෝධය දැක්වූවා. මම කමෙන්ට් කරද්දි කමෙන්ට් තීරුව ඔච්චර ඇවිලී ගිහින් තිබුනේ නැහැ. පසුවයි දැනගන්න ලැබුනේ ඉතාම සරල කාරණයක් නිසා බ්ලොග්කරුවන් අතර සෑහෙන මතභේද ඇති වෙලා තියෙන බව.පසුව ඔය බ්ලොග් ...
වමනය කල වරදට පාසලෙන් දොට්ට වල්පල් මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය."මොකක්ද අර?..""අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි."ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා..""මොකක්.....?""ඔව්""මොකක්ද හරියටම වුනේ?""ඔය ඉස්කෝලෙ යද්දි ...
පහත් තැනින් යයි ගලා ජලේ වල්පල් තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ ...
මාර ඉස්කෝලෙ මාර පුත්තු වල්පල් නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි."...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන ...
නාමල් මලේ ඕවා ඉතින් නෝමල් අනේ වල්පල් අපේ ගෙවල් පැත්තේ හෙණ මැරෑටි කොල්ලෙක් හිටියා.මුගේ වැඩේම උගෙම මල්ලිට හැම වෙලේම නක්කලේ දාන එක, කෝචොක් දාන එක, ගහන එක.ඉතින් මල්ලි දුවගෙන දුවගෙන ගිහින් හැම වෙලේම අම්මගේ ඇඟේ තමා එල්ලෙන්නෙ. "අනේ අම්මේ, අයියා මට ගහනවනේ" කිය කිය. ඉතින් මේ මැරෑටි කොලුවට මල්ලිව පේන්න බෑ. අම්මව පේන්නත් බෑ. ඇයි, මූ බයයි මල්ලිගේ කේලං අහලා අම්මා මූට අම්බානට නෙළයි කියල.ඉතින් මූ අම්මා ...
යකට පොලු වලින් ගැලවුන ප්‍රගතශීලි සයිබර මතවාදීන්ගේ රෙද්ද වල්පල් පහුගිය ආණ්ඩුව කාලේ උද්ඝෝෂණකරුවන්ට අමානුෂික විදියට පහර දෙද්දි මමත් ඇතුළුව සයිබරයේ ඈයෝ පාලනයෙන් තොර අවස්ථා බවට පත් වුන උද්ඝෝෂණ විසුරුවා හරින හැටි ගැන හෙණ විදග්ග සාකච්ඡා කලා පෝස්ට් දැම්මා මතකයි.උද්ඝෝෂණ කිරීමේ අයිතීන් වෙනුවන් යුනිකෝඩ් කෙටුවා මතකයි.උද්ඝෝෂණයක් පාලනයෙන් තොර අවස්ථාවක් වුනාම පොලිසිය ගිහින් උන්ට මල් වට්ටි දික්කරල දණ ගහල වඳින්න ඕනෑය කියනවා නෙමේ,ඒත් යකඩ පොලු ???කෝ දැන් ඒ විදග්ග සාකච්ඡා? කෝ ...
ලව් ඉලව් කර නොගැනීමට වල්පල් පළමු අදහස් ප්‍රකාශ කිරීම - බුද්ධික තාඹුගල ශූරීන් "...මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි..සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්.. අපි යාළුවන්ට හැම දේම කියනවා.. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා.. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ..පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය ...
සුද්දන්ට පමණක් තේරෙන අපේ අභූත ශ්‍රී විභූතිය වල්පල් ඔය පිටරටවල සමහර සුද්දො සුද්දියො මෙහෙ ඇවිත් අපේ කෑම බීම කනවා, පෙරහැරවල් බලනවා, සරං ඇඳන් සායවල් ඇඳන් පන්සල් යනවා, අපේ රටේ තියෙන හද්ද පිටිසර ගම් වලට යනවා දකින අපේ සමහරු,"බලනු සගයනි, අපේ දේවල වටිනාකම අපේ නොසන්ඩාලයන්ට නොතේරුනාට පරදේශ වලින් එන සුදු හමැති පිරිමි ගැහැණුන්ට තේරෙන හැටි. තොපි උන්ගේ කෑම කලිසම් ටයි බ්ලවුස් පස්සේ ගියාට, තොපි උන්ගේ නූඩ්ස්ල්, පීසා, සොසේජස් බනිස් ...
වැඩිහිටියන්ට ආදරය කුණුහරපයක්ද? වල්පල් තමා ඉදිරියේ තමන්ගේ විවාහපත් දරුවන් පවා ඔවුන්ගේ සහකරුවන්/සහකාරියන් සමඟ ආදරයෙන් හැසිරීම අපේ වැඩිහිටි පරපුරට රුස්සන්නේ නැහැ.තමන්ගේ විවාහපත් දරුවන් වුනත් එකිනෙකාට ළඟින් හිඳ ගැනීම, කරට අතදාගෙන සිටීම, එකෙක්ගේ ඔඩොක්කුවේ අනෙකා හිඳ ගැනීම, කම්මුල් සිපගැනීම තබා ඔලුව අතගෑමවත් තමන්ගේ ඉදිරියේ සිදු කිරීම ඔවුන් සලකන්නේ නිර්ලජ්ජිත හැසිරීමක් විදියටයි."ලව් කරන්න ඕන්නම් උඹල කාමරේට ගිහින් දොර වහගෙන කරගනින්" එකිනෙකා කෙරේ ලයාන්විත බවක් දැනවෙන විදියට හැසිරීම, ...
එන්න මිතුරනි, ඉරාජ් ගූ කනවා බලන්න එන්න වල්පල් ඉරාජ් කියන පුද්ගලයා නිර්මාණකරුවෙක් විදියට වැටෙන්න තියෙන පහත්ම තැනට වැටිල ඉවරයි කියලයි මං මෙච්චර කල් හිතන් හිටියෙ. මම හිතන් ඉඳල තියෙනව වැරදියි.අද ඉරාජ් "නිර්මාණකරුවෙක්ට වැටෙන්න පුළුවන් පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කලා. ඉරාජ් දැන් කාලයක් තිස්සේ එන්න එන්නම ඒ "පහත්ම තැන" කියන ස්ටෑන්ඩර්ඩ් එක තවත් වෙනස් කරමින් ඉන්නවා.අපි හිතද්දි කලාකාරයෙක්ට මීටත් වඩා කුජීත වෙන්න බෑ කියල, ඉරාජ් කියනවා "නෑ ...
සියවැනි සටහන : අඳුර වල්පල් අන්ධකාරය දසත පැතිරී ඇත. මහා කැලයක් මැද නිමක් නොපෙනන පාළු පාරක මිනිසෙක් ගමන් කරමින් සිටියි. ඔහු ඉදිරියට පය තබන්නේ හැඟීමක් දැනීමක් නැත්තෙකු සේය. කිසිදු අරමුණකින්වත්, විඩාවකින්වත් තොරවය ඔහු ඉදිරියට ඇදෙන්නේ.ඔහු කොපමණ වේලාවක් ඇවිද ගියාදැයි ඔහුවත් නොදනියි.ගමනාන්තය !ඉදිරියේ දිස් වන්නේ ගුප්ත බවින් වෙළී ගිය විශාල නිවසකි.ඔහු නිවසට ඇතුළු විය යුතුය. ඔහුට එසේ නොකර සිටීමට තේරීමක් නැත.නිවසට ඇතුළුවන ඔහු දකින්නේ කුඩා පිරිමි ...
මගේ පළවෙනි ලව් එක වල්පල් කෙල්ලෙක්ට මුලින්ම ලයින් දැම්මේ ඉස්කෝලෙ කාලෙදි.එතකොටම මට වයස අවුරුදු දහහතයි. කෙල්ල හිටියේ අපේ පන්තියට එහා පන්තියෙ. මා එක්ක බලද්දි ඇඟ පතින් කෙල්ල සෑහෙන පොඩියි. මිටියි. ඒත් ඉතින් හැඟීම් කියන ඒවා තෝරගෙන බේරගෙන ඇති වෙන ඒව නෙමේනෙ. ඉබේ ඇති වෙන දේවල් නෙ.ඒකිගෙ තිබ්බ අහිංසක හැසිරීමට, බිම බලාගෙන ඇවිදින විදියට, ගොතපු කොණ්ඩෙට, හිනා වෙන විදියට විතරක් නෙමේ කොටින්ම මාව දැක්කම අහක බලන ...
බුක්ෆෙයාර් ආතල් වල්පල් මේ දවස් වල හැමෝම කතාවෙන කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවන කොටසේ ජෙහාන් කියනවා මෙහෙම කතාවක්."සුපර්මාකට් වලින් බඩු ගන්න එක වෙනම ආතල් එකක් බං..දැන් උඹ හිතපං.. අපිට කොහෙද ඔය පොඩි කාලෙ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහේම කප කප යන්න පුළුවන් වෙන්නෙ?....මං දැකල තියෙනව සමහර එවුන් එහෙම යන අතරෙ.... බ්ර්බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....ගාල කටින් සද්දෙකුත් දානව. අනිත් එක උඹ හිතපං.. අපිට ...
දේශපාලකයෝ වැරදි කරති...අපි? වල්පල් දේශපාලකයෝ වැරදි කරති. ...අපි?කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි.මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි.“ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ...
විල් යූ මැරී මී ? වල්පල් ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් ...
වැලිකඩ සිරකරුවන් සුදු වෑන් යැවීම වල්පල් මීට ශතවර්ෂ ගාණකට කලින් ම්ලේච්ඡ ක්‍රියාවල නිරත වුන අපරාධකරුවො කියල සැලකුන මිනිස්සුන්ට සමාජයෙන් උත්තර දුන්නේ ම්ලේච්ඡ ක්‍රම වලින්මයි.ඇතුන් ලවා පාගා මැරීම... කිඹුලන්ට, මෝරුන්ට කන්න දැමීම, විෂ සහිත ගෝනුස්සන්, සරපයන් ලවා දෂ්ඨ කරවීම.. පණ පිටින් හමගැසීම.. වතුර, තෙල්, තාර බැරල් වල දමා නටන තුරු රත්කර මරා දැමීම.. පණපිටින් වැළලීම.. පණපිටින් පුළුස්සා දැමීම.. කුරුසියේ ඇණ ගැසීම.. දියේ ගිල්වා මරා දැමීම.. උස් තැන් ...
සිවුරුකරුවෝද මනුෂ්‍යයෝය වල්පල් තරුණ හාමුදුරුනමක් තරුණියක්ව සිපගන්නවා වගේ පේන සිද්ධියක් ගැන වීඩියෝවක් ගැන සයිබරයේ කතා බහක් ඇති වෙලා තියෙනව දැක්කා. නමුත් වීඩියෝවේ පේන විදියට එතන මොකක්ද වෙන්නේ කියල පැහැදිළිව කියන්න බැහැ (මේ බ්ලොග් පෝස්ටුවත් එක්ක ඒ වීඩියෝවේ පල නොකරන්නේ ඒ නිසයි). මොක වුනත් මේ වීඩියෝව ගැන සයිබරයේ පලවෙලා තිබ්බ අදහස් නිසා මේ ටික ලියන්න තීරණය කලා.වීඩියෝවේ සිද්ධ වෙන්නේ මොක වුනත් ඔය වගේ සිදුවීම් ...
එයාර් හොස්ටර්ස්ලාගේ ලොකු කම ! වල්පල් "ඔය ලංකාවේ ෆ්ලයිට් වල එයාර් හොස්ටර්ස්ලා හිතන් ඉන්නේ උන් ලෝකෙට ලොක්කො කියල. ඒත් කරන්නේ මහ ලොකු වැඩක් යැ? ප්ලේන් එක ඇතුලේ වේටර් කං කර කර එනවා ලොකු සීන් දාන්න. සුද්දො ආවම දෙන්නෙ දෙකට නැමිලා. ඔය හම්බකරන සල්ලි මහරෑට කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් ගෑණුන්ට හොයන්න පුළුවන්" මේ ටික කාලයකට කලින් සයිබරයේ මම දැක්ක අදහසක්. එවෙලාවෙ ඒ ගැන මම පළකරපු අදහස ...
පොහොය දින වල රට පුරා සියළු වෙළඳ සැල් වසනු ! වල්පල් ඉහත ලිපිය කියවන්න. කදුරුවෙල ජයන්ති විහාරයේ ධම්මපාල හිමිපානන්ගේ යෝජනාව කෙතරම් කාලෝචිත යෝජනාවක්ද සිතන්න. මෙම යෝජනාව එම ප්‍රදේශයට පමණක් සීමා නොකොට රට පුරා ක්‍රියාත්මක කල යුතු යෝජනාවක් නොවේද මිත්‍රවරුනි?ලංකාවේ බහුතරයක් බෞද්ධයන්ය. පෝය යනු බෞද්ධයන්ගේ දිනයකි. පෝයට බෞද්ධයන් හැසිරිය යුත්තේ බෞද්ධයන් විදියටය. පෝයට අබෞද්ධ ක්‍රියාවල නිරතවිය නොහැක.ඒ නිසා පෝය දවස් වලට අනෙක් සියලු අමතර වැඩවල නිරත වීම තහනම් කොට බාල, ළමා, වැඩිහිටි, ...
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට වල්පල් විනේ කටින උන්විනේ කටින උන් තරහක් නොකියාමකනේ කොහොඹ මිරිකනවා හැමදාමගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේමවනේ නැතිව උන්වනේ නැතිව උන් දුක දන්නේ කෝමගමේ ගැටව් කරබාගෙන උන්නාටවිසේ නැග්ග නාකිත් පිළ උඩ රෑටනෙළා ගනින් යැයි කප්රුක පිදුවාටඉණේ රෙද්දමයි හිටියේ හරහාටළැමේ කිරට මොරගානා පැටියන්ටඅනේ කවුද ඉන්නේ වේලක් දෙන්ටළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ටවරෙව් මහතුනේ කුණු කය වළදන්ටප්රදීපා ධර්මදාස කියන්නේ ලංකාවේ ගායිකාවන්ගෙන් මම වැඩියෙන්ම ප්‍රිය කරන හඬට ...