සයිබර් කයිවාරුකාරයෝ

සයිබරයේ කතාබස් අස්සේ සයිබර් “පොරවල්” කියල නම් දරන සමහරු කියන කතා සහ ගහන කයිවාරු දැකලා මට දිගින් දිගටම මතක් වුනේ Easy-E නම් රැප් ගායකයාගේ Real Muthaphukkin G’s කියන රැප් ගීතය. මම කියන්න යන කතාවට එන්න කලින් ඒ ගීතය මතක් වෙන්න හේතුව සහ මම කියන්න යන කතාවේ පදනම ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.
රැප් ගායකයින් වැඩියෙන්ම තමාගේ ගීත වල කතා කරන දේවල් තමා සල්ලි, ගෑණු, ලිංගිකත්වය, තමාගේ සුඛෝපබෝගී ජීවන රටාව සහ තමාගේ පොරත්වය ගැන කයිවාරු ගැහිලි වගේ දේවල්. ඔය කයිවාරු ගැහිලි අස්සේ වෙනත් රැප් ගායකයින්ව කෙලින්ම හරි හින්ට් ගැහීමෙන් හරි පහත් කරන්න යාමෙන් මේ Hip Hop Feud හෙවත් Beef කියන තත්වයක් අදාල දෙදෙනා අතරේ ගොඬනැගෙනවා. තේරෙන විදිහට කියනව නම් දෙන්නට දෙන්නා සංගීතය සහ තම හැකියාව යොදාගෙන ගේම ඉල්ලා ගැනීමක්. දෙන්නට දෙන්නා පහත් කර ගැනීමක්. ගොඩක් වෙලාවට එතනදි යොදා ගන්නේ අසභ්‍ය වචන. ඔය වගේ දෙයකදී මුලු රැප් ලෝකයම බලාගෙන ඉන්නේ කවුද මේ ගේමෙන් දිනන්නේ කියන එක ගැන.
මම මේ කියන්න යන දේ වුනේ Easy-E සහ අපි කවුරුත් දන්න Dr.Dre අතරයි. ඔය දෙන්නා අතර රෙකෝඩ් ඩීල් එකක් නිසා හටගත්ත බීෆ් එකක් නිසා Dre ව ඉලක්ක කරල Easy-E ලියපු රැප් ගීතයක් තමා මම කලින් කියපු Real Muthaphukkin G’s කියන ගීතය. ඔන්න ඔය අපහාස කිරීමේ ගීතය (Diss Song) තමා මම කියන්න යන කතාවට පදනම් කරගන්නේ.
ඒ ගීතයේ කොටසක් උපුටා දක්වන්නම්.
/…Now every day it’s a new rapper, claiming to be dapper then the Dresta,
smoother then a bitch but portray the role of gangster,
ain’t broke a law in your life, yet every time you rap
you rap about the guns and knives, just take a good look
at the Nigga, and you’ll capture the fact,
that the bastard is simply just an actor,
who mastered the bang and the slang and the Mental,…/
/…yet in every verse you claim you used to do the dirt,
but tell me who’s a witness to your fucking work,
so you never had no business,
so save the drama jerk,../
/..niggas straight kill me knowing that they pranksters,
this is going out to your studio gangsters,../
ඔතනදී Easy-E විසින් Dr.Dre ට අපහාසයක් විදිහට කියන්නේ ගැහැණියෙක්ට වඩා සුමට ඔහු ස්ටූඩියෝ එකකට ගිහින් තමා මහා ලොකු මැරයෙක් කියමින් කයිවාරු ගහන බවයි. කයිවාරු ගැසීමෙන් තමාට නැති පොරත්වයක් පෙන්වන්න හදන නලුවෙක් බවයි. එතනදි Easy-E විසින් Dr.Dre හදුන්වන්නේ ස්ටුඩියෝ ගැන්ග්ස්ටර් කියලා. ඒ කියන්නේ Dre ගේ චණ්ඩිකම් ස්ටුඩියෝ එක ඇතුළේ විතරයි කියලා.
දැනටත් මේක කියවන අයට සයිබරයේ අයියලාගේ කයිවාරු හොඳට පුරුදු නිසා මම ඊලඟට කියන්න යන දේ මොකක්ද කියලා තේරෙනවා ඇති.
ඔය කීබෝර්ඩ් වලින් චණ්ඩි වෙලා ඉන්න අයියලා කියන්නේ බොහෝමයක් සැබෑ ජීවිතයේදී නම් ඔහොම උන් නෙමේ කියලයි මට හිතෙන්නෙ. අනිත් එක ඔය ගහන කයිවාරු වලින් 1%ක් වත් කරන්න පුලුවන් දේවලුත් නෙමේ. ඔව්වා සීමා වෙන්නෙ ඒ මොහොතේ තමාගේ අධිමාන්නය පාලනය කරගන්න බැරුව ප්‍රතිවාදියා ඉදිරියේ ගහන බොරු කයිවාරු හෙවත් හිස් වචන වලට විතරයි.
බොහෝ වෙලාවට ඔය විදිහට හැසිරෙන්නේ පාසැල් කාලයේ පොත් ගුල්ලෝ වගේ පොතේම ඉඳලා ඔය කියන විදිහේ දේවල් කිසිම දෙයක් නොකරපු පන්තියේ හැම එකාගෙන්ම ටොකු ඇනගෙන බුලී වුන හා පැටව් ටිකක්. උන් ටික අන්තිමට ජොබ් එකක් හොයාගෙන ඒකෙන් නිකන් ලැබෙන අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යූස් කරලා ෆේස් බුක් ආවම අර තමාගේ සැබෑ ජීවිතයේ තමාට වෙන්න බැරු වුන පොරව කීබෝර්ඩ් එක තුලින් නිර්මාණය කරගන්න උත්සාහ කිරීමක්.
ඇත්ත ජීවිතයේදී මිනිහෙක්ට මූණට කුණුහරපයක් කියලා නැති උන් මෙතන ඇවිත් විරුද්ධ මතවාදීන්ට ඇදලා අරින්නේම කුණුහරපයෙන්. තමා පොතෙන් ලබා ගත් දැනුම ඇති තරම් තියෙන නිසා බැක්ග්‍රවුන්ඩ් එකත් තියෙනවා, රැල්ලට යන ගව රැලකුත් තමාගේ පස්සේ ඉන්නවා… කරන්න තියෙන්නේ කයිවාරු කුණුහරප ඇදලා දාලා තමාගේ මනසට විතරක් සීමා වුන තමාගේ ෆැන්ටසි පොරව එලියට දාන එක..
අර Dr.Dre ස්ටූඩියෝවට සීමාවුන මැරයෙක් කිව්වා වගේ මුන් තමා බුකියට සීමා වුන කයිවාරු කාරයෝ.. උන්ගේ මැරකම්, චණ්ඩිකම්, කයිවාරු සීමාවෙන්නේ සයිබරයට විතරයි.
“තොපි දන්නේ නෑ මම කව්ද කියලා?
තෝ දන්නවද මම දීලා තියෙන ගේම් මේක ඇතුලේ? ඒවා දන්නෝ දන්නවා..
මා එක්ක හැප්පිලා අන්තිමට අඬන්න එපා..
බුකියෙන් යන්න වැඩ සලස්සනවා වැඩිය ආවොත්!
මේකේ වැඩදාන්න ආස නම්.. මා එක්ක ශේප් එකේ ඉඳහන්.
මම මේකේ ඉන්නේ මෙච්චර කාලයක් තිස්සේ. දන්නවනේ..
තෝ කවුද යකෝ මට..? තෝ කවුද මට කියලා දෙන්න එන්න?
මම පොර යකෝ !!
ඔන්න ඔහොමනෙ කතාව..
ඒත් ඇත්ත කතාව තමා වැඩ්ඩෙක් නම් තමා කල කී දේ ගැන කයිවාරු ගහන්නේ නෑ. වැඩ්ඩෙක් නම් ඌට වෙන්න ඕනේ තමාගේ වැඩේ වෙන එක විතරයි.
මම කියන්නේ නෑ සයිබරයේ වැඩ්ඩෝ නෑ කියලා. ඒත් මම ඒ වැඩ්ඩන්ව දන්නේ නෑ. උන් දුන්න ගේම් ගැන දන්නෙත් නෑ. මොකද උන් කයිය ගහන්නේ නැති නිසා. මොක්ද උන්ට ඕනේ වැඩේ වෙන්න විතරයි, කයිය ගහන්න නෙමේ.. මොකද උන් ඇත්තටම වැඩ්ඩෝ නිසා…
අන්තිමට මේ ටික කියල සටහන ඉවර කරන්නම්….
පොඩ්ඩක් මතක් කරන්න City of God චිත්‍රපටය. චිත්‍රපටය අවසානයේ කතාවේ මහා වැඩකරු මියයන්නේ කිසිම අරමුණක් නැති, පාලනයක් නැති. පොඩි උන් රැලකගේ අතින්. කාලයක් තිස්සෙ ගොඬනගා ගත්ත හැමදේම විතරක් නෙමේ ඒ ‘මහ වැඩකරු’ ගෙ ජීවිතයම නැතුව යන්නේ අන්න ඒ පොඩිම පොඩි චූච්චං කොල්ලො ටිකක් නිසා.
එතනින් මම කතාව නවත්තනවා. අවසානයේ මෙන්න මේ වචන ටික විතරක් කියන්නම්
මේ සයිබරයේ තමා මහා වැඩ්ඩෙක් කියල හිතන් ඉන්න කයිවාරුකාරයන්ට, සෝ කෝල්ඩ් “පොරවල්” වලට පැවැත්මක් නැහැ. වෙන්නේ පොඩි කොල්ලො ටිකක් ඉස්සරහා නිකන්ම නිකන් බින්දුවට වැටිලා කාලයක් තිස්සෙ තමා ගොඬනගාගත්ත ගෞරවය නැති කරගෙන නැතිවෙලා යන්න.

4 responses to “සයිබර් කයිවාරුකාරයෝ

  1. ලෝකය දියුණු වෙන්න වෙන්න එකෙක්ටවත් පොරක් වෙන්න බෑ… ගුරුකුල හදාගෙන ඉන්න උන් මේවට නො එන්නේ ඒකයි. උන්ව ප්‍රශ්ණ කරනවට උන් කැමති නෑ.. ඉන්න් උනුත් ඇඹරෙන්නේ ප්‍රශ්ණ කලාම උත්තර නැති නිසා..

    කාගෙත් ඉරනම ඔච්චර තමයි.. මයිකල් ජැක්සන්ලත් අමතක උන ලෝකයක.. අනෙක් උන් මක්කුද…?

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබා දීමට