අනේ පුතේ නුඹ එන්නේ නෑලු..... Nadi Niabenayaka ඇගිලි ගැන්නා මම දින සති මාස බලන් හිටියා මම, විදින්නට දුක් නුඹ එන දාක හීන පොදි බැන්දා මම ආඩම්බර වෙන්න පුතු පැටියට, දුවට අම්මෙක් වෙන්න සේරම හීන විසිරුනා මොහොතෙන් නුඹට එන්න වෙන්නෙ නෑලු දරුඵල නැතිලු මගෙ කේන්දරේ ලියවී..... ...
ඒ රැය උණුසුම්.... Nadi Niabenayaka නුඹේහුස්ම වැදෙන තරම්, ලගින්ඉදන් තුරුළු කරන්,නෙතින්නෙතට කතා කරපු, ඒරැය උණුසුම්….සතුටුසුසුම් දෝරගලපු, ලොවඅපි විතරක්ම උන්නු, නුඹමගේම වෙලා දැනුන ඒරැය උණුසුම්….දුකින්බලන් හිස් දෑසින්, නළලතසිඹ ආදරයෙන්, වෙන්වන්නටසිදුවුන ඒඋදයත් උණුසුම්…. ...
මගේ නොවන මගේම හිත... Nadi Niabenayaka හොයාගන්නනෑ වෙලාවකට ඔහේගිහින් රස්තියාදුවක අනිත්අයගේ දුක බලන්න, අනිත්අයට හයිය දෙන්න පැමිණිලිනම් ගොඩයි ඔන්න, ඕනි වෙලාවකරවුමක දුකදැනුනම මට කියන්න හිතවත්නෑ මගේ තනියට කියන්නවෙන නෑ කවුරුත් අහන්නඉන්නේ නුඹ නම් දුවන්නේඇයි මග අරිමින්, ඉන්නමවෙනවා ලග මම්, අහිංසකයිමලක් වගේ දුකහිතුනම අඩන රගේ දන්නේමම විතරයි හැටි උණුවෙනබව වෙඩරු වගේ ලගින් ඉන්න හැමදාමත් දිනාගන්න ලොව තාමත් මගේ නොවී මගේ වෙන්න බෑ නුඹ මගේ හිත තාමත්.. ...
නංගි Girl Nadi Niabenayaka අදඋදේ නිකමට වගේ දුකා අයියාගේ බ්ලොග් එක පැත්තේ කරක් ගැහුවේ පොත් ගැන දුකා අයියා දාපු සටහන් ටිකක් කියවන්න. ඒ අතරෙදි දැකපු පෝස්ට් එකක් කියවන්න ගියාම ඇස් දෙකට කදුළු පිරුනේ මටත් ඒ සමානම අත්දැකීමක් තියන නිසා. පෝස්ට් එක තමයි කරදරකාර නංගී. ජීවිතේවැටෙන වෙලාවට නැගිටින්න, හිතසැහැල්ලු වෙලාවට උඩ පැන පැන නටන්න, ඔය හැමදේටම මටත් ඉන්නවා නංගියෙක්. ලස්සනම බෝනික්කියෙක්.ඇත්තටමඅම්මි, තාත්ති හැරුනාම මගේ ජීවිතේ ...
අම්මි කිව්වම ඇත්තටම කැතද ? Nadi Niabenayaka "නියම සිංහල ගෙදරක අම්මි කියල පාවිච්චි කරන්නේ නෑ" අද යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉද්දි එයා කියපු කතාවක් මේක. ඇත්තටම අම්මි කිව්වාම අපි සිංහල නෙමෙයිද?පොඩි කාලේ අපි වචන හුරු වෙන්නේ අම්මා තාත්තා නැත්නම් වැඩිහිටියන්ගෙන්. එයාල කියල දෙන දේ ඇරුනාම ඉපදෙන කොට අපි වචන දැනගෙන එන්නේ නෑනේ. ඒ විතරක් නෙමෙයි අපි සිංහලද දෙමළද නැත්නම් ප්‍රංශ කතාකරන්න වෙන්නේ කියලා දැනගෙන එන්නෙත් ...
ලොකු අම්මි..... Nadi Niabenayaka අදදවල් නිෂාන් අම්මා ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ හිතට ගොඩාක් වැදුනා. ඒකට හේතුව ගිය සතියේ අම්මි එක්ක කතා කරද්දි කියපු කතාවකුත් මතක් වෙලා මගේ හිත අවුරුදු 4, 5 ක් පස්සට ගිය එක. අම්මි ගිය සතියෙ කතා කරද්දි "පුතේ ලබන සතියේ මමයි තාත්තියි සිකුරාදා සෙනසුරාදා අයගම යනවා ලොකු අම්මිගේ දානේනේ, අවුරුද්දක් ගියා කියලා දැනුනේවත් නෑ නේද" කියලා කිව්වා..පුංචිකාලේ ඉදල අයියලා ...
අලුත් නෑකම... Nadi Niabenayaka ඉපදුන දවසේ ඉදන්ම අපිට මේ ලෝකේ අය එක්ක නෑකම් ඇතිවෙනවා. මමත්මුලින්ම දුවෙක් උනා, ඒඑක්කම මිනිබිරියෙක්, නංගිකෙනෙක් උනා. පස්සේකාලෙක අක්ක කෙනෙක්, ඔයඅතර මට සුවිශේෂව දැනුන නෑකමක් ඇති උනා ඒ මම නැන්ද කෙනෙක් උනා. පුංචිකෙලි පැටියෙක් තමයි ඉස් ඉස්සෙල්ලම මට නැන්දා කියල කිව්වේ. එතකොටමම ඉස්කෝලේ යනවා. මටඒ පදවිය හරිම ලොකු ආඩම්බරයක් උනා. ඔහොමඉදල කාලේකදි පුංචි කෙනෙක් උනා, දැනටපුංචි පැටව් 11 දෙනෙකුටමම ...
ඉස්කෝලෙදි අපි, Nadi Niabenayaka මට හිතෙන විදිහට අපි හැමෝගෙම ජීවිතේ සුන්දරම කාලේ තමයි ඉස්කෝලේ ගිය කාලේ, සැහැල්ලුවෙන්, වැඩිය හිතන්නෙ නැතුව කරපු වැඩ වලත් අමුතු සුන්දරත්වයක් තියනවා. අද ඉස්කෝලේ කාලේ මතක් උනා. ලියන්න තරම් දග වැඩ කරේ නෑ මම හොඳ ළමයෙක්නේ.. ඒත් සුන්දර මතක තියනවා බලමු ඔයාලටත් රස විදින්න පුලුවන් වෙයිද කියලා.මමගියේ බාලිකා පාසලකට, රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම පාසලකට. බාලිකා පාසලක් කිව්වම දන්නවනේ ඉතින් හරිම ෂෝක්. ...
පිස්සු සටහන්.... Nadi Niabenayaka දන්නවද කොච්චර ආදරේද කියලා?දන්නවද ඒ ආදරේ ලෝකේ ලස්සන මට පෙන්නනවා කියලා... ඒ මදිවට පිස්සියෙකුත් කරලා... වටින්නේනෑ කියල හිතුව ජීවිතේට අර්ථයක් ලැබිලා... හිනාවෙනවාහිත හරිම ලස්සනට.... දුක හිතනවා අහල පහල නුඹ නැති වුනාම... මේකදඇත්තම ආදරේ? නැත්නම් නිකම්ම නිකන් සිතුවිලි විතරක්ද? නෑනෑ මේක තමයි ආදරේ…. ලෝකෙම ලස්සන කරන ආදරේ... මව්කුසෙන්මේ ලෝකෙට බිහිවෙලා හැමදේම හෙමින් හෙමින් ඉගෙන ගන්නවා වගේ පුංචි පුංචි දේ ඉගෙනගන්නවා ...
වසන්තය ඇවිදින්.... Nadi Niabenayaka තනිව ගිය මග ගෙවන්නට අද තව හිතක් ඇවිදින්, හෙමි හෙමින් හිත වටේ පවුරක් බදිනවා සවියෙන්, ලබාගන්නට ලොබ බදින සිත නුඹ ගැනම රහසින්, පමාවී හෝ මගේ දිවියට වසන්තය ඇවිදින්....ප : ලි : දැන් ඉතින් මේකට දහසක් කතා අහනවා කියලා දන්නවා... කැමති දෙයක් හිතාගනිල්ලා... :) ...
ඉතින් අවසර ... Nadi Niabenayaka සිනාසෙනවිට ආදරේ මට නොදැනි තිබුනා නොවේ..අතැර යනවිට ජීවිතේ මගෙ නතර වූවා ඔහේ...ඇහෙන නෑහෙන මියුරු කවිපද තනිය මැකුවා නොවේ...ඉතින් අවසර නුඹ නැතුව මට ගමන යන්නට තියේ.. ...
දුක මෙතරම්... Nadi Niabenayaka අතරේ ජීවිත සැමරුම්මතකය රිදවන බවනම්දැන උන්නේ නෑ මෙතරම්හැර ගියාම දුක කෙතරම්...පටලා අත් වැල් සතොසින්ගිය මග මතකද තාමත්හැර යන බව කීවානම් අද වෙන්නෑ දුක් මෙතරම්....සතුටින් නුඹෙ මඟ හැමකල්වෙන්නට පිපි මල් මාවත්පතමින් නුඹ හට යහපත්නවතින්නම් මෙතනින් මම්..... ...
මට නමක්.... Nadi Niabenayaka නැන්දේමාමේ, ඔන්නමම ආවා, ආවේ 21 වෙනිදා දවල් 12ට හරියටම. ලොකු අම්ම කලින්ම දැම්මනේ මම නිකිණි මාසේ එනවා කියලා, එතකොට සහන් මාමා මට නිකිණි කියලා නමකුත් දැම්මා... ඒත් අනේ මගේ වෙලාව බැලුවලු ආච්චියා.. එතකොට දුන්නෙ නෑලු ඒ අකුර...ඉතින් ඔන්න මට ඉක්මනටම නමක් ඕනි.. අකුරු ටික තම ඔය පල්ලෙහා තියෙන්නේ,ක, ග, ගො, ස, ෂ, සි, සුහැබැයිඉතින් අපේ අම්මට නමේ තේරුමත් ඕනිලු... ඒ ...
සුභ උපන් දිනයක්..... !!!! Nadi Niabenayaka ගෙදරඉන්න දුවට දරුව ලැබෙන්න අමරුවෙලා එලියට බහිද්දි මිදුලෙ තිබුන උදැල්ල හරහට වැටුනම ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි, ආච්චියි හොදටම බය වුනා... හේතුව දරුව හරි අම්ම හරි දෙන්නගෙන් කෙනෙක් නැතිවෙනවා කියලා සාසතරයක් අහපු වෙලාවේ කියපු කතාව නිසා... ඒබය දෙගුණ තෙගුණ වුනේ ඉස්පිරිතාලෙන් දොස්තරගේ තුණ්ඩුවක් නැතුව බඩදරු අම්මව බාරගන්න බෑ කිව්වාම.. ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි සීයයි දෙන්නම කිව්වේ අනේ අපි ඉක්මනට දොස්තරගෙන් ...
සමාවෙන්න.... Nadi Niabenayaka ලියන්නට දහසක්ඇතත් හිත වෙනතක්රැදී රිදි රිදවන්විදවමි සහසක්...යොදුන් දුර සිතුවතනොහැකිවම පදයක්ගොනු කරනු බැරියෙන්විදවමි සහසක්...සමාවක් ඔබෙන් මම්,ලබන්නට නැති තරම්, ඉක්මනින් ලියන්නම්, අදිටනින් කියමි මම්... ...
මගේ පුංචි හිත... Nadi Niabenayaka වෙලාවඋදේ 9 යි...දැන්කොයි වෙලාවෙ ඉදන්ද මම ඉන්නෙ මේ කොට් එකට වෙලා.. කවුරුවත් ආවේ නෑ මාව ගන්න.. අඩනකම්ම ඉන්නවා. එයාලට නම් මොකද කකුල් දිගයිනේ.. එහෙම උනානම් කොට් එකෙන් පැනල යන්න තිබුනා.. මම දන්නවා ආච්චි හොදට පොතක් කියවනවා ඇති. කාන්ති ආන්ටි නම් කුස්සියට රිංගගෙන ඇති.. ඔන්න ඇහෙනවා කවුරුහරි එනවා.. කමක් නෑ උදේම ඔරවගෙන ඉන්න බෑනේ.. හිනාවෙලා ඉන්නවා.. "අනේ නැගිට්ටදචූටි? ඇඩුවෙ වත් නෑනේ ...
ගැහැණු අපි... Nadi Niabenayaka මටහිතෙනවා අපි තාක්ෂණය අතින් කොයි තරම් දියුණු උනත් සමාජීය අතින් නම් යන්නේ ආපස්සටයි කීයලා. අද මම කල්පනා කරා මිනිස්සු ගෑණු ළමයෙක් දිහා පිටින් බලලා කොයි තරම් නම් තීරණ ගන්නවාද කියලා..උදාහරණයමම, වැඩියෙන් මිනිස්සුත් එක්ක කතා කරන නිසා හිතනවා පැන පැන කතා කරන කෝච්චියක් කියලා. එක තැනක ඉන්නෙ නැති නිසා හිතනවා මහා දැගලිලි ළමයෙක් කියලා. පිරිමි ලමයි වැඩිපුර ආස්සරය කරන නිසා නැට්ටිච්චියක් ...
දුකින් හංදා... Nadi Niabenayaka බර වැඩි මට මේ කදුළු කැට මම ගොඩක් දුක් විදින හංදා, දිග වැඩි මට මේ සුසුම් රැල් තනිවෙලා මම ඉන්න හංදා, ගැඹුරු වී මගෙ කල්පනාවන් සියළු දේ මතකයන් හංදා, වියළිලා මගෙ සිනාවන් අද නුඹ ආයෙමත් නො එන හිංදා.... ...
කප් කේක් හදමුද? Nadi Niabenayaka දැන් කාලෙක ඉදන් කප් කේක් හදන්න ලොකු ආසාවක් තිබුනා, ඒත් ඉන්ටර්නෙට් එකේ තියන විදිහට ටිකක් වැඩ වැඩී වගේ නිසා වෙන කෙනෙකුගෙන් අහගෙන ගිය සිකුරාදා වැඩේ කරා, ඔන්න ඕනි දේවල් හදන හැටි එහෙම දාන්නෙ නෑ. ඒකට හේතු තියනවා. මට අවන් එකක් නෑ ඉතින් මයික්‍රොවේව් එකේ තමයි දැම්මෙ. ඒකෙ වෙලාව එහෙම අවන් එකකට වඩා වෙනස්, අනික මට හිතෙන්නෙ නෑ හොදටම හොදයි කියලා. ...
තනි උනා මම.... Nadi Niabenayaka වින්දෙ නෑ මම නුඹේ ප්රේමයවෙන්වෙන්න නෑ හීන දැක මමනොකර ප්‍රේමය දුන්න දුක නුඹහඩ හඩා සිහිකරනවා තව... යන්න අවැසිව දුරක් තනිවමඅහස දිග නිදහසේ පියඹනකරුණ කිම දැයි නොකියවන සදහඩා වැලපුනි තනි උනා මම.. නොකියාම නුඹ ගියා අතහැරසිහිකරන විට දැවේ හද තවනැතිව මා නුඹ ගෙවන දිවි මගසතුටු නම් හිත හදාගමි මම.. ...