සයිබර් කයිවාරුකාරයෝ අසම්මතයා | Jamis Banda's Blog සයිබරයේ කතාබස් අස්සේ සයිබර් “පොරවල්” කියල නම් දරන සමහරු කියන කතා සහ ගහන කයිවාරු දැකලා මට දිගින් දිගටම මතක් වුනේ Easy-E නම් රැප් ගායකයාගේ Real Muthaphukkin G’s කියන රැප් ගීතය. මම කියන්න යන කතාවට එන්න කලින් ඒ ගීතය මතක් වෙන්න හේතුව සහ මම කියන්න යන කතාවේ පදනම ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. රැප් ගායකයින් වැඩියෙන්ම තමාගේ ගීත වල කතා ...
බලේ බලේ කතරගම දෙවියන්ගෙ බලේ අසම්මතයා | Jamis Banda's Blog “අනේ පුතේ, කාන්ති පුංචිට පිළිකාවක්ලු” අම්මා ඒ ආරංචිය කිව්ව වෙලේ දැනුන හැඟීම විස්තර කරන්න අමාරුයි. ඒ වෙද්දි යාන්තන් අවුරුදු දහ අට පැනපු කොළු ගැටයෙක් වෙච්චි මට ඒ ආරංචිය තදින්ම දැනුනේ මගේ ජීවිතේ සමීපතමයෙක්ට ඔය වගේ ලෙඩක් මීට කලින් හැදිලා තිබ්බෙ නැති නිසා වෙන්න ඇති උදේ හවහ පුංචි එක්ක මරා ගත්ත පුංචිගේ සැමියා, ඒ කියන්නේ මගේ බාප්පා මේ ආරංචියෙන් පස්සේ ...
බලු පැටවු සහ වසු පැටවු අසම්මතයා | Jamis Banda's Blog පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා. බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැළුවේ නෑ] එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ...
හොඳ මිනිස්සු අසම්මතයා | Jamis Banda's Blog “අයියෝ මොන අපරාධයක්ද..” “…අර පොඩි උන් දෙන්නා පැත්තක ඉද්දි අරුන් දෙන්නා මලපෙරේතයෝ වගේ තනියෙම බීම එක බොන්නේ මොන හිතකින්ද? මුන් මනුස්සයෝද? හිටහන් මේක ශෙයාර් කරන්න. ලියමු කවියක් මේක ගැන.. මේ වගේ මිනිස්සුත් ඉන්නවානේ මේ ලෝකේ” මේ ෆොටෝ එක දකිද්දි අපි කම්පා වෙනවාද? එහෙම වෙනවා නම් ඒ ඇයි? ෆොටෝ එකේ බීම බොන කොල්ලෝ දෙන්නා ගැන කේන්තියක් එනවාද? එනවා නම් ඒ ඇයි? ...
එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න අසම්මතයා | Jamis Banda's Blog එල්ටන් ජෝන් ගේ සින්දුව කියන ශෙල්ටන් ජෝන් ! පිස්සු යකෙක්..! ආතල් කෝටියයි.. මම මේ වීඩියෝව දැක්කෙ දෙවෙනි වතාවට. මේ පාරත් පළවෙනි වතාවේ වගේම බඩ අල්ලන් හිනා ගියා. අවංකවම මේක දැක්කාම එල්ටන් ජෝන් ගායනා කරපු මුල් ගීතය අහල තියෙන ඕනම කෙනෙක්ට හිනා යයි. නමුත් අන්තිමට ඒ මනුස්සයා ඔලුව පාත් කරලා “තෑන්ක් යූ” කියන එක මම දැක්කේ දැන්. ඒ මොහොතේ මගේ ...
මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට අසම්මතයා | Jamis Banda's Blog මල් කියන්නේ කාට කාට..?.. ළමයින්ටයි පාට පාට..!.. මීට අවුරුදු දෙක තුනකට කලින් මම මුහුණු පොතට, බ්ලොග් කියවන්න, ලියන්න සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියා. පුද්ගලික වැඩ පාඩු කරගෙන උදේ ඉදන් හවස් වෙනකම්ම කළේ කවුරුන් හෝ එක්ක; මම නිවැරිදියි කියලා හිතාගෙන හිටපු මතය තහවුරු කරන්න වාද කරපු එක. මට ඒ කාලේ හිතුනේ මම මේ ඉෂ්ඨ කරන්නේ මට පැවරිලා තියෙන “සමාජ වගකීමක්” කියලා. ...
ආරාධනා අසම්මතයා | Jamis Banda's Blog හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් ! “සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා.. අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා.. සිටිනවා…” ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය.. ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා… ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න “හදාගන්න ඕනි ප්ලේන්ටියක්..” මගෙ හිත මටම ...
මිතුරේ කියන්.. – I කොටස අසම්මතයා | Jamis Banda's Blog කසුන්, ධනුෂ්ක, ලහිරු..මගේ මිතුරන් නොවේ. අප අතරේ තිබුනේ මිතුදමට එහා ගිය බැඳීමකි. ඒ බැඳීම කෙසේ හඳුන්වන්නටද කියා එදා දැන නොසිටියෙමි. අදටත් නොදනිමි. ‘එකම ජාතියෙ පිස්සො එකට සෙට් වෙනව බං’. අපි අපි ගැන හිතුවේ එහෙමය. දුකේදීත් සැපේදීත් අපට හිටියේ අප විතරය. අපෙන් එකෙකුගේ ගෙදරක තියෙන බණකට, මරණයකට, දානයකට, උත්සවයකට කලින් දා අප පස් දෙනාම ඒ ගෙදරය. ගෙදර අස්සක් මුල්ලක් නෑර ...
මොකක් කිව්වා? ඇමතිතුමා ලියුමක් දීලා කිව්වා?? අසම්මතයා | Jamis Banda's Blog ඇමතිකෙනෙක් තමාගේ හිතවතෙක්ට තනතුරක් දෙන්නට කියා ලිපියක් දීලාය. ඒ ලිපිය මාට්ටු වෙලාය. කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අප. මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අප. “ඉස්සර නම් රුපියල් පන්සීයක් ...
ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා… අසම්මතයා | Jamis Banda's Blog මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා. තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා. ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ. 21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව. ඔහු දැන් ආදි ...
ඔව් මචන්, මම අලුත් අවුරුද්ද සමරනවා ! අසම්මතයා | Jamis Banda's Blog සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සමරන තවත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක්, ..තවත් දවසක්. ” සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්. උඹ සිංහල අවුරුද්ද සමරනව නේද?” මගේ මිත්‍රයෙක් මගෙන් අහනව ඒ පැනයට ඔව් හෝ නෑ හෝ කියා සරල පිළිතුරක් තිබුනා නම්.. මගේ මිතුරා මගෙන් “උඹ සිංහල අවුරුද්ද සමරන්නේ කැමැත්තෙන්ද?” කියල ඇහැව්ව නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා. සිංහල අවුරුදු සමය ...
අනිත්‍යය ; ඔච්චරම අවුල්ද? අසම්මතයා | Jamis Banda's Blog හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති. සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්. හැමදේම අනිත්‍යය බව ඇත්ත. ...
සිරිසේනට මඩුවලිගෙන් තැලීම අසම්මතයා | Jamis Banda's Blog “මඩුවලිගයෙන් තලනවා, මඩු වලිගයෙන් තලන්න ඕනෙ” වැනි උපහරණ භාවිතා වන්නේ සාමාන්‍යය ගැමි වහරේය. උපහරණ වලින් ප්‍රකාශ කෙරෙන්නේ යම් අදහසක් මිසක ඒවා වචනාර්ථයෙන් භාරගැනීම සිදුවන්නේ නැත. පසුගිය දිනක පැවතුනු විදෙස් ගායකයෙක් සහභාගී වුන සංගීත ප්‍රසංගයක් සම්බන්ධව අප රටේ ජනාධිපතිවරයා මෙම උපහරණය භාවිත කොට සිදුකරන ලද ප්‍රකාශයක් දේශීය සමාජ ජාල වල දැඩි විවේචනයට මෙන්ම උපහාසයටද ලක් විය. ඔහුගේ එම ප්‍රකාශය දේශීය මෙන්ම ...
පෝය දින අරක්කු විකිණීමේ නිදහස තහවුරු කරනු ! අසම්මතයා | Jamis Banda's Blog ඕනෑම කෙනෙක්ට තමාට කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතුය. ඒ ආගම ඇදහීමේ නිදහස තවත් කෙනෙක්ගේ ආගම ඇදහීමේ හෝ නොඇදහීමේ නිදහසට බාධාවක් නොවිය යුතුය. තමාගේ ආගම හෝ සදාචාරය පුද්ගලික දෙයක් විය යුතුය. අන් අය මත තමාගේ ආගමික විශ්වාස හෝ පුද්ගලික හර පද්ධතීන් බලෙන් පැටවීමටයාම තලෙයිබාන් (දැන් නම් අයිසිස්) හැසිරීමකි. ඒ සරල කරුණ යමෙක්ට ඔහුගේ/ඇයගේ බුද්ධි මට්ටමේ උපරිමයටත් හසුනොවෙන තරමට සංකීර්ණ ලෙස ...
ලංකාවට පෝන් එපා අසම්මතයා | Jamis Banda's Blog ලංකාව සිංහලබෞද්ධ රටකි. සිංහලබෞද්ධ රටක විනයක් තිබිය යුතුය. පෝන් අසික්කිතිය. අශිෂ්ඨය, සදාචාරවිරෝධීය, අධාර්මිකය. සිංහලබෞද්ධ රටකට පෝන් නුසුදුසුය. එනිසා ලංකාවට පෝන් එපාය. සිංහලබෞද්ධයෝ පෝන් නොබලති. සිංහලබෞද්ධයෝ අතේ නොමරති. ධාතු පිට වුවත් පිටවන්නේ සිහිනයෙන්මය. ඔවුන් ඒ තරම්ම ධාර්මිකය. අතේ මැරුවද, ඒ ඉතාම කලාතුරකිනි. එසේ කලාතුරකින් අතේ මැරුවත් පෝන් බලා අතේ මැරීම සිදු නොකල යුතුය. අල්ලපු ගෙදර අක්කා හෝ වෙන ස්ත්‍රී ප්‍රාණයක් සිහි ...
වේවැල් කෝටු නාරං සියඹලා අතු අසම්මතයා | Jamis Banda's Blog “වේවැල් කෝටු නාරං සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ යුතු පමා නොවී යමි අකුරට මෙයින් මතූ” මගේ පියා කුඩාකාලයේ කල වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ ...
කළු ගිරවා අසම්මතයා | Jamis Banda's Blog අහස වැහි අන්ධකාරයෙන් පිරිලා. කළු ගිරවා වටපිට බැලුවා මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා, රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්, පාට පාටින් කලවං වෙච්චි යායක්.. වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ...
අපි – Rational ආගම්කාරයෝ අසම්මතයා | Jamis Banda's Blog අපි අපේ ආගම අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. අපි අපේ ආගම ගැන හදාරල, කියවල, හොයල බලල තමා තීරණය කලේ අපට උපතින් ලැබුන අපේ ආගම නිවැරදිම එක කියල. අපි Rational ආගම් කාරයෝ !! අපි තර්කානුකූලව හිතලයි තීරණය කලේ අපේ ආගම තමා ඇත්තම ආගම කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක ...
බබාලාගේ සදාචාරය රැකීමට අම්මලාට යුනිෆෝම් ඇන්දවීම අසම්මතයා | Jamis Banda's Blog අතිශය කාර්යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත. කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ...