ඒ ලමයට බඩේ අමාරුව හරි දරුනු පාටයි... Wasanawanthaya ඔපීසිය කියන්නේ මහ අරුම පුදුම පොට් එකක්ය...ගුස්ති කාරයෝ..අයි.ආර්.සී කාරයෝ...මැරයෝ...පැනියෝ...විතරක් නෙමෙයි සමනලයින්ගෙන්ද අඩුවක්ම නැතිය....ඒ ඔක්කොමත් එක්කම පන්දමාලා , කේලම් කාරයෝ , ගුලි කාරයෝත් නැත්තේම නැතිය...කොකා වැඩ කොරන ඔපීසියත් ඒ ජාතියේම එකක්ය...ලොක්කා නම් මෙලෝ රහක් නැති එකෙක්ය...හිටි ගමන් චූන් වෙන සතේ තුන් පාරට වියදම් කොරන කුම්මැහියෙක්ය...පඩියත් සමහර මාස වලට ලැබෙන්නේ වාරික විදිහටය....ලොක්කා ඉතරක් නම් කමන්නේ නැතිය..ඉද හිට ලොක්කාගේ අඹුවද ඔපීසිය ඇවිත් අපිට ...
අරක්කු බෝතලයක් වත් නෑ ඉල්ලුවොත් දෙන්න... නිධානය-02 Wasanawanthaya අනුරයාගේ නිධානය ගොඩ දැමිමේ මිසන් එකට සබ්බ සකල මනාවම රෙඩී කොරාන අපි සැට් එක ඉරිදා හැන්දෑවේ කැලෑවට රින්ගුවෙමු...තුත්තිරි රාත්තල් ගනන් සරම් වල පටලාගෙන නිදි කුම්බා කටු වලට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වෙන්නට හිල් කරගෙන අපි කැලේ මැදින් අනුරයාගේ නිදන් වදුලේ තියන ඕෆ් ලයින් මැප් එක බලාන යනවාය...අනුරයා මේ...ලැන්ටියා උගේ විචක්ශන බුද්ධියෙන් ආයෙත් මැටි ප්රශ්නයක් ලෝඩ් කරගෙනය...කියපන්....මේ දැන් ඔය නිදානේ ඔක්කොම සල්ලි ...
හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 01 Wasanawanthaya උදේ පාන්දරම ඇහැරුනේ වර්ණපාලයාගේ ගෝරනාඩුවටය....උදේ පාන්දර නමයට විතර වර්ණපාලයා මොකක්දෝ පත්තර කොලයක් කිහිල්ලේ ගහාන අපේ ගෙදරට ගොඩ වෙලාය.අඩෝ කොකා බලපන් නිව්ස් එක...පස්ට් ජොබ් එකක් තියනවා...අම්මට හුඩු ජොබක්....කට දෙපැත්තෙ තිබ්බ පැනි පාරවල් අතින් පිහ දදා ඇද උඩ ඉද ගත්තේ මේ දවස් වල තියන ජිල් ටෝන් ආර්ථිකයට පුල්ස් ටොප් එකක් තියන්න පොටක්ද බලන්නය....මොකක්ද බන් සීන් කෝන් එක...මම සේප් එකේ ඇස් පොඩි කර ...
"ෆේල් වෙනවා කියන්නේ පාස් වෙන හැටි ඉගන ගන්න පටන් ගන්න එකට...." Wasanawanthaya උසස් පෙල ෆේල් වූවන් ද මනුශ්යයෝය----------------------------------------------------තාම ප්රතිඵල ඇවිත් නම් නැහැ....ආවට පස්සේ ආයේ අමුතුවෙන් සුබ පතන්න ඕනෑ නැති නිසාමුලින්ම සුබ පතනවා ඉහලින් සමත් උන හැමෝටම....මේ පෝස්ටුව ඒ අයට නම් නෙමෙයි...ඊලගට ඉන්නේ විබාගය ඇන ගත්තු සෙට් එක ෆේල් උනා කියලා උබලා මැරිලා නෑ නේ...මේ කතාවට උබලත් අදාලයි.......ඒ කට්ටියට කියන්න තියෙන්නේ...ආයෙ පාරක් කරන්න පටන් ගන්න...හැබැයි හරියට...කලින් කරපු මස්ත බාල්දු වැඩ නවත්තලා....ඒ කන්ඩායම් දෙකම ...
යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් Wasanawanthaya අඩෝ කොකා..මම අනුරයා...හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද...ඈ ඒ කොහෙද....මෙ මේ පොඩි ගමනක්...කෙල්ලෙක් බලන්න...මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො...හෑ....උබ කෙල්ලෙක් බලන්න ද යන්නේ කෙල්ලෙක් එක්ක පැනලා යන්නද හදන්නේ...උබ අරන් වරෙන්කො හොද එකා වගේ..මට ලයිසොන් නෑ..උබට තමා එන්න වෙන්නේ කාර් එක අරන්...ඔව්...අහ් හරි හරි මම මොකක් හරි සෙන්ටි මෙන්ටල් පාරක් ලයින් කර ගන්නම්...අක්කට ද ...
...ටිටී ගර්ල් උස්සලා... Wasanawanthaya අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය...කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි පාරක් මෙව්වා වෙලා කේලමා වගේ ගේ වටේම මීටර් කරන අත්තම්මගෙනුත් මෙව්වා වෙලා බෝක්කුව උඩට පනින එක හෙනම ජිල් ටෝන් මෙහෙයුමක්ය.අති ...
අනේ අයියේ කියපන්කො අහන හැටි... Wasanawanthaya පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්...වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය...පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය...මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය.ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර ...
ඊලග සතියේ අපි එක්කම යමු සීයේ Wasanawanthaya පලවෙනි කොටසට පාර....අද එතන ඉදන්........අනුරයාගේ ඉතාලී පැනීමේ පැලෑනත් එක්ක මේ දවස්වල රෑට හීනෙන් පෙනෙන්නේත් මෝරුන්වය...ඒ ඉතරක් නම් කමක් නැතිය...ඉද හිට සෝමාලියන් මුහුදු මන්කොල්ල කාරයෝත් පෙනවාය....පහු ගිය දවස් දෙක තුනේම රෑ ඔයාකාර හින දැකලා හීනෙන් බෙරිහන් දීලා පැදුරෙනුත් වැටිලා ඔලුව ගෙඩි ගැහිලාය..අද නිවාඩු දවස හින්දාම උදේ පානදරම එලි බැස්සේ කම්මැලි කම නැති කර ගන්නටත් එක්ක පහල වෙල දිහාට යන්න හිතානය.වරිග සබාවේ ...
වැලන්ටයින් තෑග්ග Wasanawanthaya අවුරුද්දේ මාස 12න් පුල් අන්දොස් වෙල රිම් එකෙන් යන්න වෙන් මාසය පෙබරවාරිය...මොකද වැලෙන් ටොයින් එක තියෙන්නේ ඒ මාසයේ හින්දාය.මට නම ඔය වැලන් ටොයින් වලට කිසි අවුලක් නොවුනට අපේ වර්න පාලයාට නම වැලෙන් ටොයින් සමරන්නම වෙන්වාහ...මොකද උගේ පරම පවිත්ර පූජනීය අවංක අකලන්ක ආදරයක් තියනවාය...මීට කලින් වතාවක ඌ පිය්ම්බිකාවට අරන් දුන්නේ ඇස් කරකන හෙන රොම්බ සයිස් වලස් පතයෙකි...පෙම්වතියගෙන් හම්බුනේ උම්ම්මා එකකි...ඊට පස්සේ ...
අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු... Wasanawanthaya මේ පුල් මාවලස් අලුත් අවුරුදු සීසොන් එකය...අපේ ගම පුරාමත් අලුත් අවුරුදු ජිගිරි බිරිස් වැඩ කිඩ පිරිලාය...අලුත් අවුරුදු උත්සව....එතනින් ගියාම මියුසිකල් ශෝ එහෙම වැහි වැහැලාය...අපේ ගෙවල් ලග තිබ්බ අවුරුදු උත්සවේ දෙහි ගෙඩියට පොල්ලෙන් ගහලා මම පස්ට් ප්ලේස්ය...එතකොට කනාමුට්ටිය හැන්දේ තියාන ගොහින් අපේ අයියා පස්ට් ප්ලේස්ය...ඒ ඉතරක්ද මේ දවස් වල අපේ අක්කා අවුරුදු කුමාරිය වෙන්න ෆුල්ම ට්රයි එකය...තුන් කාලේ වැලි කඩදාසියෙන් අල්ලලා ...
දඩු මොනරෙට ටැක්ස් Wasanawanthaya අඩෝ කොකා...උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය....කියපන් මොකක්ද සීන් කෝන් එක...කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්...මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ...ඉතින් මොකක්ද කියපන්කො අගේ නොකර...මේ මේ...රාවනාගේ සොහොන නෑ මම මේ කිව්වේ රාවනා නිදාගෙන ඉන්න මාස්ටර් බෙඩ් රූම් එක හම්බෙලා යකෝ...මේ දැන් තොවිලයක් කොරන්න යන්නේ නැගිට්ටවන්න...ඉකමනට වරෙන් ආයේ නෑ මෙදා පාර නම් නැගිට්ටවලාම ...
මම බැලුවේ බුරියානියක් වගේ දෙන්න... නිධානය -01 Wasanawanthaya මේ දවස් වල නම් අම්බානකට පොඩ්ඩක් වැඩි වෙන්න ගිරීස්මේ තද කොරලාය.අතේ තිවුන අන්තිම පිච්චියත් වියදම් කොරන් ඉතාලී යන්න දැගලුවට අන්තිමට යන්තන් පන කෙන්ද ඉතරක් බේරන් ආවෙත් අමාරුවෙන්ය...ඒ හින්දා කොරන අට මගලයක් මෙහෙ ඉදන් කොරන්නට තීරනය කොරෙමු...මෙ වන්ගියේ ඔක්කොටම එහා ගිය පට්ට පට පට සුපිරි ගේමකට සැට් වෙන්න යන්නෙ කියා අනුරයා බෝක්කුව ගාව සභාව ආරම්බ කොරමින් කියා සිටියේය...අම්මට හුඩු මේ පාර ...
මැයි ඩේ එක සෙලිබ්රේට් කොරන්නට සැට් උනෙමු... Wasanawanthaya මේ දවස් වල නම් හැමතැනම කම්කරුවන් වෙනුවෙන් කෑ මොර දෙන මගෝඩිස් තුමන්ලාය....අපි අයිතීන් වෙනුවෙන් නැගී හිටින්නට ඕනෑය කියා බෙරිහන් තලන මගෝඩිස් උන්දැලා මැයි පලවෙනිදාට අපි වගේ වැඩ කොරන ජනතාවගේම කරෙන් ඉස්ටේජ් වලට නැග අපිටම අම්බානක් පච ටොම් පච කෙබර දෙසා බාලා අපිටම කොකා පෙන්නලා මැයි දෙවෙනිදා ඉදන් අපිව පඩේකටවත් මායිම් නොකර ඉන්නවාය....අපේ උන්දලාත් අනේ ඉතින් ලැජ්ජා නැතුව ඊලග අවුරුද්දෙත් ඔය ...
අලුත් නැගලා යන එකක් කියපන්කො.... Wasanawanthaya මේ දවස් වල යකා කට ඇරලා වගේ..අම්බානකට පොඩ්ඩ්ක වැඩි වෙන්න රස්නෙය...ඒ හින්දාම මේ දවස් වල උදේ හිටං හැන්දෑ වෙනකම් ඉහින් කනින් ගලනවාය.මේ රස්නේ අස්සේ අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පිස්සු බප්ම් වෙන ජාතියේ වැඩකට අපි සෙට් වෙන්නට යනවාය...අපි සැට් එක බෝක්කුව උඩටම වෙලා ඉන්නට බැරි හන්දා අපි සැට් එක අලුත් වැඩකට සෙන්ටි මෙන්ටල් වෙන්න හිතුවෙමු...අපි සැට් එක එක්තු වෙලා බෑන්ඩ් එකක් දාන්නයි ...
කොකාගේ කොලම.... Wasanawanthaya අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්රහස්පතිදම පලවෙනවා ඕන්....එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....කොලමේ නම තමා කොකාගේ කොලම....ඉතින් මේ තකහනියක් ආවේ මුදල් නොගෙවා ප්රචාරනයක් දිලා යන්ට....බොලාලත් ගන්ට ඕනේ ඕන් හරිය....මතකනේ...බ්රහස්පතින්දා දිනමිණ පත්තරේ....ලග පාතක පත්තර කඩයක් තියනවා ...
ඌට දැන් පොඩ්ඩක් ඔල්මොරොන්දන්.. Wasanawanthaya නිදානය ගොඩ දාන්න ගොහින් අම්බානක හෝතපාලු වෙච්ච බහිරවයාව නලවලා ආවයින් පස්සේ ඊලගට අපි කොරන්නේ මොකක්ද කියන එක ගැන අපේ එකෙක්ටවත් මෙලෝ අයිඩියාවක් නැතිය....අනුරයාගේ රට යන ප්ලෑන් ඔක්කොම අල ගෝනි වීම හන්දාම අපි ඒ වැඩේ ටික දවසකට පෝස්පෝන්ඩ් කොරන්නට අපි සභාව ඒකමතිකව තීරනය කොලෙමු...මේ වතාවේ "මක්ක කොරලාද ගොඩ යන්නේ" කියන එකට පැලෑන ගෙනාවේ වර්නපාලයාය...මේ පාර අපි දෙන්නේ සිරාම වැඩක්....බලන් ඉද්දි සල්ලි ...
වෙසක් ටුවර් Wasanawanthaya වෙසක් මාසේ යනු බන්ඩිය පුල් වෙන්න ගිලින්න පුලුවන් මාසයක්ය...මොකද අඩියෙන් අඩිය බත් දන්සැල්ය...එතනින් ගියාම අඩියෙන් අඩිය බීම දන්සැල්ය...මදි පාඩුවට වගේ ඉතින් තම්බපු කොස්, කඩල , කව්පි වගේ අනන් මනන් ජාතිත් තියනවාය...මමත් වර්නයාත් අනුරයාත් තුන් කට්ටුවත් මදි පාඩුවට ලැන්ටියත් සැන්ටිමෙන්ටල් කොරාන මෙදා පොටෙත් වෙසක් දන් සැල් අසිරිය නරබන්නට යන්නට සැට් උනෙමු....ඉදලා හිටලා කූඩුවක් දෙකක් බලන්නට නතර උනාට මේන් ඇම්බිසොන් එක බඩේ ...
අනාත කදවුරේ ප්රතමාදාර මෙව්වා එකෙය... Wasanawanthaya අම්බානක වැස්ස නිසා මුලු දවසම හෝත පාලු වී හේදී ගොහින්ය ...කොකාගෙත් බඩු මුට්ටු ඔක්කොම ඇදන් අල්මාරී උඩය...කොට්ට මෙට්ට පා වෙනවාය…පාරී බස් යන එක නවත්තලා බෝට්ටු යන්නට පටන් ගෙනය.කොහොමත් ආසියාවේ අර මොකක්ද එක වෙන්න ඉන්න රටී මෙහෙම පොඩි ආතල් එකක් වත් නැතුව වඩක් නැතිය...වැඩ කරන ජනතාව නම් කොහොම කොහොම හරි ඔපීසි වලට වාර්තා කොරනවාය.මමයි වර්නයයි ලැන්ටියයි නම් කෙහෙල් කොටන් පාරුවක් හදන් ...
දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද..... Wasanawanthaya කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය....මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය....බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ....මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ ...
මම මොකටත් පෝස් කාර්ඩ් ටිකකුත් දා ගත්තා.... Wasanawanthaya අලුත් අවුරුදු නත්තල් නිවාඩුවෙන් පහු බෝක්කුවේ උඩ අපේ සැට් එක ප්ලෑන් කොරන් උන්නු හැටියටම ඉතාලි ගමනට ලක ලෑස්ති උනා...අපි සැට් එක ඉතරක් නම් කමක් නැතිය...කොහේදෝ ඉදන් ආතක් පාත්ක් නැතුව මේට්ට පත බෑ උන නත්තල් සීයාවත් උස්සාගෙන යන්නට වෙලාය...කොහොමෙන් කොහොම හරි කතා කොර ගත්ත විදිහටම අපි පාස්පෝට් කන්තෝරුවට ගොහින් පාස් පොර්ට් හදා ගෙන වර්නපාලයාගේ අක්කාගේ මහත්තයාගේ මල්ලිගේ ලොකු පුතාගේ යාලුවෙක් අදුරන ...